ගෙදර පාවිච්චියට corded impact/hammer dirill එකක් ගන්න, Brand ගැන හොයනවා නම් ලංකාවෙ ගන්න තියන හොඳම ඔප්ශන් එක Makita.
ගෙදර ලී කෑල්ලක් යකඩ කෑල්ලක් විදගන්න වගේම බිත්තියක් විදගන්න වගේ ඒව නිතර ඕන වෙන නිසා hammer option එක ගොඩක් යූස්ෆුල් වෙනවා. Makita වල එනවා Makita MT කියලා, DIY එවුන් ටාගට් කරලා හදන එකක්(Made in china) ඒ උනාට කොලිටියේ කිසිම අවුලක් නැහැ හොඳටම හොඳයි
ඔය උඩ ෆොටෝ දාල තියන ingco එක, hammer drill එකක් නෙමයි, Rotory hammer එකක්, මේක Concrete drill කරන්නම තියන එකක්, නිතර කොන්ක්‍රීට් විදින්නෙ නැත්නම් මේක ගන්න එක අපරාදෙ, ගොඩක් බරයි, තනි අතින් යූස් කරන්න බැහැ
මේවට දාන්නෙ special drill bits(SDS, SDS+, SDS max etc etc), ඒවත් හෙන ගනන්
මේකක් ගෙදර පාවිච්චියට රෙකමන්ඩ් කරන්නෙ නැහැ
මගේ ලග තියන පහල දාල තියන නෝමල් හැමර් ඩ්‍රිල් එකෙන් 16mm කටු දාල කොන්ක්‍රීට් විදලා තියනවා ෆෑන් එල්ලන්න, පොඩ්ඩක් වෙලාව ගියාට කිසි අවුලක් නැතුව ඩ්‍රිල් කරන්න පුලුවන්
ගාන ටිකක් අඩුවට හොයනවා නම් DongCheng තියනවා ඒවත් ගෙදර පාවිච්වියට කිසිම අවුලක් නැහැ
Variable speed trigger තියන එකක් අනිවා ගන්න(ට්‍රිගර් එක ප්‍රෙස් කරන තරමට තමයි ස්පීඩ් එක)
Corded Drill වල RPM එක ටිකක් වැඩියි ඒක නිසා Screw Drive කරන්න සෑහෙන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන, Varable speed trigger එක එක්ක උනත්
ගෙදර පාවිච්චියට Cordless ගන්න එපා, Li-ion බැටරි තියෙන්නෙ, ඒව යූස් නොකර තියවා නම් අපරාදෙ, ඒව යූස් කරනවා නම් තමයි කල් පැවැත්ම වැඩි. බැටරි කෙල උනොත් බැටරි ටූල් එකට වඩා ගනන්. සතියට දවසක් දෙකක් වත් යූස් වෙනවා නම් විතරක් Cordless එකක් ගන්න, ඒත් Branded Cordless hammer drill එකක් ලොකු ගානක් වෙනවා, ඒ ගාන අපරාදෙ(ඒ ගානෙන් වෙන මොකක් හරි ටූල් එකක් ගන්න පුලුවන්). Cordless drill වල RPM එක අඩුයි, ගොඩක් ඒවයෙ ක්ලච් එකක් තියනවා Torque එක ඇජස්ට් කරන්න ඒක නිසා Screw drive කරන්න පට්ටම සිරා. නමුත් එදිනෙදා යූස් වෙන්නෙ නැත්නම් අපරාදෙ, බැටරි සවුත්තු වෙලා යනවා යූස් නොකරම
Screwdriver එකට මම USA ඉඳන් ආපු යාලුවෙක්ට කියලා මේකක් ගෙන්න ගත්තා, රුපියල් 4000ක් වගේ උනේ(මම ගන්න කාලෙ 19$), මේක Screw drive කරන්න පට්ටම සිරා. පොඩි උනාට පට්ටම පවර්ෆුල්, අඟල් 3ක Sceews විදින්නෙ නැතුව 6x6 ලී වලට අල්ලන්න පුලුවන්, විදල අල්ලනවා නම් අගල් 6 විතර ඒව උනත් අවුලක් නැහැ
ගෙදරට පට්ටම යූස්ෆුල් මේක
https://www.diy.com/departments/skil-4v-li-ion-cordless-screwdriver-sd1u2705aa/8719643001788_BQ.prd
ගෙන්න ගන්නවා නම් හොඳ බිට් සෙට් එකක් වෙනම ගන්න
මගේ ලඟ මේ දෙක තියනවා
මේක නම් ගත්තෙ පහල තියන Cordless impact driver එකත් එක්ක යූස් කරන්න
Amazon product ASIN B00GMXFK3G
මේකකුත් තියනවා, මේව impact drivers වලට හදපුවා, Screw driver එක්ක එක බිට් එකක් අවුරුදු ගානක් යූස් කරත් ඩැමේජ් වෙන්නෙ නැහැ
Amazon product ASIN B01N0KLD9D
මගේ ලඟ Makita Drill එකක් තියනවා මේක 16ක්ද කොහෙද උනා
https://www.makita.com.sg/product/hp1630-16mm-58-hammer-drill
කෝඩ්ලස් මේක තියනවා, වැඩිය යූස් වෙන්නෙ නැහැ ඒක නිසා අපරාදෙ කියලා හිතුනු වාර අනන්තයි, සමහර වෙලාවට මේකෙන් වැඩක් ගන්න ඕන නිසා ගෙදර ඕනනැති වැඩ පවා කරනවා
Amazon product ASIN B077ZD6BQS