ඇමරිකානු එක්සත් ජනපදයෙන් ලංකාවට ලැබුනු කොරෝනා එන්නත් මිලියන 1.5 ප්‍රමාණයට කොහොමද මංගල සමරවීර සම්බන්ධ වෙන්නේ කියලා හිතා ගන්න බැරුව වලින් සංග්‍රහ කරපු මිත්‍රවරුනි කැමති නම් විතරක් මේ පැහැදිලි කිරීම සටහන කරගන්න.
පසුගිය මාසයේ බ්‍රිතාන්‍යයේ පැවති G7 සමුළුවේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දෙනවා ඉදිරි වසර දෙකක කාලය තුල ලොව පුරා කොරෝනා එන්නත් මිලියන 500 ක් හෙවත් බිලියන බාගයක් බෙදා හරින්න. ඇමරිකාව ලෝකය පුරා සිදු කරන සියළුම ආධාර / පරිත්‍යාග /ප්‍රධාන සිද්ධ වෙන්නේ ඒ වෙනුවෙන්ම පිහිටවපු USAid කියන ආයතනය හරහා. මේ එන්නත් බෙදා හැරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේත් එම ආයතනය හරහාම තමයි.
මේ වන විට USAid ආයතනයේ පරිපාලන ප්‍රධානි ලෙස කටයුතු කරන්නේ මංගලගේ බොහොම සමීප හිතවතියක් වෙච්ච සමන්තා පවර්. ඒ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පත් කිරීමක් විදියට. ඇයට ඇයගේ පරිපාලන වපසරිය තුල හැකියාව ලැබෙනවා කාට කුමක් ප්‍රථමයෙන් ලබාදිය යුතුද යන්න තීරණය කිරීමට. USAid ප්‍රධානී සමන්තා පවර්ගේ තීරණයක් අනුව තමයි ලංකාව ඇමරිකානු එන්නත් තොගයක් ලබා ගන්න සුදුසුකම් ලබන්නේ.
ලෝකයේ ප්රජාතන්ත්රවාදී රටවල් ඉස්සරහා කළු පැල්ලමක් විදියට සටහන් වෙච්ච, මේ වෙනකොට චීනයත් එකක් එකතු වෙලා බ්‍රිතාන්‍යයෙන් ගේම ඉල්ලන, ඇමරිකානු විරෝධි චීන ගැති රාජ්‍යයක් වෙච්ච ලංකාවට ඇමරිකානු එන්නත් ආධාර ලයිස්තුවේ ඉහලට එන්න ලැබෙන්නේ මංගල පෞද්ගලිකව සමන්තා පවර්ගෙන් සිදුකරපු ඉල්ලීමක ප්‍රතිඵලයක් විදියට.
Last edited:

