මෙහෙමයි බං දැන් කාලෙ චන්ඩි වෙලා ඉන්නෙ ඇගපත තියන ගහගන්න පුලුවන් උන් නෙවෙයි බං.හොදටම ටවුන් එකේ අයියලා සෙට් එක අදුරන එකා

ටවුන් එකේ වීල් පාක් එකේ උන් බස් කාරයො ගංජකාරයො අදුරගත්තානං ඌ කැරියෙක් තමා දැන්

අපි තමා ඒලෙවල් ක්ලාස් ගිය කාලෙ කේස් එකක් ඇදුනම දෙපැත්තෙම කොල්ලො සෙට් බැහැලා ගහගත්ත අන්තිම පරම්පරාව.ඒ ගහගෙනත් ටික කාලෙකින් ආය උන් එක්ක ෆිට් වෙනවානෙ අපි.මට නං වලි ගිහින් ගහගෙන පස්සෙ සුපිරි ෆිට් උන යාලුවො සෑහෙන්න ඉන්නවා. දැන් ඒවා මොනවත් නෑ කොහේ හරි ඉන්න පිම්බත් වැටෙන සයිස් සෝමාරි පොන්නයෙක් උනත් ඌ ජොයින්ට් ගහන එකෙක් නං නැත්තං විල් පාක් අස්සෙ වීල් පදින උන්ට පුක දීගෙන සෙට් වෙලා ඉන්න එකෙක් එහෙම නැත්තං කොහෙහරි මුඩුක්කු වත්තක එකෙක් නං ඌ තමයි කැරියා

දැන් වලි වල ගහගැනිලි නෑ මේ වගේ පොන්නයො වගේ අයියලා සෙට් එකක් එක්කන් ගිහින් උන් ඉන්න හින්දා අරූ අතක් වත් උස්සන්නෑ කියලා දන්න හින්දා කැරියා වගේ අරූට නෙලන එක තමා දැන් වලි වල වෙන්නෙ

එක අතකට මේක හෙන ප්රශ්නයක් මොකද ඒලෙවල් වගේ කාල වලදි අපි හැම එකාම ආසයිනෙ කාටවත් පදිරිනොවී පොරක් වගේ ඉන්න. දැන් කාලෙ එහෙම ඉන්න නං ජොයින්ට් ගහන්න සෙට් උනානං හරි කියලා මතයක් තියනවා දැන් පොඩි කොල්ලො ගාව.මොකද ජොයින්ට් ගහන්න සෙට් උනොත් විකුණන අයියලයි ජොයින්ට් ගැන්සියයි බහිනවා ඕන ගේමකට.එතකොට උට කැරියා වගේ හිටියැහැකිනෙ.ගොඩක් ගම්වලින් එහෙම එන ඒලෙවල් කොල්ලො දැන් මේ හින්දම ජොයින්ට් ගහන්න සෙට් වෙලා ඉන්නවා ටවුන් එකේ අයියලා ෆිට් කරගන්න.