මහින්ද ලැජ්ජාවක් නැද්ද?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1649739693726.jpg

    මහින්ද ඔයාට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද?' මුලින්ම එසේ අසන්නේ වෙන අසන්නට දෙයක් නැති නිසාය. මේ තරම් අර්බුදයක් නිර්මාණය කරලත් මහින්ද රාජපක්ෂ යන්නේ නැත්තේ ලැජ්ජාවක් ගෑවිලාවත් නැති නිසා නොවේ නම් වෙන කුමක් නිසාද? 'මම යන්නෙ මොකටද කොල්ලො කියන්නේ 'ගෝටා ගෝ හෝම්; කියලනේ අපේ හාන්දුරුවනේ' කියලා කියන්නට මහින්දට හිතෙන්නට පුළුවන. මහින්ද එසේ නොකියාවි යැයි විශ්වාස කරන්නට බැරිය.

    පසුගියදා පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මේ කතාවේ එක පැත්තක් කිව්වේය.
    'මුළු රටම කියන්නේ ගෝටා ගෝ හෝම් කියලා. ගෝටා ගෝ හෝම් කියන එක පළමුවෙන්ම මුළු රටටම ඇහෙන්න කෑගහලා කිව්වෙ මම. අගමැතිතුමාට ඒක නැහැ කියලා කියන්න බැහැ. ගෝඨාභය රජපක්ෂ මහත්තයව ජනාධිපති අපේක්ෂකයා හැටියට යෝජනා කරනකොට පළමුවෙන්ම විරුද්ධ වුණේ මම.

    මම කිව්ව දෙන්න එපා. ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් වෙලා නෑ. කවදාවත් දේශපාලනේට ගෑවිලා නෑ. ඒ නිසා දෙන්න එපා ජ්‍යෙෂ්ටත්වයට දෙන්න කියලා. මහින්ද මහත්තයා ඒක ඇහුවෙ නෑ. මහින්ද මහත්තයා පවුලේ කෙනෙක් දාන්න ඕනි නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට දුන්නා. මහින්ද මහත්තයා වැරදි තීරණයක් ගත්ත නිසා අද මුළු රටම ගිනි ගන්නවා.

    මෙතන (පාර්ලිමේන්තුව) ඉන්නවා එදා හිටපු කට්ටිය.එදා මම ඒක කියද්දිත් තමුන්නාන්සේලා විරුද්ධ වුණා. එදා මහින්ද සුළඟ ගේන වෙලාවේ මෛත්‍රී මහත්තයා ශ්‍රී ලංකා අයට නීතියක් දැම්මා ඒ වේදිකාවට නගින්න එපා එකියලා. ඒත් අපි බය නැතුව නැග්ගා. අපි හිතුව මහන්ද මහත්තයා පවුලේ අයව සම්බන්ධ කරගන්නේ නැතිවෙයි කියලා.

    ඒත් මහින්ද මහත්තයා පවුලේ අයව සම්බන්ධකරගත්තා. ඒ නිසා මේකට වග කියන්න ඕනි වෙන කවුරුවත් නෙවෙයි. මම පැහැදිලිවම කියනවා මේකට වගකියන්න ඕනි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා. 2005 ඉදලා 2010 වෙනකම් මහින්ද මහත්තයා මේ රටට විශාල සේවයක් කළා. එතුමා තමයි රට බේරලා දුන්නේ. නමුත් 2010 න් පස්සේ මේ රටේ මිනිස්සු එතුමාව රජ කෙරෙව්ව.' වෙල්ගමගේ මේ කතාව සම්පූර්ණ ඇත්තය.

    ඒ එක්පැත්තකි. මේ ආර්ථික අර්බුදය නිර්මාණය කරන්නේ මහින්ද රාජපක්ෂය. මේ ආර්ථික බුබුල පිපිරී යනවා යැයි බොහෝ දෙනා දැන සිටියහ. එහෙත් එය 2025 න් පසුව බොහෝ විට 2030 දී පුපුරා යනු ඇතැයි ආර්ථික විශේෂඥයන්ගේ මතය විය. එහෙත් ගෝලීය වසංගතය අර්බුදය ඉක්මන් කළේය. ආර්ථික විශේශඥයන් ආර්ථික බුබුල පිපිරෙනවා යැයි කියන්නට ගත්තේ යුද්ධයෙන් පසුව රට ගොඩගන්නට ලැබුණු අවස්ථාව මහින්ද විසින් මඟහැර නිශ්ප්‍රයෝජන බොහෝ දේ වෙත යොමු කිරීම නිසාය.

