POHOTTUWE BUDDIMATHA WEDA PENNAI

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් කමිටුවක් පත් කර තිබේ.

    අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කමිටු සභාපති ධූරයට නම් කරනු ලැබ සිටී.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු සෙසු සාමාජිකයෝ වෙති.


    ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් කමිටුවට යොමු කරනු ලැබේ.
    කමිටුවේ කාර්යයන් සඳහා පහසුකම් සැලසීම ඇතුළු සෙසු කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවේ ලේකම් ධූරයට ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්තා රෝහණධීර මහතා පත් කර තිබේ.

    කමිටු වාර්තාව 2021 මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇත.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඒ කියන්නෙ පලවෙනි කමිටුව හරිද බලන්න දෙවෙනි කමිටුවක් දාලා කියන එකද?! ඒ දෙකම හරිද බලන්න 3වෙනි එකකුත් දායිද?! හොඳ වෙලාවට මේ දෙවෙනි කමිටුවට වියත් මහත්තුරු ටිකක් දාලා තියෙන්නෙ. ඇත්තට කෝ බන් දැන් වියත් මගේ සෙට් එක?!
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Some of you may have heard about the definition by late Dr Colvin R De Silva on commissions...

    "Commissions are like the morning visit to the toilet.....first, there's a sitting, followed by a little deliberation... a loud noise and you drop the matter........" :P
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,145
    9,014
    113
    නිමල් ලංසායි, මහින්දානන්ද හොරායි දැම්මානම් කමිටුව සර්ව සම්පූර්ණයි.. :lol: :lol:

    යහපාලනයවත් මේ වගේ ගූ වුනේ නෑ බං..මොනවද මුං මේ කරන්නෙ පවුලෙ නාකි සෙට් ඵකම දාගෙන..හිතාගන්න බෑ..
    එන්න අපි 3% ට බැනලා හිත හදාගමු.. :lol: :lol:
    ------ Post added on Feb 20, 2021 at 6:30 AM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    නඩුකාරයො සහ මහාචර්යවරු හදපු වාර්තාව හරිද බලන්න දාල ඉන්නෙ කෝච්චියෙ චේන්කඩපු එකයි කුරුනෑගල අරක්කු හද එකයි..ඔන්න සර්ගෙ ලෝ එක..

    හිතපන්කො කැම්පස් එකේ Final year Project එකට ලකුනුදෙන්න ඉස්කෝලෙ හෝඩිය පන්තියෙ කොල්ලො දෙන්නෙක්ට බාරදුන්න කියල හරි නේද සර්ගෙ මොලේ තරම :lol:

    සර්ට කියහල්ල ඕක පොඩි එකෙක්ට දෙන්න කියල....ඒක ඊට හොදයි:lol::lol::lol:
    මේව ඔහේ බලන් ඉන්න රටේ මිනිස්සුයි හරක්

    වන් (වල්)කන්ට්‍රි වන්(වල්) ලෝ..බෆලෝ :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,620
    2,125
    113
    ඒ කියන්නෙ පලවෙනි කමිටුව හරිද බලන්න දෙවෙනි කමිටුවක් දාලා කියන එකද?! ඒ දෙකම හරිද බලන්න 3වෙනි එකකුත් දායිද?! හොඳ වෙලාවට මේ දෙවෙනි කමිටුවට වියත් මහත්තුරු ටිකක් දාලා තියෙන්නෙ. ඇත්තට කෝ බන් දැන් වියත් මගේ සෙට් එක?!
    මුංන්ගෙ අම්මලාගෙ කොමිටි ගොඩක් අනේ මන්ංද මෙහෙම ආතල් .. 😅