ආහාර ජීරණය හා මේදය උරාගැනීම --පැහැදිලි කරන්නකෝ

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,048
    6,970
    113
    Nawala
    අහාර ජීර්ණය , මේදය , ලිපිඩ, අතිරේක ශක්තිය මේද ලෙස තැම්පත් වීම, මේද දහනයෙන් ශක්තිය නැවත ලබාගැනීම, ග්ලුකෝස් දහනයෙන් නැවත ශක්තිය ලබාගැනීමවගේ ජීර්ණය සම්බද ක්‍රියාවලිය පැහැදිලි කරන වැඩසටහනක් හොයලා දෙන්නකෝ. මට ඔය ඉහත කියපු දේවල් හරියටම වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ ...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,048
    6,970
    113
    Nawala
    YouTube search karanna

    ------ Post added on Apr 4, 2022 at 2:07 PM

    Thanks Bro !

    මම youtube බැලුවා නමුත් මම හොයන දේ හමුවුනේ නෑ. මේ vido දෙකේත් එක නෑ.

    මම අහන්නේ ආහාර ජීර්ණ පද්දතිය ගැන නෙමේ. මට දැනගන්න ඕනේ :

    අපි තෙල් සහිත ආහාරයක් ගත්තහම එක මේදය විදිහටමද තැම්පත් කරගන්නේ ?
    එතකොට පිස්ටය ගත්තොත් එකත් මේදය විදිහට තැම්පත් වෙනවද ?
    සීනි ගත්තත් වැඩිපුර ශක්තිය මේදය විදිහට ද තැම්පත් කරන්නේ ? , ඒ කොහෙද ? එම තපත් වුන මේදය නැවත ශක්තිය විදිහට හරවන්නේ මොන අවශ්‍ය තා යටතේද ?
    ට්‍රයි ග්ලිසරයිඩ්, HDL, LDL හැදෙන්නේ ඔය ක්‍රියාවලියේද ?

    ඔන්න ඔයවගේ ප්‍රශ්න වලට උත්තර, නමුත් මේ එක video වකවත් ඒක පැහැදිලි කරලා නෑ
     
    • Love
    Reactions: usa_nihaal

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    පිටි සිනි ඔක්කොම අක්මාවේ glycogen widihata තැම්පත් වෙනවා. අක්මාව full unahama skin eka yata fat widihata තැම්පත් වෙනවා.
     
    • Like
    Reactions: Starry Night

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    Thanks Bro !

    මම youtube බැලුවා නමුත් මම හොයන දේ හමුවුනේ නෑ. මේ vido දෙකේත් එක නෑ.

    මම අහන්නේ ආහාර ජීර්ණ පද්දතිය ගැන නෙමේ. මට දැනගන්න ඕනේ :

    අපි තෙල් සහිත ආහාරයක් ගත්තහම එක මේදය විදිහටමද තැම්පත් කරගන්නේ ?
    එතකොට පිස්ටය ගත්තොත් එකත් මේදය විදිහට තැම්පත් වෙනවද ?
    සීනි ගත්තත් වැඩිපුර ශක්තිය මේදය විදිහට ද තැම්පත් කරන්නේ ? , ඒ කොහෙද ? එම තපත් වුන මේදය නැවත ශක්තිය විදිහට හරවන්නේ මොන අවශ්‍ය තා යටතේද ?
    ට්‍රයි ග්ලිසරයිඩ්, HDL, LDL හැදෙන්නේ ඔය ක්‍රියාවලියේද ?

    ඔන්න ඔයවගේ ප්‍රශ්න වලට උත්තර, නමුත් මේ එක video වකවත් ඒක පැහැදිලි කරලා නෑ
    elakiri1 nane mchn nutrition kenek... good thread mchooooooo
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Thanks Bro !

    මම youtube බැලුවා නමුත් මම හොයන දේ හමුවුනේ නෑ. මේ vido දෙකේත් එක නෑ.

    මම අහන්නේ ආහාර ජීර්ණ පද්දතිය ගැන නෙමේ. මට දැනගන්න ඕනේ :

    අපි තෙල් සහිත ආහාරයක් ගත්තහම එක මේදය විදිහටමද තැම්පත් කරගන්නේ ?
    එතකොට පිස්ටය ගත්තොත් එකත් මේදය විදිහට තැම්පත් වෙනවද ?
    සීනි ගත්තත් වැඩිපුර ශක්තිය මේදය විදිහට ද තැම්පත් කරන්නේ ? , ඒ කොහෙද ? එම තපත් වුන මේදය නැවත ශක්තිය විදිහට හරවන්නේ මොන අවශ්‍ය තා යටතේද ?
    ට්‍රයි ග්ලිසරයිඩ්, HDL, LDL හැදෙන්නේ ඔය ක්‍රියාවලියේද ?

    ඔන්න ඔයවගේ ප්‍රශ්න වලට උත්තර, නමුත් මේ එක video වකවත් ඒක පැහැදිලි කරලා නෑ

    ඔය ටික තියෙන්නේ ඉස්සර A/L සිලබස් එකේ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ආහාර වල අඩංගු වෙන්නේ , සරල සීනී glucose, සංකීර්ණ සීනී ( පිශ්ටය) , මේද llipids ( cholesterol, triglyceride සහ විවිධ සංකීර්ණ තෙල් ජාති), සරල amino acids , peptides ,proteins . තව විටමින් සහ විවිධ ලෝහ සහ ලවන තියේ,

    කටේ දි කෙල වල තියන එන්සයිම වලින් සංකීර්ණ අනු ( පිශ්ටය -> සීනී හෝ සරල සීනි ) වලට කැඩෙනව ,,,
    කොටසක් ආමශයේදී උරා ගන්නවා

    ඊට පස්සේ අග්න්‍යාශය අඩංගු එන්සයිම මගින් වලින් තව දුරටත් ඉතුරු සන්කීර්න අනු සරල අනු වලට කඩනවා

    කුඩා අන්ත්‍රයට එනකොට

    අනිතිමට ඔය සේරම එක්කො සීනී, ඇමයිනෝ අම්ල, කොලෙස්ටරෝල් හරි glycerol සහ fatty acids ( triglyceride සහ cholesterol esters වලින් ) බවට පත් වෙනවා
    ඒවා වෙන වෙනව අවශෝෂණය කරන්වා,,
    ජල ද්‍රව්‍ය ඒවා නිකම්ම යනවා
    අනික් ඒවාට transporters / transport mechanisms තියනවා ...

    ඇගේ අවශ්‍යතා ව අනුව සීනී ඉක්මනින් ශක්තිය බවට හරවනවා, එහෙමඔනී නැත්තං අක්මවේ හෝ මාන්ශ පේශි තුල glycogen විදියට තැම්පත් කරනවා... තවත් වැඩි නම් triglyceride කරන්නත් පුළුවන් , එතකොට තමා සීනි වලිනුත් තෙල් හැදෙන්නෙ

    කොලෙස්ටරෝල් වසා පද්ධතිය ගිහින් ලේ වලට එකතු වෙනවා

    Insulin ,glucogan වගේ හෝමෝන level එකේ හැටියට eඒවා දහනය කරලා ශක්තිය ගන්නවා ද නැත්තම් තෙල් විදියට තැම්පත් කරනව ද කියා තීරණය ව්ව්නවා...

    ඇමයිනෝ අම්ල , athyaawshaya නොවන ඇමයිනෝ අමල හදන්නයි ප්‍රෝටීන හදන්නයි ගන්නවා

    විටමින් සහ ඛනිජ වෙනම විදියකට අවශෝෂණය වෙනවා

    ශක්තිය ඕනී වෙන වෙලාවට,
    සිරුරේ සීනි මදි නම්
    සන්කීර්න සීනී, ඒ කියන්නේ glycogen කඩල සීනී කර ගන්නවා
    Glucose දහනය වෙනකොට ශක්තිය , කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා

    ඒත් මදි නම් ඊලගට fatty acids කැඩෙනවා , ඒවයින් ketone bodies kiyala ජාතියක් හැදිලා අන්තිමට කාබන් ඩයොක්සයිඩ් වෙනව ශක්තිය සහ ජලය ලැබෙනවා

    ඒත් මදි නම් ප්‍රෝටීන කැඩිල එන ඇමයිනෝ අම්ල වලින් සීනි හඩලා දනය කරනවා

    මේ මොනව දහනය කලත් ශක්තිය හදන්නේ ATP. NADH/ NADPH, FAD/FADH විදියට

    මේවා කැඩෙනව ද තැම්පත් වෙනව ද කියා තීරණය වෙන්නේ insulin , glucagon සහ වෙනත් හෝමෝන වල ක්‍රියා කාරීත්වය මතේ
    ------ Post added on Apr 5, 2022 at 7:49 PM

    තව type කරන්න බෑ බන් කම්මලි
    තේරෙන්නෙ නැති එකක් තියන්ව නම් අහන්න
    ------ Post added on Apr 5, 2022 at 7:50 PM

    පහල ප්‍රශ්නෙ පස්සෙ දැක්කේ

    මේදය කලින් කිව්ව වගේ ට්‍රයිග්ලිසරයි කොලෙස්ටරෝල් සල මේද අම්ල විවිදියට ගන්නවා ...

