ලංකාවේ දොස්තර කෙනෙක් වීම...

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ලංකාවේ වෛද්‍යවරයෙක් වීම...

    සෑහෙන කාළයක් තිස්සේ ලංකාවේ මිනිස්සු අතර වෛද්‍ය ඉංජිනේරු වෘත්තීය ගැන විශාල ප්‍රතිරූපයක් ඇත. විශේෂයෙන්ම දෙමව්පියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නෙත්, ශිෂ්‍යත්වය හොඳින් සමත් වුණු දරුවා පවා කියන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය බවයි.
    මෙයට හේතුව සාමාජ පිළිගැනීම මෙන්ම හෝ ඊටත් වඩා ස්ථාවර ආර්ථික තත්ත්වය යැයි සිතෙයි. තවද ලංකාවේ ඇති සංස්කෘතිය අනුව රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිනක් /සේවයක් ලෙස මිනිස්සු සිතයි.
    නමුත් වෛද්‍යවරයෙකු වීම හෝ එය පසු කර විශේෂඥ වෛද්‍යවරුන් වීම දක්වා ඇති කායික මානසික කටුක ගමන දන්නවා නම් බොහෝ දෙනෙක් වෛද්‍යවරයෙකු වෙන්න හිතන්නේ නැතැයි මම සිතමි. කොටින්ම මෙය ලියන මමත් එය දැන සිටියා නම් එසේ කිරීමට පෙර තවත් වරක් සිතමි.
    කෙනෙකුට මෙය දුක කියා හඬා වැලපීමක් යැයි label කල හැකි නමුත් මෙය ලියන්නේ හුදෙක්ම කියවා තේරුම් ගත හැකි අයට සහ විශේෂයෙන්ම උසස් පෙළ කරන සහ කරන්න සිටින දරුවන්ට සහ ඔවුන්ගේ මව් පියන්ටත් වෛද්‍යවරුන් නොවන ඔවුන්ගේ ගුරුවරුන්ටත් කියවීමටයි.

    . අවාසනාවකට ලංකාවේ ඇති කාලය නාස්ති වෙන අධ්‍යාපන ක්‍රමය නිසා උසස්පෙළ කරන විට වයස අවුරුදු 18 ක් පමණ වෙයි. දරුවන්ගේ ප්‍රතිඵල පැමිණ විශ්වවිද්‍යාලයට යන තෙක් නාස්ති වන කාලයත් සමග පාඨමාලාව පටන් ගන්න විට වයස 20 ට කිට්ටුය. (දෙවන තුන්වන වාර වල යන අය සහ ජනවාරි මාසයේ උපන් අවුරුද්දක් කලින් පාසල් ගිය අයගේ වයස මේ සාමාන්‍යයෙන් වෙනස්ය).
    අවුරුදු 5 - 6 දක්වා කරන අධ්‍යාපනයෙන් පසු සිමාවාසික (Intern/House officer) පත්විම ලැබෙන තෙක් තවත් වසරක් නාස්ති වූ විට වයස අවුරුදු 26 ට ආසන්නය. අවුරුද්දක සීමාවාසික පත්වීමෙන් පසු වෛද්‍ය සභාවේ සම්පූර්ණ ලියාපදිංචිය ලැබෙන විට වයස අවුරුදු 28 - 29 අතර වේ.
    පශ්චාත් උපාධියක් කරන්න ලැබෙන්නේ තවත් වසරකට පසුය, එතකොට වයස අවම අවුරුදු 30. කි. එය ඉවර වෙන විට අවම වයස අවුරුදු 35 - 36 කි, නමුත් බොහෝ විට අතරමැද ගතවෙන කාලයත් සමග බොහෝවිට විශේෂඥ වෛද්‍යවරයෙකු වෙන විට වයස අවුරුදු 40 අවට වයසක පුද්ගලයෙකි.
    වයස අතින් බලන විට මේ වයසට එන විට සමාන්තර වෙනත් පාඨමාලා කරන ශිෂ්‍යයන් වයස අවුරුදු 30 පමණ වන විට ආචාර්ය උපාධියත් ඉවර කර අවසන්ය.
    නමුත් අවුරුදු 28 පමණ simawasika වෛද්‍යවරයා රුපියල් 50000 ක පමණ සොච්චම් පඩියක් ගන්නා කෙනෙකි.
    ඒ වයස ප්‍රශ්නයයි.
    To be continued.

    Part 2
    වෛද්‍යය ශිෂ්‍යයයෙකුගෙ කට්ට ලිවීම පසුවට තබා සීමාවසික කට්ට ගැන ලියමි.
    සීමාවාසික කාලය අවුරුද්දකි. නමුත් බොහෝ රෝහල් වල සහ වාට්ටු වල මෙය ජීවිතයේ ඇති කටුකම අවුරුද්දක් බවට පත් වෙයි.
    එසේම අවිවාදයෙන්ම මෙය රෝගින්ට ප්‍රතිකාර කිරීම පටන් ගන්නා මුල්ම අවස්තාව මෙන්ම රෝගින් සමඟ වැඩියෙන්ම ගැවසෙන්න වෙන කාලයයි. එනිසා මෙයින් ලැබෙන අත්දැකීම් ලඝු කොට නොතැකිය යුතුය.

