හූල්ලනවා ඉරිසියා කරනවා නෙවෙයි බං
මනුස්සයෙක් උනාම ඉන්න ඕන ඒ විදියට,
උබලා ජීවත්වෙනවා කියලා හිතන් හිටියට ඕකට කියන්නෙ living නෙවෙයි surviving .
ඒ උඹ හිතන විදිහ. උඹ හිතන විදිහ තමයි තීරණය කරන්නේ living ද surviving ද කියන එක. සමහරු ඉන්නවා 30-40ක් හොයන්නේ මාසෙට. ඔය තියන දෙයක් කාලා බිලා සන්තෝසෙන් ඉන්නවා. සමහරු ඒ 30-40 ම හොයලා විඳව විඳව ඉන්නවා. සමහරු මාසෙට 1 million ඇවිල්ලත් විඳව විඳව දවස පුරාම වලි කනවා ඒ මදි කියලා. තමන්ගේ
කෑදර කමේ size එක තමා ඉතින් තීරණය කරන්නේ living ද surviving ද කියන එක.
මම කියන්නේ හැමෝම හම්බ කරන්න ඕන දියුණු වෙන්න ඕන හැබැයි
හැම වෙලේම දැනට ලද දෙයින් සතුටු වෙන්න ඕන. දැනට ලැබිලා තියන දේවල් වලින් සතුටු වෙන ගමන් තව හම්බ කරලා දියුණු වෙන්න ඕන. ඒ වගේම දවස පුරාම හරකා බඩු අදිනවා වගේ මහන්සි වෙලා හම්බ
නොකර තමන්ට සතුටු දායක අදායමක් තියනවා නං විනෝද වෙන්න, නිදහසේ ඉන්නේ, මනසට ප්‍රිය වෙන දෙයක් කරන්න, අගම/දහමට අනුව කටයුතු කරන්න වෙලාව වෙන් කර ගන්න ඕන. මොකද තමන් ලද දෙයින් සතුටු වෙන ගමන්, තව දියුණු වෙන ගමන් හැම වෙලේම ඔලුවේ තියා ගන්න ඕන දැන් මට වයස මෙච්චරයි. තව මෙච්චර කාලයක් ජිවත් වෙන්න තියෙන්නේ, ඉන් පස්සේ මේ හැමදේම වෙන පිට අයට දීලා යනවා කියන එක.
මේක මගේ මතය. ඒක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. මම ඔහොමයි.