    එවා එකතුවෙලා
    බඩවැල් වලින් chylomycrone කියල ජාතියක් හැදෙනවා ,
    අක්මාවට ගිහින් VLDL ( very low density lipo proteins හැදෙනවා .. ඒවා ලේවලින් අරන් ගිහින් ප්‍ර්‍යොජනට ගන්නව හෝ තැම්පත් කරනවා..
    තව් ජාතියක් තියන්ව H (High) DL කියල -

    හදෙන විදිය කිව්වොත් පැටලෙන වා -

    ඒව කරන්නේ ලේ වල තියන කොලෙස්ටරෝල් ආපහු අක්මාවට ගෙනත් දහනය කරන එක හරි පිත එක්ක ඉවත් කරන එක හරි කියල හිතා ගම්න ..

    එවා ලේවලින් ආපහු එනකොට ලේවල අනික් පැත්තට යන chylo saha VLDL වලින් කොලෙස්ටරෝල් ගන්නවා
    එතකොට
    VLDL -> IDL -> LDL බවට පත් වෙනවා
    ------ Post added on Apr 5, 2022 at 8:10 PM
     
    ස්තුතියි!....දැනුම බෙදීම යනු පින්කමකි... එම නිසා ඔබ තවදුරටත් උසස් අද්යාපන හදාරන්නේක්නම් ඒ කටයුතු ඉහලිම සාර්ථක වේවා!.. දරුවන් සිටිනම් ඔවුන්ට ඉහලම අද්යාපන ප්‍රතිපල ලැබේවා!!!

    මචන් මට පොඩි ප්‍රශ්න ටිකක් තියනවා, වෙලාවක් තිබ්බොත් උත්තරයක් දෙන්න.

    • හිතන්නකෝ, මම සම්පුර්න අහාර වේලක් අරන් පැයක් ගතවෙලා. දැන් මගේ ලේ වල අවශ්‍ය ප්‍රමාණයට සිනි තියනවා. දැන් මම ඇග වෙහෙසලා ක්‍රීඩාවක් කරනවා. එතකොට අවශ්‍ය ශක්තිය නිපදවන්නේ අර ලේ වල තියන සිනි වලින්ද ? නැතිනම් අක්මාවේ හෝ ශරීරයේ තැම්පත් වෙලා තියන මේදයෙන් නද ?
    • සාමාන්‍ය තත්ත්ව යටතේ අමතර මේදය තැම්පත් කරන්නේ අක්මාවේ ද ශරීරයේ යම් යම් ස්ථාන වලද (යටිබඩ වැනි )?
    • මේදය තැම්පත් කරන ස්ථානය (අක්මාව හේ වෙනත් ස්ථානයක්) තීරණය වන්නේ කුමන සාදක මතද ?
    • අනවශ්‍ය මේදය ශරීරයේ විවිද ස්ථානවල තැම්පත් වීම නිසා මහත්වුන අයගේ වුනත් ගොඩක් වෙලාවට fatty liver තත්වයක් දකින්න නෑ. එහෙනම් වැඩිපුර මේදය පටක අතර තැම්පත්වෙලා.., කුමන වේලාවෙන් පස්සෙද ඉතිරිය අක්මාවේ තැම්පත් කරන්නේ ?
    • ලේවල සිනි මදි වෙලාවට, තැම්පත් වෙලා තියන fat කෙලිම ශක්තිය බවට හරවනවද ? නැතිනම් ඒවා සිනි බවටහ හැරිලා පසුව ශක්තිය වෙනවද ?
    • අපි තෙල් අහාර ගතවිට ඒවායේ තියන fat කෙලිම fat විදිහට තැම්පත් වෙනවද ?
    • මේක විශේෂිත ප්‍රශ්නයක් # මම දැක්කා සිරුරේ බර අඩුකරගන්න (අනවශ්‍ය මේදය අඩුකරගන්න ) උපදෙස්දෙන (by a doctor ) වැඩසටහනක කියනවා කෑම පිගන Cabo 1/5 + protein 1/5 + fat 3/5 විදිහට සකසා ගන්න කියනවා. මෙහිදී අනවශ්‍ය මේදය අඩුකරන්න යනවනම් ඇයි කෑම පිගානේ වැඩිම ප්‍රතිශතය විදිහට මේදය පිටතින් තව ගන්නේ ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,048
    6,970
    113
    Nawala
    පිටි සිනි ඔක්කොම අක්මාවේ glycogen widihata තැම්පත් වෙනවා. අක්මාව full unahama skin eka yata fat widihata තැම්පත් වෙනවා.
    අනවශ්‍ය මේදය ශරීරයේ විවිද ස්ථානවල තැම්පත් වීම නිසා මහත්වුන අයගේ වුනත් ගොඩක් වෙලාවට fatty liver තත්වයක් දකින්න නෑ. එහෙනම් අක්මාව full වුනාට පස්සේ වැඩිපුර මේදය සමට යටින් තැම්පත් කරනවා වෙන්න පුලුවන්ද ?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ආහාර ජීර්ණ ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒත් මම මුල ඉදලම මේක කියන්නම්, ටයිප් කරන්න ටිකක් වෙලාව යනවා. පැය බාගයක් වගේ යාවි. මම මෙතන දාන්නම් ඔක්කොම ප්‍රශ්න වලට උත්තර
     
