ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තර නිකාය » එකාදසක නිපාතය » 1. නිස්සය වර්ගය
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ මෙනෙහි කරන්නේ ය: “යම් බඳු මෙ සර්වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්ෂයයෙක්, විරාගයෙක්, නිරොධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය” (කියා) යි. ආනන්දයෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් චක්ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රොතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රසය මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තෙජස මෙනෙහි නො කෙරේ නම්,
වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලොකය මෙනෙහි නො කෙරේ නම්, යම් බඳු ප්‍රාප්ත පර්යේෂිත, මනසින් අනුවිචරිත වූ මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් ද වේ නම් එය ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, භික්ෂුහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි,