ජීවිතේ

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දැන් අවුරුදු 29 ක් වෙනවා.
    social phobia වලට ටික කාලයක් බෙහෙත් බිව්වා.

    මට මිනිස්සු එක්ක කතා කරන්න සමාජ සම්බන්ධතා හදාගන්න බැරි ප්‍රශ්නයක් තියනවා. "ආ කොහොමද? කඩේ ගියාද? නෑවද කෑවද බිව්වද?" වගේ හිතවත්කම් හදාගන්න කතාබහ කරන්න තේරෙන්නේ නෑ, වචන එන්නේ නෑ. හේතුවකට හැරුනම එහෙම කතාකරන එක බොළඳයි වගේ හිතෙන්නේ. එහෙම කතා නොකළා කියලා මට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ නිසා ගෙදර අයට, අනිත් මිනිස්සුන්ට අවුල් යන නිසා මටත් අවුල්. මොකක් හරි හේතුවකට කතා කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ.

    ඉස්සර ඉඳන් එක එක කටහඬවල් සමහරවෙලාවට ඇහෙන එකක් තිබුනා මතකයි. මේ ළඟකදී දවස පුරාම වගේ කටහඬවල් ඇහෙන්න ගත්තා. මේක ලෙඩක් කියලා දැනගත්තේ ගෙදර අයට කිව්වට පස්සේ. කටහඬවල් වලින් ඇහෙන්නේ මට බනිනවා එක එක ඒවාට. ඒකට දැන් බෙහෙත් බොනවා. (හිස්ටීරියා නේද?)

    බෙහෙත් නිසා නිදිමත ගතිය එනවා, කිසි වැඩක් කරන්න බෑ ගෙදර හිටියත්. බෙහෙත් නිසාම වෙන්න ඕනේ අවධානය අඩු ගතියක් දැනිලා තියනවා සමහර වෙලාවට. ඉස්සර මට වැඩක් නොකර ඉන්න බෑ. දැන් පැය ගණන් නිකම් කල්පනා කරන්න පුළුවන්.

    මගේ අල්ලට යටිපතුලට දාඩිය දානවා. මේකත් social phobia වලට වෙන දෙයක් කියලා තේරිලා තියෙන්නේ.

    ජොබ් 20 කට විතර ගිහින් තියනවා. දවසෙන් දෙකෙන් එනවා. එකක්වත් හරියට කරන්න බෑ.
    දැන් depression තදින්ම තියනවා කියලා දන්නවා. ගෙදර මිනිස්සුන්ට බරක් වෙලා ඉන්නේ. කරගන්න දෙයක් හිතාගන්න බෑ.
    මැරෙන්න හිතුනට ඒකටත් බයයි. මැරෙන වේදනාවට.
    සමහර දවස් වලට එකදිගට පැයගණන් හිතට එනවා දිවිනසාගන්න සිතුවිලි.

    social phobia වලට බෙහෙත් අරන් අවුරුදු දෙකක් විතර ටිකක් හොඳට හිටියා.
    ආයේ මේ කොරෝනා ලොක්ඩවුන් එකයි, ඒක නිසා කරන්න හිටිය පොඩි බිස්නස් එකක් කරගන්න බැරිවුනා ඒ නිසා තමයි මේවා ආයේ පටන්ගත්තේ.

    මගේ අතේ simian line එකත් තියනවා. මේක විද්‍යාත්මක සම්බන්ධයක් තියද ලෙඩ වලට?
    මං මොකක්ද කරන්නේ? ඇයි මේ ලෙඩ මහ ගොඩක් එන්නේ?
    මට මේවට ප්‍රතිකාර ගන්න තැනක් නැද්ද නැවතිලා හරි? (මහගොඩක් සල්ලි වියදම් කරන්න විදියක් නෑ මට ජොබ් එකක්වත් නැති නිසා.)
    මේවාට උදව් ගන්න පුළුවන් ලංකාවේ ආයතන මොනවා හරි තියද? stress අඩු ජොබ් එකක් හොයාගන්න උදව්කරන වගේ තැන්.
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    " මගේ අතේ simian line එකත් තියනවා." මාත් බැලුව මොකක්ද මේ simian line එක කියල. ගූගල් කළාම දැක්කේ, ඔය රේඛාව නැති එකෙක් නෑ. මෝඩ මිත්‍යා විශ්වාස පස්සේ යන්න එපා, ආතල් එකේ ඉන්න, වෙලාවට බෙහෙත් බොන්න, හවසට ටිකක් ඇවිදින්න, සුරතල් සතෙක් එහෙම හදන්න, හොඳ හොබී එකක් පටන් ගන්න.

