කවුද මේ සිලබස් එක හදපු මෝඩයා 🤣🤣🤣🤣🤣🤣🤣

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොන්නයෙක් ඇමති උනාම ඔහොම තමා.
    දෙමල පෙපර් එක සිංහලෙන් දුන්නා වගේ තමා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City

    අපෙ හිටියා අයි ටී වල A සාමාර්ථ
    උන්ට ෆේස්බුක් එකවුන්ට් එක හදලා දුන්නෙ මම .

    දැන් කියන්න එපා අයි ටී කියන්නෙ ෆේස්බුක් එකවුන්ට් එකක් හදන එකම නෙමෙ කියලා.
    ඔව් එහෙම නෙමෙ
    ඒත් ඒ වගෙ ලේසි දෙයක්වත් හිතලා කරගන්න බැරි නම් මොන ප* කටද IT කරලා A සාමාර්ථයක් අරගෙන ?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    You are fired....
    ඔබට ගිනි තියා ඇත..... 🤣

    මේවගේ තේරුම් හරි සිංහලෙන් තේරෙන විදිහට තිබ්බනං ඉංග්‍රීසි බැරි කෙනෙකුට වුනත් ඉගෙනගන්න පුළුවන් වෙයි. නැත්තං ඉතිං....
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉස්සර නම් ඔය mike එකට මයික්‍රෝෆෝනය ,speaker එකට ඒ ශබ්දයම සිංහලෙන් ලියලා පාවිච්චි කරා.මම හිතන්නේ ඒක තමයි සාර්ථක.firewall එකට ෆයර්වෝලය වගේ වචනයක් පාවිච්චි කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    කොහේද බං හරි ක්‍රමය කියන්නෙ... ඉන්ඩස්ට්‍රි එකේ තියෙන වචනය පාවිච්චි කරන්න ඕන... සිංහලෙන් ලිව්වත් ඉංග්‍රීසියෙන් ලිව්වත් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන නම ෆයර්වෝල් නම් ඒක ෆයර්වෝල්ම තමා... මේ සිංහල සාහිත්‍ය නෙවෙයි නෙ.. මෙක කොමන් යූස් IT
    බන් යුනිවර්සිටි ලෙවල් එකේ උන්ට මම ලෙක්චර්ස් කරල තියෙනව. සමහර උන් ඉන්නව පොඩි කන්සෙප්ට් එකක්වත් දන්නෙ නැති. ඒ අවුල තියෙන්නෙ වචන වල. firewall කිව්වම ඕක අපි ගිණි පවුර කිව්වට සුද්ද ඕක දාන්නෙ එහෙම හිතල නෙවෙයි stop outside fire by wall වගේ අදහසකින්. උන්ට ඒක උන්ගෙ මවු බාසාවෙන් කියපු ගමන් වචනෙ තේරුමත් එක්කම කන්සෙප්ට් එකේ කොටසකුත් ඔළුවට ගිහින්.

    ආරක්ෂක බැම්ම වගේ තේරුමක් ඕකට තිබ්බ නන් ඉගෙන ගන්න කොටම ලමය දන්නව මොකද්ද මේ Firewall කියන්නෙ කියල. මම කියන්නෙ ඔය විශය බාසා දෙකෙන්ම ඉගෙන ගන්න ඕනි. නැත්තන් මූලික කන්සෙප්ට් ටික ගොඩ දාගෙන අලුතෙන් කියවන්න බැරුව යනව. බේසික්ම දේවල්ටික හරියට ගියාම ඔය ලොකු ලොකු තියරි කියන්නෙ මහ දෙයක් නෙවෙයි අපි අවටම තියෙන දේවල්.

    මේ ලගදි AI වල ලොකු වැඩ කාරයෙක් කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරනව ඒ ප්‍රසන්ටේශන් එකෙන් බාගයක්ම වෙන් කරන්නෙ එයා අත්දැකපු හරක් රැලක හැසිරීම විස්තර කරන්න. ඒ හැසිරීම සාමාන්‍ය විදියට කියල අන්තිම කොටසෙදි මැත්ස් වලින් මම මෙන්න මේ කියන කොට AI වලට ගත්ත කියල කිව්වම Audience එකෙන් භාගෙකට වඩා කන්සෙප්ට් එක තේරුනා.

