අල්ලපු ගෙදර බලල් තුමා එක්ක ගෑනු වලියක් ගිහින් අපේ එකාගෙ ඇටේකට ඩැමේජ් වෙලා. වලිය ගියපු දවසෙ ඉඳන් දවස් 5කට විතර පස්සෙ තමයි ගෙදර ආවෙ. ඇවිල්ල දවසක් විතර එතනම හිටපු නිසා එතෙන්ටම කෑමත් ගෙනිහින් දීල දෙවනි දවසෙ බලද්දි එතනම ජරා කරගෙන එතනම ඉන්නව. ඊට පස්සෙ බෙහෙත් අරන් දුන්න. හොඳටම උන කිව්ව. එතනම සේලයින් දීල, මොනවද ඉන්ජෙක්ෂන් වගයක් දුන්නා. ගෙදරින් පොවන්න පිරිටන් සිරප් එකයි ඇන්ටි බයෝටික් දීල තිබ්බ. බෙහෙත් අරන් දීපු දවසට පහුවදා හොඳට නැගිටල හිටිය. දවසකින් විතර ආයෙත් අමාරු වෙලා එක්කන් ගියා. හරිගියෙ නෑ. රෑ අන්තිම බෙහතේ වඩිය පොවල නිදි කරවල ගියා උදේ එනකොට ඒ විදියටම ඉන්නව දරදඩු වෙලා.