ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය විසින් ඉල්මනයිට් ඛනිජ වැලි ටොන් එකක් සඳහා ඇමෙරිකන් ඩොලර් 165ක මිලක් ඉදිරිපත් කළ ගැනුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිටි ඉල්ලුම්කරුට ඇ.ඩො. 147කට ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 85,000ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය දීම සම්බන්ධයෙන් වහාම විමර්ශන පවත්වන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාට දැනුම් දී ඇත.
මෙකී පළමු ගැනුම්කරු ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 165කුත් දෙවැනි ගැනුම්කරු ඇ.ඩොලර් 163කුත්, තෙවැනි ගැනුම්කරු ඇ.ඩො. 146ක් හා සිවුවැනි ගැනුම්කරු ඇ.ඩො. 130ක මිලක්ද ඉදිරිපත් කර තිබූ බව කමිටුව හමුවේ අනාවරණය වී තිබිණි.
මෙම විකිණීමට අදාළ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ටෙන්ඩර් අනු කමිටුවකින් ලබාදී ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීහු පොදු ගිණුම් කාරක සභාවේදී අනාවරණය කළහ.
"මෙහි පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක්. කැබිනට් එක කවදාවත් මෙහෙම තීන්දුවක් ගන්නෙ නෑ කැබිනට් එකට හරියට තොරතුරු ටික යැව්ව නම්. මෙම විකිණීමට ගිහින් තියෙන්නේ කැබිනට් එක මුළා කිරීමකින් තමයි" කියා කමිටු සාමාජික, රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කෝප් කමිටුව හමුවේ සඳහන් කළේ ය.
ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ගැනුම්කරුවෙකුට අලෙවි කළ මෙම ඉල්මනයිට් ඛනිජ වැලි මෙටි්රක් ටොන් 85,000ක ප්‍රමාණය පුල්මුඩේ නිධියේ ගබඩා කර තිබීම නිසා ආයතනයට තවදුරටත් ඛනිජ වැලි ගබඩා කිරීමට ඉඩ පහසුකම් අවම වීමෙන් පාඩුවක් සිදුවන බව ද කාරක සභාව හමුවේ අනාවරණය වී ඇත.
මේ පිළිබඳව විමර්ශනය කොට, මසක් තුළ වහාම වාර්තාවක් දෙන ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාට කෝප් සභාපතිවරයා නියෝග කළේ මෙසේ ගබඩා කර ඇති ඉල්මනයිට් ඛනිජ වැලි තොගයෙන් මුදල් ගෙවා ඇත්තේ මෙට්‍රික් ටොන් 65,000ක් සඳහා පමණක් බවත් තවත් මෙට්‍රික් ටොන් 20,000ක් සඳහා මුදල් අයකර ගැනීමට නියමිත බවත් මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීන් විසින් අනාවරණය කිරීමෙන් පසුවය.
මෙහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කැබිනට් පත්‍රිකාව යවා තිබෙන්නේ ඉදිරිපත් වූ ආයතන අතරින් සාරානුකූල ලෙස ප්‍රතිචාර දැක්වූ ආයතන නොමැති බැවින් මෙම ටෙන්ඩරයේ ඉල්මනයිට් විකිණීම අවලංගු කර නැවත ටෙන්ඩර් කිරීමට සිය නිර්දේශය ලබා දෙමින් බව ද කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා කෝප් කමිටුව වෙත දැනුම් දුන් මොහොතේ ටෙන්ඩරය ගැන චෝදනා කළ පාර්ශ්වයන් උඩ බිම බැලූ බව ද වාර්තා වේ.
උපුටා ගැනීම : https://mawbima.lk/news-more/81707