අතීත රස කථා

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,944
    13,855
    113
    126
    Hogwarts
    Ela ela
    Tawa dapann machoo
    නලියනවා ලියන්නට කවියක් මේ නූලේ...
    පරන කතා ඇත පුරවා කියනට රිසිසේ...
    ඉන්නේ කාර්‍යාලයේ පවසමි මලේ මෙසේ...
    තව තව දමපන් එනවා නූලට විගසේ...
    ela ela waren waren
    man bothalayak aran ennam
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සිරාවට ගම්වල ඕම සීන් වෙනවා.
    හුඟක් ඉස්සර අපේ ගමේ එකෙක් උදේ කඩේට ගිහින් ඉස්සරහ ලෑලි බැංකුවේ ඉඳගෙන ප්ලේන්ටියක් ගහන ගමන් පත්තරේ බලනවලු. එකපාරටම මු අහල පහල උන්ටත් ඇහෙන්න කිව්වලු;
    -- "ආ.. ඊයේ නැවක් පෙරලිලා!" --
    ළඟ හිටිය උනුත් හොම්බ දාලා බැලුවාලු. බැලින්නං පොර පත්තරේ උඩු යටිකුරු කරගෙනලු බලන්නේ. මේකට අකුරු කියවන්න දන්නේ නෑ :rofl: :rofl:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Ela ela
    Tawa dapann machoo

    ela ela waren waren
    man bothalayak aran ennam
    මසුරං දෙන්න වටිනවා උඹෙ ඒ සිතුවිල්ල...
    එන්නට හිතෙනවා අමතක කර හැම දේම...
    තෛලෝක පත්‍රයක් වුව ඇති නේ මතකයට...
    අටුවා නැතිව එලි වෙනතුරු කියවන්න...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,418
    25,637
    113
    සුපිරි නූලක් වෙනවා වේවා!

    ඔය මිරිහාන නුගේගොඩ පාර ( Stanley Thilakarathna Road) ඉස්සර කරත්ත පාරක් ලු. ඔය මැද හරියේ ගස් ගොම්මනක් අතර උල්පත් ලිඳක් තිබ්බා ලු. ( තාම තියෙනවා, පුස්සැල්ල meat shop එක හරියේ ඉස්සරහින් තියෙන කොළකැඳ කඩේ පිටිපස්සේ)

    රත්නේ කියලා වනචරයෙක් කැළේ ට වෙලා, නාන කෙල්ලෙක් දිහා බලන් ඉඳලා. කෙල්ල ආපහු දේවාල පාර පැත්තට නියර දිගේ යනකොට අරුත් පස්සෙ යන ගමන් මේ පද 3 කිව්ව ලු.

    ගමන බැලුවා ට වැටි වැටී පස්සේ
    නැන්දා එනවද බලා බලා හනිකේ
    පස්සේ ගෝමර දැක හද ගැස්සේ

    කෙල්ල කිව්වා ලු එක පාරටම

    "අ" යියා "ප"ස්සේ සොපියා ලිස්සලා ගියේ.....

    කියලා 🤣😂

    (මූට හොර සොටක් හිටියා ලු සොපියා කියලා)

    අරකි ගිහින් ගමේ කතාව පතුරලා.....

    පස්සේ

    "Inspector / IP රත්නේ" කිව්වාම පළාතේම ප්‍රසිද්ධ යි ලු.

    (කවිය මතක නැති නිසා, නැවත ලීවෙමි)
     
    එළ එළ (y)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha

    මෙන්ශන් වෙලා මක්කැයි කියලා බැලුවා
    තියනව සුපිරි නූලක් මෙහි පල වීලා
    පළමු කතා පෙල බැලුවම කියවාලා
    ආවා මටත් කවියක් පද ගැලපීලා

    කන්නට දෙන්න වෙන කටවල් වැඩිවීලා
    හින්දද පූසො විතරක් මෙහි අතහැරලා
    දෙන්නට අමාරුමනං කන්නට උයලා
    ගෑනියි ළමයිනුත් දාපන් ගෙන විල්ලා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මෙන්ශන් වෙලා මක්කැයි කියලා බැලුවා
    තියනව සුපිරි නූලක් මෙහි පල වීලා
    පළමු කතා පෙල බැලුවම කියවාලා
    ආවා මටත් කවියක් පද ගැලපීලා