    අපේ අය කරන්නෙ අමාරුවෙන් සුද්දගෙ එක්ස්පීරියන්ස් එක ඉන්ග්‍රිස් වලින් එක්ස්ප්ලේන් කරනව ඊට පස්සෙ ඒ ටිකත් අවුල් මැත්ස් ටිකත් අවුල්. කන්සෙප්ට් එක තේරුන් අරගෙන මුල කොටස මෙහෙ ගව පට්ටියකට ආදේශ කරල කියල ඊට පස්සෙ මැත්ස් ටික අදාල බාසාවකින් කිව්ව නන් බහුතරකයට ඕක තේරෙනව.

    දැන් තියෙන වචන ට්‍රාන්ස්ලේට් කරපු උන් අමුතු වචන හදපු එක විතරයි මට නන් ඕකෙ පේන්න තියෙන අවුල. ඒක හැදුව නන් ඉගෙන ගන්න බාසාව මත ඩිපෙන්ඩ් වෙන්න ඕනි නෑ.

    කොහොමත් දැනුම ඉගෙන ගන්න බාසාවෙන් ස්වායක්තයි ඒක වෙන්න නන් හරියට කන්සෙප්ට් එක තේරේන්න ඕනි ගිරව දැම්මට බෑ.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බැරි වෙලාවත් සිංහලයෝ කොම්පුටර හොයාගත්ත නං සුද්දො FB වල පෝස්ට් දායි "What the f is this firewall? why can't we call it ginipawura?" :D

    සුද්දො එහෙම දාන එකක් නෑ බම්. උන් දන්නවා පිටින් එන ඕන දෙයක් උන්ගෙ විදිහට අවශෝෂණය කරගන්න. උන් අරාබියෙන්, ඉන්දියවෙන් ගණිතය ගත්තා, ග්‍රීකයින්ගෙන් තර්කය ගත්තා, චීනුන්ගෙන් වෙඩි බෙහෙත් ගත්තා. මොක ගත්තත් උන් ඒක උන්ගෙ කරගත්තා. Offtopic වගේ උනත් ප්‍රස්නෙ මුල තියෙන්නෙ ඔතන.

    IT වලට නම් ඉංගිලිශි වචන එහෙම්මම පාවිච්චි කරන්න පුළුවන් හැබැයි, CS, SE වලට නම් සිංහල වචන තියෙනවනං හොඳයි. මොකද class, interface, object oriented programming වගේ දේවල් වලට සිංහල වචන තිබ්බ නං අපිට මීට වඩා හොඳට ඒ සංකල්ප තේරුම් ගන්න පුළුවන්.

    උදාහරණෙකට interfaces ගනින්, අපි ඕක මලලසේකරේ බැලුවම තියෙන්නෙ අතුරුමුහුණත කියලා, ඒත් ඒ වචනේ ඇතුලෙ කිසිම අදහසක් නෑ තනිකරම abstract වචනයක් ඒක. OOP වලදි තියෙන්නෙ එහෙම අදහසක් නෙමෙයි, නිකං සම්බන්ධකය වගේ තේරුමක්.
    හැබැයි අපි ඕක සම්බන්ධකය කියලා ඉගැන්නුව නං අපි එතන්දිම හරියට OOP තේරුම් ගන්නවා.

    ඒකෙ ඇති වැරැද්දක් නෑනෙ බං
    oop කියන්නෙ සම්බන්ධකයද ? :unsure::unsure::unsure:
    class , interface කියන්නෙ මොනවද කියන දේ ඔලුවට දාගත්තා නම් හරි , නැතුව ක්ලාස් එකට සිංහල වචනය , ඉන්ටර්ෆේස් එකට සිංහල වචනේ දාගෙන තේරුම් කරන්න බෑ බන් . අනික ඔය දෙකම නෝමල් කෝඩින් වලදි යූස් වෙන නිසා සිංහල වචනයකින් කියනවාට වඩා ක්ලාස් එකක් ගහන්න කිව්වම ලේසියි හා හොදට පැහැදිලි වෙනවා.
    ක්ලාස් ඔබ්ජෙක්ට් oop ඕවා කන්සෙප්ට් වයිස් මොලේට දාගනින්. ඇති තරම් ස්ලයිඩ්, යූටියුබ් ටියුටෝරියල් තියෙනවා ඔය බේසික් ඒවට .. සංකල්ප ඔලුවට දාගන්න ඕන සිංහලෙන් තමා. 90% කම මොල සිංහලෙන් දුවන නිසා. ඒකට උත්තරේ වචන සිංහලට ට්‍රාන්ස්ලේට් කරන එක නෙවේ.
    ඔබ්ජෙක්ට් කියන්නෙ වස්තුව. ක්ලාස් එකක් කියන්නේ පංතියක් ඒක දාලා කොමන්ලි පාවිච්චි වෙන වාක්‍යක් බලමු

    create a new parent class = නව මාපිය පන්තියක් සාදන්න ???
    initialize an object = වස්තුවක් ආරම්භ කරන්න ??

