අටුලුගම අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිසුන්ට ගුරුවරුන්ට හා දෙමව්පියන්ට කෝවිඩ් 19 එන්නත ලබාදීම සඳහා වෛද්‍යවරයකු ගෙන් සමන්විත කණ්ඩායමක් එම පාසල කරා ගොස් තිබෙනවා.
එහෙත් අවම වශයෙන් එකම සිසුවකු ගුරුවරයෙකු හෝ දෙමව්පියෙකු එන්නත ලබා ගැනීම සඳහා නොපැමිණි බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ලිඛිතව දැනුම්දී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසුවා.
අවම වශයෙන් විදුහල්පතිවරයා වත් එන්නත ලබා ගැනීම සඳහා නොපැමිණි බවයි එම ලිපියේ දැක්වුණේ.
තමන්ට සිදුවූ එම අපහසුතාවය සම්බන්ධයෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් , කළුතර දිසාපති තුමාට හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයට ලිඛිතව දැනුම්දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා පැවසුවා.
සිසුන් ගුරුවරුන් හා දෙමව්පියන් ඇතුළු දහසකට ආසන්න පිරිසකට එන්නත ලබාදීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම විද්‍යාලය කරා ගොස් තිබුණා.