රජයේ සේවයේ තියෙනවා වැටුප් පරිමාණ.. ඒවා හදල තියෙන්නෙ 06/2006 කියන වැටුප් චක්‍රලේඛය අනුව..
ඉතිං 30,310 කියන්නෙ ආරම්භක වැටුප..
ඊට පස්සෙ වාර්ෂිකව පඩිය වැඩි වෙනවා.. ඒවට කියන්නෙ වැටුප් වර්ධක කියලා..
එතකොට 10 x 300 කියල තියෙන්නෙ අවුරුද්දට රු. 300 ගාණෙ අවුරුදු 10ක් පුරාවට වැඩි වෙනවයි කියලා (මේ වැටුප් වර්ධක ඉබේ වැඩි වෙන්නෙ නෑ.. අවුරුද්දකට සැරයක් කාර්ය සාධනය මනිනවා)
7 x350, 4x600, 20x720 කියන්නෙත් ඒ ඒ විදියට වැඩිවෙන වැටුප් වර්ධක ගැනමයි.. ඒ ගනන් වෙනස් වෙන්නෙ ඔයා ශ්‍රේණියෙන් ඉහලට යනවා.. උදාහරණයක් විදියට ඔයා පත්වීම ගන්නෙ 111 ශ්‍රේණියේ (3වන ශ්‍රේණියේ) නිළධාරියෙකු විදියට.. ඔයාගෙ බඳවාගැනීමේ පටිපාටිය අනුව ඔයා 11 ශ්‍රේණියට පත්වෙන්නෙ අවුරුදු 10ක සතුටුදායක සේවා කාලයකට පස්සෙ.. ඉතිං අවුරුදු 10ක් දෙයියනේ කියල හරියට රස්සාව කරොත් ඔයාව 11 ශ්‍රේණියට උසස් කරනවා.. එතකොට ඔයාගෙ වැටුප් වර්ධකයත් වැඩි වෙනවා.. ඊට අවුරුදු 07කට පස්සෙ ඔයා 1 ශ්‍රේණියට උසස් වෙනවා.. ආයිත් වැටුප් වර්ධකය වැඩි වෙනවා.. ඊටත් අවුරුදු 4කට පස්සෙ ඔයා අධි ශ්‍රේණියට යනවා.. ආයිත් වැඩි වෙනවා.. ඊට පස්සෙ ලොං හැලෙනකම් වැඩ කරගෙන ඉඳල දෙයියනේ කියල පැන්ෂන් යනවා..
තේරුණාද?