    එහි ප්‍රතිඵලය වූයේ 2015 දී මහින්ද ගෙදර යෑමයි. මේ රටේ මිනිස්සු මහින්දව 2015 දී ගෙදර යවන විට මහින්ද යුද්ධය දිනා වසර 6 ක් පිරුණා පමණි. ඒ වසර 06 තුළ මහින්ද තමන්ව එපාවන තැනට මේ රටේ මිනිස්සුන්ට ගේමක් දුන්නේය. උතුරේ උන් මහින්ද මහත්තයාව පැරැද්දුවා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් උතුරේ ඡන්ද සමග එක්ව මහින්දව පරද්දන්නට තරම් ඡන්ද ගොඩක් දකුණේ එකතු විය.

    එදා මහින්ද යන්නේ නාමල් රාජපක්ෂගේ සිට පවුලේ සියලුම දෙනා කළ පව් හේතුවෙනි. ඒ පව් එසේ මෙසේ පව් නොවන බව දැන් තහවුරු වෙයි. අප මේ ගෙවන්නේ ඒ පව්ය. උදේ හවස පේන නෙළුම් කුළුනේ සිට ජාතියක් වශයෙන් ගෙවන්නට වන පව් බොහෝය. ඒ වසර 5 තුළ සාපේක්ෂව අඩුවෙන් පව් කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂයි. ඒ පව් හමාර කරන්නට ආ රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව මහින්දවත් මහින්දගේ පවුලේ සියලුම දෙනාත් හිර කරන්නේත් නැතිව නිදහස් කරන්නේත් නැතුව අමුතුම ගේමක් ගැසීය.

    ඒ ගේම් එකෙන් බය වුණේ වෙන කවුරුත් නොවේ. රජයේ සේවකයන්ය. යපාලනය රාජ්‍ය නිලධාරීන්ගේ තීරණ ගැනීමේ හැකියාව බින්දුවටම බැස්සුවේය. 'ඕක කරන්න එපා ඔඩිට් එකට යන්න වෙයි, ජනාධිපති කොමිසමට යන්න වෙයි' කියමින් බව හිතෙන කතා කියන්නට රජයේ සේවකයා පත්කළේ යහපාලනයයි. අන්තිමට මහ බැංකුවත් කඩා ඒ සියලු දෙනා පැත්තකට වෙද්දී මැදමුලනේ ජනේලය අතහැර යළිත් අරලියගහ මන්දිරයට ආ මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව හොරුන්ට කළ දෙයක් නැත.

    2015 දී මැදමුලනේ ජනේලයේ එල්ලී ජාතිය ඇමතූ මහින්ද බලන්නට මිනිස්සු බස් පිටින් යන්න ගත්තේ මහින්දට විරුද්ධව ඡන්දය දුන් මිනිස්සුන්ගේ සිත්ද සසල කරමිනි. වීරයෙකුට කොනිත්තන්නට අවශ්‍ය වුවත් රිද්දන්නට අවශ්‍ය නොවූයේයැයි සමහරු කිව්වේ මේ නිසාය. විමල්ලා, ගම්මන්පිලලා, ප්‍රසන්නලා මේ අතරේ මහින්දව යළිත් කරළියට ගෙන එන්නට උත්සාහ කරන්නේ තමන්ගේ වාසියට යැයි බොහෝ දෙනා කියන්නට වුවද එය තමන්ගේ වාසියට වඩා මහින්දට වූ හානිය අවම කිරීමේ ව්‍යාපාරයක් විය.