    බොහෝ විට එක වාට්ටුවක සීමාවාසිකයන් (මෙතැන් පටන් HO ලා ලෙස කෙටි කරමු ) ඉන්නෙ කාන්තා සහ පුරුෂ වාට්ටුවට දෙන්නා බැගින් හෝ වාට්ටු දෙකටම තුන් දෙනෙක් බැගිනි.
    සමහර වසනාවන්ත HO ලාට මාස හයකින් කලින් වර විභාගය අසමත් වී මෙවර ගොඩ ගිය HO ලා ලැබෙයි.
    HO ලාගෙ රාජකාරි දවසෙ පැය 24 ම දින 7 ම සහ 365 දවසම ඇත.
    රජයේ නිවාඩු හෝ වෙනත් නිවාඩු අනිවර්යෙන් ලැබෙන්නේ නැත.
    තුන් දෙනෙක් හිටියොත් එක් අයෙකුට සති අන්ත නිවාඩුව ලැබෙයි.
    එයද බොහෝ විට සෙනසුරාදා දවාලෙන් පටන් ගෙන සඳුදා උදයෙ වැඩට ඒමෙන් අවසන් වෙයි.
    අනිත් දෙන්නා ලෙඩ වුනොත් ඒකත් ඉවරය.
    වැඩ කරන රෝහල ගෙදරට දුරක වුනත් ලැබෙන්නේ මේ කාලයමය.
    මෙනිසා මට නම් සෙනසුරාදා ගෙදරට යන විට සවස 6 පමණ වුනු අතර සමහර දවස් වල පැය දොලහකටත් කලින් ආපසු එන්න සිදු විය.
    මගේ තවත් සගයෙකු සිටියේ රෝහලේ සිට කිලොමීටර 300 ක් පමණ එහා නිසා ඔහු ඒ අවුරුඩ්දටම ගෙදර ගියේ දින ඉතාම සීමිත ගණනකි.

    රාජකාරි
    ඇතුල් වන සියලුම රෝගින් පරික්ශා කිරීම
    පලමුව ඖශධ නියම කිරීම
    පරීක්ශන නියම කර ඒවාට කොල පිරවීම
    දවසට තුන් වරක් නේවාසික රෝගින් බැලීම
    හදිසි රෝගීන් එන දවසට (රෝහලේ එම වර්ගයේම වෙනත් වාට්ටු නැත්නම් දිනපතා ද තව එකක් ඇත්නම් දවසක් ඇර දවසක් ද ) එලි වෙනකන් එන රෝගීන් බැලීම
    එහෙම බලන අතර රෝගීන් වෙනත් රෝහලකට මාරු කලොත් ලෙඩා කැටුව යෑම (උදා - මහියන්ගනය - නුවර, නුවර කොලබ, සමහර විට එක දිනකට කිහිප වරක්)
    මෙසේ ගිහින් ආවා කියා ඊලග දවස නිවාඩුවක් නොවෙයි.
    රෝගින්ගේ වෙනත් සමහර පරික්ශන කිරීම
    රෝග විනිශ්චය කාඩ් ලිවීම
    ක්ලිනික් වල රෝගීන් බැලීම
    මෙඩිකල් ලිවීම
    මෙවැනි දාහක් රාජකාරි තවත් ඇත.
    මේ දේවල් කොච්චර කරත් කිසිම අතිකාල දීමනාවක් නැති HO ලාගෙ පඩිය රුපියල් 50000 ක් පමණ වෙයි.

    රාජකාරි කිරීමේ ප්‍රශ්නයට අමතරව ඇති අමිහිරි යතාර්තය නම් මේ සමග ඇති මානසික ආතතිය සහ විවේකයක් නැති කමයි.
    බොහෝ දියුණු යැයි පෙනෙන රෝහල් වල HO ලාගෙ නිල නිවාස ගරා වැටෙන කාමර වෙයි.
    සමහර විට නිසි කෑමක් බීමක් ගැනීමට තැනක් නැත.
    එයත් පසෙකින් තැබූ විට ඇති වෙන කටුක භාවය තීරනය වන්නෙ ඒකකයේ සිටින ජේශ්ඨ වෛද්‍යයවරුන් සලකන ආකාරය මතයි.
    අමිහිරි යතාර්තය කෙටියෙන් කීවහොත් සමහර ජේශ්ඨයන් ඔබට ඉතා හොඳින් සැලකුවත් සමහරු සලකන්නේ කිසිම ගෞරවයකින් නොවෙයි.
    ඒ ප්‍රතිශතය කීයක් ද කියා මම නොදනිමි.
    නමුත් කිසිම වෛද්‍යයවරයෙකු සීමාවාසික කාලයක් ආයෙත් කරන්න කොච්චර ලොකු වැටුපක් ගෙවුවත් කැමති නොවන බව ඉඳුරාම දනිමි.
    තමන් සීමාවාසික පුහුනුව ලැබූ රෝහල මතක් කිරීමටවත් අකමැති අය සහ මතක් වුනත් සන්තාපයක් ඇතිවෙන අය මට ඕනෑතරම් හමු වී ඇත.
    කෙසේ නමුත් අපි සැවොම ඒ කාලය තුල රෝගීන් සුව කර ජීවිත බේරාගෙන රාජකාරියෙන් එහා ගිය සේවයක් කර ඒ සතුටුදායක මතක සදාකල් සිහි කරමු.

