පූජා ??

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,907
    13,834
    113
    126
    Hogwarts
    එසමයෙහි ඒ සල් රුක් දෙක නොකල්හී හටගත් මලින් යුතුව, මුළුමනින් ම මල් පිපී පිරී ගියේ ය. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ මල් ගිලිහී තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය මදාරා මල් ද අහසින් වැටෙයි. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ දිව්‍ය මදාරා මල් තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය සඳුන් කුඩු ද අහසින් වැටෙයි. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ දිව්‍ය සඳුන් කුඩු තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය තූර්යනාදයෝ ද අහසෙහි වැයෙති. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය වූ සංගීතයෝ ද අහසෙහි පවතිත්.

    එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

    “ආනන්දයෙනි, මේ සල් රුක් දෙක නොකල්හී හටගත් මලින් යුතුව, මුළුමනින් ම මල් පිපී පිරී ගියේ ය. තථාගතයන්ට පූජා පිණිස ඒ මල් ගිලිහී තථාගතයන්ගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය මදාරා මල් ද අහසින් වැටෙයි. තථාගතයන්ට පූජා පිණිස ඒ දිව්‍ය මදාරා මල් තථාගතයන්ගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය සඳුන් කුඩු ද අහසින් වැටෙයි. තථාගතයන්ට පූජා පිණිස ඒ දිව්‍ය සඳුන් කුඩු තථාගතයන්ගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. තථාගතයන්ට පූජා පිණිස දිව්‍ය තූර්යනාදයෝ ද අහසෙහි වැයෙති. තථාගතයන්ට පූජා පිණිස දිව්‍ය වූ සංගීතයෝ ද අහසෙහි පවතිත්.

    ආනන්දයෙනි, මෙපමණකින් තථාගත තෙමේ සත්කාර හෝ නොකරන ලද්දේ ය. ගෞරව හෝ නොකරන ලද්දේ ය. බුහුමන් හෝ නොකරන ලද්දේ ය. පිදුම් හෝ නොකරන ලද්දේ ය. සැලකීම් හෝ නොකරන ලද්දේ ය. ආනන්දයෙනි, යම් භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකයෙක් වේවා, උපාසිකාවක් වේවා, ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුතුව, සාමීචිප්‍රතිපදාවෙන් යුතුව, අනුධම්මචාරී ව වාසය කරයි ද, ඔහු තථාගතයන් හට පරම වූ ප්‍රතිපත්ති පූජාවෙන් සත්කාර කරයි. ගෞරව කරයි. බුහුමන් දක්වයි. පුදයි. සලකයි. එහෙයින් ආනන්දයෙනි, ‘ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන්, සාමීචිප්‍රතිපදාවෙන් ධර්මයට අනුව හැසිරෙමින් වාසය කරන්නෙමු’ යි මෙසේ ම ආනන්දයෙනි, ඔබ විසින් හික්මිය යුත්තේ ය.”

    https://mahamevnawa.lk/sutta/dn2_3/
    Mokakda bn me bashawa?
    Ae mewa mechhara terum ganna amaru widiyata sinhalata translate karala tyenne. Katada mewa terenne
     
    • Like
    Reactions: isuru5

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Mokakda bn me bashawa?
    Ae mewa mechhara terum ganna amaru widiyata sinhalata translate karala tyenne. Katada mewa terenne
    ඔය තමයි සූත්‍ර පිටකයේ සරලම පරිවර්තනය.
    පාලි භාෂාවෙ වචනයෙන් වචනය පරිවර්තනය කරන කොට ඔය විදිහෙ භාෂා ශෛලියක් අනුගමනය කරන්න වෙනවා.
    භාෂා ශෛලිය නුහුරු වුණාට වචන ටික තේරෙනවානෙ. සූත්‍ර දේශනා කීපයක් කියවන කොට ඕක හුරු වෙනවා.

    * ඔය පරිවර්තනය සරල වැඩියි කියලා ඕකට බණින අයත් ඉන්නවා.
     
    Last edited:
    • Love
    Reactions: isuru5

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,907
    13,834
    113
    126
    Hogwarts
    ඔය තමයි සූත්‍ර පිටකයේ සරලම පරිවර්තනය.
    පාලි භාෂාවෙ වචනයෙන් වචනය පරිවර්තනය කරන කොට ඔය විදිහෙ භාෂා ශෛලියක් අනුගමනය කරන්න වෙනවා.
    භාෂා ශෛලිය නුහුරු වුණාට වචන ටික තේරෙනවානෙ. සූත්‍ර දේශනා කීපයක් කියවන කොට ඕක හුරු වෙනවා.

    * ඔය පරිවර්තනය සරල වැඩියි කියලා ඕකට බණින අයත් ඉන්නවා.
    Terennaha bn
     
    • Like
    Reactions: isuru5

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Terennaha bn
    * උඹ maths, science කරන්න ඇත්තෙ. 🙂 මාත් maths තමා.

    මචං උඹ ත්‍රිපිටකය කියවන්න ආරම්භයක් ගන්න කැමති නම්.... සූත්‍ර පිටකයේ "ඛුද්දක නිකාය (කෙටි දේශනා ඇතුළත් කොටස)" මුලින්ම කියවන එක ⁣වඩාත් හොඳයි.
    ඒකෙ මේ වගේ දේශනා තියෙන්නෙ.
    https://elakiri.com/threads/මියගිය_අය_වෙනුවෙන්.1926653/