අභිධර්මය

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නවුන්ට බොහෝ දෑ ඇතත් සරල උපුටා ගැනීමක්-

    "සුත්‍ර පිටකය වනාහි වෛද්‍යවරයකු විසින් රෝගීන් පරීක්ෂාකර ඒ ඒ රෝගියා උදෙසා ලියන ලද බෙහෙත් වට්ටෝරු සමුහයක් වැනිය.එසේ ලියූ බෙහෙත් වට්ටෝරු දහස් ගණනක් කියවීමෙන් වුවද කෙනෙකුට වෛද්‍යවරයකු නොවිය හැකිය. එමෙන් සූත්‍ර කෙතෙක් උගත ද එයින් බුදු දහම, "බෞද්ධ දර්ශනය" නිරවුල් ලෙස දත් නියම ධර්ම ධරයකු, ධර්ම කථිකයකු වීමට නම් අභිධර්ම පිටකය උගත යුතු මය. අභිධර්මය නූගත් ධර්ම කථිකයාට නොයෙක් විට කරුණු වරදින්නේය. එබැවින් මහා ගෝසිංග සූත්‍ර අටුවාවෙහි විස්තර දක්වා ඇත්තේ ය."
    - රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ
    රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ වත්
    නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ වත්
    කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ වත්
    වෙනත් එකී මෙකි නොකී සියලු ස්වාමින් වහන්සේලා වත්

    කියන කිසිම දෙයක් අදාළ නෑ බුදු රජාණන් වහන්සේ දේශනා කළා යැයි සැලකෙන ත්‍රිපිටකයේ සඳහන් වන ධර්මය විතරයි වැදගත්! ඒ ධර්මය හැරෙන්න වෙනත් කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් වැඩක් නෑ...

    දැන් ඔතනම බලන්න ඔය ඔගොලන්ගේ හැටි මම දැකල තියන.. උදාහරණයක් ගත්තත් ගන්නේ කවුරු හරි කොහේ හරි හාමුදුරුනමක් කියපු එකක් ඇරෙන්න බුද්ධ දේශනාවෙන් නෙවේ! ඕගොල්ලෝ නිකන් හැසිරෙන්න වෙනම ආගමක් අදහනවා වගේ! බුදු රජාණන් වහන්සේ ගැන සඳහනක් වත් නෑ!
     

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ වත්
    නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ වත්
    කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ වත්
    වෙනත් එකී මෙකි නොකී සියලු ස්වාමින් වහන්සේලා වත්

    කියන කිසිම දෙයක් අදාළ නෑ බුදු රජාණන් වහන්සේ දේශනා කළා යැයි සැලකෙන ත්‍රිපිටකයේ සඳහන් වන ධර්මය විතරයි වැදගත්! ඒ ධර්මය හැරෙන්න වෙනත් කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් වැඩක් නෑ...

    දැන් ඔතනම බලන්න ඔය ඔගොලන්ගේ හැටි මම දැකල තියන.. උදාහරණයක් ගත්තත් ගන්නේ කවුරු හරි කොහේ හරි හාමුදුරුනමක් කියපු එකක් ඇරෙන්න බුද්ධ දේශනාවෙන් නෙවේ! ඕගොල්ලෝ නිකන් හැසිරෙන්න වෙනම ආගමක් අදහනවා වගේ! බුදු රජාණන් වහන්සේ ගැන සඳහනක් වත් නෑ!
    ත්‍රි(3)පිටකය යනු විනය පිටකයත්,සූත්‍ර පිටකයත්,අභිධර්ම පිටකයත් යන තුන් පිටකයම බව සිහි තබාගන්න.
    මහා ගෝසිංග සූත්‍රයේ අභිධර්ම දැනුමැති භික්ෂුව වර්ණනාව විස්තර වශයෙන් දක්වා ඇත. එම නිසා අප හදාරන්නෙ නිවරදි බුදු දහම විනා අන් දහමක් නොවේ. රේරුකානේ ස්වාමීන් වහන්සේගේ උපුටා ගැනීම ඔබට නොව උන්වහන්සේ විවාදයකින් තොරව පිළිගන්නා අන් සැමටම ආලෝකය පිණිසම වේ
     
    • Like
    Reactions: visalbro

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,316
    7,209
    113
    ඔය වදන් ටික රේරුකාණේ හාමුදුරු වන්ගේ පොත් වල පිටිපස්සේ කවරේ සදහන් වෙනවා.