    මෙම කාලයෙන් පසු වෛද්‍යවරුන් බලාගෙන ඉද්දී පරිණත වෙයි.
    එමෙන්ම මෙහි ඇති හානිකර විපාකයක් නම් සමහර වෛද්‍යයවරුන් ඊලගට සිතන්නේ "අපි මෙහෙම මෙහෙමයි කට්ට කෑවේ, ඒ නිසා ඔයාලත් කට්ට කන එක අරුමයක් නෙවෙයි." වගේ මතයකි.
    පුද්ගලිකව මා හඳුනන එක් වෛද්‍යයවරයෙකු කියා සිටියේ ඔහු ඉතා අපහසු රෝගයකින් පෙලෙමින් බෙහෙත් බිබී HO සේවය නොකඩවා කල නිසා ඔහුගේ රෝගී HO ද එසේ කලාට කමක් නැති බවය.
    මේ කියන වෛද්යවරය ඉතා දක්ශ රෝගීන්ට කාරුණික කෙනෙකි, නමුත් HO ලාට වෙලාවකට රෝගීන්ට බෙදන හැන්දෙන් වත් බෙදන්නේ නැත.
    මේ එක උදාහරනයකි,නමුත් වාසනාවන්ත HO ලාට අතිශය කාරුනික ජේශ්ඨයන් සහ අමතර HO ලා ලැබී සතුටින් කාලය ගත කිරීමට ලැබෙයි.
    කොයි හැටි වෙතත් මා කලින් කිවු රාජකාරි ගොඩ නම් බොහෝ විට අඩු වෙන්නේ නැත. මේ කන කට්ට ලංකාවේ වෛද්‍යයවරුන්ගේ චින්තන රටාවට කෙසේ බලපානවාද කියා විද්යාත්මක සාක්ෂි නැත.

    මේ සමාන්‍ය් කට්ටට අමතරව කොරෝනා කාලයේ බිල්ලෙක් වැනි කිට් එකක් ඇදගෙන තැම්බෙමින් ද, මාරන්තික අවදානමක් ගනිමින් ද මේ රාජකාරි ටිකම කිරීමට HO ලාට සිදු විය. ඔවුන්ට ඒ සදහා කිසිම අමතර ගෙවීමක් හෝ ලිඛිත හෝ වාචික ඇගයීමක් නොලැබුනු අතර. PCR / RAT පරික්ශන කරමින් මරනය ඇසුරු කරන්නට නම් ඔවුන්ට ලැබුනි. එසේම එසේ නොකල සමහරු ඔවුන්ගේ වෙන්න ගිය රාජකාරි HO ලාට පැටවූ අතර, සමහරු ඒවාට අමතර දීමනා ලබා ගත්හ.

    වර්තමානයේ සිටින HO ලාද රුපියල් 50000 පඩියෙන් කොහොම ඉන්නවා ද කියා මම නොදනිමි. සල්ලි ඉතුරු නොකරත් අඩු ගානේ කා බී සිටීමෙන් යම් සැපයක් ලැබීමට තිබුනු අවස්තාව ඔවුන්ට ඇහිරී ඇති බව මා සිතමි.
    ඔවුන්ට ඇති එකම වාසිය නම් සීමාවාසික කාලයෙන් පසු කාලය නාස්ති නොකර වෙනත් රටකට යාමට උත්සහ කිරීමට ඇති අවස්තාවයි.

    (චායාරූපයේ ඇති තරම් පිරිසිදු පරිසරයක් ලංකාවේ රජයේ රෝහල් වල නැති බව මතක් කළ යුතු නැත.)

    part 1

    ලංකාවේ වෛද්‍යවරයෙක් වීම...

    සෑහෙන කාළයක් තිස්සේ ලංකාවේ මිනිස්සු අතර වෛද්‍ය ඉංජිනේරු වෘත්තීය ගැන විශාල ප්‍රතිරූපයක් ඇත. විශේෂයෙන්ම දෙමව්පියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නෙත්, ශිෂ්‍යත්වය හොඳින් සමත් වුණු දරුවා පවා කියන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය බවයි.
    මෙයට හේතුව සාමාජ පිළිගැනීම මෙන්ම හෝ ඊටත් වඩා ස්ථාවර ආර්ථික තත්ත්වය යැයි සිතෙයි. තවද ලංකාවේ ඇති සංස්කෘතිය අනුව රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිනක් /සේවයක් ලෙස මිනිස්සු සිතයි.
    නමුත් වෛද්‍යවරයෙකු වීම හෝ එය පසු කර විශේෂඥ වෛද්‍යවරුන් වීම දක්වා ඇති කායික මානසික කටුක ගමන දන්නවා නම් බොහෝ දෙනෙක් වෛද්‍යවරයෙකු වෙන්න හිතන්නේ නැතැයි මම සිතමි. කොටින්ම මෙය ලියන මමත් එය දැන සිටියා නම් එසේ කිරීමට පෙර තවත් වරක් සිතමි.
    කෙනෙකුට මෙය දුක කියා හඬා වැලපීමක් යැයි label කල හැකි නමුත් මෙය ලියන්නේ හුදෙක්ම කියවා තේරුම් ගත හැකි අයට සහ විශේෂයෙන්ම උසස් පෙළ කරන සහ කරන්න සිටින දරුවන්ට සහ ඔවුන්ගේ මව් පියන්ටත් වෛද්‍යවරුන් නොවන ඔවුන්ගේ ගුරුවරුන්ටත් කියවීමටයි.

