තුන්මුල්ලේ විමලේ ඉල්මනයිට් වලිනුත් ඩොලර් මිලියන 1.5ක් ගසා කාලා - නන්දසේන ෆේල්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය විසින් ඉල්මනයිට් ඛනිජ වැලි ටොන් එකක් සඳහා ඇමෙරිකන් ඩොලර් 165ක මිලක් ඉදිරිපත් කළ ගැනුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිටි ඉල්ලුම්කරුට ඇ.ඩො. 147කට ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 85,000ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය දීම සම්බන්ධයෙන් වහාම විමර්ශන පවත්වන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාට දැනුම් දී ඇත.

    මෙකී පළමු ගැනුම්කරු ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 165කුත් දෙවැනි ගැනුම්කරු ඇ.ඩොලර් 163කුත්, තෙවැනි ගැනුම්කරු ඇ.ඩො. 146ක් හා සිවුවැනි ගැනුම්කරු ඇ.ඩො. 130ක මිලක්ද ඉදිරිපත් කර තිබූ බව කමිටුව හමුවේ අනාවරණය වී තිබිණි.

    මෙම විකිණීමට අදාළ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ටෙන්ඩර් අනු කමිටුවකින් ලබාදී ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීහු පොදු ගිණුම් කාරක සභාවේදී අනාවරණය කළහ.

    "මෙහි පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක්. කැබිනට් එක කවදාවත් මෙහෙම තීන්දුවක් ගන්නෙ නෑ කැබිනට් එකට හරියට තොරතුරු ටික යැව්ව නම්. මෙම විකිණීමට ගිහින් තියෙන්නේ කැබිනට් එක මුළා කිරීමකින් තමයි" කියා කමිටු සාමාජික, රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කෝප් කමිටුව හමුවේ සඳහන් කළේ ය.

    ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ගැනුම්කරුවෙකුට අලෙවි කළ මෙම ඉල්මනයිට් ඛනිජ වැලි මෙටි්‍රක් ටොන් 85,000ක ප්‍රමාණය පුල්මුඩේ නිධියේ ගබඩා කර තිබීම නිසා ආයතනයට තවදුරටත් ඛනිජ වැලි ගබඩා කිරීමට ඉඩ පහසුකම් අවම වීමෙන් පාඩුවක් සිදුවන බව ද කාරක සභාව හමුවේ අනාවරණය වී ඇත.

    මේ පිළිබඳව විමර්ශනය කොට, මසක් තුළ වහාම වාර්තාවක් දෙන ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාට කෝප් සභාපතිවරයා නියෝග කළේ මෙසේ ගබඩා කර ඇති ඉල්මනයිට් ඛනිජ වැලි තොගයෙන් මුදල් ගෙවා ඇත්තේ මෙට්‍රික් ටොන් 65,000ක් සඳහා පමණක් බවත් තවත් මෙට්‍රික් ටොන් 20,000ක් සඳහා මුදල් අයකර ගැනීමට නියමිත බවත් මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීන් විසින් අනාවරණය කිරීමෙන් පසුවය.

    මෙහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කැබිනට් පත්‍රිකාව යවා තිබෙන්නේ ඉදිරිපත් වූ ආයතන අතරින් සාරානුකූල ලෙස ප්‍රතිචාර දැක්වූ ආයතන නොමැති බැවින් මෙම ටෙන්ඩරයේ ඉල්මනයිට් විකිණීම අවලංගු කර නැවත ටෙන්ඩර් කිරීමට සිය නිර්දේශය ලබා දෙමින් බව ද කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා කෝප් කමිටුව වෙත දැනුම් දුන් මොහොතේ ටෙන්ඩරය ගැන චෝදනා කළ පාර්ශ්වයන් උඩ බිම බැලූ බව ද වාර්තා වේ.