    මචං ලෝකය කියලා කියන්නේ උබ හිතින් මවාගෙන ඉන්න එකක් මිසක් සත්‍ය වශයෙන් තියෙන එකක් නෙමේ.
    උඹේ අම්මා තාත්තා වයිෆ් ගේ දොර ඉඩකඩම් දරුවෝ රස්සාව හැම දේම ඒ කියන්නේ උඹේ ලෝකේ ඇතිවෙන්නෙ නැති වෙන්නේ උඹේ අඩි 5- 6 ( බඹයක්) විතර ශරීරය ඇතුලේ (ඇස. කන.දිව.මනස etc)

    උඹ මේ තාක් කල් අවිද්‍යාව ( මෝඩ කම,හෙවත් නොදත් කම) ප්‍රහාණය නොකරපු නිසා තමා මේ දේවල් සත්‍ය වශේයන් තියෙනවා කියලා උඹට හිතෙන්නේ.
    ඕනෙම කෙනෙක් ගෙ ශරීරයක් ගත්තොත් naama- රූප දෙක පැවැත්මක් විතරයි. (සිත සහ කය)

    හිතපං උබ උඹේ කෙල්ල/ වයිෆ් ගැන ආශාවක් ඇති වෙලා sex කරනවා කියලා. ඒ වෙලාවේ උඹේ හිතේ තියෙන ක්ලේශ ධර්ම තමා ඇතිවෙලා නැති වෙන්නේ. බාහිර වස්තුවට ( වයිෆ් ) ට නෙමෙයි. මේක තනිකරම තමන්ගේ සිතුවිලි එක්ක කරන පොර බැද්දිලක්.

    බාහිර වස්තු කිසිම දේකට අපිට ආශාවක් ඇති කරන්න බැහැ ( උඹට එහෙම හිතුනත්)
    අපි ඇලෙන්නෙ බැඳෙන්නේ රාගයක් ඇති කරගන්නේ අපේ හිතින් අපීම ඇති කරගත් ක්ලේශ ධර්ම වලට ( සංසාරේ මෙතෙක් ප්‍රහාන නොකරපු)

    P.S. පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්ම පොත් දෙක කියවලා.
    පූජ්‍ය දන්කන්ද ධම්මරත්න හාමුදුරුවන්ගේ බණ අහන්න ( damruwana.org)

    එක පාර තේරෙන්නේ නෑ .. එකම බණ 3-4 පාරක් වත් අහන්න ඕනේ..
    උඹ මේ ආත්මේ ප්‍රඥයාව උපදවා ගත්තොත් සසර කෙටි වෙයි. නැත්නම් ඉතින් කවදාහරි කරන කන් සංසාරේ යන්න එපැයි.

    දංකන්දේ ධම්මරත්න හාමුදුරුවන්ගේ බනක තිබ්බ උදාහරණයක් දෙන්නම් හැබැයි තේරුම් යයිද දන්නේ නෑ.

    හාමුදුරුවෝ තරුණ කාලේ ගියාලු මිනියක් කපනවා බලන්න. ලස්සන තරුණ කෙල්ලෙක් ලු මැරිලා හිටියේ. ඉතින් මිනී කපන මිනිහා කෙල්ලගේ ඇඳුම් ටික ගැලෙව්වලු .. එතකොටම මෙච්චර භාවනා කරපු හාමුදුරුවන්ටත් කොහේදෝ ඉඳල රාග සිතක් ආවලු.
    එතකොටම අර මිනිහා මිනිය අනිත් පැත්ත ගැහුවලු.ඒ කෙල්ලට අසූචි ගිහින් තිබ්බලු මැරෙන කොට .. අර මනුස්සයා වතුර බාල්දියක් ගහුවලු ගූ ටික හැදෙන්න. හාමුදුරුවන්ගේ රාග සිත කොහේ ගියාද නෑලු. අන්න ඒ වගේ තමා සත්‍යය නොදකින තාක් කල් අපි සසර අතරමං.

    මේ පෝස්ට් එක එඩිට් කරන්න උනා සැරින් සරේ මතක් වෙන ඒව දාන්න.. මොකද බලන උන්ට තේරුම් ගන්න ලේසි වෙන්න.

    තව උදාහරනයක් .
    ඔන්න ධම්මරතන හාමුදුරුවෝ කොල්ලා කාලේ (ගිහි) බස් එකේ යනවලු හිටගෙන.
    ලස්සන තරුණ කෙල්ලෙක් ඇවිල්ල එහා පැත්තෙන් හිට ගත්තා ලු. ඔන්න ඉතින් ඒ කෙල්ලගේ අතක් මේ තරුණ කොල්ලගේ අතේ ගෑවෙනවා ලු. ඉතින් කොල්ලත් ආතල් එකේ යනවලු හරි සැප ලු. ඔහොම ඉතින් කිලෝ මිටර් ගානක් ගියාලු.. බහින්න ලන් වෙලා මේ කොල්ල බැලුවලු එහා පැත්තේ ඉන්න කෙල්ල දිහා . අනේ ඒ කෙල්ල නෙමේ ලු ඉන්නේ වයසක සිය කෙන්ක්ලු.. ඒත් කොල්ලා ආතල් එකේ හිතින්ම හිතාගෙන ඇවිල්ලා තියෙන්නේ මෙච්චර දුරක් තමන්ගේ අතේ ගැවෙන්නේ අර කෙල්ල කියලා. ඔන්න ඔහොමයි හැම දේටම හිතින් දෙන වටිනාකම අනුව තමා සැපක් කියලා යම් යම් දේවල් හිතාගෙන ඉන්නේ අපි. සියල්ල දුකයි බුදුන් වහන්සේ වදාළේ එහෙම.
    no further explanation need
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කට්ටිය විවිධ පිලිතුරු දීලා තියනවා. බොහොමයක් පිලිතුරුවල යම් යම් කාරණා සඳහන් වෙලා තියනව. නමුත් සූත්‍රපාඨ පෙන්වලා පැහැදිලිවෙන ආකාරයේ පිලිතුරක් නැති නිසා රිප්ලයි එකක් ලියන්න හිතුනා.

