දෙවියන්ගේ බාරේ - 2022 - පලමු කොටස ( කතරගම පාද යාත්‍රා)

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93

    මරදාන ස්ටේශම අද තරමක් සන්සුන්ය. වෙන සිකුරාදා දිනයන්ට එකම කාලගෝට්ටියක් වෙන මරදානේ අද සෙනග අඩු පාලු ගතියක් දකින්නට ලැබේ. රාගමින් කොච්චියට ගොඩවුන මම මරදානෙන් බැසගත්තේ කිලෝ 12කට වඩා වැඩි බැග් එකත් කර පින්නාගෙනය.

    ස්ටේශමෙන් එලියට පැමින පුංචි බොරැල්ල දෙසට පයින්ම ගමන පටන්ගත් මට ආනන්ද විද්‍යාලය ට මදක් එපිටින් නවතා ඇති කොළඹ අක්කරෙයිපත්තු බස් රථය ඇස ගැටීමට වැඩි වෙලාවක් ගියේ නැත.අනෙකුත් සියළුම දෙනා ඒ වනවිටත් බස් එකට ගොඩවී අවසන්ය. බර අධික මගේ බෑගයත් බස් රථයේ යට බෑග් දමන කොටසට අඩුක් කොට මමද ඔවුන් හා එකතුවීමී.

    296695174_381465120775953_671967546051511718_n.jpg

    2019 දි කරගත් බකපණ්ඩිත ක්‍රියා වලින් අග්‍රස්ථානයට පත්වු කතරගම පාදයාත්‍රාව අවසන් කල දින සිටම අප සිටියේ මීලග පාදයාත්‍රාවට ඇගිළි ගනිමින්ය. කොරෝනා තත්ව යටතේ අවුරුදු දෙකක් පාදයාත්‍රාවට බැතිමතුන්ට අවසර දීමට රජය විසින් ප්‍රතික්ශේප කරන ලදි.

    එහෙත් අවසානයේදි 2022 පාදයාත්‍රාව පැවත්වීමට තිරණය කිරීමත් සමග එතෙක්කල් අපි බලාසිටි අවස්ථාව උදාවිනි. රැකියා ප්‍රශ්ණ සහ හදීසි අසනීප තත්ව හේතුවෙන් මාගේ පෙර ගමන් සගයන් දෙදෙනාටම මෙවර පාදයාත්‍රාව මගහැරෙද්දි කෝඩුකාරයන් වු බුද්ධිකත් කැළුම් අයියාත් ගමනට එකතුවිනි. 2019 පාදයාත්‍රාවට මා හට සියළු විස්තර ලබාදුන් චින්තාද අවසානයේ නඩයට එකතුවීම එක් අතකින් තවත් ශක්තියක් විය.

    පානමට ඇති එකම බස් රථය ලෙස රාත්‍රී 7 ට ගමන් ආරම්භ කරන ල0ගම බස් රථය පැවතීමත් මෙවර පාදයාත්‍රාවට අධික පිරිසක් යොමුවී තිබීමත් යන කාරණා නිසාම ඒ බස් රථය මගහැර අක්කරෙයිපත්තු බස් රථයක ගමන්කොට පොතුවිල් සිට අප මිත්‍ර රොහාන්ගේ වැන් රථය මගින් ගමන් කිරීමට සියළුම දෙනා මුලදීම එකගවිය.

    296486202_381465320775933_4433764483513730189_n.jpg

    අක්කරෙයිපත්තු බස් රථය අධි සුඛෝපබෝගි බස් රථයක් නිසාවෙන් හොද නින්දක් සහිතව ගමන් කිරීම අපගේ මූලික අරමුණ විය. බස් රථයේ ආසන 4ක් කල් තියාම අපහට වෙන්කර දීමට පානම පදි0චි මාහේ හිතමිත්‍ර තුසිත විසින් ක්‍රියාකර තිබුනි.

    ගමනට සූදානම් වීම මීට සති දෙකකට පමණ සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමයටය. අවශ්‍ය පොදු බඩු බාහිරාදිය පලමුවත් පුද්ගලිකව අවශ්‍ය දේ දෙවනුවත් සපයාගෙන ඒ බඩු පිරිස අතර බෙදාගෙන රැගෙන ඒමට තීරණය කරන ලදි. සියළුම දේ අදාල සැලසුමට අනුව සකසාගත් අපි දැන් සිටින්නේ ඉහතකී අක්කරෙයිපත්තු බස් රථයේය.