    මහින්ද බොහෝ අමාරුවෙන් විමල්ලාට කැමති වෙද්දී මහින්ද සමග යළිත් පණ ලැබුවේ පවුලයි. ඒ හැරෙන්නට තමන් කරපු වැරදි ගැන අවබෝධයක් මහින්දට තිබුණේ නැත. මහින්දගේ ප්‍රධාන වැරදි දෙකකි. එකක් පවුලට ආවැඩීමයි. දෙවැන්න හොරෙක් වුණත් තමන්ට හිතවත් නම් ආරක්ෂා කිරීමයි. මහින්ද තමන්ගේ මල්ලී ගෙනාවේ කෙසේදැයි වෙල්ගම පැහැදිලි කර දුන්නේය. එයින් පසුව පරණ හොරු රකින්නට පටන් ගත්තේය.

    අයියාට වැඳ ආශිර්වාද ගත් විට 'අනේ එහෙම සහෝදරයෙක්' කියූ බොහෝ දෙනාට යථාර්ථය තේරුණේ එතැනින් නොනැවතී අයියලා සහ මල්ලී කියන දේම කරන්නට ගෝඨා පටන්ගත් තැන සිටය. දේශපාලනය නොදන්නා නිසාම අයියාගෙන් අහලා කියන්නම් කියන තැනට වැටුණු ගෝඨා වරින්වර තනිව නැගිටින්නට හැදුවද අයියාගේ හිතවතුන් ඊට ඉඩ දුන්නේ නැත. අන්තිමට කෝවිඩ් ඇවිත් ,ඩොලර් නැතිවී, කන්න නැති වී ගිය ජනතාව පාරට බහින්නේ Gotagohome කියා මිස මහින්ද ගෝ හෝම් කියා නොවේ.

    මේ විරෝධය ගේඨාට ආවද එහි නිර්මාතෘ මහින්ද රජපක්ෂයි. පවුලක් රැක ගැනීමට, තමන්ගේ පුත්‍රයාට දේශපාලන බලයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කල්මැරීම කිරීමට තමන්ගේ සහෝදරයාව ජනාධිපති කළ මහින්ද ජ්‍යේෂඨයෙකු සේ පැත්තකට වෙන්නේ නැතිව මුදල් ඇමතිකමේ සිට තවත් ආයතන රාශියක් අත්කර ගත්තේය.

    මහින්ද මුදල් ඇමති සමයේ සිදු වූ සීනි බදු අඩු කිරීම අප දන්නා එක් සිදුවීමකි. සීනි බදු අඩු කිරීම නිසා දැවැන්ත මූල්‍ය පාඩුවක් රටට සිදු වූ බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. ඒ එකක් පමණි. තවත් ගේම් ඕනෑම තරම් තිබෙන්නට ඉඩ තිබේ. 2010 සිට රට ආපස්සසටම හැරවූ මහින්ද මේ වගේ වේලාවකත් යළිත් 'තමන් ගැන විශ්වාස කරන්න' යැයි කියමින් ආණ්ඩුවේ අගමැති වෙන්නේ කොහොමදැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන.

    ඊයේ (අප්‍රේල් 11දා) රාත්‍රියේ අගමැති ජාතිය අමතනවා යැයි කියූ විට බොහෝ දෙනා සිතුවේ මහින්ද ඉල්ලා අස්වෙන්නට යනවා කියාය. එහෙත් වුණේ වෙනම එකකි. ආයෙත් තමන්ව විශ්වාස කරන්න යැයි මහින්ද කියන්නේ කටින් නම් වෙන්න බැරිය. ලැජ්ජාවක් නැති මිනිසෙකුට එසේ කරන්නට හැකිය. ලැජ්ජාවක් ගෑවිලාවත් නැත්නම් 'මල්ලීව එළවන්න මම ජනාධිපති වෙන්නම්' යැයි කියන්නටත් හැකිය.

    ඊයේ (අප්‍රේල් 11දා) රට හමුවේ කළ කතාවෙන් මහින්ද උත්සාහ කරන්නේ මේ අවස්ථාවේ දී ඉතාම සාමකාමීව අරගල කරන තරුණයන්ට, තරුණියන්ට වක්‍රාකාරයෙන් චෝදනා කරන්නටය. පොලීසියත්, හමුදාවත් අතර නිසි සන්නිවේදනයක් නොමැතිවීම හේතුවෙන් සිදුවූ එකම සිදුවීමක්, ඉතාම සුළු සිදුවීමක් ගෙන එය තරුණයන් විසින් හමුදාවට චෝදනා එල්ල කිරීමක් ලෙස කියන්නේ මහින්දගේ නොදැනුවත් බව නිසාම නොවේ.