    මුලින්ම අපි OP එකේ තියන පාඨ අර්ථය තියන තැනක් සූත්‍ර පිටකයේ හොයාගන්න ඕනෙ කන්ටෙක්ස්ට් එක ගැන තේරුම් ගන්න. මොකද මේක බොහොම ගැඹුරු සූත්‍ර පාඨයක්. මුලු තථාගත ධර්මයම කැටි කරලා පෙන්වපු අවස්ථාවක් වගේ. ඉතිං මේ සඳහා අපිට රෝහිතස්ස සූත්‍රය ගන්න පුලුවන්.
    https://suttacentral.net/an4.45/si/zoysa

    දැං කන්ටෙක්ස්ට් එක තේරුම්ගමු;

    රෝහිතස්ස කියන්නෙ ඒ කාලයේ ලෝකායතවාදියෙක්. ඒ කියන්නෙ අදකාලේ වචනයෙන් කියනවානම් භෞතිකවාදියෙක්(Materialist). මෙයා හිතන් ඉඳලා තියනවා ලෝකයේ කෙලවර "භෞතිකව ගමන් කරලා" ලඟා වෙන්න පුලුවන් තැනක් කියලා. එහෙම ගමන් කරලා අන්තිමට අවසානයක් නොලබාම මියගිය කෙනෙක්. ඉතිං ඔන්න ඔය අත්දැකීම එක්කයි රෝහිතස්ස බුදුරදුන් හමුවට එන්නෙ.

    ඇවිත් අහනවා කොහොමද ලෝකය කෙලවර කරන්නෙ කොහොමද මරණය අභිබවන්නෙ, කොහොමද මෙතනට ගමනින් පැමිනෙන්නෙ කියලා. තථාගතයන් පිලිතුරු දෙනවා නෑ රෝහිතස්ස එහෙම ගමනින් යන්න බෑ මෙතනට කියලා. මේකට රෝහිතස්ස සතුටු වෙනවා. මොකද එයාගෙ පසුකාලීන අත්දැකීමට සැසඳෙන නිසා.

    පසුව තථාගතයන් දේශනා කරනවා, නමුත් රෝහිතස්ස ලෝකයේ කෙලවරට නොපැමිණ මරණය අභිබවන්නත් බෑ කියලා. මහ පුදුම ප්‍රකාශයක් ඒක. ගමනින් යන්නත් බෑලු ලෝකයේ කෙලවරට, නමුත් "මරණය කෙලවර කරන්න" (රහත්බවට/ධර්මාවබෝධයට සමාන පදයක් ලෙසට ගන්න) ලෝකයේ කෙලවරට නොගිහිනුත් බැහැලු.

    බැලූබැල්මට පෙහෙලිකාවක් වගේ නේ? ඇයි බුදුරදුන් එහෙම කියන්න ඇත්තෙ? ඕකට හේතුව තමා තථාගතයන්ගේ ධර්මයේ ලෝකය එකක් සහ රෝහිතස්සගෙ භෞතික චින්තනයේ ලෝකය තව එකක් වීම. මේක අපිට පැහැදිලි වෙනවා සමිද්ධි සූත්‍රයෙන්.
    https://suttacentral.net/sn35.68/si/zoysa


    මා විසින් මෙසේ .....සමිද්‍ධි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

    ’’ස්වාමීනි, ’ලෝකය, ලෝකය’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ වන්නේද?’’

    ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛු විඥානය ඇත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.

    දැන් ඔතනට අනෙකුත් සලායතන පහ සලක ගන්න. එතකොට අපිට ඒත්තු යන කාරණය තමා තථාගතයන් ලෝකය පනවන්නෙ සලායතන ආශ්‍රයෙන් බව. සළායතන ආශ්‍රයෙන් ලබාගන්න නිමිති ඔස්සේ ප්‍රපංච තැනීම තුලින්ම ලෝකය හටගන්නා බවයි තථාගතයන් ප්‍රකාශ කරන්නෙ. එහිදී උන්වහන්සේ බාහිර භෞතික ලෝකයක් ප්‍රතික්ශේප කිරීමක් වත් සහතික කිරීමක් වත් කරන්නෑ. ඒ කියන්නෙ උන්වහන්සේ භෞතිකවාදයක්වත් විඥ්ඥාණවාදයක්වත් අනුමත කරන්නෑ. හුදු සලායතන ක්‍රියාකාරිත්වයෙන් මේ සිද්ධිධාමය සිදුවෙන බව තමා ප්‍රකාශ කරන්නෙ. (මම හිතනවා මේක තමා ඔයාට තියන ලොකුම ගැටළුව කියලා)


    මේ කාරණයට ලෝකසූත්‍රයත් සාක්ෂි දරනවා.
    ලෝක සූත්‍රයට අනුව,

    මහණෙනි, ලෝකයේ ඇතිවීම කවරේද? ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මහණෙනි, මෙය වනාහි ලෝකයේ ඇතිවීමයි.
    https://suttacentral.net/sn2.26/si/zoysa

    දැන් ඔයා දාපු සූත්‍ර කොටසෙ මුල එකට පිලිතුර ලැබුනා යැයි හිතනවා. ඊලඟට ලෝකය හටගැනීමට හේතුව විදිහට අවිද්‍යාව ගෙනහැර පාන්න පුලුවන් ආර්ය ශ්‍රාවක සූත්‍රය සම්බන්ධ කරගෙන.

