COLOMBO (News 1st) – QR කේත ක්‍රමය හෙවත් ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව හෙට (01) සිට දිවයින පුරා ඉන්ධන නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ , අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද මින් ඉදිරියට වලංගු නොවන බවයි.
චැසි අංකය සමග ලියාපදිංචිවීමට නොහැකි වාහන භාවිත කරනනන්ට අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැක.
සියලු ත්‍රිරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල නම්කර එම පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කළයුතු වේ.
විදුලි ජනන යන්ත්‍ර, උද්‍යාන උපකරණ , යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන්නන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය සතිපතා, ඉන්ධන අවශ්‍යතාවය සහ ඉන්ධන ලබා ගැනීමට අපේකෂා කරන පිරවුම්හල තෝරාගෙන අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය යුතුයි.
රථවාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග සියලු රථවාහන ලියාපදිංචි කළහැකි වේ.
පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාව දෙමින් ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝවලින් බස් රථ සඳහා ඉන්ධන ලබාදෙන්නේ මාර්ග බලපත්‍රය සහ ධාවනයේ යෙදෙන දුර ප්‍රමාණය අනුව තීරණය කරනු ලබන කෝටාවක් මත පදනම්වයි.
බලධාරින් අනුමත කරන ලද පාසල් සේවා වාහන, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාරක අංශය, ගිලන් රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ මගින් පහසුකම් සැපයෙයි.
සියලුම ඉන්ධන පිරවුම්හල්වල ගිලන් රථ සඳහා ප්‍රමුඛතාව ලබාදෙන අතර ඔවුන්ගේ වාහනවලට ඉන්ධන සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින ඉන්ධන ප්‍රමාණයම ලබාදෙනු ඇති.
එක් එක් පොලිස් ස්ථානය වෙනුවෙන් තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන්කරන ලද කෝටාවක් ලබාදීමට කටයුතු කරන අතර, ලබාදිය යුතු කෝටාව පිළිබඳවද ඉදිරියේ දී පිරවුම්හල් දැනුවත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යශය සඳහන් කළේ ය.
නීති විරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම, විකුණුම් කටයුතු හෝ ඉන්ධන ලබාදීමේදී පිළිපැදිය යුතු උපදෙස්වලට අවනත නොවන ඉන්ධන පිරවුම්හල් හා පුද්ගලයින් පිළිබඳව විස්තර 074 21 23 123 යන අංකයට Whatsapp කළ හැකියි.
නැවත නැවත වැරදි කරන්නන් සඳහා QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට එම සාක්ෂි භාවිත කිරීමටත් ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් එමගින් කටයුතු කරනු ඇති.
දිවයිනපුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට වෙන්කර ඇති කෝටාව ලබාගැනිමට සතියක කාලයක් පවතින බැවින් සඳුදා දිනයේම පිරවුම්හල් වෙත එකතු වී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.