    . අවාසනාවකට ලංකාවේ ඇති කාලය නාස්ති වෙන අධ්‍යාපන ක්‍රමය නිසා උසස්පෙළ කරන විට වයස අවුරුදු 18 ක් පමණ වෙයි. දරුවන්ගේ ප්‍රතිඵල පැමිණ විශ්වවිද්‍යාලයට යන තෙක් නාස්ති වන කාලයත් සමග පාඨමාලාව පටන් ගන්න විට වයස 20 ට කිට්ටුය. (දෙවන තුන්වන වාර වල යන අය සහ ජනවාරි මාසයේ උපන් අවුරුද්දක් කලින් පාසල් ගිය අයගේ වයස මේ සාමාන්‍යයෙන් වෙනස්ය).
    අවුරුදු 5 - 6 දක්වා කරන අධ්‍යාපනයෙන් පසු සිමාවාසික (Intern/House officer) පත්විම ලැබෙන තෙක් තවත් වසරක් නාස්ති වූ විට වයස අවුරුදු 26 ට ආසන්නය. අවුරුද්දක සීමාවාසික පත්වීමෙන් පසු වෛද්‍ය සභාවේ සම්පූර්ණ ලියාපදිංචිය ලැබෙන විට වයස අවුරුදු 28 - 29 අතර වේ.
    පශ්චාත් උපාධියක් කරන්න ලැබෙන්නේ තවත් වසරකට පසුය, එතකොට වයස අවම අවුරුදු 30. කි. එය ඉවර වෙන විට අවම වයස අවුරුදු 35 - 36 කි, නමුත් බොහෝ විට අතරමැද ගතවෙන කාලයත් සමග බොහෝවිට විශේෂඥ වෛද්‍යවරයෙකු වෙන විට වයස අවුරුදු 40 අවට වයසක පුද්ගලයෙකි.
    වයස අතින් බලන විට මේ වයසට එන විට සමාන්තර වෙනත් පාඨමාලා කරන ශිෂ්‍යයන් වයස අවුරුදු 30 පමණ වන විට ආචාර්ය උපාධියත් ඉවර කර අවසන්ය.
    නමුත් අවුරුදු 28 පමණ සිමාවාසික වෛද්‍යවරයා රුපියල් 50000 ක පමණ සොච්චම් පඩියක් ගන්නා කෙනෙකි.
    ඒ වයස ප්‍රශ්නයයි.
    To be continued.
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    Docala lakshayak wath padi gannadda
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සල්ලි වලට ඩොකා වෙනවම් නම් ඉතින් ඔහොම තමයි
    හැබැයි ඩොකා ලා වෙන්නේ වුන්ගේ ආත්ම තුප්තියට බන් හැම එකාම එහෙම නොවෙන්න ඇති සල්ලි වලට ගන්න බැරි සතුටක් එතන තියෙනවා තමන් කැමති ජොබ කිරීම .

    මම ඇහෙන දකින ආශ්‍රය කිරීමෙන් දකින දේන කිඉවේ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ලංකාවේ දොස්තරලාගෙන් බාගෙට බාගයක් වගේ ඔය රස්සාව තෝරගන්නේ සමාජ තත්වය ගැන හිතලා තමයි, ඒකට තල්ලු කරන්නෙත් වැඩිපුරම පවුල් පසුබිම. සමහර සල්ලි තියෙන පවුල්වල අම්මලා තාත්තලාගේ මාන්නයට ළමයි එච්චර දක්ෂ නැතත් රට යවලා හරි දොස්තර කෙනෙක් කරනවා. දුප්පත්ම පවුල්වලිනුත් තමන් අහාලා තියෙන හොඳම රස්සාවට ළමයාව උනන්දු කරනවා. තව එහා ගෙදර ළමයට වඩා හොඳ රස්සාවක්, තමන්ගේ නෑදෑ ළමයින්ට වඩා හොඳ රස්සාවක් කරන්න තරඟ කරන ගෙවල් වලිනුත් දොස්තරලා වෙනවා.

    ඔහොම වෙන අයගේ වුවමණාවට එහෙම නැත්නම් car එකට stethoscope එකට ආසවට දොස්තරලා වුණ අය තමයි බහුතරයක් ලෙඩ්ඩුන්ට කිසි අනුකම්පාවක් නැති, මිනිස්සුන්ව මරාගෙන හරි සල්ලි හොයන්න දඟලන්නේ. සාමාන්‍ය මනුස්සයෙක් නොදැනුවත්කමට "මිස්" කියලා කතා කරාම "ඩොක්ටර් කියලා කතාකරන්න" කියලා පුප්පන්නෙත් එහෙම අය. තමන් තරම් හැමදේ ගැනම දන්න කෙනෙක් නෑ කියලා හිතන අනිත් රැකියා පහත් කරලා හිතන දොස්තරලා හැදෙන්නෙ ඒ පසුබිමෙන්

    ඔය අතරේ ලෙඩෙක්ව සනීපකරලා ලබන ආත්ම තෘප්තියට කැමැත්තෙන් ඒ රස්සාව, වගකීම, දුෂ්කරකම ගැන තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ හොඳම කාලේ ඒ වෙනුවෙන් කැප කරලා මහන්සිවෙලා ඉගෙනගෙන දොස්තරලා වුණ අයත් ඉන්නවා. ඒ අයව අපි අගයන්න ඕනි.