    මහණෙනි, ඉක්බිති ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාහට ස්වකීය ඤාණය මෙහිදී ඇතිවෙයි. (කෙසේද?) මේ අවිජ්ජාව නැති කල සංස්කාරයෝ ඇති නොවෙත්. මේ සංස්කාර නැති කල මේ විඤ්ඤාණය ඇති නොවේ. විඤ්ඤාණය නැති කල නාම රූප ඇති නොවේ. නාමරූප නැති කල සළායතන ඇති නොවේ. සළායතන ඇති නොවීමෙන් ස්පර්ශය ඇති නොවේ. ස්පර්ශය ඇති නොවීමෙන් වේදනාව ඇති නොවේ. වේදනාව ඇති නොවීමෙන් තණ්හාව ඇති නොවේ. තණ්හාව ඇති නොවීමෙන් උපාදානය ඇති නොවේ. උපාදනය ඇති නොවීමෙන් භවය ඇති නොවේ. භවය ඇති නොවීමෙන් ජාතිය ඇති නොවේ. ජාතිය නැති කල ජරාමරණය ඇති නොවේය කියායි. මෙසේ මේ ලෝකය නැතිවේයයි ඒ ආර්යශ්‍රාවක තෙම මෙසේ දැන, ගනියි.
    https://suttacentral.net/sn12.49/si/zoysa

    මේ අනුව, අවිද්‍යාව නිසා තමා ලෝකය ලෝකයක් වෙන්නෙ. අවිද්‍යාව නැති විට තවදුරටත් ලෝකය ලෝකයක් විදිහට සලකන්නෑ ඒ රහතන් වහන්සේලා.

    ලෝක නිරෝධපටිපදාව ගැන මම කතාකරන්න යන්නෑ මොකද අපිට ඒක සරලව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්න පුලුවන්. නමුත් සවිස්තරව සළායතන නිරෝධය සහිත ඔය සූත්‍රයේ රසම අර්ථවිවරණය තියෙන්නෙ මෙතන. ඒක එක පෝස්ට් එකකින් දාන්න අමාරුයි. කියවන්න කැමතිනම් කියන්න පොත පත වල නම් සඳහන් කරන්න පුලුවන්.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    .......................
    ඕනෙම කෙනෙක් ගෙ ශරීරයක් ගත්තොත් naama- රූප දෙක පැවැත්මක් විතරයි. (සිත සහ කය)
    ......................

    බුද්ධ දේශනාවෙ සඳහන් වෙන්නෙ නාම-රූප යනු සිත-කය කියලා නෙවේ.

    රූප- පඨවි,ආපෝ,තේජෝ,වායෝ සහ ඒවායෙන් හටගත් දේ.

    නාම- වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර

    සංයුත්ත නිකාය > නිදාන වග්ගෝ > 1.1.2. විභංග සුත්තං (පටිච්චසමුප්පාදය විග්‍රහ කොට වදාළ දෙසුම)


    සාවත්‌ථියං….

    සැවැත් නුවරදී….

    පටිච්‌චසමුප්‌පාදං වෝ භික්ඛවේ දේසිස්සාමි. විභජිස්‌සාමි. තං සුණාථ. සාධුකං මනසිකරෝථ. භාසිස්‌සාමී ති. ඒවං භන්තේ ති ඛෝ තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

    “පින්වත් මහණෙනි, මා ඔබට පටිච්චසමුප්පාදය ගැන කියා දෙන්නම්. විස්තර වශයෙන් කියා දෙන්නම්. එය හොඳින් අහගන්න ඕන. ඒ ගැන නුවණින් මෙනෙහි කරන්න ඕන. මං කියා දෙන්නම්.”
    “එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනය වදාළා.


    කතමෝ ච භික්ඛවේ පටිච්‌චසමුප්‌පාදෝ? අවිජ්‌ජාපච්‌චයා භික්ඛවේ සංඛාරා සංඛාරපච්‌චයා විඤ්‌ඤාණං විඤ්‌ඤාණපච්‌චයා නාමරූපං නාමරූපපච්‌චයා සළායතනං සළායතනපච්‌චයා ඵස්සෝ ඵස්‌සපච්‌චයා වේදනා වේදනාපච්‌චයා තණ්‌හා තණ්‌හාපච්‌චයා උපාදානං උපාදානපච්‌චයා භවෝ භවපච්‌චයා ජාති ජාතිපච්‌චයා ජරාමරණං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සූපායාසා සම්‌භවන්‌ති. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

    පින්වත් මහණෙනි, පටිච්චසමුප්පාදය කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතු කරගෙන නාම රූප ඇතිවෙනවා. නාමරූප හේතු කරගෙන ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කරගෙන ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇතිවෙනවා. විඳීම හේතු කරගෙන තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කරගෙන බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කරගෙන විපාක පිණිස කර්ම සකස් වෙනවා. කර්ම සකස් වීම (භවය) හේතු කරගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කරගෙන ජරා-මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදිය හටගන්නවා. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. පින්වත් මහණෙනි, මේකට තමයි පටිච්චසමුප්පාදය කියල කියන්නේ.