    • Like
    Reactions: Starry Night

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    තිස්ස ජනනායක් සර්ගේ විඩියෝ එකක් ඇති බලන්න
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Thanks Bro !

    මම youtube බැලුවා නමුත් මම හොයන දේ හමුවුනේ නෑ. මේ vido දෙකේත් එක නෑ.

    මම අහන්නේ ආහාර ජීර්ණ පද්දතිය ගැන නෙමේ. මට දැනගන්න ඕනේ :

    අපි තෙල් සහිත ආහාරයක් ගත්තහම එක මේදය විදිහටමද තැම්පත් කරගන්නේ ?
    එතකොට පිස්ටය ගත්තොත් එකත් මේදය විදිහට තැම්පත් වෙනවද ?
    සීනි ගත්තත් වැඩිපුර ශක්තිය මේදය විදිහට ද තැම්පත් කරන්නේ ? , ඒ කොහෙද ? එම තපත් වුන මේදය නැවත ශක්තිය විදිහට හරවන්නේ මොන අවශ්‍ය තා යටතේද ?
    ට්‍රයි ග්ලිසරයිඩ්, HDL, LDL හැදෙන්නේ ඔය ක්‍රියාවලියේද ?

    ඔන්න ඔයවගේ ප්‍රශ්න වලට උත්තර, නමුත් මේ එක video වකවත් ඒක පැහැදිලි කරලා නෑ
    Ow fat deposit wenawa...carbs ..sugar kohomath deposit wenawa....ekane carbs...sugar ganna eka limit karana kiyanne...eka ne dan kastiya keto karanne....keto balapan...keto amd choleterol wage gahala hoyapan....imermetting fasting wage keywords balapan....oya mct oil wage saturatws fat tuk gaala burn wenawa...store wenawa adui.... mono..poly fat kapan..avacado wage ewa store wenna kalin daily usage ekata gannawa.... sugar...carbs wala wadi tika thamai oya triglycerides kiyala passe use karanna ithuru wenne...kammali ban digata gahanna.
    .ara keywords follow karapan
     
    • Like
    Reactions: Starry Night

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    • හිතන්නකෝ, මම සම්පුර්න අහාර වේලක් අරන් පැයක් ගතවෙලා. දැන් මගේ ලේ වල අවශ්‍ය ප්‍රමාණයට සිනි තියනවා. දැන් මම ඇග වෙහෙසලා ක්‍රීඩාවක් කරනවා. එතකොට අවශ්‍ය ශක්තිය නිපදවන්නේ අර ලේ වල තියන සිනි වලින්ද ? නැතිනම් අක්මාවේ හෝ ශරීරයේ තැම්පත් වෙලා තියන මේදයෙන් නද ?