    මිනිස්සු හැම එකාම සවුත්තු නෑ. අද මගේ පර්ස් එක පාරේදී හැලුන, එක ගැන ආසාව අතැරලා හිටිය, ඔක්කොම කාඩ් කැන්සල් කළා, පොළිස් එන්ටරි එකක් දාන්න හැදුව අයිඩී එක හදාගන්න. එත් හවස කෝල් එකක් ආව පර්ස් එක තියෙනවා ගන්න එන්න කියල. සතයක් වත් අඩු වෙලා තිබ්බේ නෑ. ත්‍යාගයක් දෙන්න හැදුවත් එපා කිව්වා. ඉතින් ලෝකේ හොඳ මිනිස්සුත් ඉන්නවා, එහෙම හොඳ යාළුවො ටිකක් හදාගෙන ආතල් එකේ ඉන්න
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,946
    2,995
    113
    1. physiatrist knkgen beheth ganna
    2. over react wagema over thinking epa mchn. uba normal kiyla hithanna. anith aya wage wenna yanna epa. uba witharak newei social phobia thiyena godak aya innwa.
    3. Job ekakata aniwaryen yanna. gihin eke iwasagena inna. uba social phobia thiyenawa kiyla danna nisa ain wenna hithena welata kelinma hithanna ubata social phobia thiyena nisai ain wenna hithenne kiyla.
    4. Mithya wishwasa karanna epa. uba ubawa wishwasa karanna patan ganna.

    oya tika karala balanna. habai aniwaryen 1 eka karanna.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,867
    5,061
    113
    Pandora
    ජිවිතේ නැති කරගන්ට වගේ මෝඩ තීරණ ගන්ට එපා බන්. මට ඔයාගේ ලෙඩේ ගැනනම් උපදෙස් දෙන්ට idea එකක් නෑ.
    ඒත් රස්සාවක් හොයාගෙන කීයක් හරි එන විදියක් හදාගත්තනම් ඔය තියෙන ප්‍රශ්න ටිකක් අඩුවෙයි. රස්සාවකට ගිහින් කරන්ට බෑ වගේ නම් freelancing වගේ ට්try කරොත් මොකද? හැබැයි ඉතින් මොකක්හරි skill එකක් තියෙන්ට ඕනි. නැත්නම් ඉගෙන ගන්ට වෙනවා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඕක උබට විතරක් තියෙන දෙයක් නෙවෙයි ලෝකේ ගොඩක් උන්ට තියෙන දෙයක්. බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්. හැම වෙලේම පොසිටිව් හිතන්න ට්‍රයි කරපන්. ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා කොයිම වෙලාවකවත් හිතන්න එපා උබට අඩුමගානේ පවුලේ අය හරි ඉන්නවා. ගොඩ එන්න පුළුවන් උබේ අවදානය ප්‍රොයෝජනවත් දෙයකට යොදවපන්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    මටත් ඔය ටිකම තමයි. ඔයිට අන්තයි මම හිතන්නේ. හැබැයි ඔය කට හඬවල් ඇහෙන සීන් එකක් නම් නෑ. අනිත් ඔයාට තියෙන අවුල් + තව අවුල් තියෙනවා. තමන්ටම තමයි ඉතින් වෙනස් වෙන්න පුළුවන්. Try කරමු වෙනස් වෙන්න බැරිවෙන එකක් නෑ
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    " මගේ අතේ simian line එකත් තියනවා." මාත් බැලුව මොකක්ද මේ simian line එක කියල. ගූගල් කළාම දැක්කේ, ඔය රේඛාව නැති එකෙක් නෑ. මෝඩ මිත්‍යා විශ්වාස පස්සේ යන්න එපා, ආතල් එකේ ඉන්න, වෙලාවට බෙහෙත් බොන්න, හවසට ටිකක් ඇවිදින්න, සුරතල් සතෙක් එහෙම හදන්න, හොඳ හොබී එකක් පටන් ගන්න.

