කොරෝනා ටිකක් අඩු උනාම ආණ්ඩුව වැඩ පෙන්වයි ... අපි තමයි හොදටම කරේ.
වැඩි උනාම , රෝහල් වල අවශ්‍ය පසුකම් නැති උනාම, ගුපියෝ ජෙප්පෝ නිසා..උන් තමයි වගකීම ගන්න ඕනේ.
තවද උද්ගෝසන වල ජනතාව එකතු වීමෙන් කොරෝනා බෝවන අතර බස් වල , කොච්චි වල ජනතාව එකගොඩේ යාමෙන් කොරෝනා බෝ නොවේ.
දෙතුන් දෙනෙක් ආපු උද්ගොසනේ උන්ව හතරගාතෙන් උස්සන් ගිහින් ආණ්ඩුවම තමයි උද්ගොසන වැඩි කරගත්තේ. අන්තිමටම උන්ව එලියට දාන්න උන.. අදත් එහෙම හතරගාතෙන් උස්සන් යන්නේ නැති නිසා එදා කරේ නීතියට පිටින් මිනිස්සු කුලප්පු කරන්න කරන වැඩක් කියලා පැහැදිලි. නැත්නම් අදත් ඒකම කරන්න තිබ්බ.
ඕන නැති වෙලේ පනතක් ඉදිරිපත් කරන්න යන එකත් ගොන් වැඩක්. ඕක දැනට අකුලලා (බොරුවට සංශෝදන කියවන්නේ නැතුව ) මේ කොරෝනා වලින් පස්සේ ගෙනවන්ම් මොකද ?
ඒ අස්සේ ශිෂ්‍ය සංගමයක එකෙක් ත්‍රිවිල් එකක යද්දී හරි හේතුවක් ඉදිරිපත් කරන්නේ නැතුව කුදලාගෙන යනවා. දන්නවා හොදටම දැන් ගෙවල් වල ඉන්න විශ්වවිද්‍යාල වල උනුත් ඕකට පාරට බහිනවා තව තව කියලා. ගන්න ඕන නම් ගන්න විදියක් තියනව. මේ වගේ මර්ධනය ඉස්මතු වෙන විදියට වැඩ කරල ජනතාව කුලප්පු කරල, උන්ට කොරෝනා වැරැද්ද පටවල, ආණ්ඩුවේ බැරිකම වහගන්න එක තමයි කරන්නේ.