GEN. Fonseka vs LTC. Gotabhaya

මොකද හිතන්නෙ ? | What's your opinion?


  • Total voters
    20

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    I copied this from Facebook, it's quite interesting. This one is about psychological manipulation.

    ලංකාවෙ මිනිස්සු දේශපාලනික වශයෙන් කොයි තරම් හරක් ද කියන්න හොඳ දෙයක් මට කල්පනා උනා මේ ලඟදි. ඒ තමා 2010 ජනාධිපතිවරණය. අනවශ්‍ය වෙලාවක ෆොන්සේකා ජනාධිපති ඡන්දයට ආවාම මඩක් ගහගන්න වෙලාවක් තිබුනෙ නැහැ හරියට. ඉතින් "හෙළ බොදු" ඡන්ද ෆොන්සේකට යන එක වළකා ගන්න මිනිහාට ගහන්න ප්‍රධාන සටන් පාඨ කරගත්තෙ,

    මූ හමුදාවෙ මිනිහෙක්,
    මේ වගේ දැඩි තීන්දු තීරණ ගන්න මිනිහෙක්
    මූ එක්ක නිදහසක් නැහැ

    මූ ඇවිත් අඬුවකින් වගේ රට පාලනය කරයි හමුදා පාලනයක් බිහි වෙයි කියලා.
    මේ භීතිය කොච්චර සමාජගත කළා ද කියනවා නම් සමහරු කතා උනා උදේට මිනිස්සුන්ව පීටී කරවයිවයි වගේ අමු බොලඳ කතා. කොච්චර කැත විදිහට මේ කැම්පේන් එක කළාද කියනවා නම් පවුලේ රූපවාහිනී නාළිකාව කියාගන්න ITN එකේ ඉඩි අමීන්ගේ ෆිල්ම් පෙන්නුවා, එක සීන් එකක ඉඩිඅමීන් රේස් එකකට යනව. මිනිහා එතැන ඉන්න ලස්සන කෙල්ලෙක් දැකලා වාහෙන්ට නග්ගා ගන්නවා රේස් ඒක යන්න කලින්. පස්සේ සීන් ඒකට පස්සෙ පෙන්වනවා පාරක් අයිනේ අර වාහනේ රිද්මෙට උඩ පහල යන හැටි!!! ඔන්න ඉතින් දූ දරුවො ඉන්න අම්මලා තාත්තලාට ඔහොම මතවාද වපුරලා ඡන්දෙ දින්නා.

    දැන් අපි ෆාස්ට්ෆෝට්වර්ඩ් කරමු අවුරුදු 10ක් ඉස්සරහට... එදා ෆොන්සේකා එපා කියූ පිරිස මේ තමාගේ අපේක්ෂකතුමාට ඡන්දය දිය යුතුයි කියලා කියන්න පාවිච්චි කළ තර්ක ටික ගමු.

    අපේ අපේක්ෂකතුමා,
    හමුදාවෙ මිනිහෙක්,
    මේ වගේ දැඩි තීන්දු තීරණ ගන්න මිනිහෙක් ඔනෙ රට හදන්න.
    බම්බුවෙ නිදහස, ඔයවා එක්ක අපේ රටේ මිනිස්සු හදන්න බෑ.
    දැඩි තීන්දු අරන් රට පාලනය කරන්න ඔනෙ රට හදන්න නම් කියලා...

    එදා ඔය ටිකම කරයි කියලා බය කරලා ෆොන්සේකාට ඡන්දය නොදුන් "හෙළ බොදු" පිරිස අවුරුදු දහයකට පස්සේ,එම දේම තමා රට ගොඩ ගන්න අවශ්‍ය කියලා දේශපාලනඥයො කියාපු රස කතාවලට එහෙයි කියලා දීලා නායකයෙක් පත් කරගත්තා.