    ඕනිම වෙලාවක මුලිම්ම අවශ්‍ය ශක්තිය විදියට ගන්නේ ඒ මොහෙතේ ලේ වල තියන ග්ලුකෝස් වලින්, ඊළඟට අක්මාවේ, පේශි වල තියන ග්ලයිකොජන් වලින් අන්තිමට තමා මේද ගන්නේ.
    සාමන්යෙන් කියන්නේ ශරීරය වෙහෙසවලා පැය 1/2 යනකම් මේද දහනය පටන්ගන්නේ නෑ කියල, ඒ කියන්නේ පැයක් ව්‍යායාම කලොත් මේද ටික පිච්චෙන්නේ අන්තිම පැයේ විතරයි

    • සාමාන්‍ය තත්ත්ව යටතේ අමතර මේදය තැම්පත් කරන්නේ අක්මාවේ ද ශරීරයේ යම් යම් ස්ථාන වලද (යටිබඩ වැනි )?
    යටි බඩ :rolleyes: බඩේ පහල ??
    ශරීරයේ මේදය දෙවිදියකට තැම්පත් වෙනවා

    1649223607743.jpeg

    What-is-the-Difference-Between-Visceral-and-Subcutaneous-Fat_Figure1.jpg

    අක්මාවේ තැම්පත් වෙන එක සාමාන්‍ය නෑ

    preview-lightbox-291042_BlogHeaderImage_op2_092118-1200x565.png

    • මේදය තැම්පත් කරන ස්ථානය (අක්මාව හේ වෙනත් ස්ථානයක්) තීරණය වන්නේ කුමන සාදක මතද ?
    • අනවශ්‍ය මේදය ශරීරයේ විවිද ස්ථානවල තැම්පත් වීම නිසා මහත්වුන අයගේ වුනත් ගොඩක් වෙලාවට fatty liver තත්වයක් දකින්න නෑ. එහෙනම් වැඩිපුර මේදය පටක අතර තැම්පත්වෙලා.., කුමන වේලාවෙන් පස්සෙද ඉතිරිය අක්මාවේ තැම්පත් කරන්නේ ?
    අක්මාවේ මේදය එහෙම නැත්තම් fatty liver එන්නේ අක්මාවේ තෙල් දහනයට වඩා වැඩිපුර අක්මාවට ලැබුනම
    මෙතන තෙල් කිව්වට ට්‍ර්යිග්ලිසරිඩ් තමා තෙල් විදියට තැම්පත් වෙන්නේ
    එතකොට සීනි, ඇල්කොහොල්, මේද ඔක්කොම මේ කට වග කියන්න ඔනී

    ඒ නිසයි සීනි වැඩි වෙනකොට අක්මාවේ තෙල් එන්නේ

    • ලේවල සිනි මදි වෙලාවට, තැම්පත් වෙලා තියන fat කෙලිම ශක්තිය බවට හරවනවද ? නැතිනම් ඒවා සිනි බවටහ හැරිලා පසුව ශක්තිය වෙනවද ?

    එහෙම ඔනී නෑ

    obesityf3.jpg

    • අපි තෙල් අහාර ගතවිට ඒවායේ තියන fat කෙලිම fat විදිහට තැම්පත් වෙනවද ?
    • මේක විශේෂිත ප්‍රශ්නයක් # මම දැක්කා සිරුරේ බර අඩුකරගන්න (අනවශ්‍ය මේදය අඩුකරගන්න ) උපදෙස්දෙන (by a doctor ) වැඩසටහනක කියනවා කෑම පිගන Cabo 1/5 + protein 1/5 + fat 3/5 විදිහට සකසා ගන්න කියනවා. මෙහිදී අනවශ්‍ය මේදය අඩුකරන්න යනවනම් ඇයි කෑම පිගානේ වැඩිම ප්‍රතිශතය විදිහට මේදය පිටතින් තව ගන්නේ ?
    fat ජාති ගොඩක් තියනව , එතකොට තැම්පත් වෙන විදිය වෙනස්
    cholesterol , fatty acids , තව ගොඩක් ඒවා
    මොනවා විදියට තැම්පත් උනත් නහර වල තැම්පත් වෙන එක තමා ප්‍රශ්නේ වෙන්නේ
    කෙනෙක් ගේ අගේ තියන fat ප්‍රමාණය මත ඒක වැඩි වෙනවා
    විසරල් ෆැට් වැඩි නම් රිස්ක් එක වැඩි

    කලින් කිව වගේ ග්ලුකෝස් වලින් තැම්පත් වන ෆැට් ප්‍රමාණය වැඩි වෙන නිසා ශරීරයෙ ශක්ති අවශ්‍ය තාවය ෆැට් වලින් සපයා ගන්න එක තමා එතැනදී කරන්නේ