    බන් යුනිවර්සිටි ලෙවල් එකේ උන්ට මම ලෙක්චර්ස් කරල තියෙනව. සමහර උන් ඉන්නව පොඩි කන්සෙප්ට් එකක්වත් දන්නෙ නැති. ඒ අවුල තියෙන්නෙ වචන වල. firewall කිව්වම ඕක අපි ගිණි පවුර කිව්වට සුද්ද ඕක දාන්නෙ එහෙම හිතල නෙවෙයි stop outside fire by wall වගේ අදහසකින්. උන්ට ඒක උන්ගෙ මවු බාසාවෙන් කියපු ගමන් වචනෙ තේරුමත් එක්කම කන්සෙප්ට් එකේ කොටසකුත් ඔළුවට ගිහින්.

    ආරක්ෂක බැම්ම වගේ තේරුමක් ඕකට තිබ්බ නන් ඉගෙන ගන්න කොටම ලමය දන්නව මොකද්ද මේ Firewall කියන්නෙ කියල. මම කියන්නෙ ඔය විශය බාසා දෙකෙන්ම ඉගෙන ගන්න ඕනි. නැත්තන් මූලික කන්සෙප්ට් ටික ගොඩ දාගෙන අලුතෙන් කියවන්න බැරුව යනව. බේසික්ම දේවල්ටික හරියට ගියාම ඔය ලොකු ලොකු තියරි කියන්නෙ මහ දෙයක් නෙවෙයි අපි අවටම තියෙන දේවල්.

    මේ ලගදි AI වල ලොකු වැඩ කාරයෙක් කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරනව ඒ ප්‍රසන්ටේශන් එකෙන් බාගයක්ම වෙන් කරන්නෙ එයා අත්දැකපු හරක් රැලක හැසිරීම විස්තර කරන්න. ඒ හැසිරීම සාමාන්‍ය විදියට කියල අන්තිම කොටසෙදි මැත්ස් වලින් මම මෙන්න මේ කියන කොට AI වලට ගත්ත කියල කිව්වම Audience එකෙන් භාගෙකට වඩා කන්සෙප්ට් එක තේරුනා.

    අපේ අය කරන්නෙ අමාරුවෙන් සුද්දගෙ එක්ස්පීරියන්ස් එක ඉන්ග්‍රිස් වලින් එක්ස්ප්ලේන් කරනව ඊට පස්සෙ ඒ ටිකත් අවුල් මැත්ස් ටිකත් අවුල්. කන්සෙප්ට් එක තේරුන් අරගෙන මුල කොටස මෙහෙ ගව පට්ටියකට ආදේශ කරල කියල ඊට පස්සෙ මැත්ස් ටික අදාල බාසාවකින් කිව්ව නන් බහුතරකයට ඕක තේරෙනව.

    දැන් තියෙන වචන ට්‍රාන්ස්ලේට් කරපු උන් අමුතු වචන හදපු එක විතරයි මට නන් ඕකෙ පේන්න තියෙන අවුල. ඒක හැදුව නන් ඉගෙන ගන්න බාසාව මත ඩිපෙන්ඩ් වෙන්න ඕනි නෑ.

    කොහොමත් දැනුම ඉගෙන ගන්න බාසාවෙන් ස්වායක්තයි ඒක වෙන්න නන් හරියට කන්සෙප්ට් එක තේරේන්න ඕනි ගිරව දැම්මට බෑ.
    මෙන්න මේක තමා මාත් කියන්නෙ. කන්සෙප්‍ට් එක ඔලුවට යවන්න ඕන කොහොම හරි. ඒක නැතුව සිංහල වචන අමු අමුවේ පෙරලලා බයිලා හදන එක නෙවේ, පිශින් නම් පිශින් කියන්නෙ මේක කියන දේ.
    ------ Post added on Mar 11, 2021 at 12:32 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144

    ඔව් මේකේ මේ අවුල ගොඩක් වචනවල තෙරුම සින්හලෙනුත් තෙරන්නේ නෑ...
    එකේ අදහස තෙරෙන විඩිහට සරල සින්හලෙන් කිව්වනම් මේක අවුලක් නෑ...
    ආරක්ශක පවුර
    අනවශ්‍ය ඊ මේල්
     