    රාත්‍රී 7.30 ට පමණ ගමන් ඇරඹු බස් රථය රත්නපුර පැල්මඩුල්ල උඩවලව මොණරාගල සියඹලාන්ඩුව හරහා පොතුවිල් කරා ලගා වෙද්දි පාන්දර 3.30 පමණ වන්නට ඇත.ඒ වනවිටත් තුසිතත් රොහාන්ගේ වැන් රථයත් අපිව පිලිගැනීමට පොතුවිල් නගරයට පැමිණ අවසන්ය. ඉක්මනින් වෑන් රථයට ගොඩවු අපි ඉන්පසු ආරුගම්බේ පානම හරහා ඔකදට ගමන් ඇරඹුවෙමු.

    පානම්පත්තුවට හිරු උදාවට පැයකට පමණ පෙර කැලේ මැදින් යෙදෙන මේ ගමන සැමවිටම වනසතුන් රිසිසේ බලාගැනීමට හැකිවන ගමනකි. මුවන් ගෝනුන් සහ ගනන් කල නොහැකි තරම් වු හාවුන් මාර්ගය හරහා පැන ගියේ තවත් එක වනගත චාරිකාවක අද්දැකීමක් අපට ලබාදෙමිනි.

    296486532_381466367442495_9207798007927510112_n.jpg

    උදෑසන 5.30 ට පමණ ඔකද දේවාල භූමියට පැමිණි අප හැකි ඉක්මනින් සූදානම් වී දේවාලයත් වැදපුදාගෙන ගමන ආරම්භ කල යුතුව තිබුනි.මූණ අතපය ආඩි ලිදෙන් සෝදාගෙන පිරිසිදුවී ඔකද දේවාලය වැදපුදාගත් අපි ඉන්පසුව ඔකදින් උදේ ආහාරයත් දිවා ආහාරය පාර්සල් ලෙසත් ලබාගත්තෙමු. මේ සියල්ල අවසානයේ අපි ගමන ආරම්භ කරනවිට උදේ 7.45 පමණ වන්නට ඇත. කුමන පිවිසුමේ දි අපගේ දත්ත ලබාගැනීමෙන් අනතුරුව අපිට කුමන ජාතික උද්‍යානයට ඇතුල්වීමට අවසර ලැබුනි.

    296750739_381468034108995_2854145075842359828_n.jpg

    පලවෙනි දවස සෑම විටම තරමක් අසීරුය.ඔකද දේවාලයේ සිට කිලෝමීටර් 21ක දුරක් පලවෙනි දවසට නියමිත වී තිබේ. කොළඹ සිටි පැමිණෛ ගමන් මහන්සියත් පාරිසරික වෙනස්වීමට හුරු නොවු ශරීරත් නිසා පලවෙනි දවස බොහෝදෙනෙක්ට බොහෝවිට අසීරු දවසකි.

    බොහෝකලක් නිවසට වී නිකන්ම සිටීම නිසා අලවී තිබූ මගේ කකුල් දෙක කිලෝ 15කට වැඩි බරක් සමග තරමක් වේගයෙන් ගමන් කිරීමට මුලදී තරමක් අකමැති විය. විනාඩි 5න් පහට විනාඩියක පමණ කෙටි විවේක ගැනීමට මට මුලදි සිදුවිය. එහෙත් කිලෝමීටර් 3 ක පමණ දුරක් ඇවිදගිය පසු නැවතත් සුපුරුදු ලෙස අපහසුවකින් තොරව ඇවිදයාමට මට හැකිවිනි.

    2019 පාදයාත්‍රාවට වඩා මෙවර අතිශයින්ම වෙනස් අද්දැකීම් අපහට ලැබෙන බව සානාථ කරමින් මද දුරක් යන්නට කලින්ම පාර මැද හොදින් වැඩුන තිත් පොළගෙකු දක්නට ලැබුනි.

    296542892_381465880775877_1417599609136364888_n.jpg

    බාගුර පසුකර ටිකදුරක් යැමේදි මුව පැටියෙකු පසුපස පන්නාගෙන ආ නරියන් දෙදෙනෙකු අපට දැකගන්නට ලැබුන අතර මුව පැටියා අප අතරෙන් දිවීම නිසා නරියන් දෙදෙනා ගොදුර අතහැර නැවතත් කැලැ වැදුනි.