    මිනිස්සු හැම එකාම සවුත්තු නෑ. අද මගේ පර්ස් එක පාරේදී හැලුන, එක ගැන ආසාව අතැරලා හිටිය, ඔක්කොම කාඩ් කැන්සල් කළා, පොළිස් එන්ටරි එකක් දාන්න හැදුව අයිඩී එක හදාගන්න. එත් හවස කෝල් එකක් ආව පර්ස් එක තියෙනවා ගන්න එන්න කියල. සතයක් වත් අඩු වෙලා තිබ්බේ නෑ. ත්‍යාගයක් දෙන්න හැදුවත් එපා කිව්වා. ඉතින් ලෝකේ හොඳ මිනිස්සුත් ඉන්නවා, එහෙම හොඳ යාළුවො ටිකක් හදාගෙන ආතල් එකේ ඉන්න
    hukanawa dala aye ubata aurudu ganak yai card hadaganna. card genna $$ nahane :no: :no:
    reactivate karaganna balapan
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    දැන් අවුරුදු 29 ක් වෙනවා.
    social phobia වලට ටික කාලයක් බෙහෙත් බිව්වා.

    මට මිනිස්සු එක්ක කතා කරන්න සමාජ සම්බන්ධතා හදාගන්න බැරි ප්‍රශ්නයක් තියනවා. "ආ කොහොමද? කඩේ ගියාද? නෑවද කෑවද බිව්වද?" වගේ හිතවත්කම් හදාගන්න කතාබහ කරන්න තේරෙන්නේ නෑ, වචන එන්නේ නෑ. හේතුවකට හැරුනම එහෙම කතාකරන එක බොළඳයි වගේ හිතෙන්නේ. එහෙම කතා නොකළා කියලා මට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ නිසා ගෙදර අයට, අනිත් මිනිස්සුන්ට අවුල් යන නිසා මටත් අවුල්. මොකක් හරි හේතුවකට කතා කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ.

    ඉස්සර ඉඳන් එක එක කටහඬවල් සමහරවෙලාවට ඇහෙන එකක් තිබුනා මතකයි. මේ ළඟකදී දවස පුරාම වගේ කටහඬවල් ඇහෙන්න ගත්තා. මේක ලෙඩක් කියලා දැනගත්තේ ගෙදර අයට කිව්වට පස්සේ. කටහඬවල් වලින් ඇහෙන්නේ මට බනිනවා එක එක ඒවාට. ඒකට දැන් බෙහෙත් බොනවා. (හිස්ටීරියා නේද?)

    බෙහෙත් නිසා නිදිමත ගතිය එනවා, කිසි වැඩක් කරන්න බෑ ගෙදර හිටියත්. බෙහෙත් නිසාම වෙන්න ඕනේ අවධානය අඩු ගතියක් දැනිලා තියනවා සමහර වෙලාවට. ඉස්සර මට වැඩක් නොකර ඉන්න බෑ. දැන් පැය ගණන් නිකම් කල්පනා කරන්න පුළුවන්.

    මගේ අල්ලට යටිපතුලට දාඩිය දානවා. මේකත් social phobia වලට වෙන දෙයක් කියලා තේරිලා තියෙන්නේ.

    ජොබ් 20 කට විතර ගිහින් තියනවා. දවසෙන් දෙකෙන් එනවා. එකක්වත් හරියට කරන්න බෑ.
    දැන් depression තදින්ම තියනවා කියලා දන්නවා. ගෙදර මිනිස්සුන්ට බරක් වෙලා ඉන්නේ. කරගන්න දෙයක් හිතාගන්න බෑ.
    මැරෙන්න හිතුනට ඒකටත් බයයි. මැරෙන වේදනාවට.
    සමහර දවස් වලට එකදිගට පැයගණන් හිතට එනවා දිවිනසාගන්න සිතුවිලි.

    social phobia වලට බෙහෙත් අරන් අවුරුදු දෙකක් විතර ටිකක් හොඳට හිටියා.
    ආයේ මේ කොරෝනා ලොක්ඩවුන් එකයි, ඒක නිසා කරන්න හිටිය පොඩි බිස්නස් එකක් කරගන්න බැරිවුනා ඒ නිසා තමයි මේවා ආයේ පටන්ගත්තේ.

