කවුද මේ සිලබස් එක හදපු මෝඩයා 🤣🤣🤣🤣🤣🤣🤣

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,885
    8,239
    113
    158050626_10221859692859085_3798724575358146199_n.jpg

    මෙහෙම IT ඉගෙන ගත්තා නම් මම අද වෙද්දි සබ්ජෙක්ට් එක ෆේල් වෙලා අයිටී එපා වෙලා කොහේ හරි අතුගාන ඩ්‍රයිවින් වගේ රැකියාවක් කරනවා වෙන්න පුලුවන්. හයියෝ අපේ ලමයින්ගෙ අනාගතේ එක්ක මේ මෝඩ මිනිස්සු මොකක්ද මේ කරන සෙල්ලම. මේ වගේ විෂයකට සිලබස් එක හදද්දි Industry experts ලගෙ උපදෙස් ගන්න එක හරිම වැදගත්. තියරියෙන් දැනගත් නමුත් කිසිම විදියකින් ප්‍රායෝගික සමාජයේ යමක් ජීවිතේට නොකරපු සෙට් එකක් කලාදෝ කියන හැගීම එනවා.

    මේ වගේ සිලබස් එකක් හදද්දි මූලික අරමුණ වෙන්න ඕනේ විභාගෙට ඒ එකක් දම්මන එක නෙවෙයි . ඩිග්‍රියක් කරද්දි රස්සාවක් කරද්දි අපි ඉස්කෝලෙදි ලබාගන්න දැනුම වඩා වර්ධනය කරගන්න එකයි කරන්නෙ. හැබැයි මේ අය මේක හදලා තියෙන විදියට හයවසරෙ ඉදලා ඒ ලෙවල් වෙනකල් ඉගනගත්තු දේවල් අමතක කරලා ආයේ අමුතුවෙන් මුලසිටම ඉගෙනගන්න වෙනවා. DNS Domain Name system ෆුල් ෆෝම් එකෙන් කියනවා ඇහිලා තියෙන්නෙ ලෙක්චර්ස් වලදි විතරයි නැතිනම් කියන්නෙ DNS කියලා විතරයි. සේවාදායකය කියනවා මේ අවුරුදු එකොලහක් තුල කිසිම දිනක අහලා නැහැ. අනෙක DNS reverse lookup, DNS forward lookup, default port එක මොකක්ද DNS resolution එක මොකක්ද වගේ දේවල් පවා ලස්සනට ඒ ඒ දේට අදාල වචන පමනක් භාවිතා කරලා සිංහලෙන් ලමයින්ට උගන්වන්න පුලුවන් නම් ඒක ඒ ලමයින්ට ගොඩාක් වටිනවා ඉදිරි අනාගතේදි. ඇත්තටම එයයි විය යුත්තේ. ෆයර් වෝල් කියනවා මිසක් ගිනිපවුර කියන්නෙ නැහැ රියල් අයිටී වර්ල්ඩ් එකේ. ගේට්වේ එක දොරටු මගක්. ආච්චිගෙ චීත්තෙ............
    😡
    😡
    😡
    😡
    😡
    😡

    පිංතූරය උස්සපු එකක්
    උස්සලත් දාන්න හිතුනෙ අපි මේ IT industry එකෙන් යද්දි එන අලුත් පරම්පරාව අනාගත ලෝකයේ අහියෝග වලට මුහුණ දිය හැකි පිරිසක් ලෙස ගොඩනගනු විනා (වැඩිම කොටසක්) රාජ්‍ය ආයතන වලට ගැලපෙන නිදිමත කම්මැලියන් තැනීම නොවන බව ඒ ඒ පුටුවල සිටින බලධාරීන් තේරුම් ගතයුතුයි. හැබැයි මේ කරන්නට යන්නෙ බංඩාරනායක අගමැතිවරයා සිංහල රාජ්‍ය භාශාව කරලා ඉංග්‍රීසි වලින් අපිව ඈත් කරලා ඒක පොශ් සමාජෙට විතරක් අයිති දෙයක් කලා වගේම දෙයක්. මේ තොරතුරු තාක්ශණ විශය සිංහල බසට හැරවීමත් එකම ආකාරයකිනුයි මට නම් පේන්නෙ.