    ඔය කොයි විදියේ දොස්තර කෙනෙක් වුණත් ලංකාවේ රජයේ රෝහලක වැඩකරනවා නම් එතනදි විදින්න වෙන දුෂ්කරකම් දැකලා තියෙන හින්දා ඒ පුද්ගලයා ගරු නොකලයුතු කෙනෙක් වුණත් ඒ සේවයට ගරු කරනවා මම. මොකද මාසෙට ලක්ෂ 5ක් එක්ක car එකකුත් නිකන් දෙනවා කිව්වත් කොච්චර පිළිගැනීමක් දෙනවා කිව්වත් ඒ කැපකිරීම කරන්න මම අකමැති නිසා
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රුසියාවේ සෑහෙන්ඩ අඩු මුදලට medical college තියනවා ලංකාවේ අයට යනවවං හැබැයි ඒවා ලංකාවේ register නෑ එතකොට ආවත් ඩොකා වෙන්ඩ බෑ වෙන රටකටනං යන්න පුළුවන්
     
    • Like
    Reactions: Knowledge hub

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    සමහරු නම් ආතල් ගන්නවා. සමහරු කට්ට කාගෙන කරනවා. කොයි එකත් ඔහොම තමා.. මම දන්න එවුන් ඉන්නවා ඉස්පිරිතාලේ ගත කරන කාලය ඉතාම අඩුයි. ඒ වගේම තව එවුන් ඉන්නවා හොදටම වෑඩ..
     
    • Like
    Reactions: Knowledge hub

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මාත් කරෙ bio
    මට A/L කාලෙ ඕන උනෙ taxonomist කෙනෙක් වෙන්න
    දැන් ඕන vet කෙනෙක් වෙන්න :(
    Interesting, I wanted to become a botanist - ecologist.
    What are you now?

    Family wealth ekak nathuwa lankawe dn amarui.
    Lankaawe thiyana aarthikayath ekka saamnaya salliyak nAthuwa A/L karaganna amaaruyi godak ayata dan. eka aththa, issarahata eka wadi weyi.
    ------ Post added on Jul 8, 2022 at 10:08 PM

    Part 2. published

    https://www.facebook.com/Frozensections
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ලංකාවේ වෛද්‍යවරයෙක් වීම...

    සෑහෙන කාළයක් තිස්සේ ලංකාවේ මිනිස්සු අතර වෛද්‍ය ඉංජිනේරු වෘත්තීය ගැන විශාල ප්‍රතිරූපයක් ඇත. විශේෂයෙන්ම දෙමව්පියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නෙත්, ශිෂ්‍යත්වය හොඳින් සමත් වුණු දරුවා පවා කියන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය බවයි.
    මෙයට හේතුව සාමාජ පිළිගැනීම මෙන්ම හෝ ඊටත් වඩා ස්ථාවර ආර්ථික තත්ත්වය යැයි සිතෙයි. තවද ලංකාවේ ඇති සංස්කෘතිය අනුව රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිනක් /සේවයක් ලෙස මිනිස්සු සිතයි.
    නමුත් වෛද්‍යවරයෙකු වීම හෝ එය පසු කර විශේෂඥ වෛද්‍යවරුන් වීම දක්වා ඇති කායික මානසික කටුක ගමන දන්නවා නම් බොහෝ දෙනෙක් වෛද්‍යවරයෙකු වෙන්න හිතන්නේ නැතැයි මම සිතමි. කොටින්ම මෙය ලියන මමත් එය දැන සිටියා නම් එසේ කිරීමට පෙර තවත් වරක් සිතමි.
    කෙනෙකුට මෙය දුක කියා හඬා වැලපීමක් යැයි label කල හැකි නමුත් මෙය ලියන්නේ හුදෙක්ම කියවා තේරුම් ගත හැකි අයට සහ විශේෂයෙන්ම උසස් පෙළ කරන සහ කරන්න සිටින දරුවන්ට සහ ඔවුන්ගේ මව් පියන්ටත් වෛද්‍යවරුන් නොවන ඔවුන්ගේ ගුරුවරුන්ටත් කියවීමටයි.