    මගේ අතේ simian line එකත් තියනවා. මේක විද්‍යාත්මක සම්බන්ධයක් තියද ලෙඩ වලට?
    මං මොකක්ද කරන්නේ? ඇයි මේ ලෙඩ මහ ගොඩක් එන්නේ?
    මට මේවට ප්‍රතිකාර ගන්න තැනක් නැද්ද නැවතිලා හරි? (මහගොඩක් සල්ලි වියදම් කරන්න විදියක් නෑ මට ජොබ් එකක්වත් නැති නිසා.)
    මේවාට උදව් ගන්න පුළුවන් ලංකාවේ ආයතන මොනවා හරි තියද? stress අඩු ජොබ් එකක් හොයාගන්න උදව්කරන වගේ තැන්.
    මේක අහන්න.

    මේ අනාගතවකතෘ වරයෙක් මෙයා ඔයාට යාච්ඥා කරනවා. සමහර විට ඔයාට තියෙන්නේ ලෙඩක් නෙවේ එක්කෝ ලග පාත කවුරු හරි ඔයාගේ පොටෝ එකකට කටු ගහලා හෝ කොඩිවින හෝ හූනියම් හෝ කරල වෙන්න පුලුවන්. ඔය වගේ ඕන තරම් අය මෙහෙන් සනීප වෙලා තියනවා. බොරු නම් යූ ටියුබ් එක නරබන්න. බල කරන්නැ කැමතිනම් යන්න ගියොත් ආපු විදියට නොවේ සම්පූර්නයෙන්ම ඔයාව සුව වෙලා තමයි එන්නේ. බය වෙන්න එපා. (පිලිකා,යක්ෂ බලවේග,මිනිස් බලයෙන් සුව කල නොහැකි රෝග, කුඩු වැනි විවිධ වැරදි දේවල් වලට ඇබ්බැහි වුවන්ට නිදහස පවා ලැබෙනවා)
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේක අහන්න.

    මේ අනාගතවකතෘ වරයෙක් මෙයා ඔයාට යාච්ඥා කරනවා. සමහර විට ඔයාට තියෙන්නේ ලෙඩක් නෙවේ එක්කෝ ලග පාත කවුරු හරි ඔයාගේ පොටෝ එකකට කටු ගහලා හෝ කොඩිවින හෝ හූනියම් හෝ කරල වෙන්න පුලුවන්. ඔය වගේ ඕන තරම් අය මෙහෙන් සනීප වෙලා තියනවා. බොරු නම් යූ ටියුබ් එක නරබන්න. බල කරන්නැ කැමතිනම් යන්න ගියොත් ආපු විදියට නොවේ සම්පූර්නයෙන්ම ඔයාව සුව වෙලා තමයි එන්නේ. බය වෙන්න එපා. (පිලිකා,යක්ෂ බලවේග,මිනිස් බලයෙන් සුව කල නොහැකි රෝග, කුඩු වැනි විවිධ වැරදි දේවල් වලට ඇබ්බැහි වුවන්ට නිදහස පවා ලැබෙනවා)

    me born again boru labbekne... hora kurusiya minissunge pashnawalin prayoyojana ganna epa
     
    ලෝකෙට විහිළුවක් වෙන්ට එපා.

    මේ වගේ රෙද්දවල් පස්සේ යන්ටන්ම් එපා උබනම්. අන්තිමේදී ඔය ඉන්න තත්වෙන් තවත් පල්ලෙහාට වැටෙයි
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    me born again boru labbekne... hora kurusiya minissunge pashnawalin prayoyojana ganna epa
    හරි මම මුකුත් කියන් නැ තමුන් කියනවනේ මේවා හොර කියලා. ඒක ඔප්පු කරලා පෙන්වන්න. මෙතනට ප්‍රභල දේශපාලඥයින්, උගතුන්, යුද්දේදී ඉහල පුටුවල හිටපු Wasantha Karannagoda, roshan gunathilake වගේ අය එනවා යේසුස් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න. බොරුවක් නම් මෙච්චර ප්‍රභල අය එයිද අනික විශේෂඥ වෙෙ ද්‍යවරු පවා එනවා. මොකද කියනවානම් රෝග වලට බෙහෙත් තියනවා නමුත් පාපයෙන් හට ගන්නා රෝග වලට ලෝකයේ බෙහෙත් නැ ඒකට එකම බෙහෙතයි. ඒ යේසුස් වහන්සේගේ රුධිරය පමනයි. මේවා බොරු කියන උන්ට කියන්න තියෙන්නේ මේ වගේ අසරනයින්ට මනුස්සය පිහිටක් නැති වෙලාවේ මේ අයට තියන අවසාන එකම විකල්පය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමනයි.

