නොමිලේ ලැබෙන Cloud Storage සේවාවන්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    LInk - https://banzgeek.com/best-free-cloud-storages-for-sri-lanka/

    නොමිලේ ලැබෙන Cloud Storage සේවාවන්

    Articles•Jan 21, 2022

    Cloud Storage මගින් වර්ථමානය වන විට අන්තර්ජාලයේ තමන්ගේ වැදගත් දත්ත සියල්ලම පාහේ ගබඩා කිරීම අන්තර්ජාලය භාවිතා කරන බහුතරයක් දෙනා සිදුකරන දෙයක්. ආරක්ෂාව හා ඉක්මනින් ලගාවීමේ හැකියාව නිසාවෙන් Cloud Storage වඩාත් ජනප්‍රිය වී තිබෙනවා.
    ඒ අතර ඔබේ මනසෙහි පවතින එක් ප්‍රශ්නයක් නම්, කිසිදු මුදලක් වැය නොකර ප්‍රමාණවත් තරම් cloud Storage ලබා ගන්නේ කෙසේද? 2022 දී නොමිලේ ලබාදෙන හොදම Cloud සේවාවන් කිහිපයක් ගැන මේ ලිපියෙන් අපි දැනගනිමු.

    pcloud

    Pcloud Home Page
    Pcloud Home Page
    Pcloud යනු ‌පැරණි හොද තත්වයේ Cloud storege සේවාවක් 10GB ඉඩකඩක් ඔබට නොමිලේ ලබාගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙනවා. ඒ වගේම Mobile සහ Desktop Sync යෙදුම් භාවිතා කිරීමටත් මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දත්ත සදහා හොද පෞද්ගලිකත්වයක් වගේම හොද ආරක්ෂාවකුත් හිමිවෙනවා.
    ඒවගේම Pcloud එකෙහි Inodes සීමාවක් පනවා නැහැ. ඔනෑම පරිමාණයක File එකක් Pcloud එකෙහි සුරක්ෂිතව තබාගන්න වගේම බෙදාගන්නටත් පුලුවන්.

    Dropbox
    තවත් එක හොදම Cloud සේවාවක් තමා Dropbox කියන්නේ නමුත් 2GB වගේ කුඩා ඉඩකඩක් තමා මෙතනදී ඔබට හිමිවන්නේ. නමුත් මෙහි ඇති හොඳම කොටස වන්නේ Microsoft Office online භාවිතා කිරීමේ පහසුකම පැවතීම. ඒ වගේම Dropbox Zoom, Slack, Adobe Creative Cloud, Asana, වගේ සේවාවන් සමග මෙය සෘජුවම වැඩකරවන්න පූලුවන්.

    MEGA

    Mega Home Page
    Mega Home Page
    end-to-end encryption සමග එන තවත් එක් හොදම සේවාවක් තමා Mega කියන්නේ. ලංකාවේ අපේ අය අතරනම් මේක ගොඩක් ජනප්‍රියයි. නොමිලේ 20 GB ඉඩක් නොමිලේ පරිශීලකයන්ට ලබාදෙනවා වගේම Mobile හා Desktop සමග Sync කරගන්න හැකියාවකුත් Mega සපයාදී තිබෙනවා. ආරක්ෂාව අතින් නම් ඉතාමත් හොද Cloud Storage එකක්.

    Yandex Disk

    Yandex Disk Home Page
    Yandex Disk Home Page
    Yandex Disk ඔබට නොමිලේ 10GB ඉඩකඩක් ලබාදෙනවා වගේම ස්ථර කිහිපයක ආරක්ෂාවක් ඔබගේ දත්ත සදහා ලබාදෙනවා. ‌ඒවගේම මෙහි ඇති වැදගත්ම කොටසක් තමා Word, XL ගොනු මෙහිදීම නිර්මාණය කරගැනීම හා ‌ඒවා Update කිරීම සිදුකල හැකිවීම. ඒ වගේම Desktop හා Mobile Sync පහසුකමත් ලබාදෙනවා වගේම Clean UI එකකුත් තිබෙන නිසා භාවිතයත් ඉතාමත් පහසුයි.
    Google Photos වෙනුවට ආරක්ෂිතව භාවිතාකර හැකි වෙනත් ආදේශක
    ගූගල් ජායාරූප සේවාව තවදුරටත් නොමිලේ අසීමිතව භාවිතා කිරීමට ඔබට අවස්ථාවක් නැහැ.මොකද ඔවුන් පසුගිය දිනක නිවේදනය කරා තවදුරටත් එය පරිශීලකයින්ට
    Banzgeek - Madusanka Ranathunga