    උපුටා ගැනීම : https://mawbima.lk/news-more/81707
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩක් නෑ හිච්චි මාමේ. බැදලා රට යන්න. මේ රටේ නම් බබාලා හදන්න එපා.

    hichchi nanda kamati na ban denna hitenawa oluwa kudu wenna

    lee dunnata moke denna bari gon harak

    dan itin awwe katta kagena dadiya polla dagena
    Kalu kataha ponnaya wage hitapanko
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    "මෙහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කැබිනට් පත්‍රිකාව යවා තිබෙන්නේ ඉදිරිපත් වූ ආයතන අතරින් සාරානුකූල ලෙස ප්‍රතිචාර දැක්වූ ආයතන නොමැති බැවින් මෙම ටෙන්ඩරයේ ඉල්මනයිට් විකිණීම අවලංගු කර නැවත ටෙන්ඩර් කිරීමට සිය නිර්දේශය ලබා දෙමින් බව ද කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා කෝප් කමිටුව වෙත දැනුම් දුන් මොහොතේ ටෙන්ඩරය ගැන චෝදනා කළ පාර්ශ්වයන් උඩ බිම බැලූ බව ද වාර්තා වේ."

    මේ අන්තිම ටික විදියට විමල්ට කරන්න දෙයක් නැහැනේ.
    කැබිනට් එකෙන් පත් කරපු ටෙන්ඩර් බොර්ඩ් එකෙන්නේ ටෙන්ඩර් එක දීලා තියෙන්නේ.
     
    • Like
    Reactions: pathaleiretta

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    hichchi nanda kamati na ban denna hitenawa oluwa kudu wenna

    lee dunnata moke denna bari gon harak

    dan itin awwe katta kagena dadiya polla dagena
    Kalu kataha ponnaya wage hitapanko
    Hoda income streams 2k thiyenawa nam me rata hodai inna. Nathnam rata gihin paduwe inna thama thiyenne.

    "මෙහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කැබිනට් පත්‍රිකාව යවා තිබෙන්නේ ඉදිරිපත් වූ ආයතන අතරින් සාරානුකූල ලෙස ප්‍රතිචාර දැක්වූ ආයතන නොමැති බැවින් මෙම ටෙන්ඩරයේ ඉල්මනයිට් විකිණීම අවලංගු කර නැවත ටෙන්ඩර් කිරීමට සිය නිර්දේශය ලබා දෙමින් බව ද කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා කෝප් කමිටුව වෙත දැනුම් දුන් මොහොතේ ටෙන්ඩරය ගැන චෝදනා කළ පාර්ශ්වයන් උඩ බිම බැලූ බව ද වාර්තා වේ."

    මේ අන්තිම ටික විදියට විමල්ට කරන්න දෙයක් නැහැනේ.
    කැබිනට් එකෙන් පත් කරපු ටෙන්ඩර් බොර්ඩ් එකෙන්නේ ටෙන්ඩර් එක දීලා තියෙන්නේ.
    විමල් ඔය පලවෙනි පාර ටෙන්ඩර් එක කැන්සල් කරේ මොන හේතුව උඩද කියල කොහොමද කියන්නේ?
    ටෙන්ඩර් දාන මිනිස්සු ටෙන්ඩර් දාන්නේ පුරුදු වෙන්න නෙමෙයි.
    ආයේ පාරක් ටෙන්ඩර් කරන්න නිර්දේශ දුන්නේ අර තුන්වෙනි ගැනුම්කරු ටෙන්ඩර් දානකන් ඉදලා වෙන්න ඕනි.
    ඩොලර් මිලියන 165ක් දෙන්නම් කිව්ව එකාව බයිපාස් කරලා මිලියන 147ක් දෙන්නම් කිව්ව එකාට දුන්නේ ඇයි?
    නිකන් මේ හිතල වෙන්න බෑනේ, ලොවෙත් ලොකු කුට්ටියක් උගෙන් ලැබෙන්න ඇති.
    කුරුදු සිගරට් ප්‍රමෝට් කරන්න කටේ ගහන් ෆොටෝ ගහපු එකා ඔහොම නොකරොත් තමයි පුදුමේ.

