ඇත්ත. කොච්චර උනත් කරන්න ඔ්නෙ ඉගෙන ගන්න එක නේද..
ෆොරෙක්ස් හරි බයිනරි හරි..වෙන දෙයක් හරි ... හරියට උගන්වන තැනක් තමයි හොයන්න ඔ්නෙ.. හොරන්ට අහුවෙලා සල්ලි නැති කරගන්නෙ නැතුව
මචං.. ඒක මාසෙකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි... මම යෝජනා කරන්නෙ ඔයා කියපු ගෑණු දරුවට ගෙදර ඉඳන් කරන්න පුළුවන් ලංකාවෙ වැඩක් (උදාහරණ විදියට ඔන්ලයින් ජොබ්ස්, අඩුම තරමෙ ලියුම්කවර අලවන එක, හඳුන්කූරු හදන එක වගේ එකක් හරි) කරල පොඩි ආදායමක් ගන්න ගමන්, ද්විතීක ආදායමක් විදියට ෆොරෙක්ස් හරි, ස්ටොක්ස් හරි
ඉගෙන ගන්න එක හොඳයි කියල.. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව බයිනරි කියන්නෙ අමු සූදුවක්.. බ්‍රෝකර් ලා market manipulate කරනවා සෑහෙන්න.. අවදානම ඉතා වැඩියි.. ෆොරෙක්ස් කියන්නෙ ඊට වඩා අවදානම අඩු දෙයක්.. හැබැයි ආදායමත් බයිනරි තරම් නෑ.. ලංකාවෙ කොටස් වෙලඳපලේ ආයෝජනය කරන්න පුළුවන් නම් වාසි අවාසි කිහිපයක් තියෙනවා (මම පහලින් දාන්නම්).. ඒ වගේම ස්ටොක්ස් වල අවදානමත් අඩුයි... ආදායමත් සාපේක්ෂව අඩු වෙන්න පුළුවන්.. මම ලංකාවෙ කොටස් වෙලඳපලේ ආයෝජනය කරන්න කිිවුවෙ අපිට පිටරටවල් වල කොටස් වෙලඳපලවල් වල ආයෝජනය කරන්න පුළුවන් අවස්ථා දැනට ඉතාමත් අඩු මට්ටමක තිබීම..
ලංකාවේ කොටස් වෙලඳපලේ ආයෝජනය කිරීමේ අවාසි
01. රටේ තියෙන තත්ත්වෙත් එක්ක කොයි වෙලාවෙ කඩන් වැටෙයි ද දන්නෙ නෑ
02. ප්‍රධාන වෘපාරිකයන් කිහිපදෙනෙක් විසින් (ධම්මික පෙරේරා, දිලිත් ජයවීර වගේ) වෙලඳපල කෘතිමව හසුරුවන නිසා natural movements වලට වඩා fake movements තියෙන්න පුළුවන්
03. ආදායම අඩුයි පොඩි ගාණක් ආයෝජනය කරොත්
වාසි
01. අපේ රටේ වෙලඳපල ගැන කියවෙන නිසා අපිට රටේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන තොරතුරු දැනගන්න ලේසියි. (ෆොරෙක්ස් කරොත් ඇමරිකාවෙ, එංගලන්තෙ, EURO zone එකේ, ජපානෙ වගේ පිටරටවල් වල දේශපාලනික, ව්‍යාපාරික, ආර්ථික, සමාජමය ආදි ගොඩාක් up to date තොරතුරු ලබා ගැනීමෙ ගැටළුවක් තියෙනවා)
02. අවධානම අඩුයි. ඒ නිසා පාඩු වීමේ ප්‍රතිශතයත් අඩුයි
(මම දැනට බයිනරි සහ ෆොරෙක්ස් තමයි කරල තියෙන්නෙ අවුරුදු 05ක් විතර.. කොටස් වෙලඳපලේ ආයෝජනය කරල නෑ.. ඒකට හේතුව මට ලොකු capital එකක් නැතිකම)