වැරදියට තේරුම් ගන්න එපා.. උඹට උඹ ගැන හීනමානයක් තියෙනවද මන් කැතයි මිනිස්සු මාව ගණන් ගන්න එකක් නැහැ වගේ දෙයක්.. මට ඉස්සර ඔහොම එකක් තිබිල ගෙදරින් එළියට බහින්න කැමතිම නැහැ.. පස්සේ තනියම ම සෑහෙන ගේමක් දීලා තමයි ඒ හිතන විදිහ control කරගත්තේ.. තාමත් 100%ක් ඒක හරිගිහින් නෑ..
හීන මනයක් මද මන්ද.හැබැයි මන් ගැන මට ලොකු වටිනා කමක නෑ. ඒක හිතන වීදියේ නෙවේ ඒක හෙතුත් එක්කම තියෙනවා.ඇත්තටම මන් ගොඩක් දේවල් වලට බය එකෙක්.ඒ වගේම බාහිර පෙනුමෙනුත් ගොඩක් ලාබාල වගේ කෙනෙක්. මටම දැනිලා තියෙනවා මගේ වයසේ උන් ගාව ඉද්දිම ඒ බව..
ඒව ඉතින් හදා ගන්න අමාරුයි.ඒත් ට්‍රයි නොකරනවා නෙවේ.මන් උබල කියන දේවල් ඔක්කොම ට්‍රයි කරලා බලනවා එකයි මොකක් හරි දෙයක් උනාම උබලගෙන්ම අහන්නේ.එක එක මට්ටම් වල ඉන්න අයනේ ඉන්නේ.ඒ හින්දා උත්තර හිතන්නේ නැති වටින ඒවා හම්බෙනවා
මම ඔය වගේ හුගාක් දේවල් වලට ෆේස් කල කෙනෙක්. මුලින්ම ලෙඩේ ගැන දැනගත්තේ මම ඔෆිස් එකේ වැඩකට රට යන්න වෙලා එකේ මෙඩිකල් එකෙන්. එක රිවර්ස් කරන්න බැරි දෙයක් නිසා මට අහපු ගමන් ශෝක් එකක් අවා. ඒ වෙනකොට මම හිටි ස්ථාවරේ ප්ලැන් කල වැඩ ඔක්කොම ඉවරයි කියල හිතුනා . එක සම්න්‍යයි.
මම කෙලේ මුලින්ම ජිවිතේ ගැන තියන ආසාව අත් ඇරියා. අපි හැමෝම කොයි වෙලේ හරි මැරෙන්නම ඕනේ කියල හිතුන ඒ වෙලේ. ඊළගට ඒක එක්ක මගේ හිතට ෆිට් එකක් අවා මැරෙනකන් ගේම ගහනවා කියල. හැබැයි මම ලෝන්ග් ටර්ම් ගහපු ප්ලැන් ඔක්කොම අතෑරියා. ඒ වගේම හැම කෙනෙක් ගැනම තියන බැදීම අතෑරියා. මොකද එක තේරුමක් නැති නිසා. මේ දෙකම කාලයක් යනවා. උබ කරන්න ඕනේ උබේ යහපත් සිහිය තියාගන්න. "මට මෙහෙම වෙලා දැන් තියෙන්නේ. කියන එක හැම වෙලේම ඔලුවේ තියෙන්න ඕනේ " ඊට පස්සේ මම කල්පනා කළා අර කුන්ග්ෆු පැන්ඩා එකේ ෆෙමස් කෝට් ඒක.
"'Yesterday is history. Tomorrow is a mystery, but today is a gift! That is why it is called the present." ඉතින් මම අද දවසේ ගන්න පුළුවන් උපරිම ආතල් එක ගත්තා. හැම දේම අද විතරයි. එකෙන් තේරුනා ජීවිතය විදින්න නම් අද දවස විදින්න ඕනේ කියන එක. අපි අද සල් ලි හොයන්නේ හෙට දවස ලස්සන කරගන්න. මේ වගේ උනාම හෙටක් නැනේ. ඒ නිසා මට ඉස්සරට වඩා මාරම හැපී එකක් අවා. එකෙන්ම ලෙඩේ කඩාගෙන ශේප් ලෙවල් එකකට ගෙන්න පුළුවන් උනා. අදටත් මම හෙටක් ගැන හිතන්නේ නැ . එත් දරුවෙක් ඉන්න නිසා එයාගේ හෙටට ඕනේ කරන ඔක්කොම දාල තියෙන්නේ. උට ඕනේම දෙයක් කරන්න පුළුවන් වෙන්න. ඒ ඇරෙන්න මම අද දවසේ හොදට කාලා බිලා , මොනවා හරි ගන්න ඕනේ නම් එක අදම ගන්නවා.හෙට මැරුනොත් වැඩක් නැනේ. මම ඇත්තටම ජිවිතේ විදිනවා කිවොත් හරි
උබ කියපු දෙනම් ඇත්තටම හයියක් බන්.ඔන්න ඔය තත්වෙට පත් උනොත් දවසක ඒකට හිත හදා ගන්න එක උබේ වචන ටිකේ තියෙනවා.ගොඩක් ස්තූතියි.
කිව්වා වගේ ලේසිනම් නෑ.ඒත් හීමින් හිත strong කර ගන්න ඕනේ.
------
Post added on May 11, 2022 at 1:38 PM
ඔව් හැම පැත්තෙන්ම පීඩනය . ඔයාට දරා ගන්න ම බැරිනම් පොඩ්ඩක් රට ගිහින් ඉදලා එන්න. ලංකාව නම් හරියන්නේ නැහැ හොදට ඉන්න මිනිසුත් නිකං මානසික ලෙඩ්ඩු වෙනවා . පුලුවන්නම් රට යන්න ඕක නිකම්ම වෙනස් වෙනවා.
ලංකාවේ හිටියොත් වෙන්නේ ජීවිතය විඳවන්න පුළුවන් නම් වෙන රටකට ගිහින් ජීවිතය විදින්න බලන්න
වෙන තැනකට යන එක ලේසි නෑ මගේ වට පිටව එක්ක බලද්දි.වට පිටාව කිව්වේ ජොබ් එක ඇතුළු දේ.ඒත් තියෙන දෙයින් උපරිම ට්‍රයි කරනවා
------
Post added on May 11, 2022 at 1:40 PM
ලොකු ලෙඩක් නම් මැරෙන්න හිත හදාගන්නවා.. මන් දිනපතා අනිත්‍ය සිහි කරන එකෙක්.. ඒ නිසා එහෙම හිතන ඒක ලොකු අවුලක් නැහැ මට..
ලෙඩක් නැතුව වෙන pressure වෙන දෙයක් නම් step by step පොඩිම තැන ඉඳන් plan කරලා කරන්න පටන්ගන්නවා හරියන ආසාව හිතෙන් අතහැරලා..
අන්න ඒක තමා හොඳ.මටත් ඒක කර ගන්න බැරුව ඉන්නේ. අනිත්‍ය නිතර සිහි කරාම නිකන්ම හිතට යයිද ඒ ගැන අදහසක් හිතට
------
Post added on May 11, 2022 at 1:42 PM