    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    oop කියන්නෙ සම්බන්ධකයද ? :unsure::unsure::unsure:
    class , interface කියන්නෙ මොනවද කියන දේ ඔලුවට දාගත්තා නම් හරි , නැතුව ක්ලාස් එකට සිංහල වචනය , ඉන්ටර්ෆේස් එකට සිංහල වචනේ දාගෙන තේරුම් කරන්න බෑ බන් . අනික ඔය දෙකම නෝමල් කෝඩින් වලදි යූස් වෙන නිසා සිංහල වචනයකින් කියනවාට වඩා ක්ලාස් එකක් ගහන්න කිව්වම ලේසියි හා හොදට පැහැදිලි වෙනවා.
    ක්ලාස් ඔබ්ජෙක්ට් oop ඕවා කන්සෙප්ට් වයිස් මොලේට දාගනින්. ඇති තරම් ස්ලයිඩ්, යූටියුබ් ටියුටෝරියල් තියෙනවා ඔය බේසික් ඒවට .. සංකල්ප ඔලුවට දාගන්න ඕන සිංහලෙන් තමා. 90% කම මොල සිංහලෙන් දුවන නිසා. ඒකට උත්තරේ වචන සිංහලට ට්‍රාන්ස්ලේට් කරන එක නෙවේ.
    ඔබ්ජෙක්ට් කියන්නෙ වස්තුව. ක්ලාස් එකක් කියන්නේ පංතියක් ඒක දාලා කොමන්ලි පාවිච්චි වෙන වාක්‍යක් බලමු

    create a new parent class = නව මාපිය පන්තියක් සාදන්න ???
    initialize an object = වස්තුවක් ආරම්භ කරන්න ??

    මෙන්න මේක තමා මාත් කියන්නෙ. කන්සෙප්‍ට් එක ඔලුවට යවන්න ඕන කොහොම හරි. ඒක නැතුව සිංහල වචන අමු අමුවේ පෙරලලා බයිලා හදන එක නෙවේ, පිශින් නම් පිශින් කියන්නෙ මේක කියන දේ.
    ------ Post added on Mar 11, 2021 at 12:32 PM
    Developer කෙනෙක්ට උබ කියන දේ සෑහෙනවා, මාත් පිලිගන්නවා ඒක. හැබැයි engineer කරද්දි එහෙම බෑනෙ, මේකට ඔනෙ class එකද්ද interface එකද්ද කියන එක තීරණය කරන්න නං ඒ සංකල්ප හරියට තේරුම් අරන් ඉන්න ඕනෙ. දැනට අපි ඒක කරන්නෙ අත්දැකීමෙන්, මං කියන්නෙ අර සංකල්ප අපි හරියට අපේ ක්‍රමයට අරගෙන තිබ්බා නං එච්චර කල් යන්නෙ නෑ කියලයි මං කියන්නෙ.

    මං සම්බන්ධකය කියලා කිව්වෙ interface වලට, නිකං දැන් හිතලා කිව්වෙ, හරිම වචනෙ නොවෙන්න පුළුවන්. OOP කියන එක සිංහලට පරිවර්තනය කරන්නවත් බෑනෙ. මං කියන්නෙ ඒ අපි හරියට ඒක තේරුම් අරං නැති නිසා. හරියට තේරුම් ගත්ත දෙයක් මවු භාශාවෙන් කියාගන්න බෑ කියන්නෙ එක්කො මව්බස බෑ, නැත්තං හරියට තේරුම් අරං නෑ.

    ප.ලි. OOP වලට මට හිතෙන්නෙ නිකං "ප්‍රාණවාචී ක්‍රමලේඛනය" වගේ නමක්. :)
     
    පොඩි හෙල්පක් දෙන්නන් හරිම තේරුම නෙවෙන්න පුළුවන් ඒත් පවතින බාසාවෙන් ගන්න මේව මම ඔය කන්සෙප්ට් උගන්න්නකොට භාවිතා කරන වචන.

    class - අච්චුව
    object - අච්චුවෙන් හදපු නිර්මාණය
    programming - උපදෙස් සටහන් නිර්මාණය
    source code - උපදෙස් සටහන
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ෆේස්බුක් එකට මූනුපොත කියන උන් එක්ක මොන අයිටී ද

    ඒකෙ ඇති වැරැද්දක් නෑනෙ බං
    Brand names වෙන භාෂාවක හරවලා පාවිච්චි කරන්නේ නැහැ.
     