    අසූුව දශකයේ අගභාගයේ භීෂණය මතක් කරන්නේ නිකම්ම නොවේ යැයි ද සැක සිතේ. මේ ශිෂ්ට අරගලයට ප්‍රචණ්ඩත්වයක් ගෑවීමට අවශ්‍යතාවයක් තිබේදැයි සැකයක් උපදියි. එසේම මෙම අරගලයේ අතිරේක සටන් පාඨයක් වන 225ම එපා යැයි යන්න සංකේතාත්මකව වර්තමාන දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම මිස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් එපා කීමක් නොවේ යැයි සිතන්නට තරම් මහින්ද තරුණ නැත.

    මහින්ද බිල්ලෙක්කු මවන්නට හැදුවාට බිල්ලාට රැවටෙන්නට තරම් වර්තමාන තාරුණ්‍යය මහලු නැත. මේ තරුණ්‍යය අසූව දශකයේ අගභාගයේ දී සිටි තරුණයන්ට වඩා බොහෝ වෙනස් බව අප්පච්චි දැන ගත යුතුය. පරණ තැටි වයන්නට පෙර අවට බැලිය යුතුය. මේ තරුණයන් ඊයේ රාත්‍රියේ අතට ගත්තේ අවි නොවේ, ගිටාර්ය.

    මහින්ද සුළඟින් මහින්දව රැගෙන ආ විමල්ලා, උදයලා බැසිල් කුණාටුවට හසුවෙද්දී මහින්ද මීක් නොකියා සිටියේය. ඒ පවුලේ කමටය. විමල්ලා මහින්ද ගේ හරිම පාට දැන ගත්තේ එදාය. විමල්ලා හිතුවේ අයියා මල්ලීගේ පැත්ත ගන්නේ නැතිව ඉඳියි කියාය. එහෙත් මහින්ද ගත්තේ මල්ලිලාගේ පැත්තය. අද විමල්ලා ඉල්ලන්නේ මහින්ද අගමැති නොවන ආණ්ඩුවකි. මේක දෛවයේ කොළොප්පමකි.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    2015 ජනේල් එල්ලී සිටින විට ජනේලය වසා දැමුවා නම් හොඳයැයි විමල්ලාට දැන් නොහිතෙනවා වන්නට බැරිය. එහෙත් එදා විමල්ලා කළේද 2019 දී රටේ බහුතරයක් ජනතාව කළ දේමය. එනම් තිබුණු තෝරා ගැනීම කිරීමය. එදා ජනාධිපතිවරණයේ දී ගෝඨා හැර විකල්පයක් ජනතාවට පෙනුනේ නැත. මහ බැංකුව කඩද්දී ඇස් පියාගෙන හිටි සජිත්ව තෝරා ගන්නට සාමන්‍ය ජනතාව එදා ඒ අවස්ථාවේ දී සිතන්නේ නැත.

    වෙල්ගමලාගේ අරගලය පරාජය වූ තැන පොහොට්ටුවෙන් එළියට ආවේ ගෝඨාය. එදා ගෝඨා වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනා අද ගෝඨාට ගෙදර යන්න කියයි. එහෙම තමාය, ඒ හැටිය. තමන්ගේ තෝරා ගැනීම වැරදි නම් එය නිවැරදි කර ගැනීමට ජනතාවට අයිතියක් තිබේ. 'අපි නම් කිව්වා ඕක' යැයි කියමින් තමන්ගේ වරද නිවැරදි කර ගන්නට උත්සාහ කරන ජනතාව අධෛර්යයට පත් කිරීම වැරද්දකි. එසේම එදා මහින්දව තෝරගත් අද මහින්දට යන්න කියන මන්ත්‍රීවරුන්වද අධෛර්යයට පත් නොකළ යුතුය.