    ඔන්න ඔය දේ නිසා ලංකාව මෙතැන තියෙන්නෙ. විචාර බුද්ධියක් නැහැ. අපේ ගොන් හරක් කැමති විදිහකට අන්දවන්න පුලුවන්. පුතානෝ ගැන නෙවේ කියන්නෙ. පුතානෝත් එකම කාසියෙ අනෙක් පැත්ත. මම කියන්නේ දේශපාලන අඳබාලකම..
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඒ දවස්වල බයියෝ ෆොන්සේකාව සමාන කලේ ගෙදර ආරක්ෂාවට හදන බල්ලෙක්ට. මුරට ඉන්න බල්ලාව ගෘහ මූලිකයා කරනවාද ඇහුවා.
    ඒත් අනිතිමට ඒ බයියන්ගේ ගැලවුම්කාරයා වුණේ බුරන්න දන්නෙත් නැති කාලයක් වෙන ඉඩමක හිටිය බල්ලෙක්. දැන් ඌව ගෙනත් ගෘහ මූලිකයා කරගෙන. හොරු ඇවිල්ලා ගෙදර ඒවා අරන් යද්දි ඌ වලිගේ වනනවා. ගෙදර මිනිස්සුන්ට බුරනවා. තව ටික දවසකින් ගෙදර එකෙක් දෙන්නෙක්ව හපා කයි
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඒ දවස්වල බයියෝ ෆොන්සේකාව සමාන කලේ ගෙදර ආරක්ෂාවට හදන බල්ලෙක්ට. මුරට ඉන්න බල්ලාව ගෘහ මූලිකයා කරනවාද ඇහුවා.
    ඒත් අනිතිමට ඒ බයියන්ගේ ගැලවුම්කාරයා වුණේ බුරන්න දන්නෙත් නැති කාලයක් වෙන ඉඩමක හිටිය බල්ලෙක්. දැන් ඌව ගෙනත් ගෘහ මූලිකයා කරගෙන. හොරු ඇවිල්ලා ගෙදර ඒවා අරන් යද්දි ඌ වලිගේ වනනවා. ගෙදර මිනිස්සුන්ට බුරනවා. තව ටික දවසකින් ගෙදර එකෙක් දෙන්නෙක්ව හපා කයි

    patta comment ekak
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,736
    48,993
    113
    සේදවත්ත
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    මේක සම්පූර්ණ ඇත්ත. වෙන එකක් ඕනෙ නෑ අපේ නෑ කෙනෙක් කියපු කතා මේ. ඡන්ද දෙකකදිත් නෙමෙ එකකදි.

    රනිල් කියන්නෙ ඇමරිකන් ගැතියෙක්.
    ඇමරිකාවේ සිස්ටම් ලංකාවට හරියන්නේ නෑ.
    ඕකුන් ආපුවාම ගමේ දුප්පත් මිනිහා අන්ත අසරණයි.
    පුතාණෝ දින්නත් අගමැති වෙන්නෙ රනිල්නෙ.
    අන්තිමට සිංහලයට කියලා තියෙන එකම රට ඒකත් ඇමරිකාවට විකුණයි.


    ඊට ටික දවසකට පස්සෙ.

    බලන්නකො මේ මිනිස්සු අපේ සර්ට ගහන මඩ. මුන්ට කියන්න දෙයක් නැති උනාම. මම ඇහුවා මොකද කියලා.
    මුං කියනවානෙ සර් ඇමරිකන් කාරයෙක් කියලා.
    ඇමරිකන් විදිහට රට පාලනය කරයිලු.
    ඉතින් කොච්චර හොඳද? ලංකාවෙ ක්‍රමේට කරලා මේක එක තැන පල් වෙවී තියෙන්න ඕනෙ නෑනෙ.
    රටට හොඳක් වෙනවට කැමති නැති සක්කිලි හැත්ත.

    තව එවුන් ටිකක් ඉන්නවා දෙරණ හිරු බලන. අම්මෝ කියලා වැඳගෙන ඉන්නෙ.

    හොරා හොරා කියද්දි කියනවා මිනිස්සුන්ගෙ මඩලු. ඊටපස්සෙ ඔප්පු වෙන තරමට කේස් ආපුවාම කියනවා ඒ මනුස්සයා තමුන්ගේ පවුලට නැතුව කාට කරන්නද?

    හොම්බට දෙන්න හිතෙන්නෙ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    fonseka dinna nam ekko hadala nattan makala me weddi

    lankawe unge gon kama tamai
    ෆොන්සේකා නීතිය හා සාමය ඇමතිකම අච්චර ඉල්ලද්දිත් මුං දුන්නේ නෑනෙ.
     