    . අවාසනාවකට ලංකාවේ ඇති කාලය නාස්ති වෙන අධ්‍යාපන ක්‍රමය නිසා උසස්පෙළ කරන විට වයස අවුරුදු 18 ක් පමණ වෙයි. දරුවන්ගේ ප්‍රතිඵල පැමිණ විශ්වවිද්‍යාලයට යන තෙක් නාස්ති වන කාලයත් සමග පාඨමාලාව පටන් ගන්න විට වයස 20 ට කිට්ටුය. (දෙවන තුන්වන වාර වල යන අය සහ ජනවාරි මාසයේ උපන් අවුරුද්දක් කලින් පාසල් ගිය අයගේ වයස මේ සාමාන්‍යයෙන් වෙනස්ය).
    අවුරුදු 5 - 6 දක්වා කරන අධ්‍යාපනයෙන් පසු සිමාවාසික (Intern/House officer) පත්විම ලැබෙන තෙක් තවත් වසරක් නාස්ති වූ විට වයස අවුරුදු 26 ට ආසන්නය. අවුරුද්දක සීමාවාසික පත්වීමෙන් පසු වෛද්‍ය සභාවේ සම්පූර්ණ ලියාපදිංචිය ලැබෙන විට වයස අවුරුදු 28 - 29 අතර වේ.
    පශ්චාත් උපාධියක් කරන්න ලැබෙන්නේ තවත් වසරකට පසුය, එතකොට වයස අවම අවුරුදු 30. කි. එය ඉවර වෙන විට අවම වයස අවුරුදු 35 - 36 කි, නමුත් බොහෝ විට අතරමැද ගතවෙන කාලයත් සමග බොහෝවිට විශේෂඥ වෛද්‍යවරයෙකු වෙන විට වයස අවුරුදු 40 අවට වයසක පුද්ගලයෙකි.
    වයස අතින් බලන විට මේ වයසට එන විට සමාන්තර වෙනත් පාඨමාලා කරන ශිෂ්‍යයන් වයස අවුරුදු 30 පමණ වන විට ආචාර්ය උපාධියත් ඉවර කර අවසන්ය.
    නමුත් අවුරුදු 28 පමණ simawasika වෛද්‍යවරයා රුපියල් 50000 ක පමණ සොච්චම් පඩියක් ගන්නා කෙනෙකි.
    ඒ වයස ප්‍රශ්නයයි.
    To be continued.
    උබලා විදින දුක පැත්තක තියලා රජයේ රෝහල් වල මිනිස්සු විදින දුක ගැන උබට අමතකද,රජයේ රෝහල් වල ලෙඩ්ඩුන්ට හරියන්න ඇදවල් නැහැ ලෙඩ්ඩු ඉන්නේ ඇද යට, බෙහෙත් හිගයි, එලියෙන් රිපෙට් ගන්න ගිහාම ගිනිගනන්, හරි යමන් ලෙඩ අදුර ගන්න පුලුවන් දැනුමක් තියෙන doctorsලා නැහැ, උබලාට නම් කවදා හරි private channeling කරලා සල්ලි හොයන්න පුලුවන් වෙයි පස්සට හැබැයි සල්ලි නැති මිනිස්සු අමු දුක් විඳිනවා

    image_1498582644-f37ea09bb2.jpg

    image_1498582666-3ad474d0c6.jpg
     
    • Sad
    Reactions: batmanTES

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Oh shit!

    දැන් ඔයා මේක ලියපු මනුස්සයා තරම් දෙයක් කරලා තියනවද ඔය ඇදන් යට දුක් විදින ලෙඩ්ඩු වෙනුවෙන්. පුලුවන් නම් උත්තරයක් දෙන්නකො කරපු එක දෙයක්.
    ලා ඉන්නෙ ඉස්පිරිතාල හදන්න ද? එහෙම බැලුවොත් CTB බස් වල උන් බස් හදන්න ඕන, Railway වල වුන් හදන්න ඕන, Jailors ලා හිර ගෙවල් develop කරන්න ඕන,
    අතාර්කිකයි නේ,
    ------ Post added on Jul 8, 2022 at 11:05 PM
     
    CTB, Railway, Jailors වැඩ කරන මිනිස්සු හවසට ගිහින් channelling කරලා දවසට ලක්ෂ ගනන් හොයන්නේ නැහැ නේද
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    CTB, Railway, Jailors වැඩ කරන මිනිස්සු හවසට ගිහින් channelling කරලා දවසට ලක්ෂ ගනන් හොයන්නේ නැහැ නේද
    30-35 wun koheda ban channeling waling laksha ganan hoyanne ehemath e wayasta hoyanawaa nam 100,000yen ekek wenna one batch 5kata 10kata sarayak thamayi ohoma ekek pahala wenne .

    pp hama ekatama hariyanne naha godak wun welenawaa

    උබලා විදින දුක පැත්තක තියලා රජයේ රෝහල් වල මිනිස්සු විදින දුක ගැන උබට අමතකද,රජයේ රෝහල් වල ලෙඩ්ඩුන්ට හරියන්න ඇදවල් නැහැ ලෙඩ්ඩු ඉන්නේ ඇද යට, බෙහෙත් හිගයි, එලියෙන් රිපෙට් ගන්න ගිහාම ගිනිගනන්, හරි යමන් ලෙඩ අදුර ගන්න පුලුවන් දැනුමක් තියෙන doctorsලා නැහැ, උබලාට නම් කවදා හරි private channeling කරලා සල්ලි හොයන්න පුලුවන් වෙයි පස්සට හැබැයි සල්ලි නැති මිනිස්සු අමු දුක් විඳිනවා

    image_1498582644-f37ea09bb2.jpg

    image_1498582666-3ad474d0c6.jpg

    ලක්ෂ ගණන් හීවත් මොකද බන් සදාරනව? එක වුන්ගේ හැකියාව දක්ෂතාවේ කාවවත් පහත කරන්නේ නැහැ ctb railway වල බහුතරයක් ඉගෙනගන්නේ කාලේ ආතල් ගන්නකොට අරුන් පුක ඉරාගෙන පාඩම් කරනවා ඕකුන්ට පිස්සු හැදෙන්නේ නැති එක විතරයි ඒ කාලේ ක්ලාස් එකේ ඉන්න කොට බයෝ කරපු වුන්දැක්කාම පුරුවේ කරුමයක් කාරදා කියලා හිතුනු වාර අනන්තයි .