    'ගෝඨා ගියොත් මහින්දත් යනවා නොවේදැ'යි කෙනෙකුට අසන්නට හැකිය. එහෙත් මහින්ද ගියොත් රාජපක්ෂ සිස්ටම් එකම කඩා වැටෙනවා නොවේදැයි හොඳින් බලන්නෙකුට තේරුම් ගත හැකිය. රාජපක්ෂ සිස්ටම් එක යනු ගෝඨා ද ඇතුළු පවුලේ පිරිසත් හොරකම්කර මහින්දගේ සරම අස්සේ හැංගෙන සියලු දෙනාත්ය. මේ නිසා ගෝඨා ගෙදර යවන්නට යන ව්‍යාපාරය එක් පැත්තකින් යද්දී මහින්ද ගෙදර යැවීම ඊට පෙර කළ යුතුය.

    එය කරන්නට හැක්කේ ජනතාවට පමණක් නොවේ. එය කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකතු විය යුතුය. පොහොට්ටුවේ මන්ත්‍රීවරු දැන්වත් මහින්දට ඇති බිය හෝ පක්ෂපාතීත්තවය පැත්තක තබා රට ගැන සිතිය යුතුය. විශේෂයෙන් තරුණ මන්ත්‍රීවරු මතක තබා ගත යුත්තේ ඔවුන්ට රාජපක්ෂ කෙනෙකු ඕනෑම නම්, නැතුවම බැරි නම් නාමල් රාජපක්ෂ සිටින බවයි. එහෙත් මහින්ද තවත් අවුරුදු දෙකක් ඉන්න හැදුවොත් නාමල් රාජපක්ෂත් සුනේ සුන්ය. එය නාමල්ගෙන් ගොඩ යන්න හිතන පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීලා තේරුම් ගත යුතුය. ඒ නිසා පරිච්ඡේදය නිමාවන්නේ නැත්නම් නිමා කරන්නට එකට එකතු විය යුතුය.

    2020 මහා මැතිවරණයේ දී මහින්දගේ නායකත්වයට ලක්ෂ හැට අට හමාරක් ඡන්දය දුන්බව සැබෑවකි. ඒ හරහා මන්ත්‍රීවරු 145 ක් පොහොට්ටුවට ලැබුණු බව සැබෑවකි. ඔවුන්ගේ ධුර කාලය අවුරුදු 5 ක් බවද සැබෑවකි. එහෙත් අවුරුද්දයි මාස අටකට පසු ඒ 6,850,000 න් භාගයකට පමණ මහින්දගේ ආණ්ඩුව එපා වී අවසන්ය. ඒ ආණ්ඩුවේ ලොක්කා ගෝඨා නිසා ඔවුහු ගෝඨා ගෝ හෝම් කියති. පාර්ලිමේන්තුවේ තිබෙන්නේ මීට මාස 20 කට පෙර දුන් බලයකි.

    පාරේ, ගොවි බිමේ තිබෙන්නේ අද දවසේ තත්ත්වයි. එහෙම වූවා කියා පාර්ලිමේන්තුවේ බලය අත්හරින්නට අවශ්‍යතාවයක් නැත. බලයේ රැඳී සිටින්නට නීත්‍යානුකූල අයිතියක් තිබේ. මන්ත්‍රීලා 117 ක් සිටියි නම්, බහුතරය සිටයි නම් මහින්දව අගමැතිකමෙන් ඉවත් කරන්න ජනාධිපතිටත් බැරිය. එහෙත් ලැජ්ජාවක් තිබේ නම්, ලැජ්ජාවක් ගෑවිලාවත් තිබෙන අයෙකු නම් ජනතාව මේ කියන කතා අසා බලයේ ඉන්නේ නැත. කොටින්ම තමන්ගේම මල්ලීට ජනතාව 'පිස්සෙක්' යැයි ආමන්ත්‍රණය කරනවා බලමින් සිටින්නට සැබෑ සහෝදරයෙකුට කිසිසේත්ම බැරිය.

