ආහාර වල අඩංගු වෙන්නේ , සරල සීනී glucose, සංකීර්ණ සීනී ( පිශ්ටය) , මේද llipids ( cholesterol, triglyceride සහ විවිධ සංකීර්ණ තෙල් ජාති), සරල amino acids , peptides ,proteins . තව විටමින් සහ විවිධ ලෝහ සහ ලවන තියේ,
කටේ දි කෙල වල තියන එන්සයිම වලින් සංකීර්ණ අනු ( පිශ්ටය -> සීනී හෝ සරල සීනි ) වලට කැඩෙනව ,,,
කොටසක් ආමශයේදී උරා ගන්නවා
ඊට පස්සේ අග්න්‍යාශය අඩංගු එන්සයිම මගින් වලින් තව දුරටත් ඉතුරු සන්කීර්න අනු සරල අනු වලට කඩනවා
කුඩා අන්ත්රයට එනකොට
අනිතිමට ඔය සේරම එක්කො සීනී, ඇමයිනෝ අම්ල, කොලෙස්ටරෝල් හරි glycerol සහ fatty acids ( triglyceride සහ cholesterol esters වලින් ) බවට පත් වෙනවා
ඒවා වෙන වෙනව අවශෝෂණය කරන්වා,,
ජල ද්‍රව්‍ය ඒවා නිකම්ම යනවා
අනික් ඒවාට transporters / transport mechanisms තියනවා ...
ඇගේ අවශ්‍යතා ව අනුව සීනී ඉක්මනින් ශක්තිය බවට හරවනවා, එහෙමඔනී නැත්තං අක්මවේ හෝ මාන්ශ පේශි තුල glycogen විදියට තැම්පත් කරනවා... තවත් වැඩි නම් triglyceride කරන්නත් පුළුවන් , එතකොට තමා සීනි වලිනුත් තෙල් හැදෙන්නෙ
කොලෙස්ටරෝල් වසා පද්ධතිය ගිහින් ලේ වලට එකතු වෙනවා
Insulin ,glucogan වගේ හෝමෝන level එකේ හැටියට eඒවා දහනය කරලා ශක්තිය ගන්නවා ද නැත්තම් තෙල් විදියට තැම්පත් කරනව ද කියා තීරණය ව්ව්නවා...
ඇමයිනෝ අම්ල , athyaawshaya නොවන ඇමයිනෝ අමල හදන්නයි ප්‍රෝටීන හදන්නයි ගන්නවා
විටමින් සහ ඛනිජ වෙනම විදියකට අවශෝෂණය වෙනවා
ශක්තිය ඕනී වෙන වෙලාවට,
සිරුරේ සීනි මදි නම්
සන්කීර්න සීනී, ඒ කියන්නේ glycogen කඩල සීනී කර ගන්නවා
Glucose දහනය වෙනකොට ශක්තිය , කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා
ඒත් මදි නම් ඊලගට fatty acids කැඩෙනවා , ඒවයින් ketone bodies kiyala ජාතියක් හැදිලා අන්තිමට කාබන් ඩයොක්සයිඩ් වෙනව ශක්තිය සහ ජලය ලැබෙනවා
ඒත් මදි නම් ප්‍රෝටීන කැඩිල එන ඇමයිනෝ අම්ල වලින් සීනි හඩලා දනය කරනවා
මේ මොනව දහනය කලත් ශක්තිය හදන්නේ ATP. NADH/ NADPH, FAD/FADH විදියට
මේවා කැඩෙනව ද තැම්පත් වෙනව ද කියා තීරණය වෙන්නේ insulin , glucagon සහ වෙනත් හෝමෝන වල ක්‍රියා කාරීත්වය මතේ
------ Post added on Apr 5, 2022 at 7:49 PM
තව type කරන්න බෑ බන් කම්මලි
තේරෙන්නෙ නැති එකක් තියන්ව නම් අහන්න
------ Post added on Apr 5, 2022 at 7:50 PM
පහල ප්‍රශ්නෙ පස්සෙ දැක්කේ
මේදය කලින් කිව්ව වගේ ට්‍රයිග්ලිසරයි කොලෙස්ටරෝල් සල මේද අම්ල විවිදියට ගන්නවා ...
එවා එකතුවෙලා
බඩවැල් වලින් chylomycrone කියල ජාතියක් හැදෙනවා ,
අක්මාවට ගිහින් VLDL ( very low density lipo proteins හැදෙනවා .. ඒවා ලේවලින් අරන් ගිහින් ප්ර්යොජනට ගන්නව හෝ තැම්පත් කරනවා..
තව් ජාතියක් තියන්ව H (High) DL කියල -
හදෙන විදිය කිව්වොත් පැටලෙන වා -
ඒව කරන්නේ ලේ වල තියන කොලෙස්ටරෝල් ආපහු අක්මාවට ගෙනත් දහනය කරන එක හරි පිත එක්ක ඉවත් කරන එක හරි කියල හිතා ගම්න ..
එවා ලේවලින් ආපහු එනකොට ලේවල අනික් පැත්තට යන chylo saha VLDL වලින් කොලෙස්ටරෝල් ගන්නවා
එතකොට
VLDL -> IDL -> LDL බවට පත් වෙනවා
------ Post added on Apr 5, 2022 at 8:10 PM