ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරුන් යළි එම ධුරවලට ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන එම ධුරවල තවදුරටත් කටයුතු කරනු ඇති. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්වරුන් ද අහෝසි වන අතර රටේ කටයුතු ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහායි යළි එම ධුරවලට මෙම පත් කිරීම් සිදුකර ඇත්තේ. ඊයේ දින සිට මෙම පත් කිරීම් බලාත්මක බව ජනාධිපති කාර්යාලය සඳහන් කළා.