    • Love
    Reactions: Heshan Daminda

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,900
    113
    158050626_10221859692859085_3798724575358146199_n.jpg

    මෙහෙම IT ඉගෙන ගත්තා නම් මම අද වෙද්දි සබ්ජෙක්ට් එක ෆේල් වෙලා අයිටී එපා වෙලා කොහේ හරි අතුගාන ඩ්‍රයිවින් වගේ රැකියාවක් කරනවා වෙන්න පුලුවන්. හයියෝ අපේ ලමයින්ගෙ අනාගතේ එක්ක මේ මෝඩ මිනිස්සු මොකක්ද මේ කරන සෙල්ලම. මේ වගේ විෂයකට සිලබස් එක හදද්දි Industry experts ලගෙ උපදෙස් ගන්න එක හරිම වැදගත්. තියරියෙන් දැනගත් නමුත් කිසිම විදියකින් ප්‍රායෝගික සමාජයේ යමක් ජීවිතේට නොකරපු සෙට් එකක් කලාදෝ කියන හැගීම එනවා.

    මේ වගේ සිලබස් එකක් හදද්දි මූලික අරමුණ වෙන්න ඕනේ විභාගෙට ඒ එකක් දම්මන එක නෙවෙයි . ඩිග්‍රියක් කරද්දි රස්සාවක් කරද්දි අපි ඉස්කෝලෙදි ලබාගන්න දැනුම වඩා වර්ධනය කරගන්න එකයි කරන්නෙ. හැබැයි මේ අය මේක හදලා තියෙන විදියට හයවසරෙ ඉදලා ඒ ලෙවල් වෙනකල් ඉගනගත්තු දේවල් අමතක කරලා ආයේ අමුතුවෙන් මුලසිටම ඉගෙනගන්න වෙනවා. DNS Domain Name system ෆුල් ෆෝම් එකෙන් කියනවා ඇහිලා තියෙන්නෙ ලෙක්චර්ස් වලදි විතරයි නැතිනම් කියන්නෙ DNS කියලා විතරයි. සේවාදායකය කියනවා මේ අවුරුදු එකොලහක් තුල කිසිම දිනක අහලා නැහැ. අනෙක DNS reverse lookup, DNS forward lookup, default port එක මොකක්ද DNS resolution එක මොකක්ද වගේ දේවල් පවා ලස්සනට ඒ ඒ දේට අදාල වචන පමනක් භාවිතා කරලා සිංහලෙන් ලමයින්ට උගන්වන්න පුලුවන් නම් ඒක ඒ ලමයින්ට ගොඩාක් වටිනවා ඉදිරි අනාගතේදි. ඇත්තටම එයයි විය යුත්තේ. ෆයර් වෝල් කියනවා මිසක් ගිනිපවුර කියන්නෙ නැහැ රියල් අයිටී වර්ල්ඩ් එකේ. ගේට්වේ එක දොරටු මගක්. ආච්චිගෙ චීත්තෙ............
    😡
    😡
    😡
    😡
    😡
    😡

    පිංතූරය උස්සපු එකක්
    උස්සලත් දාන්න හිතුනෙ අපි මේ IT industry එකෙන් යද්දි එන අලුත් පරම්පරාව අනාගත ලෝකයේ අහියෝග වලට මුහුණ දිය හැකි පිරිසක් ලෙස ගොඩනගනු විනා (වැඩිම කොටසක්) රාජ්‍ය ආයතන වලට ගැලපෙන නිදිමත කම්මැලියන් තැනීම නොවන බව ඒ ඒ පුටුවල සිටින බලධාරීන් තේරුම් ගතයුතුයි. හැබැයි මේ කරන්නට යන්නෙ බංඩාරනායක අගමැතිවරයා සිංහල රාජ්‍ය භාශාව කරලා ඉංග්‍රීසි වලින් අපිව ඈත් කරලා ඒක පොශ් සමාජෙට විතරක් අයිති දෙයක් කලා වගේම දෙයක්. මේ තොරතුරු තාක්ශණ විශය සිංහල බසට හැරවීමත් එකම ආකාරයකිනුයි මට නම් පේන්නෙ.