    ------ Post added on Mar 27, 2021 at 2:27 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ

    ටොයියෝ අදත් පුක ඉරාගෙන 🤣🤣🤣
     
    • Dislike
    Reactions: Lankaputhra16

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    Hoda income streams 2k thiyenawa nam me rata hodai inna. Nathnam rata gihin paduwe inna thama thiyenne.

    විමල් ඔය පලවෙනි පාර ටෙන්ඩර් එක කැන්සල් කරේ මොන හේතුව උඩද කියල කොහොමද කියන්නේ?
    ටෙන්ඩර් දාන මිනිස්සු ටෙන්ඩර් දාන්නේ පුරුදු වෙන්න නෙමෙයි.
    ආයේ පාරක් ටෙන්ඩර් කරන්න නිර්දේශ දුන්නේ අර තුන්වෙනි ගැනුම්කරු ටෙන්ඩර් දානකන් ඉදලා වෙන්න ඕනි.
    ඩොලර් මිලියන 165ක් දෙන්නම් කිව්ව එකාව බයිපාස් කරලා මිලියන 147ක් දෙන්නම් කිව්ව එකාට දුන්නේ ඇයි?
    නිකන් මේ හිතල වෙන්න බෑනේ, ලොවෙත් ලොකු කුට්ටියක් උගෙන් ලැබෙන්න ඇති.
    කුරුදු සිගරට් ප්‍රමෝට් කරන්න කටේ ගහන් ෆොටෝ ගහපු එකා ඔහොම නොකරොත් තමයි පුදුමේ.

    ------ Post added on Mar 27, 2021 at 2:27 PM
    මචන් මේ ටෙන්ඩර් එක දීලා තියෙන්නේ කැබිනට් එක දාපු ටෙන්ඩර් බොර්ඩ් එකකින්
    රජයෙන් තමා ටෙන්ඩර් එක දාන්නේ. ඒකට කට්ටිය මිල ගණන් ඉදිරිපත් කරලා තියෙනවා
    කැන්සල් කරන්න කියන්නේ මේ ටෙන්ඩර් එක. නැතුව මිල ගණන් ඉදිරිපත් කරලා තියෙන ඒවා නේමේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    මචන් මේ ටෙන්ඩර් එක දීලා තියෙන්නේ කැබිනට් එක දාපු ටෙන්ඩර් බොර්ඩ් එකකින්
    රජයෙන් තමා ටෙන්ඩර් එක දාන්නේ. ඒකට කට්ටිය මිල ගණන් ඉදිරිපත් කරලා තියෙනවා
    කැන්සල් කරන්න කියන්නේ මේ ටෙන්ඩර් එක. නැතුව මිල ගණන් ඉදිරිපත් කරලා තියෙන ඒවා නේමේ
    පූර්ණවශයෙන් රජය සතු සමාගමක් වන ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ ආයතනය විසින් ඉල්මනයිට් ඛනිජවැලි ටොන් එකක් සදහා ඇ.ඩො 165ක මිලක් ඉදිරිපත් කළ ගැණුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තෙවන තැන සිටි ඉල්ලුම්කරුට ටොන් එකක් ඇ.ඩො 147 කට ඉල්මනයිට් ඛනිජවැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණයක් මිලදී ගැනීම සදහා ටෙන්ඩරය ලබා දීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාට දැනුම් දුන්නේය.

    මෙම විකිණීමට අදාළ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය මගින් පත්කළ ටෙන්ඩර් අනුකමිටුවකින් ලබා දී ඇතිබවත් ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීහු ප්‍රකාශ කළ අතර මේ පිළිබදව සිය අවධානය යොමුකළ කෝප් කමිටු සාමාජිකයන් ප්‍රකාශ කළේ මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීන් විසින් අමාත්‍ය මණ්ඩලය පවා නොමග යැවීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වන බවයි.