    කන්නට දෙන්න වෙන කටවල් වැඩිවීලා
    හින්දද පූසො විතරක් මෙහි අතහැරලා
    දෙන්නට අමාරුමනං කන්නට උයලා
    ගෑනියි ළමයිනුත් දාපන් ගෙන විල්ලා
    Dance Doll GIF
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔන්න එහෙනම් තවත් පොඩි කතාවක්. මේකත් ඇත්තම සිද්ධියක්. අපේ කතානායකයා දැන් වයස අවුරුදු 65ක විතර uncle කෙනෙක්. මෑන් කොල්ලා කාලේ යාළුවොත් එක්ක කොළඹ වෙසක් බලන්න යන්න සෙට් වෙලා වේයන්ගොඩ ස්ටේෂන් එකට ගියාලු. ඔක්කොම කොල්ලෝ 11 දෙනෙක් ඉඳලා තියෙනවා. පොර ටිකට් කවුන්ටරේට රුපියල් 20ක් දීලා ටිකට් ඉල්ලුවලු;
    -- "මහත්තයා, මරදානට ටිකට් 11යි, ඉතුරුවාට බීඩි යි දෙන්ඩ" -- :rofl:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔන්න එහෙනම් තවත් පොඩි කතාවක්. මේකත් ඇත්තම සිද්ධියක්. අපේ කතානායකයා දැන් වයස අවුරුදු 65ක විතර uncle කෙනෙක්. මෑන් කොල්ලා කාලේ යාළුවොත් එක්ක කොළඹ වෙසක් බලන්න යන්න සෙට් වෙලා වේයන්ගොඩ ස්ටේෂන් එකට ගියාලු. ඔක්කොම කොල්ලෝ 11 දෙනෙක් ඉඳලා තියෙනවා. පොර ටිකට් කවුන්ටරේට රුපියල් 20ක් දීලා ටිකට් ඉල්ලුවලු;
    -- "මහත්තයා, මරදානට ටිකට් 11යි, ඉතුරුවාට බීඩි යි දෙන්ඩ" -- :rofl:
    මොකක්........😂😂😂😂
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔන්න එහෙනම් තවත් පොඩි කතාවක්. මේකත් ඇත්තම සිද්ධියක්. අපේ කතානායකයා දැන් වයස අවුරුදු 65ක විතර uncle කෙනෙක්. මෑන් කොල්ලා කාලේ යාළුවොත් එක්ක කොළඹ වෙසක් බලන්න යන්න සෙට් වෙලා වේයන්ගොඩ ස්ටේෂන් එකට ගියාලු. ඔක්කොම කොල්ලෝ 11 දෙනෙක් ඉඳලා තියෙනවා. පොර ටිකට් කවුන්ටරේට රුපියල් 20ක් දීලා ටිකට් ඉල්ලුවලු;
    -- "මහත්තයා, මරදානට ටිකට් 11යි, ඉතුරුවාට බීඩි යි දෙන්ඩ" -- :rofl:
    suppa
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අඩෝ කවි නම් කවි මේකෙ @KasunKDP ගෙ කවි තමයි. මේකෙ ත්රෙඩ් එකක් තිබ්බ ඉරෝසන්ලත් එක්ක කවි කියපු
     
    • Like
    Reactions: Ryan08

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    3 වන කථාව

    අපේ ගමේ තවත් කවි හැකියාව තියෙන මුදලාලි කෙනෙක් හිටියලු මත්තෙස් කියලා. දවසක් පොඩි කොල්ලෙක් කඩේට ඇවිත් හකුරු ඉල්ලුවලු. මේ කොල්ලා දිහා බලපු මත්තෙස් මුදලාලි හකුරු බෝතලේ අරින ගමං කියවලු මෙන්න මෙහෙම ..................

    “කළු කොල්ලගෙ මල්ලි වගේ මූන මුගෙ නපුරු

    ‍බාබර් කෙනෙක් කොන්ඩෙ කපලා පේනව මුගෙ රුසිරු

    සල්ලි දෙකක් අරං ආවෙ කන්ඩ වාගෙ හකුරු

    කියල කියනකොට මුදලාලි දිහා පොඩි එකා කට ඇරගෙන බලං ඉන්න කොල්ලාට මුදලාලි මෙහෙම කියලා කවිය අවසන් කලා...........

    කො‍ල්ලො නිකං පලකො යන්න නොගහ මෙතන පතුරු” ‍

    කියලා

    තව දවසක් මේ මත්තෙස් මුදලාලිට ප‍ලවෙනි කතාවෙ හිටිය ඇක්මන් (මිනිහත් හොඳ කවියා කියලා තාත්තා කියනවා) මෙන්න මෙහෙම කිව්වලු

    මත්තෙස් වරෙන් ගහගන්නට එක එල්ලේ
    ඇක්මන් මම නිවසන කටුවලමුල්ලේ

    කියලා

    තව කථා තියෙනවා....... ඉවර නැහැ......