    පිලිවෙලින් මුව රංචුවකුත් අලි රංචුවකුත් පෙරදිනයේ කොටියෙකු විසින් පහරදී ආහරයට ගත් මී හරක් පැටවෙකුත් මාර්ගය දෙපස සිට අප හට දක්නට ලැබුණි.

    296574690_381467140775751_2153986030558832954_n.jpg

    කුඩා කැබිලිත්තට ලගාවත්ම කුඩා කැබිලිත්තේ ප්‍රසිද්ධ තනි අලියා පාර මාරුවෙමින් දිය කෙලියට යන අයුරු ඉතාමත් ආසන්නයෙන් දැකගන්නට ලැබුනි.

    ඔකදින් රැගෙන ආ දිවා ආහාරය වූ රොටී අපි කැවේ 2019 දි අපේ දිවා ආහාරය ගත් ගසයට සිටමය.විනාඩි 45ක පමණ විවේකයක් දිවා ආහාරයට වෙන්විය.

    පස්වරු 5 පමණ වනවිට කුඩා කැබැලිත්ත කදවුරු භූමියට පැමිණි අප කදවුරු බැදීමට තැනක් සොයාගැනීමෙන් අනතුරුව කුඹුක්කන් ඔයේ ගිලි සිත් සේ නා ගත්තෙමු.

    රාත්‍රී ආහාරයට බත් සමග පරිප්පු සූදානම් කෙරුනු අතර කැලුම් අයියා ගෙනා සීනි සම්බෝලයද ඊට එකතුවිය. අපගේ කදවුරු භූමිය අලි ම0කඩකට ඉතා ආසන්නයෙන් තිබීම නිසා ගිනිමැලයක් දැල්වීමට කුඩාකැබිලිත්තේ ආරක්ශාවට සිටි හමුදා සාමාජිකයන්ගෙන් අපට උපදෙස් ලැබුණි.

    296489257_381468600775605_893467640824310928_n.jpg

    විඩාබර දවසක අවසානයේ ඉක්මනින් නින්දට යැමට සියල්ලෝම සූදානම් වෙද්දි කැළුම් අයියා නිරන්තර අවධානයෙන් සිටියේ අලියාගේ පැමිණීම පිලිබදවයි.එදා රැ තනි අලියත් කොටියත් කදවුරු භුමිය ආසන්නයටම පැමිණි බව මා දැනගත්තේ පසුදා උදැසන කණ්ඩායමේ ඉතිරි සාමාජිකයන් ගෙනි.

    කුඩා කැබිලිත්තේ සිට කුඹුක්කන් ඔය හරහා ගොස ලින් තුන දක්වා කල දෙවනි දවසේ සංචාරය සමග ඊලග කොටසින් හමුවෙමු.

    හරෝ හරා

    296440761_381465394109259_5652329202978714998_n.jpg
    296647096_381467077442424_8821571444537543748_n.jpg

    නූල හොද නම් පහල ලින්කුවත් ඔබාගෙනම යන්න. මේ මගේ චැනල් එක. ඇත්තටම මේකේ වෙන්නේ ගියපු තැන් කාපු බීපුවා පෙන්නන එක නෙවේ. කෙනෙක්ට ගමනක් සැලසුම් කරන්න කියලා දෙන එක. ඒ නිසා දැන්ම පහල ලින්කුව ඔබලා වැඩේට සෙට් වෙන්න. ජයවේවා.

    මේකත් ඔබාගෙනම යන්න 👈👈👈 :yes: :yes:

    296724416_381466687442463_7861327582165713360_n.jpg

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    kolukarayo set ekak wage
    pirimi pan thoppi daanne na
    Pirimi pan ? E monada aluth Paan Jathiyakda ? ;-) මෙලෝ පයන්නක් දන් නැතුව රටේ නැති ටෝක් දෙන කැනහිල්ලු කිරියේ වැඩී දැන්. පලයන් ටික් ටොක් කරන්න.මේකේ හැමිනෙන් නැතුව.. නොදකින් මූසලයා

