අභිධර්මය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙන්න මේකෙ තේරුම දන්නවද?
    Screenshot_20210512-184823.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙටියෙන් කීවොත් ලෝකය කියන්නෙ ඇතිවීම නැතිවීම කියන දෙයට, ඒක තමන්ගෙ කයෙන් බලාගන්න පුලුවන්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura


    කෙටියෙන් කීවොත් ලෝකය කියන්නෙ ඇතිවීම නැතිවීම කියන දෙයට, ඒක තමන්ගෙ කයෙන් බලාගන්න පුලුවන්
    Mewage ekak thama me kiyanne .Thanks
    චිත්ථ
    mmm
    Sitha muulika we !
    Sitha Siyallama we !
    Ahena Dakina Allana siyallama sitha we !
    Daarucheeriya !
    therune na.illusion seen ekak meke kiyanne naneda?
    ඔව් තුන්පාරක් ඇහුවා 3වෙනි පාර කියල දුන්න
    Matath kiyala denna
    Okoma illusion ekak kiyala kiyanne
    therune na bnnn
     

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    එහි අදහස චතුරාර්ය සත්‍ය ධර්මය වේ. ඔබ එහි "ලෝකය" නැමති තැන් වලට "දුක" යන වචනය යොදා බැලුවහොත් එය සාමාන්‍ය චතුරාර්ය සත්‍යය දේශනය ලෙසින්ම අවබෝධ වේවි. නමුත් එහි ලෝකය සඳහා වෙනම අර්ථ විවරණයක් ඇත. ඔබට ගෝචර වන නොවන ලෝකය ලෙස සංඥාව හේතුවෙන් හදුන්වන සියල්ල දුකට මිස නිත්‍ය සැපයකට හේතු නොවන බැවින් ඒ සියල්ල ලෝකය ලෙස හෝ දුක ලෙස හැදින්විය හැක. ධර්මය වැටහෙන විට සියලු ලෝකයත්, ලෝකයේ සියල්ලත් උපදින්නේ පුද්ගල සන්තානයේ බව වැටහීමෙන් ලෝක නිරෝධයද ඇත්තේ පුද්ගල සන්තානයේම බව වැටහී යයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහි අදහස චතුරාර්ය සත්‍ය ධර්මය වේ. ඔබ එහි "ලෝකය" නැමති තැන් වලට "දුක" යන වචනය යොදා බැලුවහොත් එය සාමාන්‍ය චතුරාර්ය සත්‍යය දේශනය ලෙසින්ම අවබෝධ වේවි. නමුත් එහි ලෝකය සඳහා වෙනම අර්ථ විවරණයක් ඇත. ඔබට ගෝචර වන නොවන ලෝකය ලෙස සංඥාව හේතුවෙන් හදුන්වන සියල්ල දුකට මිස නිත්‍ය සැපයකට හේතු නොවන බැවින් ඒ සියල්ල ලෝකය ලෙස හෝ දුක ලෙස හැදින්විය හැක. ධර්මය වැටහෙන විට සියලු ලෝකයත්, ලෝකයේ සියල්ලත් උපදින්නේ පුද්ගල සන්තානයේ බව වැටහීමෙන් ලෝක නිරෝධයද ඇත්තේ පුද්ගල සන්තානයේම බව වැටහී යයි.
    Koenda bnmeka hambune??
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උපුටා ගැනීමක් නොවේ, පැහදිලි කිරීමක් පමණයි
    Supiri eka.oiyta wada sarala karanna barida??ගෝචර,සංඥාව,ලෝක නිරෝධයද kiyana wachana therenne na.gidak thanks meka thawa tikak sarala karapanki
    උපුටා ගැනීමක් නොවේ, පැහදිලි කිරීමක් පමණයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    මට තෙරෙන විදිහට සංශෝධන වලට යටත්ව මෙහෙමයි, මේ ක මගේ අදහස වැරදි නම් නිවරදි කරන්න

    උබට ඔය පංච ඉද්‍රියට ගෝචර වෙන

    අමුවෙන්ම කිව්වොත් උබට ෆීල් වෙන දේවල් ඇසට කනට දිවට නහයට ශරීරයට මනසට මේවා ඔක්කොම උබේ සිතේ පහල වෙන සිත්

    මේක ආතල් මේක චාටර් මේක තිත්තයි මේක බයයි මේක සතුටුයි කියල අඳුරගන්නේ උබේ මනසේ මීට කලින් පිහිටල තියෙන සංඥාවෙන්

    ඕක ඇත්තම එකක් කියල ඕකේ ආතල් එක්ක පස්සෙ දුවන එක තමයි ඉලුශන් එක. එහෙම එකක් නෑ ඒක අපේ හිතේ තියෙන කෙහෙල් මලක් ඇත්තටම එහෙම එකක් නෑ කියල අවබෝධ වෙච්ච ගමන් බාහිර ලෝකෙන් උබ නිදහස්

    එතනින් පස්සෙ උබට උබේ ආත්මේට පැවැත්මක් නෑ.. ඔක්කොම තියෙන්නෙ අපේ ඔලුව ඇතුලේ

    මට තෙරෙන විදිහට කීව්වේ... මෙතන වැරදි දෙයක් තියෙනවනම් මීට වඩා දැනුම් ඇත්තෝ මා නිවරදි කරත්වා....🙏
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔය වදන් ටික රේරුකාණේ හාමුදුරු වන්ගේ පොත් වල පිටිපස්සේ කවරේ සදහන් වෙනවා.