    කතමඤ්‌ච භික්ඛවේ ජරාමරණං? යා තේසං තේසං සත්‌තානං තම්‌හි තම්‌හි සත්‌තනිකායේ ජරා ජීරණතා ඛණ්‌ඩිච්‌චං පාලිච්‌චං වලිත්‌තචතා ආයුනෝ සංහානි ඉන්‌ද්‍රියානං පරිපාකෝ අයං වුච්‌චති ජරා.

    පින්වත් මහණෙනි, ජරාමරණ කියල කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවට පත්වීමක්, මහළු වී යාමක්, දත් වැටීමක්, කෙස් ඉදීමක්, ඇඟ පත රැළි වැටී යාමක්, ආයුෂ පිරිහී යාමක්, ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇද්ද, මේකට තමයි පින්වත් මහණෙනි, ජරාව කියන්නේ.

    කතමඤ්ච භික්ඛවේ මරණං? යා තේසං තේසං සත්‌තානං තම්‌හා තම්‌හා සත්‌තනිකායා චුති චවනතා භේදෝ අන්‌තරධානං මච්‌චු මරණං කාලකිරියා ඛන්‌ධානං භේදෝ කළේබරස්‌ස නික්‌ඛේපෝ ජීවිතින්‌ද්‍රියස්‌ස උපච්ඡේදෝ. ඉදං වුච්‌චති මරණං. ඉති අයඤ්‌ච ජරා ඉදඤ්‌ච මරණං, ඉදං වුච්‌චති භික්ඛවේ ජරාමරණං.

    පින්වත් මහණෙනි, මරණය කියල කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවලින් ඒ ඒ සත්වයන්ගේ යම් චුත වීමක්, චුතවන ස්වභාවයක්, බිඳී යාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කලුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳී යාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද, ජීවිතින්ද්‍රියෙහි ගෙවී යෑමක් ඇද්ද, මේකට තමයි මරණය කියන්නේ. ඉතින් මේ ජරාවත්, මේ මරණයත් කියන මේකට තමයි පින්වත් මහණෙනි, ජරා මරණ කියන්නේ.

    කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්‌තානං තම්‌හි තම්‌හි සත්‌තනිකායේ ජාති සඤ්‌ජාති ඔක්‌කන්‌ති නිබ්‌බත්‌ති අභිනිබ්‌බත්‌ති ඛන්‌ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ අයං වුච්‌චති භික්ඛවේ ජාති.

    පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, හටගැනීමක්, මව්කුසක බැසගැනීමක්, උපතක්, විශේෂ උපතක්, ස්කන්ධයන්ගේ පහළ වීමක්, ආයතන හයේ ලැබීමක් ඇද්ද, මේකට තමයි පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ.

    කතමෝ ච භික්ඛවේ භවෝ? තයෝමේ භික්ඛවේ භවා. කාමභවෝ රූපභවෝ අරූපභවෝ. අයං වුච්‌චති භික්ඛවේ භවෝ.

    පින්වත් මහණෙනි, විපාක පිණිස කර්ම සකස් වීම (භවය) කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, විපාක පිණිස කර්ම සකස් වීම් (භව) තුනක් තියෙනවා. කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා (කාම භවය). රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා (රූප භවය). අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා (අරූප භවය). මේකට තමයි පින්වත් මහණෙනි, භවය කියල කියන්නේ.

    කතමඤ්‌ච භික්ඛවේ උපාදානං? චත්‌තාරිමානි භික්ඛවේ උපාදානානි. කාමූපාදානං දිට්‌ඨූපාදානං සීලබ්‌බතූපාදානං අත්‌තවාදූපාදානං. ඉදං වුච්‌චති භික්ඛවේ උපාදානං.

    පින්වත් මහණෙනි, බැඳීයාම (උපාදාන) කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, බැඳීයාම් සතරක් තියෙනවා. පංච කාමයට බැඳී යනවා. මතවාදවලට බැඳී යනවා. නොයෙක් සීල ව්‍රතවලට බැඳී යනවා. ‘මම, මාගේ, මාගේ ආත්මය’ යන හැඟීමට බැඳී යනවා. මේකට තමයි පින්වත් මහණෙනි, උපාදාන කියල කියන්නේ.

