මම ජිවත් වන මාතර නගරයට වැඩක් කරපු එකම දේශපාලනඥයා , ඊට අමතරව මාතර නගරයේ ජිවත් උන දුප්පත් පවුල් වල මිනිස්සු දහස් ගණනකට රැකියා දීලා තියෙනවා , එක්දහස් නවසිය අනු ගණන් වල හැමතැනම TV හයිකරපු තට්ටු දෙකේ ප්‍රධාන බස්නැවතුම්පොල මාතර හැදුවම අපිට නම් මැජික් වගේ , මගේ මතකයේ විදියට ලංකාවේ ලොකුම බස්නැවතුම්පොල ඒ කාලේ
තව මාතර පාලම , සනත් ජයසුරිය ක්‍රීඩාංගනය , නව නගර සැලසුම, තැපැල් සංකීර්ණය , පරෙවි දූපත සංවර්ධනය වගේම බ්‍රවුන්ස් හිල් සහ පොල්හේන වෙරළ තීරයන් අද තියෙන තත්වයට සංවර්ධනය කලේ එතුමා.
තව මාතර නගරයේ පන්සල් බොහෝ ප්‍රමාණයකට ලක්ෂ 20, 30, 40 මුදලින් අධාරකරලා තියෙනවා , නමුත් කවුරුවත් දන්නේ නෑ , මොකද මංගල ඒවාට බෝඩ් ගැහුවේ නෑ
මාතර මිනිස්සුන්ගෙන් චන්දෙ ගනිපු තව දේශපාලුවෝ බොහෝපිරිසක් ඉන්නවා හැබැයි උන් කරපු දෙයක් නෑ , හොඳම උදාහරණය සද්දෙට ලයිට් ගියපු කොටා , කරපු වැඩකුත් නෑ වහල්ලු ඌට චන්දේ දෙනවා , ඕකුන් කොහේහරි පාරක් දෙකක් කාපට් කරලා ඇති නමුත් පවතින වැදගත් දේවල් මාතර නගරයට කලේ මංගල විතරයි
මාතරට පමණක් නොව, 1994 දී කැබිනට් මණ්ඩලයේ එකම ඇමතිවරයා ඔහු පමණක් වන අතර, එහි ප්‍රධාන බුද්ධිමත් මහාචාර්ය රොහාන් සමරජීව මහතා සමඟ TRC පිහිටුවීමත් සමඟ විදුලි සංදේශ දියුණු කිරීමට නිවැරදි පියවර ගත්තේය. වසර 5 ක් තුළදී පුද්ගලික සමාගම් දෙකක ප්‍රවේශය සහිතව දුරකථන මාර්ග පහසුවෙන් ලබා ගත හැකි වූ අතර එමඟින් ටෙලිකොම් ආයතනයට තරඟයක් ඇති විය. (1994 සහ ඊට පෙර දුරකථන ලබා ගැනීමට යමෙකුට ප්‍රාදේශීය දේශපාලනඥයා පිටුපස යා යුතු යැයි ඔබ විශ්වාස කරනවාද). විදුලි සංදේශනය ජංගම දුරකථන හඳුන්වා දුන් නමුත් එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම නිදහස් කර නොතිබූ එක් අංශයක් වූ නමුත් එය සිදු කරන ලද්දේ ඉතා සීමිත වෙනස් කොට සැලකීමකිනි.
නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූ මංගල සමරවීර නගර සංවර්ධනයේද නොමැකෙන සටහන් තබා ඇත. ගාලු මුවදොර සංවර්ධනය, බේරේ වැව සංවර්ධනය හා සහස්පුර වැනි නිවාස යෝජනා ක්‍රමද ඔහුගේ සංකල්ප අනුව ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘති අතර විය.