    කවදාවත් ඉගෙනගත්ත එකෙක් උත්සාහයෙන් මහසියෙන් කාටත් වංචා නොකර තමාගේ දෙයක් හදාගත්ත එකෙක් ඉරිසියා කරන්න එපා එක වුගේ ලැබීම නෙමේ එක වුගේ කැපවීම
    ------ Post added on Jul 8, 2022 at 11:27 PM
     
    • Like
    Reactions: xVOLDYx

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,102
    113
    ලංකාවේ වෛද්‍යවරයෙක් වීම...

    සෑහෙන කාළයක් තිස්සේ ලංකාවේ මිනිස්සු අතර වෛද්‍ය ඉංජිනේරු වෘත්තීය ගැන විශාල ප්‍රතිරූපයක් ඇත. විශේෂයෙන්ම දෙමව්පියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නෙත්, ශිෂ්‍යත්වය හොඳින් සමත් වුණු දරුවා පවා කියන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය බවයි.
    මෙයට හේතුව සාමාජ පිළිගැනීම මෙන්ම හෝ ඊටත් වඩා ස්ථාවර ආර්ථික තත්ත්වය යැයි සිතෙයි. තවද ලංකාවේ ඇති සංස්කෘතිය අනුව රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිනක් /සේවයක් ලෙස මිනිස්සු සිතයි.
    නමුත් වෛද්‍යවරයෙකු වීම හෝ එය පසු කර විශේෂඥ වෛද්‍යවරුන් වීම දක්වා ඇති කායික මානසික කටුක ගමන දන්නවා නම් බොහෝ දෙනෙක් වෛද්‍යවරයෙකු වෙන්න හිතන්නේ නැතැයි මම සිතමි. කොටින්ම මෙය ලියන මමත් එය දැන සිටියා නම් එසේ කිරීමට පෙර තවත් වරක් සිතමි.
    කෙනෙකුට මෙය දුක කියා හඬා වැලපීමක් යැයි label කල හැකි නමුත් මෙය ලියන්නේ හුදෙක්ම කියවා තේරුම් ගත හැකි අයට සහ විශේෂයෙන්ම උසස් පෙළ කරන සහ කරන්න සිටින දරුවන්ට සහ ඔවුන්ගේ මව් පියන්ටත් වෛද්‍යවරුන් නොවන ඔවුන්ගේ ගුරුවරුන්ටත් කියවීමටයි.

    . අවාසනාවකට ලංකාවේ ඇති කාලය නාස්ති වෙන අධ්‍යාපන ක්‍රමය නිසා උසස්පෙළ කරන විට වයස අවුරුදු 18 ක් පමණ වෙයි. දරුවන්ගේ ප්‍රතිඵල පැමිණ විශ්වවිද්‍යාලයට යන තෙක් නාස්ති වන කාලයත් සමග පාඨමාලාව පටන් ගන්න විට වයස 20 ට කිට්ටුය. (දෙවන තුන්වන වාර වල යන අය සහ ජනවාරි මාසයේ උපන් අවුරුද්දක් කලින් පාසල් ගිය අයගේ වයස මේ සාමාන්‍යයෙන් වෙනස්ය).
    අවුරුදු 5 - 6 දක්වා කරන අධ්‍යාපනයෙන් පසු සිමාවාසික (Intern/House officer) පත්විම ලැබෙන තෙක් තවත් වසරක් නාස්ති වූ විට වයස අවුරුදු 26 ට ආසන්නය. අවුරුද්දක සීමාවාසික පත්වීමෙන් පසු වෛද්‍ය සභාවේ සම්පූර්ණ ලියාපදිංචිය ලැබෙන විට වයස අවුරුදු 28 - 29 අතර වේ.
    පශ්චාත් උපාධියක් කරන්න ලැබෙන්නේ තවත් වසරකට පසුය, එතකොට වයස අවම අවුරුදු 30. කි. එය ඉවර වෙන විට අවම වයස අවුරුදු 35 - 36 කි, නමුත් බොහෝ විට අතරමැද ගතවෙන කාලයත් සමග බොහෝවිට විශේෂඥ වෛද්‍යවරයෙකු වෙන විට වයස අවුරුදු 40 අවට වයසක පුද්ගලයෙකි.
    වයස අතින් බලන විට මේ වයසට එන විට සමාන්තර වෙනත් පාඨමාලා කරන ශිෂ්‍යයන් වයස අවුරුදු 30 පමණ වන විට ආචාර්ය උපාධියත් ඉවර කර අවසන්ය.
    නමුත් අවුරුදු 28 පමණ simawasika වෛද්‍යවරයා රුපියල් 50000 ක පමණ සොච්චම් පඩියක් ගන්නා කෙනෙකි.
    ඒ වයස ප්‍රශ්නයයි.
    To be continued.
    Baila gahanna epa ban. Oka karana godak un karanne status ekakata. Dr rassawa taram oluwata gahana rassawak wena ne. Mama danna un innawa 30 witara 100+ gannawa. Gov jobs walin echara ganawa kiyanne loku gaanak. operating hours poddak. Karanna ona internship eka panna ganna witarai. itapase private unath practice karanna puluwan.