    කතමා ච භික්ඛවේ තණ්‌හා? ඡයිමේ භික්ඛවේ තණ්‌හාකායා. රූපතණ්‌හා සද්‌දතණ්‌හා ගන්‌ධතණ්‌හා රසතණ්‌හා ඵොට්‌ඨබ්‌බතණ්‌හා ධම්‌මතණ්‌හා. අයං වුච්‌චති භික්ඛවේ තණ්‌හා.

    පින්වත් මහණෙනි, තණ්හාව කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, තණ්හාව හය ආකාරයකින් හටගන්නවා. රූප ගැන තණ්හාව ඇතිවෙනවා. ශබ්ද ගැන තණ්හාව ඇතිවෙනවා. ගඳ සුවඳ ගැන තණ්හාව ඇතිවෙනවා. රස ගැන තණ්හාව ඇතිවෙනවා. පහස ගැන තණ්හාව ඇතිවෙනවා. සිතේ ඇතිවෙන අරමුණු ගැන තණ්හාව ඇතිවෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි, තණ්හාව කියන්නේ.

    කතමා ච භික්ඛවේ වේදනා? ඡයිමේ භික්ඛවේ වේදනාකායා. චක්‌ඛුසම්‌ඵස්‌සජා වේදනා, සෝතසම්‌ඵස්‌සජා වේදනා, ඝානසම්‌ඵස්‌සජා වේදනා, ජිව්‌හාසම්‌ඵස්‌සජා වේදනා, කායසම්‌ඵස්‌සජා වේදනා, මනෝසම්‌ඵස්‌සජා වේදනා. අයං වුච්‌චති භික්ඛවේ වේදනා.

    පින්වත් මහණෙනි, විඳීම කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, සය ආකාරයක විඳීමක් තියෙනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. කණේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි, විඳීම කියලා කියන්නේ.

    කතමෝ ච භික්ඛවේ ඵස්සෝ? ඡයිමේ භික්ඛවේ ඵස්‌සකායා. චක්‌ඛුසම්‌ඵස්සෝ, සෝතසම්‌ඵස්සෝ, ඝානසම්‌ඵස්සෝ, ජිව්‌හාසම්‌ඵස්සෝ, කායසම්‌ඵස්සෝ, මනෝසම්‌ඵස්සෝ. අයං වුච්‌චති භික්ඛවේ ඵස්සෝ.

    පින්වත් මහණෙනි, ස්පර්ශය කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, හය ආකාරයක ස්පර්ශයක් තියෙනවා. ඇසේ ස්පර්ශය, කණේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. මේකට තමයි පින්වත් මහණෙනි, ස්පර්ශය කියල කියන්නේ.

    කතමඤ්‌ච භික්ඛවේ සළායතනං? චක්‌ඛායතනං සෝතායතනං ඝානායතනං ජිව්‌හායතනං කායායතනං මනායතනං. ඉදං වුච්‌චති භික්ඛවේ සළායතනං.

    පින්වත් මහණෙනි, ආයතන හය කියල කියන්නේ මොකක්ද? ඇස නම් වූ ආයතනයක් තියෙනවා. කණ නම් වූ ආයතනයක් තියෙනවා. නාසය නම් වූ ආයතනයක් තියෙනවා. දිව නම් වූ ආයතනයක් තියෙනවා. කය නම් වූ ආයතනයක් තියෙනවා. මනස නම් වූ ආයතනයක් තියෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි, ආයතන හය කියල කියන්නේ.

    කතමඤ්‌ච භික්ඛවේ නාමරූපං? වේදනා සඤ්‌ඤා චේතනා ඵස්සෝ මනසිකාරෝ. ඉදං වුච්‌චති නාමං. චත්‌තාරෝ ච මහාභූතා, චතුන්‌නඤ්‌ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්‌චති රූපං. ඉති ඉදඤ්‌ච නාමං, ඉදඤ්‌ච රූපං, ඉදං වුච්‌චති භික්ඛවේ නාමරූපං.

    පින්වත් මහණෙනි, නාමරූප කියල කියන්නෙ මොකක්ද? විඳීම (වේදනා), හඳුනාගැනීම (සඤ්ඤා), චේතනා, ස්පර්ශය, මනසිකාරය කියන මේකට තමයි නාම කියල කියන්නේ. සතර මහා භූතත්, සතර මහා භූතයන්ගෙන් හටගත් රූපත් කියන මේකට තමයි රූප කියල කියන්නේ. ඉතින් මේ නාමත්, මේ රූපත් කියන මේකට තමයි පින්වත් මහණෙනි, නාමරූප කියල කියන්නේ.

    කතමඤ්‌ච භික්ඛවේ විඤ්‌ඤාණං? ඡයිමේ භික්ඛවේ විඤ්‌ඤාණකායා. චක්‌ඛුවිඤ්‌ඤාණං සෝතවිඤ්‌ඤාණං ඝානවිඤ්‌ඤාණං ජිව්‌හාවිඤ්‌ඤාණං කායවිඤ්‌ඤාණං මනෝවිඤ්‌ඤාණං. ඉදං වුච්‌චති භික්ඛවේ විඤ්‌ඤාණං.

    පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, සය ආකාරයක විඤ්ඤාණයක් තියෙනවා. ඇසේ ඇතිවෙන විඤ්ඤාණය, කණේ ඇතිවෙන විඤ්ඤාණය, නාසයේ ඇතිවෙන විඤ්ඤාණය, දිවේ ඇතිවෙන විඤ්ඤාණය, කයේ ඇතිවෙන විඤ්ඤාණය, මනසේ ඇතිවෙන විඤ්ඤාණය. මේකට තමයි පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියල කියන්නේ.

    කතමේ ච භික්ඛවේ සංඛාරා? තයෝමේ භික්ඛවේ සංඛාරා. කායසංඛාරෝ වචීසංඛාරෝ චිත්‌තසංඛාරෝ. ඉමේ වුච්‌චන්‌ති භික්ඛවේ සංඛාරා.

    පින්වත් මහණෙනි, සංස්කාර කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මේ සංස්කාර තුන් ආකාරයි. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවාට තමයි පින්වත් මහණෙනි, සංස්කාර කියල කියන්නේ.

    කතමා ච භික්ඛවේ අවිජ්‌ජා? යං ඛෝ භික්ඛවේ දුක්‌ඛේ අඤ්‌ඤාණං, දුක්‌ඛසමුදයේ අඤ්‌ඤාණං, දුක්‌ඛනිරෝධේ අඤ්‌ඤාණං, දුක්‌ඛනිරෝධගාමිනියා පටිපදාය අඤ්‌ඤාණං. අයං වුච්‌චති භික්ඛවේ අවිජ්‌ජා.

    පින්වත් මහණෙනි, අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, දුක නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක් ඇද්ද, මේකට තමයි පින්වත් මහණෙනි, අවිද්‍යාව කියල කියන්නේ.

    ඉති ඛෝ භික්ඛවේ අවිජ්‌ජාපච්‌චයා සංඛාරා සංඛාරපච්‌චයා විඤ්‌ඤාණං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

    පින්වත් මහණෙනි, ඔය විදිහට අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.

    අවිජ්‌ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ සංඛාරනිරෝධා විඤ්‌ඤාණනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතීති.

    අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.


    සාදු! සාදු!! සාදු!!!


    https://mahamevnawa.lk/sutta/sn2_1-1-2/
     

    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    ඔය වදන් ටික රේරුකාණේ හාමුදුරු වන්ගේ පොත් වල පිටිපස්සේ කවරේ සදහන් වෙනවා.

    උඹේ අම්මා තාත්තා වයිෆ් ගේ දොර ඉඩකඩම් දරුවෝ රස්සාව හැම දේම ඒ කියන්නේ උඹේ ලෝකේ ඇතිවෙන්නෙ නැති වෙන්නේ උඹේ අඩි 5- 6 ( බඹයක්) විතර ශරීරය ඇතුලේ (ඇස. කන.දිව.මනස etc)

    උඹ මේ තාක් කල් අවිද්‍යාව ( මෝඩ කම,හෙවත් නොදත් කම) ප්‍රහාණය නොකරපු නිසා තමා මේ දේවල් සත්‍ය වශේයන් තියෙනවා කියලා උඹට හිතෙන්නේ.
    ඕනෙම කෙනෙක් ගෙ ශරීරයක් ගත්තොත් naama- රූප දෙක පැවැත්මක් විතරයි. (සිත සහ කය)

    හිතපං උබ උඹේ කෙල්ල/ වයිෆ් ගැන ආශාවක් ඇති වෙලා sex කරනවා කියලා. ඒ වෙලාවේ උඹේ හිතේ තියෙන ක්ලේශ ධර්ම තමා ඇතිවෙලා නැති වෙන්නේ. බාහිර වස්තුවට ( වයිෆ් ) ට නෙමෙයි. මේක තනිකරම තමන්ගේ සිතුවිලි එක්ක කරන පොර බැද්දිලක්.

    බාහිර වස්තු කිසිම දේකට අපිට ආශාවක් ඇති කරන්න බැහැ ( උඹට එහෙම හිතුනත්)
    අපි ඇලෙන්නෙ බැඳෙන්නේ රාගයක් ඇති කරගන්නේ අපේ හිතින් අපීම ඇති කරගත් ක්ලේශ ධර්ම වලට ( සංසාරේ මෙතෙක් ප්‍රහාන නොකරපු)

    P.S. පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්ම පොත් දෙක කියවලා.
    පූජ්‍ය දන්කන්ද ධම්මරත්න හාමුදුරුවන්ගේ බණ අහන්න ( damruwana.org)

    එක පාර තේරෙන්නේ නෑ .. එකම බණ 3-4 පාරක් වත් අහන්න ඕනේ..
    උඹ මේ ආත්මේ ප්‍රඥයාව උපදවා ගත්තොත් සසර කෙටි වෙයි. නැත්නම් ඉතින් කවදාහරි කරන කන් සංසාරේ යන්න එපැයි.

    දංකන්දේ ධම්මරත්න හාමුදුරුවන්ගේ බනක තිබ්බ උදාහරණයක් දෙන්නම් හැබැයි තේරුම් යයිද දන්නේ නෑ.

