කටේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ ඇයි?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මිනිසුන් දෙන්නෙක් දවසක් ඈත ගමනක් ගියා. ඒ කාලයේ ඈත ගමන් යන විට ආහාර සඳහා අවශ්‍ය දේ ගෙන යාම සිරිතක් ඔවුන් සහල් හා කළමනා ගෙන ගියා. එදා ඔවුන් රාත්‍රිය ගතකිරීමට පාර අසළ කුඩා ගෙයකට ගොඩ වුණා. මේ ගෙදර සිටින ගැහැණු දෙදෙනා ඔවුන්ට පිලෙහි රාත්‍රී නවාතැන් ගැනීමට ඉඩ දුන්නා. ගෙනා හාල් ටික සෝදා ලිප තබා මහන්සිය නිසා පිළෙහි පැදුරක් දමා වැතිර ගන්නට දෙන්නා කටයුතු කළා. මේ ගෙදර වහලයේ පරාල පොල් ලී හා තල් ලී වලින් සාදා තිබුණා.

    නිකමට මෙන් දෙදෙනා පරාල ගණං කරන්නට වුණා. එක් අයෙක් පොල්ලි කියන විට අනෙකා තල්ලී යයි කියුවා. මේ ගෙදර එක් ගැහැණියකගේ කටේ ඇදී ගිය දත් ඇති නිසා දැල්ලී කියාද අනෙක් ගැහැණියගේ දත් ඉදිරියට නෙරා ඇති බැවින් බොල්ලී කියාද ගමේ මිනිස්සු විහිළු කරන බව ඔවුන් දැන සිටියේ නැහැ. එම ගැහැණු දෙදෙනාට මුහුණට විහිළු කළහොත් අතට අසුවන දෙයින් පවා පහර දෙන තත්වයක් තිබුණාලු.


    පොල්ලී තල්ලී යයි ආගන්තුකයා පවසන වදන් ගෙයි සිටි ගැහැණු දෙදෙනාට ඇසුණි. එම ගැහැණු සිතුවේ තමන්ට විහිළු කරන බවකි. පොලු දෙකක් රැගෙන පැමිණි ගැහැණු දෙදෙනා මිනිසුන් දෙදෙනාට තලන්නට විය. බත දමා ගියොත් ඊට බඩගින්නේ සිටීමට සිදුවේයයි සිතු එක් අයකු ඉදෙමින් පවතින හාල් අමුඩයට හලාගෙන දුවන්නට විය. බතේ වතුර කකුල් දෙකින් බේරෙන්නට විය.



    මඟ සිටි අය දුවන මිනිසුන් දෙදෙනාගෙන් කකුල් දෙකේ බේරෙන්නේ මොනවාදැයි ඇසූවාලු. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා යයි කියමින් මේ දෙන්නා දිව ගියාලු.
    කට හසුරුවා නොගැනීම හේතුවෙන් ලජ්ජා විඳීමට සිදුවන අයට මෙම ප්‍රස්ථාව පිරුළ යෙදෙන්නේ ඉන් පසුවයි.

    nandasna mathak una kiyahanko
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හැම දේශපලකයෙක්ගෙම කටේ නරි වාදන් ටික කලක් යන කොට රෙද්ද පල්ලෙන් බේරෙනවා. කිරියෙත් එකෙක් ඉන්නෙ නරි වාදන් කියලා රෙද්ද පල්ලෙන් බේරෙන. ඌට දැන් රෙදිත් නෑ මුකුත් නෑ 🙃 🙃
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    හැම දේශපලකයෙක්ගෙම කටේ නරි වාදන් ටික කලක් යන කොට රෙද්ද පල්ලෙන් බේරෙනවා. කිරියෙත් එකෙක් ඉන්නෙ නරි වාදන් කියලා රෙද්ද පල්ලෙන් බේරෙන. ඌට දැන් රෙදිත් නෑ මුකුත් නෑ 🙃 🙃


    innawa inna, menna mu @nicjosh83
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    pDNOSMk.png
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,213
    10,878
    113
    NWP
    අනුර කුමාරව ගහල පන්නපියව්...
    මේ රට විනාස කරනව බොරු කියල..
    මව්බිම් පචායුදයට සවන් දෙමු...


     
    • Haha
    Reactions: SLK_sri

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Langadi Kate nari waadan redde pallen barune @tinto brass ge 😂 gaweshanaathmama lipi walata asai kiyala anthimata balu kunuhabba panna thread wala 😂 redde nemei ugenam bijja pallenma beruna😂