    කෙසේ නමුත් කාගෙ උවමනාව මත මෙය සිදුකලත් මින් හානියක් වන්නෙ අපේම මතු පරපුරට නේද
    🤔
    🤔
    🤔
    🤔
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,829
    3,789
    113
    සිංහලෙන් it කරන එක අවුලක් නෑ. හැබැයි අදාල ඉංග්‍රිසි වචනෙ අනිවාර්යයෙන් දෙන්න ඕනේ. මොකද සිංහලෙන් ඕවා ඉගෙන ගත්තට වැඩ කරන්න වෙන්නෙ කඩ්ඩෙන්.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909

    2010 oma tibbe bn. English medium wla awulk na.
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිoහලෙන් ලියද්දි සිoහල නොලිය වෙන මොනාද බන් කරන්ඩ ඕන??? වරහන් ඇතුලෙ ඉoග්‍රිසියෙන් දාල තියෙන්නෙ ඔය තමයි හරි ක්‍රමය..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පර සුද්දො ඔව්ව හොයා ගන්න අවුරුදු 2500කට කලින් අපි කොම්පීතර පාවිච්චි කලේ. අහසින් ගියේ. අපිට සුද්ද ගේ වචන ඔනී නෑ අපිට අපෙම වචන තියන්වා.

    පොඩ්ඩක් හිටපන් රාවනා ඇහැරෙනකන් වචන ටික අහගෙන අයිත් කොම්පුටරේ ඔන් කරගන්න :baffled: :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2500 mewa eka araksha karaganna epai :lol: gon harak...hama ekama sinhalata harawana puluwan unata eka hena modai kiyala munta therenne na....campus eketh ugannanne english walin..mona huttatada iskole unta ohoma hadanne..

    Mama nam o/l eng medium kare...e nisa awualk na
    මෝඩ කතානෙ, මාධය සිoහල නම් සිoහලෙන් නොලිය අහවල් දෙයින්ද ලියන්ඩ කියන්නෙ????, කැම්පස් එකේ උගන්නන මාධය ඇමරිකාවෙ උගන්නන බාෂාව අදාල වෙන්නෙ නැනෙ සිoහල මාධයෙන් ලoකාවෙ පාසලක උගන්නන එකකට, 2500 තිබ්බත් උබල වගේ මෝඩයො බිහිවෙනව ඉතින් සරla සිoහල නොතේරෙන
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,698
    4,437
    113
    උසස් පෙල රසායන, ජීව විද්‍යා සඳහා ඔය වගේ වචන මතක තියාගෙන ලියන්නත් අමුතු වෙහෙසක් ගන්න ඕන..
    හිතෙන්නෙ නැද්ද උපායශීලිව smart දරුවො වඳ කරනව කියල
    දැන් නිකමට හිතහං දරුවො වැඩිදුර තොරතුරු හොයන්න ඔය වචන google search කළොත් මොකද වෙන්නෙ කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    සින්හලෙන් කියල දෙන එක නන් අවුලක් නෑ. භාවිතා වෙන ඉන්ග්‍රිස් වචනෙත් ඕකත් එක්ක කියල දෙන්න ඕනි. එතකොට දෙකම හුරු වෙනවනෙ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොනවේස කමක්ද මේ
    ගිනිපවුරලු තතුබෑමලු
    වහරක හාමුදුරුවන්ගෙ නෑයෙක්ද කොහෙද මේක කරලා තියෙන්නෙ
    ලෝකෙ වෙන කිසිම රටක මේවගේ පුකේ අමාරු කාරයො නැතිව ඇති. අලුතින් දෙයක් කරගන්න බැරි උනාට මාන්නෙනම් තියනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඔය සින්හලෙන් කියල දෙන එකේ තියෙන වාසිය තමා හරිම කන්සෙප්ට් එක තේරුන් කරන්න පුළුවන් වෙන එක. සින්හල වචන බර වැඩි වෙන් නැතුව සරලම තේරුම එන්න හැදුව නන් ඔය ප්‍රශ්නෙ නෑ.
    සුද්දො ඔය වචන අරගෙන තියෙන්නෙ එදිනෙදා භාවිතා වෙන දේවල් වලින්. 99% කම්පියුටර් තියරිත් එහෙමයි. ගොඩක් ලමයින්ට බේසික් කන්සෙප්ට් එක තේරුන් ගන්න අමාරු වෙලා තියෙන්නෙ ඔය යටින් තියෙන සරල කතාව තේරුන් ගන්න් බැරි නිසා. සමහර SSE ල පවා ඉන්නව කම්පියුටරයක් සරලවම වැඩ කරන්නෙ කොහොමද කියල අදහසක් නැති. ඒව අමතර කියවීම් සහ මූලික දැනුම. ඉන්ග්‍රිස් සහ සින්හල දෙකම ඔය වැඩේට ඕනි වෙනව මදර් ලැන්වේජ් එක ඉන්ග්‍රීසි නොවන නිසා.

