I copied this from Facebook, it's quite interesting. This one is about psychological manipulation.
ලංකාවෙ මිනිස්සු දේශපාලනික වශයෙන් කොයි තරම් හරක් ද කියන්න හොඳ දෙයක් මට කල්පනා උනා මේ ලඟදි. ඒ තමා 2010 ජනාධිපතිවරණය. අනවශ්‍ය වෙලාවක ෆොන්සේකා ජනාධිපති ඡන්දයට ආවාම මඩක් ගහගන්න වෙලාවක් තිබුනෙ නැහැ හරියට. ඉතින් "හෙළ බොදු" ඡන්ද ෆොන්සේකට යන එක වළකා ගන්න මිනිහාට ගහන්න ප්‍රධාන සටන් පාඨ කරගත්තෙ,
මූ හමුදාවෙ මිනිහෙක්,
මේ වගේ දැඩි තීන්දු තීරණ ගන්න මිනිහෙක්
මූ එක්ක නිදහසක් නැහැ
මූ ඇවිත් අඬුවකින් වගේ රට පාලනය කරයි හමුදා පාලනයක් බිහි වෙයි කියලා.
මේ භීතිය කොච්චර සමාජගත කළා ද කියනවා නම් සමහරු කතා උනා උදේට මිනිස්සුන්ව පීටී කරවයිවයි වගේ අමු බොලඳ කතා. කොච්චර කැත විදිහට මේ කැම්පේන් එක කළාද කියනවා නම් පවුලේ රූපවාහිනී නාළිකාව කියාගන්න ITN එකේ ඉඩි අමීන්ගේ ෆිල්ම් පෙන්නුවා, එක සීන් එකක ඉඩිඅමීන් රේස් එකකට යනව. මිනිහා එතැන ඉන්න ලස්සන කෙල්ලෙක් දැකලා වාහෙන්ට නග්ගා ගන්නවා රේස් ඒක යන්න කලින්. පස්සේ සීන් ඒකට පස්සෙ පෙන්වනවා පාරක් අයිනේ අර වාහනේ රිද්මෙට උඩ පහල යන හැටි!!! ඔන්න ඉතින් දූ දරුවො ඉන්න අම්මලා තාත්තලාට ඔහොම මතවාද වපුරලා ඡන්දෙ දින්නා.
දැන් අපි ෆාස්ට්ෆෝට්වර්ඩ් කරමු අවුරුදු 10ක් ඉස්සරහට... එදා ෆොන්සේකා එපා කියූ පිරිස මේ තමාගේ අපේක්ෂකතුමාට ඡන්දය දිය යුතුයි කියලා කියන්න පාවිච්චි කළ තර්ක ටික ගමු.
අපේ අපේක්ෂකතුමා,
හමුදාවෙ මිනිහෙක්,
මේ වගේ දැඩි තීන්දු තීරණ ගන්න මිනිහෙක් ඔනෙ රට හදන්න.
බම්බුවෙ නිදහස, ඔයවා එක්ක අපේ රටේ මිනිස්සු හදන්න බෑ.
දැඩි තීන්දු අරන් රට පාලනය කරන්න ඔනෙ රට හදන්න නම් කියලා...
එදා ඔය ටිකම කරයි කියලා බය කරලා ෆොන්සේකාට ඡන්දය නොදුන් "හෙළ බොදු" පිරිස අවුරුදු දහයකට පස්සේ,එම දේම තමා රට ගොඩ ගන්න අවශ්‍ය කියලා දේශපාලනඥයො කියාපු රස කතාවලට එහෙයි කියලා දීලා නායකයෙක් පත් කරගත්තා.
ඔන්න ඔය දේ නිසා ලංකාව මෙතැන තියෙන්නෙ. විචාර බුද්ධියක් නැහැ. අපේ ගොන් හරක් කැමති විදිහකට අන්දවන්න පුලුවන්. පුතානෝ ගැන නෙවේ කියන්නෙ. පුතානෝත් එකම කාසියෙ අනෙක් පැත්ත. මම කියන්නේ දේශපාලන අඳබාලකම..