
ඇදිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හෝ පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ දිනයේ සිට මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

NEWS ALERT
ගැසට් නිවේදනය අනුව ඇඳිරි නීතිය අලුයම 5 න් අවසන්
දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ ඇදිරිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා. ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම දක්වා ක්‍රියාත්මක ඇදිරි නීතියට අදාල ගැසට් නිවේදනයට අනුවයි. කෙසේවෙතත් අලුයම පහට ඇදිරී නීතිය ඉවත් කළ බවට පොලීසිය මෙතෙක් සදහන් කර නැහැ. නෙත් නිවුස් අද අලුයම පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් ඒ පිළිබද කළ විමසීමකදී ඇදිරි නීතිය ඉවත් කළ බවට තහවුරු කළේ ද නැහැ.
http://nethnews.lk/article/96929