AliExpress එකේ දාන සමහර ඕඩර් එන්නෙ නැති ප්රශ්නයක් තියෙනවානේ මේ ටිකේ. හුඟදෙනෙක් අවුල කොතනද තියෙන්නෙ කියලා දැනන් හිටියත් නොදන්න අයගෙ දැනගැනීමටයි මේ සටහන තියන්නෙ.
දැන් මේ පාර්සල් පරක්කු වෙන්න හේතුව Bridges Worldwide කියන අපේ රටේ courier company එකක්. AliExpress එකේ සමහර shipping methods මෙයාලා හරහයි එන්නෙ. ඒවායේ tracking number එක පටන් ගන්නෙ BW කියලා. පාර්සල් පරක්කු වෙච්ච අයගෙ order shipping information බැලුවානම් තේරෙයි ඒවායේ tracking number BW00XXXXXXXSL වගේ එකක් තියෙයි. ඒ shipping method තෝරපු orders හැම එකකම පාර්සල් තොග විදිහට මෙයාලට ඇවිත් ලංකාවේ බෙදාහැරීමක් කෙරෙන්නෙ. හැබැයි දැන් පේන විදිහට BW එක කොන්ත්රාත්තුව ගත්තට ඉල්ලුමට සරිලන සේවාවක් දීගන්න බැරිව හිරවෙලා ඉන්නෙ. එයාලට කෝල් කරාම ආන්සර් කරන්නෙ නෑ ලේසියෙන්. එහෙම ආන්සර් කරත් කියන්නෙ Pronto, Certis Lanka එකට බාරදීලා තියෙන්නෙ වගේ කතා. මමනම් දැන් හිත හදාගෙන එනකන් ඉවසන් ඉන්නවා. Dispute දැම්මෙ නෑ අවුල අපේ රටේ හින්දා. මම සෙලර්ට මැසේජ් එකක් දාලා order confirmation time දික්කර ගත්තා. නොවැම්බර් දාපු එකකට දැනට දෙපාරක්ම එහෙම කරගත්තා. සමහර sellers එහෙම message දැම්මම respond කරන්නෙ නෑ. එහෙම උනොත් order confirmation time එක ඉවර වෙන්න කලින් dispute open කරලා refund ගන්න. හැබැයි පරක්කු වෙලා පාර්සලේ ආවොත් ආයෙ message එකක් දාලා payment link එකක් ඉල්ලගෙන අවංකව ගෙවන්නත් මතක තියාගන්න. මගේ පරක්කු වෙච්ච පාර්සල් 6කින් එක දවසෙ(දෙසැ. 14) දාපු ඕඩර් 4ක් දවස් 70කට පස්සෙ ආවා. මේ ඕඩර් 4ම දවස් 8න්(දෙසැ. 22) ලංකාවට ආවා කියලා tracking පෙන්නුවත්, ගෙදරට යවන්න තව දවස් 62ක් ගත්තා BW එකෙන්. ( copied)
