Kumari kiyana kena kiyana kathawth atthak natthema na,mokada oya kathawa mama poddak Follow karala thiyanawa..........Paw ithin e minissu
ඔහොම වටේම උන් එක්ක තරහා වෙන එකට හොඳ උදාහරණයක් දෙන්න පුලුවන්.
ඒ කාලෙ අපෙ අම්මලාගෙ ගේ වටේටම හිටියෙත් කිසිම උගත් කමක් නැති මිනිස්සු. කලින් හොඳට හිටියත් ඒ ළමයින්ට වඩා අපි ඉගෙන් ගනිද්දි ටික ටික කුහක ගතිය මතු උනා.
පස්සෙ ඒ ළඟ ගෙදරක ගෑනියෙක් ප්‍රාදේශීය සභා එකෙක් එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගත්තා. අනියම් උනාට ඒක නිකන් පේන්නම වගේ ගියෙ. ගෑණි ඒ පවර් එක ගත්තා.
දවසක් අපේ වත්තෙන් ඒ වත්තෙ වතුර බහින්න කානුවක් කපන්න ඇවිල්ලා තාත්තා විරුද්ධ උනා කියලා තරහා උනා. ඒ එක්කම වටේ පිටේ අනික් එවුනුත් උන්ගෙන් වාසි ගන්න (තහඩු, ගංවතුර නැතත් ආධාර, සමෘද්ධිය ) අපිත් එක්ක ඇයි හොඳයි කම් නැවැත්තුවා. රණ්ඩු උනේ නෑ. මඟ අරින්න ගත්තා.
පස්සෙ ඒ ළඟ ගෙදරක එකෙක් කුණු පුච්චනවා පොලිතින් අනම් මනම් දාලා. අපි කොච්චර හොඳින් කිව්වත් ඇහුවෙ නෑ. ඌ හැමදාම කුණු පුච්චනවා අපේ ගේ අයිනේ උගේ ඉඩමෙ වෙන තැනකට නොයා. ලොකුම අවුල උනේ අපේ අම්මට ඇදුම තිබ්බ එක.
පස්සෙ බලද්දි උගෙ කුණු විතරක් නෙමෙයි වටේ උන්ගෙ එව්වත් ගෙනත් පුච්චනවා එතන. දැන් මුන්ට ඕනෙ අපෙන් පළිගන්න ක්‍රමයක්.
පස්සෙ අපි පොලීසි ගියා. පොලීසියෙන් කිව්වෙ සතියකට එක දවසක් නම් කුණු පිච්චුවට අපිට කරන්න දෙයක් නෑ. ඒත් හැමදාම කරන්න බෑ කියලා. පොලීසිය අර හොර මිනිහා ශේප් කරා.
පොලීසියෙන් අපිට කේස් එක දැම්මා බොරු පැමිණිලි දැම්මා කියලා. වටේ පිටේ හැමෝම කිව්වලු කලාතුරකින් කුණු ටිකක් පුච්චන්නෙ ඒ ගෙදර කියලා.
ඉතින් හිතපන් ඔය වගේ වටේ පිටේ උන් ඉන්නකොට මරලා ගියත් උන් සාක්ෂි දෙයිද?