    • Like
    Reactions: The Chairman

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,911
    12,247
    113
    Behind u :p
    ෆොන්සේකා නීතිය හා සාමය ඇමතිකම අච්චර ඉල්ලද්දිත් මුං දුන්නේ නෑනෙ.
    ranil pons baya una fonseka mahindata arii kiyala
    paradila yaddi ranil wa gennala kiwweth fonsekata arinna denna epa kiyala
     
    • Sad
    Reactions: Honda.putha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    යුද්දෙට යනවද නැද්ද කියලා මහින්ද වැනි වැනි හිටපු කාලේදි, යුද්දෙ නොකල යුත්තේ ඇයි? යුද්දයක් කරොත් ඒකෙන් දෙපැත්තෙම මිනිස්සු මැරෙන හැටි, රටේ සල්ලි නාස්ති වෙන හැටි, රට ආපස්සට යන හැටි කියලා දුන්න යාළුවො නෑදෑයෝ පිරිසක් හිටියා. කොහොම හරි රට යුද්දෙට තල්ලු වෙලා ගියාම දෙමළ පලාත්වල නම් කිය කිය ඊලඟට මෙහෙන් යයි, ඊයේ රෑ අර ටික ඇල්ලුවා. අරෙහෙ අල්ලන්න තව චුට්ටයි. ඔන්න ඉය වගේ කතා උන් කියනකොට මම ඇස් දෙක ලොකු කරන් උන්ගෙ කටවල් දිහා බලන් හිටිය මුන් කොහොම ඉඳපු එවුන්ද කියලා. ඊට පස්සෙ 2010දි ෆොන්සේකා ඡන්දෙට ආපු වෙලාවෙ අරුන් ටික කිව්වෙත් මේ කතා ටික තමයි. ඔතන තියෙන දේවල් වලට අමතරව තව ලස්සනම දෙයක් කිව්වා, ඒ තමා ෆොන්සේකා ආවොත් රට හමුදාපාලනේකට අරන් ගිහින් ආමි කෑම්ප් හැම ගමකම හදාවි හැම පවුල් 10ක් 20ක් අතරකටම හමුදා පවුලක් පදිංචි කරවාවි වගේ කතා. උන් ඒවා කියනකොට මම මුකුත් නොකිය කට වහන් ඉඳලා 2005 පුරුද්දටම 2010දිත් මහින්දටම කතිරෙ ගහලා ආවා.

    2011-2012 වෙනකොට මහින්දගේ පාලනේ වංචා දූශන හම්බයන්ට පුප දීම වගේ කරුනු මත ආණ්ඩුව වැරදි පාරේ යනවා, වහාම ගෙදර යවන්න ඕනේ කියලා අරුන් ටික කියන්න ගත්තා. සමහරු බොබසෙ වගේ ඒවත් එක්ක බරටම වැඩ කරා. ඔය වෙනකොට මටත් ඒක තදින්ම දැනිලා තිබුනෙ. කොහොම හරි 2014 මෛත්‍රී එලියට බහිනවත් එක්කම අරුන්ට කිරි එරිලා ආයෙත් මහින්ද හොඳයි කියන්න ගත්තා. මහින්ද පැරදුනට පස්සෙ ගෝටව බලේට ගේන්න ඕනෙ. හමුදා පාලනයක් ඕනේ කතා ටික කියන්න ගත්තෙත් ෆොන්සේකා ආවොත් හමුදා පාලනේ අහිතකර විපාක කියලා දුන්න පිරිසම තමයි. උන අද පාස්පෝර්ට් පෝලිම්වල. ලින්ක් එවනවා එක එක රටවල් වලට යන්න. එකෙක්ගෙන් කතා කරලා ඇහුවම මොකක්ද මේ කියලා. එතකොට කිව්වා, නෑ ඉතින් උබටත් එව්වෙ අපි තනියම රට ගියා කියලා අපි කවද හරි කියයි කියලා හිතුන නිසාලු.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    මට මතකයි 2014 ජන්දෙ කාලෙදි ආමි කාරයො මේ රටට ඕන නෑ, ආවොත් ඉඩි අමීන් වගේ වෙනවා කිය කිය කිය ජරාමාද්ය වලින් ෆිල්ම් පෙන්න පෙන්න විකාරයක් නැටුව. 2019 ඔන්න ආමි කාරයා හොද උනා.
     
    • Like
    Reactions: xVOLDYx

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,736
    48,993
    113
    සේදවත්ත
    ඔක්කටම හේතුව නිවට ජාතියක් ඉන්න එක. නිවට කම ඉතිහාසගත එකක් සුද්දා එන්න කලින් ඉදලා රාජාන්ඩු වලින් ආව පීඩිත බලපෑමෙන් හැදුන එකක් .
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    z_p07-Army1.jpg