    තවද මේවන විට ඉල්මනයිට් මෙට්රික් ටොන් එකක මිල ඇ.ඩො 240 කට ආසන්න වන බවත් මෙහිදී හෙළිවිය. 2018 සහ 2019 වර්ෂවල ලබා ඇති මුලු අලෙවිය සාපේක්ෂව 2020 වසරේ අලෙවිය අඩු වීම සම්බන්ධව මෙහිදී කමිටුවේ අවධානය යොමුවූ අතර මෙහිදී අනාවරණය වූයේ 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී ගැනුම්කරුවෙකුට අලෙවිකළ මෙම ඉල්මනයිට් ඛනිජවැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණය පුල්මුඩේ නිධියේ ගබඩාකර තිබීම නිසා ආයතනයට තවදුරටත් ඛනිජවැලි ගබඩා කිරීමට ඉඩපහසුකම් අවම වීමෙන් පාඩුවක් සිදුවන බවයි.

    ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිඩට් ආයතනයේ බලධාරීන් පවසා සිටියේ පවතින කොවිඩ් තත්ත්වය මෙම තොගය ඉවත්කරගැනීම සදහා ඇති කාලය දීර්ඝ කළ බවයි. මෙම තොගයෙන් මුදල් ගෙවා ඇත්තේ මෙට්රික් ටොන් 65,000 ක් සදහා පමණක් බවත් තවත් මෙට්රික් ටොන් 20,000 ක් සදහා මුදල් අය කර ගැනීමට නියමිත බවත් මෙහිදී අනාවරණය විය.
    මේ පිළිබදව විමර්ශනය කොට මසක් තුළ වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.එසේම මෙම ඉල්මනයිට් තොගය කඩිනමින් ඉවත්කරගැනීම සහ ඊට අදාළ හිග මුදල අය කරගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස ද පැවසූ කමිටු සභාපතිවරයා මෙලෙස අමාත්‍ය මණ්ඩලය පත්කළ අනුකමිටුවක් මගින් මෙලෙස ටෙන්ඩර් ප්‍රදානය කළ ද මෙවැනි අවස්ථාවලදී මීටවඩා වගකීමකින් කරුණු සොයාබලා කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.

    කෝප් කමිටු සභාපතිවරයා මේබව පවසා සිටියේ පසුගිය 23 වන දින පැවති ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිඩට්’ ආයතනයේ කාර්යසාධනය විමර්ශනය කිරීමේ කෝප් කමිටු රැස්වීමේදීය.

    තවද ඛනිජවැලි අලෙවිකිරීමේ නිශ්චිත ප්‍රතිපත්තියක් සකස්කිරීමේ වැදගත්කම පෙන්වාදුන් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත්වීමෙන් නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

    ඛනිජවැලි නිෂ්පාදන ඍජුව අපනයනය සදහා යොදාගත් කොඩ්බේ ජැටිය ආයතනයට අහිමිවීමෙන් පසු එහි ටග් යාත්‍රා හා බත්තල් ආදී ඇති වත්කම් විකිණීම සදහා තක්සේරු දෙපාර්තමෙන්තුව මගින් රු. මිලියන 32.3 ක තක්සේරුවක් ලබා දී ඇති අතර 2013 වසරේ සිදුකළ ලංසු කැදවීමේදී රු මිලියන 65 ක ඉහළ ලංසුවක් ලැබුණද එය විකිණීම සිදුනොවීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.මේවන විට දිරාපත්වෙමින් පවතින මෙම වත්කම් නියමිත තක්සේරුවට වඩා දෙගුණයක ඉහළ මිලක් ලැබුණද විකිණීමට කටයුතු නොකිරීම පිළිබද වහාම පරීක්ෂණයක් කළයුතු බව කෝප් කමිටුව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා සිටියේය.

    කෝකිලායි කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ ඛනිජ වැලි ගවේශනය සදහා 2013 වසරේදි රු මිලියන 39 ක වියදමින් යන්ත්‍රෝපකරණ මිලදී ගෙන සේවකයන් 117 දෙනෙකු ද බදවා ගෙන තිබුණද ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අවසර නොදීම නිසා අතහැර දැමීම පිළිබද මෙහිදී අවධානය යොමුවිය.මෙම ව්‍යාපෘතියට අදාළ නිසි අවසරය ලබා ගැනීමට පෙර සේවකයන් බදවා ගැනීම සහ රු.මි.39ක් වියදම්කිරීම ජාතික ධනය විශාල ලෙස අපතේ යාමක් බව පෙන්වාදුන් කමිටුව මේ පිළිබද සිය දැඩි අප්‍රසාදය පළ කළහ.

    තවද මේපිළිබද වහාම විමර්ශනය කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් කමිටු සභාපතිවරයා එම නිගමන සහ කෝප් කමිටු නිර්දේශ අනුව මීට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට යොමුකරන ලෙස නිර්දේශ කළේය.

    ඔව් දාපු ටෙන්ඩර් එක කැන්සල් කරලා තියෙනවා.
    ඒත්මෙට්‍රික් ටොන් 65,000 ගෙවලා තියෙන්නේ ටොන් එකක් ඇ.ඩො 147 ගානේ
    ඉතුරු 20000 ට හම්බෙන්නෙත් ටොන් එකක් ඇ.ඩො 147 කට.
    වැඩියෙන් ගන්නම් කිව්වා එකාට නොදී අඩුවෙන් ගන්නම් කිව්වා එකාට දුන්න නිසා වුන පාඩුවක් වෙලා තියෙනවනේ.
    ටෙන්ඩර් එක කැන්සල් කරාට ඉතුරු 20000 කොහොම හරි ගන්න වෙන්නෙත් ටොන් එකක් ඩොලර් මිලියන 18ක් අඩුවෙන්.

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    ඔව් දාපු ටෙන්ඩර් එක කැන්සල් කරලා තියෙනවා.
    ඒත්මෙට්‍රික් ටොන් 65,000 ගෙවලා තියෙන්නේ ටොන් එකක් ඇ.ඩො 147 ගානේ
    ඉතුරු 20000 ට හම්බෙන්නෙත් ටොන් එකක් ඇ.ඩො 147 කට.
    වැඩියෙන් ගන්නම් කිව්වා එකාට නොදී අඩුවෙන් ගන්නම් කිව්වා එකාට දුන්න නිසා වුන පාඩුවක් වෙලා තියෙනවනේ.
    ටෙන්ඩර් එක කැන්සල් කරාට ඉතුරු 20000 කොහොම හරි ගන්න වෙන්නෙත් ටොන් එකක් ඩොලර් මිලියන 18ක් අඩුවෙන්.

    මචන් මෙතන් කැන්සල් කිරීමක් කරලා නැහැ.රජයෙන් දාපු ටෙන්ඩර් එකට ආයතන ඉදිරිපත් කරපු මිළ ගනන් වලින් තෙවෙනිතැන ඉන්න ආයතනයට මේ ටෙන්ඩරය දීලා තියෙනවා.
    අමාත්‍යංශයෙන් කියලා තියෙන්නේ ඉදිරිපත් කරලා තියෙන මේ මිල ගනන් ගැන එයාලට සැහිමලකට පත්වෙන්න බැරි නිසා අලුත් ටෙන්ඩරයක් දාන්න කියලා.එහෙම එකක් කරන්නේ නැතිව ටෙන්ඩර් බෝර්ඩ් එකෙන් තෙවෙනිතැන ඉන්න ආයතනයට මේක දීලා තියෙනවා.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    මචන් මෙතන් කැන්සල් කිරීමක් කරලා නැහැ.රජයෙන් දාපු ටෙන්ඩර් එකට ආයතන ඉදිරිපත් කරපු මිළ ගනන් වලින් තෙවෙනිතැන ඉන්න ආයතනයට මේ ටෙන්ඩරය දීලා තියෙනවා.
    අමාත්‍යංශයෙන් කියලා තියෙන්නේ ඉදිරිපත් කරලා තියෙන මේ මිල ගනන් ගැන එයාලට සැහිමලකට පත්වෙන්න බැරි නිසා අලුත් ටෙන්ඩරයක් දාන්න කියලා.එහෙම එකක් කරන්නේ නැතිව ටෙන්ඩර් බෝර්ඩ් එකෙන් තෙවෙනිතැන ඉන්න ආයතනයට මේක දීලා තියෙනවා.
    ඔව් පලවෙනි ටෙන්ඩර් කරුවෝ මගාරින්න හේතුව දන්නේ ඇමති එක්කෝ මිනරල් එකේ සභාපති.
    අලුත් ටෙන්ඩරයක් දාන්න දීල තියෙන්නේ අර 4 දෙනෙක් දෙනෙක් ටෙන්ඩර් දාපු පලවෙනි එක කැන්සල් කරන්න කියල.
    කෝප් ඒකෙ වීඩියෝ එක බලන්න
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    ඔව් පලවෙනි ටෙන්ඩර් කරුවෝ මගාරින්න හේතුව දන්නේ ඇමති එක්කෝ මිනරල් එකේ සභාපති.
    අලුත් ටෙන්ඩරයක් දාන්න දීල තියෙන්නේ අර 4 දෙනෙක් දෙනෙක් ටෙන්ඩර් දාපු පලවෙනි එක කැන්සල් කරන්න කියල.
    කෝප් ඒකෙ වීඩියෝ එක බලන්න
    විඩියෝ එකෙත් අන්තිමට අමත්‍යංශ ලේකම් කියන්නේ මේ ටෙන්ඩර් කැදවීම අවලංගු කරලා අලුතින් කරන්න කියලා නිර්දේශ යැවුවා කියලා.දෙන්නේ කැබිනට් එකෙන් දාපු ටෙන්ඩ්‍ර් බෝඩ් එක නිසා එයාලම තමා දැනගන්න ඕන දුන්න හෙතූව.ආයතනයෙන් දුන්නනම් එකේ වගකීම ආයතනයට එනවා.මෙතන වෙන්නේ එහාට මෙහාට බොලේ පාස් කරන්වා
     
    • Like
    Reactions: kasun_kbp

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,436
    113
    විඩියෝ එකෙත් අන්තිමට අමත්‍යංශ ලේකම් කියන්නේ මේ ටෙන්ඩර් කැදවීම අවලංගු කරලා අලුතින් කරන්න කියලා නිර්දේශ යැවුවා කියලා.දෙන්නේ කැබිනට් එකෙන් දාපු ටෙන්ඩ්‍ර් බෝඩ් එක නිසා එයාලම තමා දැනගන්න ඕන දුන්න හෙතූව.ආයතනයෙන් දුන්නනම් එකේ වගකීම ආයතනයට එනවා.මෙතන වෙන්නේ එහාට මෙහාට බොලේ පාස් කරන්වා
    Possibly that's the exit clause when and if the scam comes to light. You can never believe anyone. In any case the Treasury Secretary will make a statement to the effect that it's just "Foregone Revenue" just like in the "Sugar Heist"
    The only "Foregone Conclusion" that anyone with a brain of a size of a peanut is these are "Daylight Robberies" with the word "SCAM" written all over it.

    All politicians are certified crooks and I don't blame anyone looking at these deals with suspicion. Nothing is transparent. Corruption reeks from the very top and it's really reached a pathetic situation. :(
     
    • Like
    Reactions: kasun_kbp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් පොන්නය තවත් තෙර්ඩ් එකක් දාල හත්පොලේ ගාගෙන :lol: :lol: :lol: :lol: