වාහන මාකට් එකට දොබෙන් යන්න කෙලවෙනවා.. අනාවැකි අංක 537278

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    😑

    මේක අලුතෙන් කියන්න දෙයක් නම් නෙමේ මම මීට වසර එකහමාරකට වගේ කලින් ඉදන් කිව්ව දෙයක්.

    දැන් සවිස්තරාත්මකව කියන්නම් වෙන දේ...

    පලමුව කියන්න ඕන - "වාහන මාකට් එක කෙලවීම යනු අද රුපියල් ලක්ශ 50ට යන එක හෙට ලක්ශ 5ට යෑම නොවේ... " නොතේරුනානම් නැවත කියවන්න. අපි දන්නේ නෑ රුපියල කොහෙන් නවතීද කියලා. එක නින්දක් නිදාගෙන නැගිටිනකොට ඩොලර් එක දහ ගුනේකින් ඉහල ගිහින් තියෙන දවසක් එන්නේ නෑ කියන්න කාටවත් බෑ. ඒවා මේ ලෝකේ උන දේවල් මීට කලින්. ඒ නිසා රුපියල් වලින් කෙලවීම කියන්න උඩ ඉන්න දෙයියො තමා දන්නේ. සමහර විට වාහනේ විකුනලා අදට වඩා "සල්ලි කොල ගොඩක්" ලැබේවි. හැබැයි ඒ සල්ලියෙන් අද කරන්න පුලුවන් දේවල් වලින් 100න් එකක් වත් කරන්න ලැබෙන්නෑ.

    ඒ වගේම මද්‍යම පන්තියට බඩගෑවෙන්න කෙලවෙනකොට යකඩ ගොඩවල් වලට වියදම් කරන්න , ෆ්‍රීස් කරන්න සල්ලියක් ඉතුරු වෙන්නැ ඉස්සර වගේ. පහුගිය කාලේ ඇත්තටම ලංකාවේ මද්‍යම පන්තියේ යම් ආකාරෙක අනවශ්‍ය වාහන පරිභෝජනයක් තිබ්බ. ඔය කොලඹ සහ ප්‍රදාන නගර ආසන්න වාහන ටික ඇරෙන්න චුට්ටක් ඇතුලට ගිය ගමන් තියෙන්නේ ගරාජ් අස්සේ දාං පැලකරන වාහන. ගෙදර උන් ගමන් බිමන් යන්නේ බස් එකේ බයික් එකේ. මේ සේරම මාකට් එකට එනවා ඉස්සරහට. විකුනලා වෙන එකක් ගන්න නෙමේ විකුනලා කාලා ඇදලා ඉන්න මුදල් හොයාගන්න. ඒ වගේම මද්‍යම පන්තියේ ටිකක් ඉහල කොටසෙන් මයිග්‍රේට් කරන්න පටන් ගන්නවා යන්නන පුලුවන් හැම එකාම. පේස්ට්‍රි ඇන්ඩ් බේකරි අයිටම් කෝස් කරපු උන් පවා යන්න යනවා. මේ වෙනකන් මැදපෙරදිග ශ්‍රීලාංකික කම්කරුවන් "පාරේ" වැඩකලේ නෑ. හේතුව ඒ ගෙව්ව පඩිය වටිනාකමක් නෑ රට රස්සාවකට. ඒත් අද මිඩ්ල් ඊස්ට් වල අඩුම පඩිය වෙච්ච පාර අතුගාන කෙනෙක් ගන්න දිරාම් 1000ක් කියන්නේ රුපියල් 70000ක්.. රජයේ ලිපිකරුවෙක් ගුරුවරයෙක්ගේ පඩියක දෙගුනයක්.. (ඉස්සර යුද්දේ ඉවර උන කාලෙන් පස්සෙ රුපියල් 28000ක් වගේ තිබ්බේ). ඉතින් අඳ ගොලු බිහිරි නොවන ඔටුවෙක් නාවගන්න පුලුවන් එකාගෙ ඉදන් ඉහලම වෘතිකයයන් දක්වා බහුතරයක් යන්න යනවා. වාහන වැඩි ප්‍රමානයක් මාකට් එකට එනවා

    අනෙක් අතට ස්පෙයාපාර්ට් ටයර් සහ ඉන්දන මිල මද්‍යම පාන්තිකයාට දරන්න බැරි සීමාව ඉදිරි සති කීපයේම පන්නනවා. එතකොට කිරිපිටි පැකට් එක එන්ජින් මවුන්ට් එකට වඩා ගේමක් වෙනවා. නිකමට හිතන්න පාසැල් ගුරුවරයෙක්ගේ ආරම්බක වැටුපෙන් පැට්‍රල් ලීටර් කීයද ගන්න පුලුවන්. පෙට්‍රල් ලීටරේ මිල ඩබල් වෙයි බොහොමම ඉක්මනට. ලොකු වැටීමක් වෙන්නත් කලින්ම

    සාපේක්ශව බැලුවොත්

    ඇල්ටො වගේ පොඩි කාර් සහ හයිබ්‍රිඩ් නොවන අමුනන් දුවන්න පුලුවන් සරල පොඩි කාර් වලට ඉල්ලුමක් ඉදිරියට තියේවි

    පෙට්‍රල් ලෑන්ඩ්කෲසර් සිග්නස්, පෙට්‍රල් පජෙරෝ මොන්ටේරෝ 2002-2006 වට්ටක්කා සහ 2007-2015 වගේ වෙනකන් පෙට්‍රල් සෙන්ටර් ස්පෙයාවීල්, 2007-2012 පමන පෙට්‍රල් ලෑන්ඩ්කෲසර් v8 ඔය කියන ගනන් වලට ගන්න බල්ලෙක් වත් නැති වෙනවා. දැනටම සිග්නස් වලට ගනන් කියනවා විතරයි වික්ක එකක් නෑ. මොකද මේ වාහන පන්තිය ඉහලම සල්ලි තියෙන උන් ගන්නේ නෑ. උන් කීය උනත් කරටි ගනන් වලට රේන්ජ්රෝවර් ඇලුත් ලෑන්ඩ්කෲසර් පදිනවා. මැද මට්ටමේ උන්ට මේවගේ නඩත්තු දරන්න බෑ. ලංකාවේ ඉහලම සල්ලි තියෙන පිරිස සහ දෙවෙනි පන්තිය අතර ගැප් එක ඉතිහාසේ නොවූ ලෙස වැඩි වෙනවා. මැද පන්තියේ දෙවන පෙල සල්ලිකාරයන්ගේ පරිභෝජන භාන්ඩ දඩෝං බිම තමා...

    හම්බ කරලා ගෙවන්න හිතාන පිස්සු පීකුදු මිලවල් වලට ගත්ත kdh වලට එහෙම වෙන සෙතේ කියන්න ඕන නෑනේ

    ටොයොට නිසාන් හොන්ඩ වගේ කොමන් පොඩි වාහන මොඩල් ටිකට යම් ඉල්ලුමක් පවතීවි. ඒ කිව්වේ ඉල්ලුම ගැන. ඉල්ලුම සහ මුදල දෙකක් .. මුදලින් ගත්තොත් සාපේක්ශව වාහන කියන දේ අඩු වෙලා තියේවි. උදාහරනෙකට අද ටොයොටා ප්‍රෙමියෝ එකක් හාල් කිලෝ 100Y ක මිලනම් එදාට 25Y ක මිල වේවි. (Y යනු නියත අගයකි). ඕක දැනටම පේනවා 2020 මුල කෝටි දෙකක් කිව්වේ සද බොදවෙන මිලක් හොද ගෙයක් මිලදී ගන්න. අද ඒ ගානට ඉක්මන් එකේ හොද හරක් මඩුවක් වත් තියෙනවද බලන්න. මොකද වාහන වලට කෘතීම මිලක් තිබ්බට (බොක්ස් ප්‍රාඩෝ එකේ මිලෙන් බාගෙකට වඩා පොත විකිනෙනවනේ ඉතින්😂) ගෙයක ගොඩනැගිල්ලක ඇත්තම මැටීරියල් කොස්ට් එකක් තියෙනවා.

    තව ඉස්සරහට,

    "හොද කිරි එළදෙනක් ඉන්නවා... එළදෙනයි කෝලිකුට්ටු කෙසෙල් කැන් 4කුයි ගොටුකොල මිටි 3කුයි කොස් ගෙඩියකින් බාගෙකුයි පොල් ගෙඩියකුයි ඉංග්‍රීසි අකුරු තුනේ පෙට්‍රල් ප්‍රාඩෝ එකකට මාරු කරනවා

    එළදෙන විතරක් නම් ප්‍රෙමියෝ එකකට අව්ලක් නෑ. හැබැයි ඒකත් ඉංග්‍රීසි අකුරු තුන

    අකුරු දෙකේ ප්‍රෙමියෝ එකකටනම් කොස් පලුව විතරයි

    ලීෆ් එකක් නම් ගොටුකොල මිටිය තමා. ඒකත් ගැටගහපු කෙසෙල් පට්ට පටිය නැතුව

    කෙසෙල් පට්ට පටිය පලාත්සබා පජෙරෝ එකකට ඕකේ. හැබැයි ෆ්ලට් රූෆ් වෙන්න ඕන"

    කිව්වොත් පුදුම වෙන්න එපා....

    ලෙබනන් ගිය පාරේ ගානට මග සලකුනු කරන් යනවා. හැබැයි අපි වැටුනොත් ලෙබනන් තරම් ලේසියෙන් සිවිල් ජීවිතේ ගොඩ එන්නේ නෑ. ලෙබනන් වල ජනගහනය වගේ හරියටම දහ ගුනයක් (ඔව් ඇත්තටම දහ ගුනයක්) පිට රටවල ඉන්නවා. ලෙබනන් අනික් පැත්ත හැරෙව්වත් මේ ඩොලර් ටික ලෙබනන් වලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය විදිහට කොයි පාරෙන් හරි එනවා. ඒ වගේම ලෙබනන් වල රියල් සල්ලි කාරයෝ විශාල පිරිසකගේ කමියුනිටි එකක් තියෙනවා. ලංකාවට ඔය දෙකම නෑ. ඔය ලංකාවේ අලුත් පරපුරේ යූටියුබ් රගන අලුත පිපුනු මල් කැකුලු සල්ලි කාරයන්ගේ උපරිමම වත්කම තමා පදින 2010-2015 විතර බෙන්ස් එකට අව්ඩියට bmw එකට ගෙව්ව ඩවුන් පේමන්ට් එකයි මේ වෙනකන් දාලා තියෙන වාරික ටිකයි.. ඒකත් ෆුල් ලීස් කරල ගත්තනම් මේ වෙනකන් දාලා තියෙන වාරික ටික විතරයි😂. නැගෙනහිර තෙල් ගොඩ දාන්න ඕන කිව්ව ඉන්වෙස්ට්මන්ට් එක රට ඇතුලේ දම්මිකයි ඉශාරගෙයි මුලු වත්කමට වඩා අඩු උනා.. එහෙව් එකේ මේක අල්ලගන්න ලෙබනන් වල වගේ ලොකු හයි හත්තිය ඇති "වැඩි පිරිසක්" නෑ. වැඩි පිරිසක් කෙසේවෙතත් ඇත්තෙම නෑ.

    ඒ නිසා දැන්වත් ගොබ්බ වැඩ නොකර හැම සතයක්ම ඉස්සරහට අමුඩේ තදකරගන්න පුලුවන් දේකට, ජීවිතේ ගෙනියගන්න පුලුවන් දේකට වැයකරන්න.

    ඔය වාහන ලක්ශ 70-80ට ගිය වාහන කෝටි ගනන් වලට ගත්ත අයට තම්බං කන්න තමා වෙන්නේ.. කලා වැවට ගල් ඇද්ද බොක්ස් ප්‍රාඩෝ, පලාත්සබා පජෙරෝ, ඉන්ටකූලර්, ඩිෆෙන්ඩර් එහෙම කෝටි ගනන් වලට ගත්ත ඈයන්ටනම් ඉතින් තම්බං කන්න දෙයක් නෑ කලින් බිව්ව පුන්නක්කු බාල්දියටම තව වතුර ටිකක් වැඩියෙන් දාලා පුන්නක්කු පොඩ්ඩක් අඩුවෙන් දාලා පිරිමහගන්න තියෙන්නෙ..


    🖊️👉 Fb කෝසල එදිරිසිංහ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Okath hariyata Minissunta Pohottuwatati, UNP, Sajabetai Chande denna epa kiwwa wage thamai..Kawadawath wenne na..
     
    • Like
    Reactions: topkollek

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    ඩොලර් එක එන්න එන්න වැඩි වෙද්දි වාහන අඩු වෙයි කියලා හිතන්න අමාරුයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට වඩා කෙල උන රටවල් තියෙන්නෙ ඒවගෙ වාහන මිල අඩුද?????
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    අපිට වඩා කෙල උන රටවල් තියෙන්නෙ ඒවගෙ වාහන මිල අඩුද?????
    නෑ. මේකේ දැන්මේ වෙන එකෙක්ට බලන්න.

    බලද්දී ඒකත් වේලාසන දාල. රී පෝස්ට් එකක් මගෙන්
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    Alto එක 35යි ... WagonR එක 50 + ...ඔය වෙන්න තියෙන දේ ඉක්මනට වෙන්නෙ නැතිවෙයිද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අපිට වඩා කෙල උන රටවල් තියෙන්නෙ ඒවගෙ වාහන මිල අඩුද?????

    උබ බලං ඉන්නෙ උබෙ මහින්ද බයික් කට්ට කෝටියක් වෙනකන් ද? මොන ජීවිත ද බන් මේ
     
    • Haha
    Reactions: kolavari

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    මම රේන්ජ් රෝවර් එකක් අලුතෙන් ගන්න හිතන් හිටියේ ඒත් එක පාරම සේල් කාරයා පට්ට ගාණක් ඉස්සුවා. ඒ ගාණට ගන්න එක පාඩු නිසා තව අවුරුද්දකින් දෙකකින් එකක් ඉම්පෝට් කරන්න හිතාගෙන allion, axio, premio or prius පාවිච්චි කරපු එකක් ගන්න ඉන්නේ මේ මාසේ හෝ ලබන මාසය ඇතුලත. තව, එක පාර සල්ලි නොදී ලීස් කරලා ගන්න බැලුවේ. op ඔබේ අදහස මොකක්ද මේ ගැන? වාහන ගැන technical දැනුමක් මට නැහැ.
     
    • Sad
    Reactions: Thilantdm