Lankadeepa online
කොරෝනා වැළඳුණු ඉන්දිය තරුණයෙක් කැබිතිගොල්ලෑව රෝහලට
(අතුල බණ්ඩාර)
අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිත ඉන්දීය ජාතිකයකු ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව මුලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ ගැන කළ විමසීමේදී අනුරාධපුර මහා නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ 27 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා දින අටකට පෙර මෙරටට පැමිණ සංචාරක හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි අයකු බවයි.
කොරෝනා රෝගයට ගොදුරු වූ තවත් ඉන්දීය ජාතිකයකු කැබිතිගොල්ලෑව මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගෙන් තමන්ට ඉන්දියා වයිරසය ආසාදනය වනු ඇති බවට එහි ප්‍රතිකාර ලබන සෙසු කොරෝනා රෝගීහු බිය පළ කරති.
--------------------------------------------------------------------------------------------------------------------------
තමිල්නාඩුවෙන් ඇවිත් ගිංතොට හෝටලයක සිටි පහකට කොරෝනා
(ඩී.ජි.සුගතපාල)
ගාල්ල ගිංතොට ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නතරව සිටින ඉන්දිය ජාතික කාන්තාවන් දෙදෙනකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
වයස අවුරුදු 34 සහ 38 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු හා ඔවුන් අවුරුදු 5,6,9 යන වයස්වල පසුවන දැරියන් තිදෙනාට මෙසේ වයිරසය ආසාදනය වී ඇත.
මෙම පිරිස ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිකාරියෝ වෙති.
ඉකුත් 5වනදින සිදු කරන ලද පී.සී.ආර්.පරික්ෂණයේදි ඔවුනට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇත.
මොවුන් අප්‍රියල් 30වන දින මෙම හෝටලයට පැමිණ ඇති බවද අනාවරණයවි තිබේ.