    කෙසේ නමුත් කාගෙ උවමනාව මත මෙය සිදුකලත් මින් හානියක් වන්නෙ අපේම මතු පරපුරට නේද
    🤔
    🤔
    🤔
    🤔
    owa ohoma thamai wenna ona kiyana gobbayoth innawane. redda. wadak na ban owa katha karala.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Kiyala wadak na bn man podi ekekuta it igannuwa.mona harupadabn ewage tiyenne.samahara ewa google translate wage.ehema igenagena wadak ganna nam ba vibage pass wenna nam puluwan.anik bageta bagayak boru tiyenne
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    සිoහලෙන් ලියද්දි සිoහල නොලිය වෙන මොනාද බන් කරන්ඩ ඕන??? වරහන් ඇතුලෙ ඉoග්‍රිසියෙන් දාල තියෙන්නෙ ඔය තමයි හරි ක්‍රමය..

    erozan wahalek unath kiyala thiyana de hari methananam. Ehema nathnam IT sinhalen ugannanne nathuwa English medium witharak thiyenna ona. Eth gamwala eka lamayekwath IT karanne nathiwei ita passe.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Lokuma adupaduwa thama den inna ewunta sinhala bashawata aluthen wachana ekathu karanna therenne nathikama.
    Gateway kiyana ekata un hadapu sinhala wachanenma eka penawa.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඔය සින්හලෙන් කියල දෙන එකේ තියෙන වාසිය තමා හරිම කන්සෙප්ට් එක තේරුන් කරන්න පුළුවන් වෙන එක. සින්හල වචන බර වැඩි වෙන් නැතුව සරලම තේරුම එන්න හැදුව නන් ඔය ප්‍රශ්නෙ නෑ.
    සුද්දො ඔය වචන අරගෙන තියෙන්නෙ එදිනෙදා භාවිතා වෙන දේවල් වලින්. 99% කම්පියුටර් තියරිත් එහෙමයි. ගොඩක් ලමයින්ට බේසික් කන්සෙප්ට් එක තේරුන් ගන්න අමාරු වෙලා තියෙන්නෙ ඔය යටින් තියෙන සරල කතාව තේරුන් ගන්න් බැරි නිසා. සමහර SSE ල පවා ඉන්නව කම්පියුටරයක් සරලවම වැඩ කරන්නෙ කොහොමද කියල අදහසක් නැති. ඒව අමතර කියවීම් සහ මූලික දැනුම. ඉන්ග්‍රිස් සහ සින්හල දෙකම ඔය වැඩේට ඕනි වෙනව මදර් ලැන්වේජ් එක ඉන්ග්‍රීසි නොවන නිසා.

    ඉස්කෝලවල අනික් විශයන් ඔක්කොම සින්හලෙන් උගන්නනව නන් ඕක විතරක් ඉන්ග්‍රිස් වලින් කරන්න බෑනෙ. අවුල තියෙන්නෙ ඔය වචන ට්‍රාන්ස්ලේට් කරපු අයගෙ ඔව්ව තව ටිකක් සරල කරන්න පුළුවන් නන් බලල දැන් උනත් කරන්න ඕනි. ඔය තියෙන්නෙ හැත්තැ ගනන් වල හදපු වචන සෙට් එකක් මම දන්න විදියට.

    ඔය අලුත් නම් හදන එක කිසිම තේරුමක් නැති වැඩක් මචං. උඹ කියන සිංහල යෙදුම් පාවිච්චි කරන්න පුළුවන් තේරුම් කරලා දෙන්න නමුත් හරි නම විදිහට තියන ඉංග්‍රීසි නමම පාවිච්චි කරන්න ඕනේ.

    උදාහරණයක් විදිහට class කියන එකට අච්චුව කියල නම වෙනස් කරන්න අවශ්‍ය නෑ නමුත් උගන්නදී මේක අච්චුවක් වගේ දෙයක් කියල උගන්නන පුළුවන්. එතකොට class කියන නම ඇහෙද්දී ළමයාගේ හිතේ අච්චුවක් මැවෙන්න පුළුවන්, ඒකනේ වෙන්න ඕනේ. මනසේ මැවෙන රූප වලට භාෂාවක් නැනේ, ඒකට නේ අපි ඔය concept එක කියන්නේ. concept එක අවට පරිසරයෙන් දෙන එක කිසි අව්ලක් නෑ.

    අන්තිමට ළමයට concept එකත් තේරිලා පස්සේ කාලෙක ප්‍රයෝජනයක් වෙන විදිහට හරි වචනෙත් ඉගන ගෙන. දෙපැත්තම ගොඩ.

    ඒකෙ ඇති වැරැද්දක් නෑනෙ බං
    නම් මොන ලෝකෙද බං නම් translate කරන්නේ? Google එකට සිංහලෙන් මලපහ පාෂණ කිව්වා වගේ :baffled: