UNHRC resolution on Sri Lanka passed, 22 votes in favor & 11 against

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    1616498475943.png


    Sri Lanka got the backing from China, Russia and Pakistan :-) So no need to be worried

    Yet our EU ambassadors need to do a better job than this for all the money and benefits they eat
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දන්නා එකෙක් කියපන් මොකක්ද මේකට පස්සේ වෙන සීන් එක .ඉන්දියන් කාරයෝනම් හෙන සතුටින් news channel
    වල කිව්වා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,528
    124,626
    113
    දෙහිවල
    දන්නා එකෙක් කියපන් මොකක්ද මේකට පස්සේ වෙන සීන් එක .ඉන්දියන් කාරයෝනම් හෙන සතුටින් news channel
    වල කිව්වා

    සියලු පළාත් සභා සක්‍රීය කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි – ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී කියයි​

    (News 1st) – ඡන්දය කඩිනමින් පවත්වා සියලු පළාත් සභා සක්‍රීය කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී පවසයි.

    https://www.newsfirst.lk/sinhala/2021/03/23/සියලු-පළාත්-සභා-සක්‍රීය-ක/
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දන්නා එකෙක් කියපන් මොකක්ද මේකට පස්සේ වෙන සීන් එක .ඉන්දියන් කාරයෝනම් හෙන සතුටින් news channel
    වල කිව්වා
    India is jealous and angry because of Chinese success in SL.
    We can no way trust India as a long-standing supporter as they have Tamilnadu to babysit.
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    දන්නා එකෙක් කියපන් මොකක්ද මේකට පස්සේ වෙන සීන් එක .ඉන්දියන් කාරයෝනම් හෙන සතුටින් news channel
    වල කිව්වා

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (23) පැවැත්වුණි.

    එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11 ක් සිය ඡන්දය ප්‍රකාශ කළේය.

    තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් මෙවර සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.

    එම වාර්තාව අනුව මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාර තහනම ඇතුලු සම්බාධක නිර්දේශ කරනු ලැබීය.

    එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය තුළ විශ්‍රාමික හමුදා නිලධාරීන් නිරත කරවීම, 19 සංශෝධනය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ විධිවිධාන ඉවත් කරනු ලැබීම, කෝවිඩ්-19 වසංගතයෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම් ද මානව හිමිකම් සීමා කිරීමක් ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මඟින් හදුනාගෙන ඇති බවද එහි සඳහන් විය.

    ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන තේමාව මුලික කරගත් යෝජනාවක් මෙවර එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සඳහා මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින් ගෙන එනු ලැබීය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 25 වැනිදා රටවල් 38ක නියෝජිතයින් සිය රටවල නිල ස්ථාවරය පැහැදිලි කළේය.

    එහිදී එක්සත් රාජධානිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ රාජ්‍යය,කැනඩාව, ස්විට්සර්ලන්තය,බෙල්ජියම,නෙදර්ලන්තය,අයර්ලන්තය, ඇතුළු රටවල් 15ක් මහ කොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් පළ කළහ.


    source -: adaderana.lk
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113

    සියලු පළාත් සභා සක්‍රීය කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි – ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී කියයි​

    (News 1st) – ඡන්දය කඩිනමින් පවත්වා සියලු පළාත් සභා සක්‍රීය කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී පවසයි.

    https://www.newsfirst.lk/sinhala/2021/03/23/සියලු-පළාත්-සභා-සක්‍රීය-ක/
    මේ පළාත් සභා සීන් එකෙන් ඉන්දියාව බලපොරොත්තු වෙන්නෙ මොකක්ද බන්?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    මේ පළාත් සභා සීන් එකෙන් ඉන්දියාව බලපොරොත්තු වෙන්නෙ මොකක්ද බන්?
    ලංකාවේ දෙමල්ලුන්ව පරිපාලනයට සම්බන්ද කරගන්න දුන්නා කියලා තමිල්නාඩුවේ දෙමල චන්ද බිලිබාගන්න.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    වෙව්වා දීර්ග කාලීනව ගොඩනැගිච්ච කරුණු නිසා ඇතිවෙච්ච ප්‍රතිවිපාක. අපේ රටේ ඇත්තට මොකක්ද උනේ කියලා අනිත් රටවලට පණිවිඩේ යවන්න අපේ රටේ ශක්තිමත් තානාපති සේවයක් ඇතිකරලා තිබුනේ නෑ. තානාපති සේවයට හැම රජයකම පත්කළේ තමන්ගේ හිතවතුන් මිස එම ශේස්තයට දැනුම තියෙන අය නෙවෙයි. අනික ඉස්සර තිබුන සමහර රජයන් පවා මොන කරුමෙකට හරි ඔතනට ගිහිල්ල ඔය චෝදනා වලට සම අනුග්‍රහය දැක්කුවා. අනික තමයි මේක ඔස්සේ බටහිර රටවලට පුළුවන් වෙනවා අපේ රටේ පරිපාලනයනට අත දාන්න තමන්ට හිතෛෂී පාලකයන් පත්කරගන්න .අවසානයේ සිද්ද උනේ NGO නඩවල බොරුව ඇත්ත වෙච්ච එක විතරයි.
     
    Last edited: