සහෝදරවරුනේ පොඩි ප්රශ්නයක් . මගේ පුංචි වැඩ කරන ඔෆිස් එකේ ප්රශ්නයක්.. එයාගේ ඔෆිස් එක මේ මාස දෙකේම වහලා. කොවිඩ් කියලා මාස දෙකේම සැලරි දාලා නැහැ. ඒවගේම EPF & ETF ගෙවලත් නැහැ. පුංචි මැරි කලේ දැනට මාස හයකට වගේ කලින්. ගෑනු අයට කසාද බැන්දට පස්සේ එයාලගේ EPF & ETF නැවත ගන්න පුළුවන් නේ. එහෙම කම්කරු දෙපාර්තමේන්තුවට ඉල්ලන්න ගිහාම තමයි මෙයාලා EPF ETF ගෙවලා නැහැ කියලා අහු උනේ. කම්කරු දෙපර්තමෙන්තුවෙනුත් ඒ වෙලාවේ ඇක්ෂන් එකක් අරන් නැහැ. එයා සේවා ආයතනයේ අවුරුදු 12 කට වඩා වැඩ කරලා තියනවා. එදා ඉඳලම ගෙවලා නැහැ. දැන් පුංචිට වයස 39 වෙනවා. දැන් වයසත් එක්ක එයාට තව කාලයක් නැහැ වෙන ජොබ් එකකට ගියත් EPF ETF අරගෙන ගානක් ඉතිරි කරගන්න. කම් කරු එකෙනුත් ඇක්ෂන් එකක් නැහැ. අඩුම තරමේ එදා ඉඳලා අද වෙනකන් එන්න ඕනේ EPF & ETF ලැබුනත් ඇති. උබල දන්නා හොඳ ලෝයර් කෙනෙක් ඉන්නවද. විශේෂයෙන්ම කම්කරු නීති ගැන දන්නා කෙනෙක්.