    මචං ලෝකය කියලා කියන්නේ උබ හිතින් මවාගෙන ඉන්න එකක් මිසක් සත්‍ය වශයෙන් තියෙන එකක් නෙමේ.
    උඹේ අම්මා තාත්තා වයිෆ් ගේ දොර ඉඩකඩම් දරුවෝ රස්සාව හැම දේම ඒ කියන්නේ උඹේ ලෝකේ ඇතිවෙන්නෙ නැති වෙන්නේ උඹේ අඩි 5- 6 ( බඹයක්) විතර ශරීරය ඇතුලේ (ඇස. කන.දිව.මනස etc)

    උඹ මේ තාක් කල් අවිද්‍යාව ( මෝඩ කම,හෙවත් නොදත් කම) ප්‍රහාණය නොකරපු නිසා තමා මේ දේවල් සත්‍ය වශේයන් තියෙනවා කියලා උඹට හිතෙන්නේ.
    ඕනෙම කෙනෙක් ගෙ ශරීරයක් ගත්තොත් naama- රූප දෙක පැවැත්මක් විතරයි. (සිත සහ කය)

    හිතපං උබ උඹේ කෙල්ල/ වයිෆ් ගැන ආශාවක් ඇති වෙලා sex කරනවා කියලා. ඒ වෙලාවේ උඹේ හිතේ තියෙන ක්ලේශ ධර්ම තමා ඇතිවෙලා නැති වෙන්නේ. බාහිර වස්තුවට ( වයිෆ් ) ට නෙමෙයි. මේක තනිකරම තමන්ගේ සිතුවිලි එක්ක කරන පොර බැද්දිලක්.

    බාහිර වස්තු කිසිම දේකට අපිට ආශාවක් ඇති කරන්න බැහැ ( උඹට එහෙම හිතුනත්)
    අපි ඇලෙන්නෙ බැඳෙන්නේ රාගයක් ඇති කරගන්නේ අපේ හිතින් අපීම ඇති කරගත් ක්ලේශ ධර්ම වලට ( සංසාරේ මෙතෙක් ප්‍රහාන නොකරපු)

    P.S. පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්ම පොත් දෙක කියවලා.
    පූජ්‍ය දන්කන්ද ධම්මරත්න හාමුදුරුවන්ගේ බණ අහන්න ( damruwana.org)

    එක පාර තේරෙන්නේ නෑ .. එකම බණ 3-4 පාරක් වත් අහන්න ඕනේ..
    උඹ මේ ආත්මේ ප්‍රඥයාව උපදවා ගත්තොත් සසර කෙටි වෙයි. නැත්නම් ඉතින් කවදාහරි කරන කන් සංසාරේ යන්න එපැයි.

    දංකන්දේ ධම්මරත්න හාමුදුරුවන්ගේ බනක තිබ්බ උදාහරණයක් දෙන්නම් හැබැයි තේරුම් යයිද දන්නේ නෑ.

    හාමුදුරුවෝ තරුණ කාලේ ගියාලු මිනියක් කපනවා බලන්න. ලස්සන තරුණ කෙල්ලෙක් ලු මැරිලා හිටියේ. ඉතින් මිනී කපන මිනිහා කෙල්ලගේ ඇඳුම් ටික ගැලෙව්වලු .. එතකොටම මෙච්චර භාවනා කරපු හාමුදුරුවන්ටත් කොහේදෝ ඉඳල රාග සිතක් ආවලු.
    එතකොටම අර මිනිහා මිනිය අනිත් පැත්ත ගැහුවලු.ඒ කෙල්ලට අසූචි ගිහින් තිබ්බලු මැරෙන කොට .. අර මනුස්සයා වතුර බාල්දියක් ගහුවලු ගූ ටික සේදෙන්න. හාමුදුරුවන්ගේ රාග සිත කොහේ ගියාද නෑලු. අන්න ඒ වගේ තමා සත්‍යය නොදකින තාක් කල් අපි සසර අතරමං.

    මේ පෝස්ට් එක එඩිට් කරන්න උනා සැරින් සරේ මතක් වෙන ඒව දාන්න.. මොකද බලන උන්ට තේරුම් ගන්න ලේසි වෙන්න.

    තව උදාහරනයක් .
    ඔන්න ධම්මරතන හාමුදුරුවෝ කොල්ලා කාලේ (ගිහි) බස් එකේ යනවලු හිටගෙන.
    ලස්සන තරුණ කෙල්ලෙක් ඇවිල්ල එහා පැත්තෙන් හිට ගත්තා ලු. ඔන්න ඉතින් ඒ කෙල්ලගේ අතක් මේ තරුණ කොල්ලගේ අතේ ගෑවෙනවා ලු. ඉතින් කොල්ලත් ආතල් එකේ යනවලු හරි සැප ලු. ඔහොම ඉතින් කිලෝ මිටර් ගානක් ගියාලු.. බහින්න ලන් වෙලා මේ කොල්ල බැලුවලු එහා පැත්තේ ඉන්න කෙල්ල දිහා . අනේ ඒ කෙල්ල නෙමේ ලු ඉන්නේ වයසක සිය කෙන්ක්ලු.. ඒත් කොල්ලා ආතල් එකේ හිතින්ම හිතාගෙන ඇවිල්ලා තියෙන්නේ මෙච්චර දුරක් තමන්ගේ අතේ ගැවෙන්නේ අර කෙල්ල කියලා. ඔන්න ඔහොමයි හැම දේටම හිතින් දෙන වටිනාකම අනුව තමා සැපක් කියලා යම් යම් දේවල් හිතාගෙන ඉන්නේ අපි. සියල්ල දුකයි බුදුන් වහන්සේ වදාළේ එහෙම.
     
    Last edited: