මුලින්ම කියන්න ඕනේ මට social phobia තියෙනවා. සැරින් සැරේ බෙහෙත් ගත්තත් එක දිගට continue කරේ නැති නිසා ඒවගෙන් ලොකුවට effect එකක් වුනේ නෑ. හැබැයි නෑ කියන්නමත් බෑ. ස්කෝලේ යන කාලෙට වඩා ලොකු වෙනසක් තියෙනවා. ආයෙත් බෙහෙත් ගන්න ඕනේ. psychiatrist ලා හම්බෙන්න ගියාම කියන දෙයක් තමයි බය හිතෙන දේවල් වලට ෆේස් කරන්න කියන එක. මට තියෙන ප්‍රශ්න මෙහෙමයි. මම පට්ට බයයි. පොඩි කාලේ මට වැඩිය ගෙදරින් එලියට යන්න දුන්නෙ නෑ. සමාජෙට යැව්වේ නෑ මාව. ඊටත් වැඩිය ලොකු ප්‍රශ්නයක් වුනේ අපේ අයියා ගෙදරදී හැමවෙලේම මාව නෝන්ඩි කරන එක. මම සින්දුවක් කිව්වත් මොනවා කරත් අයියා කරේ මාව නොන්ඩි කරපු එක. මම හිතනවා ඕක තමයි ලොකුම හේතුව වුනේ මගේ මානසික මට්ටම පල්ලෙහාට වැටෙන්න. මගේ සාමාන්‍ය දැනුම ගොඩක් අඩුයි කියලා මට හිතෙනවා. මනුස්සයෙක්ව බොරුවක් කියලා රවට්ටන්නවත් බෑ. කවුරුහරි සැරෙන් කතා කරොත් බය වෙනවා, ඇඩෙන්න වගේ එනවා. තනියම වැඩක් plan කරගෙන කරන්න තේරෙන්නේ නෑ. අපි හිතමු මට අපේ කාගෙහරි මල ගෙදරක් වෙලා ඒක තනියම කරන්න වුනා කියලා. මට හිතාගන්න බෑ කොහොම කරන්නද කියලා. තව මනුස්සයෙක් එක්ක ඉන්න බෑ. කෙල්ලෙක්ව එක්කරගෙන යාලුවෝ ඉන්න තැනකට නෑදෑයෝ ඉන්න තැනකට එක්කරගෙන යන්න බෑ. ලොකු ලැජ්ජාවක් දැනෙනවා මට. ඔහොම ප්‍රශ්න ගොඩක් තියෙනවා. බෙහෙත් අරගෙන මේ ප්‍රශ්න වලින් 50% ක් විතර හොඳ කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඊට වැඩිය තව ගොඩක් දේවල් තියෙනවා හදාගන්න. කාටහරි මේ දේවල් වලට උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද? තව ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික මන් වෙනම thread එකක දාන්නම්


