ඔය බම්බලපිටිය නාඩි කාරයොන්ගෙ මෙහෙම සීන් එකක් තියෙනවා. ඔය අතීතය, අම්ම තාත්තගෙ නම් කියන එක උඹ කිව්ව විදිහට හරියටම හරි. උන් මුලින්ම එන දවසේම සාස්තරේ කියන්නෑ. දවසක් දෙනවා අහවල් දවසට එන්න කියලා. උන් ගාව ඉන්නවලු බූතයෝ අර හාමුදුරුවෝ යක්කු බැදන් වැඩ ගත්ත එවුන් වගේ. මුන් පස්සෙන් යවලා ඩීටේල් ටික හොයා ගන්නවලු.

මට ඕක කීපදෙනෙක්ම කිව්වා.
කොහොමහරි අපේ නංගි a/l ලියන කාලෙ, ඒකිට ඔය නාඩි වාක්ය බලන්න මාර ආසාවක් තිබුනේ.ඒ දවස් වල 3000-4000ක් වගේ ගානක් ගන්නවා. Record කරපු cd එකකුත් දෙනවා. කොහොමහරි මේකිට කියලා බදින එකා ඉන්නේ කුරුණෑගල, තව ගෙදර තියෙන විදිය , ලෑන්ඩ්මාක් ඔක්කොම කියලා. තව කිව්වා බැදලා අවුරුද්දක් යන්න කලින් divorce වෙනවා කියලා.

කොහොමහරි මේකි බැන්දේ දකුණු පලාතෙන්. දැන් බැදලා අවුරුදු දෙකකටත් වැඩි.

ආ තව එකක් කිව්වා බැන්දට පස්සේ කිසිම දියුණුවක් නෑ කිව්වා. උන් දෙන්නා බැන්දට පස්සේ කලින් තිබුනටත් වඩා බිස්නස් දියුණු වුනා.
ගෑනු කෙනෙක්ද බං ? බටලන්ද පාරේ එහෙම කෙනෙක්නම් ඉන්නවා.
------
Post added on Feb 23, 2021 at 12:35 AM