29i දැන්
ඒත් ඉතින් ජීවිතේ ලැබෙන්න තියෙන දේවල් ඒකාලෙට ලැබෙන්න ඕන

------
Post added on Jun 12, 2022 at 3:26 PM
හම්මට!
උඹට 29යි කියන්නේ තව එහෙම පිටින්ම ජීවිතේ ඉතිරි වෙලා තියෙනවා, බං!
මම හිතුවේ උඹ කියන ටෝන් එකෙන් වයස 35ත් පැනල ඇති කියල.
ඕව ඔච්චර හිතන්න එපා බං!
මටත් 32යි.
සාමාන්‍යයෙන් තරුණ වයසේදී හිතෙනවා,
ජීවිතේ ඉහළටම කෙටි කාලෙකින් ගිහිල්ල
ටාගට් අචීව් කරන එක හොඳයි කියලා.
ඒත් ටිකක් මැදි වයසට එද්දී
හෙමින් යන ගමන හොඳයි කියල
මට දැනෙන්න ගත්තා.
තරුණ වයසේදී ලොකු ටාගට් වලට යන එවුන් ගැන
ඊට පස්සේ මීඩියා වලත් ගොඩක් අහන්න ලැබෙන්නේ නැහැ.
උදාහරණයක් හැටියට තරුණ වයසේදී මහාචාර්ය වුනාට පස්සේ
ඊට වඩා ලොකු පෝස්ට් එකක් ලැබෙන්නේ නැහැ.
ඉතින් එක්කෝ ඌට වෙනස් අත්දැකීම් ගන්න
වෙනස් තැනකට- වෙනස් රටකට හරි යන්න වෙනවා.
හැබැයි රස්සාවේ ඉහළට යාමක් නැහැ.
35දි මහාචාර්ය වෙච්ච මනුස්සයා 65න් විශ්‍රාම යද්දී
යන්නෙත් ඒ පෝස්ට් එකේම ඉඳලා.
ඒ විතරක් නෙවි,
තරුණ වයසේදී ලොකු ටාගට් අචීව් කරගන්න අය පස්සෙන්
මීඩියා හෙම එද්දී
ඒක ලොකු ප්‍රෙෂර් එකක් වෙනවා.
හැම වෙලේම අලුත් වැඩක් කරන්න ඕනි, ලෝකෙට පේන්න.
උදාහරණයක් හැටියට තරුණ මහාචාර්ය කෙනෙක් ගෙන්
ලොකු රිසර්ච් එකක් අවුරුද්දකට වතාවක්
සමාජය බලාපොරොත්තු වෙනවා.
නැති නම් උගේ මහාචාර්ය කම වැඩක් නැහැ කියල
සමාජය හිතන්න ගන්නවනේ.
නැති නම් ඌට අමාදහර, දොරමඩලාව වගේ වැඩසටහන් වල
කතා කරලා හරි ජාම බේරාගෙන ඉන්න වෙනවා.
කොටින්ම ඒ වගේ එකෙක් attention whore කෙනෙකුගේ මට්ටමට යනවා.
උඹ හිතන තරම් සුන්දර නැහැ,
ඔය තරුණ වයසෙම ලොකු ටාගට් වලට
යන අයගේ ජීවිත.
හැල්මේ දුවන්න යනවට වඩා හෙමින් ගමන හොඳයි.
කවුරුත් උඹ දිහා බලන්නැතිව ඉන්න අතරේ
උඹට හොඳ ටාගට් එකක් අචීව් කරලා
ගොඩක් දෙනෙක් සප්‍රයිස් කරන්න පුළුවන් නම්
අන්න ඌ තමයි, වැඩකරු!