    ලෝකෙට විහිළුවක් වෙන්ට එපා.

    මේ වගේ රෙද්දවල් පස්සේ යන්ටන්ම් එපා උබනම්. අන්තිමේදී ඔය ඉන්න තත්වෙන් තවත් පල්ලෙහාට වැටෙයි

    ලෝකයාට විහිලුව්ක් නෙවෙයි බේ‍රා් ලෝකයා ඉර්ෂියාවෙන් යුක්තව වික්ෂිප්ත වී සිටිනවා මොකද. යේසුස් වහන්සේගේ ක්‍රියා කිරීම නිසා. ඒ අයට අදහගන්න බැ. ඔබ දන්නවද මුලු ලෝකයාම පාපය නිසා අදුරට යද්දී ඒ අය වෙනුවෙන් දෙ වියන්වහන්සේට රෑ දවල් දණින් හිද නිරහාරව මේ අය යාච්ඥා කරන බව. මේකේ අදුරු පැත්ත කවුරුත් කතා කරන්නැ. මෙන්න මේකයි තිත්ත ඇත්ත. මේ පාස්ට දවස් 21 හැම මාසෙම වගේ උදේ දවල් නොකා රෑට එලවලු පමනක් ආහාරයට ගෙන යාච්ඥා කරනවා තව ලංකාවේ මේ වගේ දේවගැතිවරු දනහිසින් ඉදන් නිරහාරව වේල් ගනන් වතුර නොබී යාච්ඥා කරනවා. ඒ කරන යාච්ඥාවෙන් ලැබෙන බලයෙන් තමා මිනිස්සුන්ට අදහගන්න බැරි අනවින, කොඩිවින, බන්ධන, සූනියම්, මිනීඅලු, පාප, ශාප, මිනිස් මුඛයෙන් කරනු ලබන ශාප, ඉර්ෂීයා ශාප කඩන්නේ පිලිකා, ලේ පිලිකා, කිහිලිකරු වලින් එන අයට නිදහස, මානසික රෝග වලට නිදහස, වෛද්‍ය වරුන්ට සුව කල නොහැකි රෝග වලට නිදහස ලැබෙන්නේ. සමහරු කියනවා ඕව ඇයි පිලිකා රෝහලට ගිහිල්ලා කරන්න බැරි කියලා. යේසුස් වහනසේ කිව්වේ. වෙහෙසවන්නාවු බර උසුලන්නාවු සියල්ලෙනි මා වෙතට එන්න මම නුබලාට සහනය දෙමි කියාය. මෙතන නිකං පේජ් වලට ඇවිත් බොරු බොරු කියලා කට වචනයනේ නැතුව බොරු නම් ඒවා ඔප්පු කරන්න. මේක මිනිසා ස්වකීය ප්‍රඥාවෙන් කරනු ලබන දෙයක් නම් නවත්වන්න, කඩා දමන්න, බිද දමන්න, බෝම්බ ගහන්න පුලුවන්, නමුත් ඉහලින් එන යේසුස් වහන්සේගේ අනුග්‍රහයෙන් සිදු කරන මේ සේවාවන් සදාකාලිකව කාටවත් නතර කල නොහැක.
    ------ Post added on Mar 10, 2022 at 12:23 PM
     
    ------ Post added on Mar 10, 2022 at 1:53 PM
    උබලා තමා real මානසික ලෙඩ්ඩු. ගාණට වැඩිය ආගම්වලට වහල් වෙන්ට එපා මචං. අන්තිමේදී මානසික ලෙඩෙක් වෙලා නවතින්නේ.