    Udata yanna yanna working hours patta adui. apey office ekey ekek innawa. Uge wife rata gihin awa (specialist mokakhari scene ekak). Satiyata eka dawasai yanne hospital. ituru tika gedara. dewi waru wage un naththe ne inawa. but majority oluwata gaththa kariyo inne.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    CTB, Railway, Jailors වැඩ කරන මිනිස්සු හවසට ගිහින් channelling කරලා දවසට ලක්ෂ ගනන් හොයන්නේ නැහැ නේද
    1. රාජකාරි වේලාවෙන් පිට වෙන රස්සාවක් කරන්න ඕන රජයේ සේවකයකුට පුළුවන්.
    Eg - CTB එකේ එකාට business එකක් කරන්න පුලුවන්.

    2. ගොඩක් specialist ලට වත් ලක්ෂ ගාණක් private practice වලින් ලැබෙන්නේ නෑ.
    නිකං Doctors ලා ගොඩක් private කරන්නේ නෑ, මං පුද්ගලිකව දන්න ඕන තරං doca ලා ඉන්නවා නොකරන, එක පවුලක 4 ක් ඉන්නවා එකෙක්වත් කරන්නේ නෑ.
    කරත් හැමොටම leddu ගොඩක් එන්නේ නෑ. Private practice කරන්න යන ගොඩක් dox ලාට වෙන්නේ වෙන ජිවිතයක් නැති වෙන එක.
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    1. රාජකාරි වේලාවෙන් පිට වෙන රස්සාවක් කරන්න ඕන රජයේ සේවකයකුට පුළුවන්.
    Eg - CTB එකේ එකාට business එකක් කරන්න පුලුවන්.

    2. ගොඩක් specialist ලට වත් ලක්ෂ ගාණක් private practice වලින් ලැබෙන්නේ නෑ.
    නිකං Doctors ලා ගොඩක් private කරන්නේ නෑ, මං පුද්ගලිකව දන්න ඕන තරං doca ලා ඉන්නවා නොකරන, එක පවුලක 4 ක් ඉන්නවා එකෙක්වත් කරන්නේ නෑ.
    කරත් හැමොටම leddu ගොඩක් එන්නේ නෑ. Private practice කරන්න යන ගොඩක් dox ලාට වෙන්නේ වෙන ජිවිතයක් නැති වෙන එක.
    පච ගහන්න එපා බන් ගිහින් බලපන් ඔය channelling එකකට ගිහින් ලංකාවේ ඉන්න ඔක්කොම දක්ෂ doctors ලා channelling කරනවා, කරන්නේ නැත්තේ ඔය මම මුලදී කියපු "ලෙඩක් අදුර ගන්න බැරි" ගොන් doctorsලා විතරයි, උබලාගේ පව්ලේ ඉන්නෙත් ලෙඩක් අදුර ගන්න බැරි ගොන් doctorsලා ද
     
    Last edited:

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    පච ගහන්න එපා බන් ගිහින් බලපන් ඔය channelling එකකට ගිහින් ලංකාවේ ඉන්න ඔක්කොම දක්ෂ doctors ලා channelling කරනවා, කරන්නේ නැත්තේ ඔය මම මුලදී කියපු "ලෙඩක් අදුර ගන්න බැරි" ගොන් doctorsලා විතරයි, උබලාගේ පව්ලේ ඉන්නෙත් ලෙඩක් අදුර ගන්න බැරි ගොන් doctorsලා ද
    උඹත් එක්ක වාද කරල වැඩක් නෑ. පොඩි sense එකක් තියන එකෙක් වගේ තේරෙන නිසා කියන්නේ. ඉතුරු ටික දැම්මාම කියවල බලපං. කෙටියෙන් කිවොත් private practice කරලා සල්ලි හොයලා රෑ 10ට විතර ගෙදර යන්න කවුද කැමති බං?
    ගම් වල පොඩි පොඩි දොස්තරලා ලෙඩෙක් බලලා රුපියල් 500 ක් විතර ගත්තෙ, දැන් නම් කීයද දන්නේ නෑ,
    එහෙම බැලුවොත් දවසකට රුපියල් 50000 ක් හොයන්න leddu 100 ක් බලන්න ඕන.
    තව හේතු තියනවා, කියවල බලපන් passe.
    ලක්ෂ ගනන් හොයන්න පුළුවන් specialist ලාට ඒක හරි. පොඩි surgery එකක් කරත් ආසිරි එකේ එහෙම 60+ වගේ ගන්න පුළුවන්.
    ඒකත් obviously දුර පොඩි hospital එකක ඉන්න specialist කෙනෙක්ට කරන්න බෑ. අපේ පවුලේම අයියා කෙනෙක් ඉන්නවා specialist කෙනෙක් මහියංගනේ, එහෙ කිසිම ලොකු private hospital එකක් නෑ surgery කරන්න.
    ඒ නිසා කුහක වෙලා කරුණු නොදැන බනින්න එපා.