    ඉස්කෝලවල අනික් විශයන් ඔක්කොම සින්හලෙන් උගන්නනව නන් ඕක විතරක් ඉන්ග්‍රිස් වලින් කරන්න බෑනෙ. අවුල තියෙන්නෙ ඔය වචන ට්‍රාන්ස්ලේට් කරපු අයගෙ ඔව්ව තව ටිකක් සරල කරන්න පුළුවන් නන් බලල දැන් උනත් කරන්න ඕනි. ඔය තියෙන්නෙ හැත්තැ ගනන් වල හදපු වචන සෙට් එකක් මම දන්න විදියට.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    හරිනම් කරන්න ඕන english medium එකෙන් පොඩි කාලේ ඉදන්ම උගන්වන්න ක්‍රමයක් හදන එක
    අපේ ගොන් හැත්ත IT ත් සිංහලෙන් උගන්වනවා
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සිoහලෙන් ලියද්දි සිoහල නොලිය වෙන මොනාද බන් කරන්ඩ ඕන??? වරහන් ඇතුලෙ ඉoග්‍රිසියෙන් දාල තියෙන්නෙ ඔය තමයි හරි ක්‍රමය..
    කොහේද බං හරි ක්‍රමය කියන්නෙ... ඉන්ඩස්ට්‍රි එකේ තියෙන වචනය පාවිච්චි කරන්න ඕන... සිංහලෙන් ලිව්වත් ඉංග්‍රීසියෙන් ලිව්වත් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන නම ෆයර්වෝල් නම් ඒක ෆයර්වෝල්ම තමා... මේ සිංහල සාහිත්‍ය නෙවෙයි නෙ.. මෙක කොමන් යූස් IT
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඇයි බන් ඕවට සිංහලෙන් තතුබෑම , ගිනිපවුර වගේ කියන්නෙ නැතුව පිශින්, ෆයර්වෝල් වගේ කියන්න බැරි. එහම හදුන්නලා දුන්න නම් කිසි අවුලක් නෑ නේ.
    බලපන් නිකන් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් දෙක බාගත කරනවා උඩුගත කරනවා කියලා ඕලෙවල් අයිටී වලට උගන්නන්නෙ. ඒත් අපේ අල්ලපු ගෙදර පහ වසරේ පොඩි එකා දන්නවා ඩවුන්ලෝඩ් කියන වචනේ. තේරුමත් උට තේරෙනවා මේකයි වෙන්නෙ කියලා ..
    මන් නම් කියන්නෙ ඔය වගේ ගොන් වැඩ නවත්තන්න ඕන .

    පුලුවන් තරම් පාරිභාශිත වචන ඒ භාශාවෙන්ම තියන්න ඕන .. අපි කවදාවත් සිංහල දාගෙන වැඩ කරන්නෙ නෑ නේ. වැඩ කරන්නෙ ඉන්ග්‍රීසි දාගෙන නේ
     
    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    බැරි වෙලාවත් සිංහලයෝ කොම්පුටර හොයාගත්ත නං සුද්දො FB වල පෝස්ට් දායි "What the f is this firewall? why can't we call it ginipawura?" :D

    සුද්දො එහෙම දාන එකක් නෑ බම්. උන් දන්නවා පිටින් එන ඕන දෙයක් උන්ගෙ විදිහට අවශෝෂණය කරගන්න. උන් අරාබියෙන්, ඉන්දියවෙන් ගණිතය ගත්තා, ග්‍රීකයින්ගෙන් තර්කය ගත්තා, චීනුන්ගෙන් වෙඩි බෙහෙත් ගත්තා. මොක ගත්තත් උන් ඒක උන්ගෙ කරගත්තා. Offtopic වගේ උනත් ප්‍රස්නෙ මුල තියෙන්නෙ ඔතන.

    IT වලට නම් ඉංගිලිශි වචන එහෙම්මම පාවිච්චි කරන්න පුළුවන් හැබැයි, CS, SE වලට නම් සිංහල වචන තියෙනවනං හොඳයි. මොකද class, interface, object oriented programming වගේ දේවල් වලට සිංහල වචන තිබ්බ නං අපිට මීට වඩා හොඳට ඒ සංකල්ප තේරුම් ගන්න පුළුවන්.

    උදාහරණෙකට interfaces ගනින්, අපි ඕක මලලසේකරේ බැලුවම තියෙන්නෙ අතුරුමුහුණත කියලා, ඒත් ඒ වචනේ ඇතුලෙ කිසිම අදහසක් නෑ තනිකරම abstract වචනයක් ඒක. OOP වලදි තියෙන්නෙ එහෙම අදහසක් නෙමෙයි, නිකං සම්බන්ධකය වගේ තේරුමක්.
    හැබැයි අපි ඕක සම්බන්ධකය කියලා ඉගැන්නුව නං අපි එතන්දිම හරියට OOP තේරුම් ගන්නවා.

    ෆේස්බුක් එකට මූනුපොත කියන උන් එක්ක මොන අයිටී ද

    ඒකෙ ඇති වැරැද්දක් නෑනෙ බං