    'අපේ පවුලට අපාහාස කළාට කමක් නෑ රණවිරුවන්ට අපහාස කරන්නට එපා' යැයි මහින්ද ඊයේ කියන්නේ රණවිරුවන් ඉස්සරහට දමා ගේමක් ගැසීමටය. ඒ ගේම 2015 දී පරාජය වූ බව මහින්දට අමතකය. ඊයේ කළ කතාව පැත්තක දමා අද අගමැතිකමෙන් අයින් වී 14 වැනිදාට නිදහසේ කාල්ටන් ගෙදර අවුරුදු කන්නට මහින්දට හැකිය. එහෙම වුණොත් එය මහින්දගේ ජීවිතයේ සාමකාමීම අවුරුදු සැමරීම විය හැකිය. එහෙත් මහින්ද එසේ කරයිද? වීදි සටන්කරුවෙකුට එසේ බැරි යැයි වයසක අංකල්ලා නම් කියනු ඇත.

    එහෙත් බත්පැකට් එකට, අරක්කු කාලට, රුපියල් 5000ට අරගල නොකරන කොල්ලන් දෙස බලන්නේ නම් මහින්දලාට එහා ගිය වීදි සටන්කරුවන් රැසක් බිහිවෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. මහින්ද සිතිය යුත්තේ ඒ ගැනය. මේ කොල්ලන් ද්‍රෝහීන් නොකර උන්ට අනාගතයක් සෑදීමය. තමන්ගේ පුතුන්ට අනාගතයක් සැදූ සේම ඉන් දශම ගණනක් වටිනා අනාගතයක් හෝ රටේ අනිත් පුතුන්ට හදන්නට ඕනෑ යැයි අප්පච්චිට හිතෙන්නට ඕනෑය.

    රටේ සියලු තරුණයන්ගේ හීන කඩා දමා ඔවුන්ගේ ශිෂ්ටසම්පන්න විරෝධයට වැරදි අර්ථකථන දෙමින් මහින්ද කරන්නේ කුමක්ද? ඒක මහින්දවත් දන්නවාදැයි දන්නේ නැත.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,738
    113
    හස්තිශෛලපුර

    good one mate.. meka copy paste ekakda?
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රජාත්‍රන්ත්‍රවාදිව බලේට ඇවිල්ල තියෙන්නෙ අවුරුදු5කට ඉන්න ලැජ්ජ වෙන්නෙ අහවල් දේටද???ඔය කියන මහා සමාජ විරෝධය ඇත්නම් බලේ ගන්ඩ ඉදිරිපත් වෙන්ඩ කියපල්ල උබලගෙ අරගල නායකයන්ට කෝ උන්????? බල්ලෙක්වත් නැ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    තිස් වසරක කුරිරු යුද්දයක් නිම කරපු ඒ රත්තරං මනුස්සය බෝම්බයක් දෙකක් ගැහුවම එක එක කතා කියනවනම් උඹල මිනිස්සු නෙවෙයි බොලව්.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    ලැජ්ජාව තියන් දේශපාලනෙ කරන්න පුළුවන්ද බන් ?
    මහින්ද සුනාමි හොරකම් කරලා අගමැති ජනාධිපති වෙලා
    පැරදිලා ආයෙත් ගෙදර ගිහින් ආයෙ පාර්ලිමෙන්තු ආවා.
    පස්සෙ ආයෙත් පෙරට වඩා දින්නා
    අගමැතිත් උනා .
    මල්ලි ජනාධිපතිත් උනා
    රනිල් බලපන් කී සැරයක් පැරදි පැරදි ඉන්නවද තාම ?
    අනුර කුමාර බලපන් සීයට 3 කටත් වැටිලා තාම ඉන්නවා .

    නිධන් හොරකම් කරලා ප්‍රසිද්ධියෙ නොදන්න දෙවල් කියලා කිච වෙලත් පුතාණොත් තාම ඉන්නෙ?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    සුනාමි හොරාට මොන ලැජ්ජාවක්ද..
    CJ sarath Silva apologized for let him free from cheating money from Tsunami Funds
    But can we forget and forgive. See the disaster we are in , even at the height of war, when we lost in all fronts , we did not default a single loan repayment.
     
    • Like
    Reactions: War Fighter