    හාමුදුරුවෝ තරුණ කාලේ ගියාලු මිනියක් කපනවා බලන්න. ලස්සන තරුණ කෙල්ලෙක් ලු මැරිලා හිටියේ. ඉතින් මිනී කපන මිනිහා කෙල්ලගේ ඇඳුම් ටික ගැලෙව්වලු .. එතකොටම මෙච්චර භාවනා කරපු හාමුදුරුවන්ටත් කොහේදෝ ඉඳල රාග සිතක් ආවලු.
    එතකොටම අර මිනිහා මිනිය අනිත් පැත්ත ගැහුවලු.ඒ කෙල්ලට අසූචි ගිහින් තිබ්බලු මැරෙන කොට .. අර මනුස්සයා වතුර බාල්දියක් ගහුවලු ගූ ටික සේදෙන්න. හාමුදුරුවන්ගේ රාග සිත කොහේ ගියාද නෑලු. අන්න ඒ වගේ තමා සත්‍යය නොදකින තාක් කල් අපි සසර අතරමං.

    මේ පෝස්ට් එක එඩිට් කරන්න උනා සැරින් සරේ මතක් වෙන ඒව දාන්න.. මොකද බලන උන්ට තේරුම් ගන්න ලේසි වෙන්න.

    තව උදාහරනයක් .
    ඔන්න ධම්මරතන හාමුදුරුවෝ කොල්ලා කාලේ (ගිහි) බස් එකේ යනවලු හිටගෙන.
    ලස්සන තරුණ කෙල්ලෙක් ඇවිල්ල එහා පැත්තෙන් හිට ගත්තා ලු. ඔන්න ඉතින් ඒ කෙල්ලගේ අතක් මේ තරුණ කොල්ලගේ අතේ ගෑවෙනවා ලු. ඉතින් කොල්ලත් ආතල් එකේ යනවලු හරි සැප ලු. ඔහොම ඉතින් කිලෝ මිටර් ගානක් ගියාලු.. බහින්න ලන් වෙලා මේ කොල්ල බැලුවලු එහා පැත්තේ ඉන්න කෙල්ල දිහා . අනේ ඒ කෙල්ල නෙමේ ලු ඉන්නේ වයසක සිය කෙන්ක්ලු.. ඒත් කොල්ලා ආතල් එකේ හිතින්ම හිතාගෙන ඇවිල්ලා තියෙන්නේ මෙච්චර දුරක් තමන්ගේ අතේ ගැවෙන්නේ අර කෙල්ල කියලා. ඔන්න ඔහොමයි හැම දේටම හිතින් දෙන වටිනාකම අනුව තමා සැපක් කියලා යම් යම් දේවල් හිතාගෙන ඉන්නේ අපි. සියල්ල දුකයි බුදුන් වහන්සේ වදාළේ එහෙම.
    මං මේ මතයට විරුද්ධ කෙනෙක් විදිහට පොඩි පැහැදිලි කරගැනීමක් කරගන්න කැමති .
    කවුරුහරි මෙහෙම කියනකොට....
    "මචං ලෝකය කියලා කියන්නේ උබ හිතින් මවාගෙන ඉන්න එකක් මිසක් සත්‍ය වශයෙන් තියෙන එකක් නෙමේ." කියලා ....

    උඹ මේ, මචං කියලා අමතන්නේ කාටද ????
     
    • Like
    Reactions: visalbro

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ වත්
    නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ වත්
    කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ වත්
    වෙනත් එකී මෙකි නොකී සියලු ස්වාමින් වහන්සේලා වත්

    කියන කිසිම දෙයක් අදාළ නෑ බුදු රජාණන් වහන්සේ දේශනා කළා යැයි සැලකෙන ත්‍රිපිටකයේ සඳහන් වන ධර්මය විතරයි වැදගත්! ඒ ධර්මය හැරෙන්න වෙනත් කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් වැඩක් නෑ...

    දැන් ඔතනම බලන්න ඔය ඔගොලන්ගේ හැටි මම දැකල තියන.. උදාහරණයක් ගත්තත් ගන්නේ කවුරු හරි කොහේ හරි හාමුදුරුනමක් කියපු එකක් ඇරෙන්න බුද්ධ දේශනාවෙන් නෙවේ! ඕගොල්ලෝ නිකන් හැසිරෙන්න වෙනම ආගමක් අදහනවා වගේ! බුදු රජාණන් වහන්සේ ගැන සඳහනක් වත් නෑ!

    මොකද්ද කියන්නෙ? මට ශෙනික් කියන එක පැහැදිලි මදි..

    මේ භික්ශූන් තම මත බුදුදහමට ඔබ්බවනවා කියල ද?
    තමන්ම ත්‍රිපිටකය කියවා තේරුම් ගන්න කියල ද?
    නැතිනම් ඉහත භිකශූන් සියල්ලම ධර්මය කියාදීමේදී සහ ඉන්ටර්ප්‍රිට් කිරීමේදී අසාර්ථකයි කියා ද?
    නැතිනම් ඒ ඒ භික්ශූන්, බුදුන් අමතක කොට ඒ ඒ අයගේ කල්ට් හදාගන්නවා කියලා ද?