    පට්ට බන් tfs
    :love::yes:
    ------ Post added on Aug 7, 2022 at 9:49 AM

    :love:
    ------ Post added on Aug 7, 2022 at 9:54 AM
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Pirimi pan ? E monada aluth Paan Jathiyakda ? ;-) මෙලෝ පයන්නක් දන් නැතුව රටේ නැති ටෝක් දෙන කැනහිල්ලු කිරියේ වැඩී දැන්. පලයන් ටික් ටොක් කරන්න.මේකේ හැමිනෙන් නැතුව.. නොදකින් මූසලයා
    ඔය විදියෙ පන් තොප්පි දාන්නෙ කෙල්ලො
    උට රෝසපාට කලිසමකුත් ඇදගන්න කියපන් :lol:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,401
    8,756
    113

    දෙවියන්ගේ බාරේ - 2022 - පලමු කොටස ( කතරගම පාද යාත්‍රා)

    මරදාන ස්ටේශම අද තරමක් සන්සුන්ය. වෙන සිකුරාදා දිනයන්ට එකම කාලගෝට්ටියක් වෙන මරදානේ අද සෙනග අඩු පාලු ගතියක් දකින්නට ලැබේ. රාගමින් කොච්චියට ගොඩවුන මම මරදානෙන් බැසගත්තේ කිලෝ 12කට වඩා වැඩි බැග් එකත් කර පින්නාගෙනය.

    ස්ටේශමෙන් එලියට පැමින පුංචි බොරැල්ල දෙසට පයින්ම ගමන පටන්ගත් මට ආනන්ද විද්‍යාලය ට මදක් එපිටින් නවතා ඇති කොළඹ අක්කරෙයිපත්තු බස් රථය ඇස ගැටීමට වැඩි වෙලාවක් ගියේ නැත.අනෙකුත් සියළුම දෙනා ඒ වනවිටත් බස් එකට ගොඩවී අවසන්ය. බර අධික මගේ බෑගයත් බස් රථයේ යට බෑග් දමන කොටසට අඩුක් කොට මමද ඔවුන් හා එකතුවීමී.

    View attachment 180967

    2019 දි කරගත් බකපණ්ඩිත ක්‍රියා වලින් අග්‍රස්ථානයට පත්වු කතරගම පාදයාත්‍රාව අවසන් කල දින සිටම අප සිටියේ මීලග පාදයාත්‍රාවට ඇගිළි ගනිමින්ය. කොරෝනා තත්ව යටතේ අවුරුදු දෙකක් පාදයාත්‍රාවට බැතිමතුන්ට අවසර දීමට රජය විසින් ප්‍රතික්ශේප කරන ලදි.

    එහෙත් අවසානයේදි 2022 පාදයාත්‍රාව පැවත්වීමට තිරණය කිරීමත් සමග එතෙක්කල් අපි බලාසිටි අවස්ථාව උදාවිනි. රැකියා ප්‍රශ්ණ සහ හදීසි අසනීප තත්ව හේතුවෙන් මාගේ පෙර ගමන් සගයන් දෙදෙනාටම මෙවර පාදයාත්‍රාව මගහැරෙද්දි කෝඩුකාරයන් වු බුද්ධිකත් කැළුම් අයියාත් ගමනට එකතුවිනි. 2019 පාදයාත්‍රාවට මා හට සියළු විස්තර ලබාදුන් චින්තාද අවසානයේ නඩයට එකතුවීම එක් අතකින් තවත් ශක්තියක් විය.

    පානමට ඇති එකම බස් රථය ලෙස රාත්‍රී 7 ට ගමන් ආරම්භ කරන ල0ගම බස් රථය පැවතීමත් මෙවර පාදයාත්‍රාවට අධික පිරිසක් යොමුවී තිබීමත් යන කාරණා නිසාම ඒ බස් රථය මගහැර අක්කරෙයිපත්තු බස් රථයක ගමන්කොට පොතුවිල් සිට අප මිත්‍ර රොහාන්ගේ වැන් රථය මගින් ගමන් කිරීමට සියළුම දෙනා මුලදීම එකගවිය.

    View attachment 180973

    අක්කරෙයිපත්තු බස් රථය අධි සුඛෝපබෝගි බස් රථයක් නිසාවෙන් හොද නින්දක් සහිතව ගමන් කිරීම අපගේ මූලික අරමුණ විය. බස් රථයේ ආසන 4ක් කල් තියාම අපහට වෙන්කර දීමට පානම පදි0චි මාහේ හිතමිත්‍ර තුසිත විසින් ක්‍රියාකර තිබුනි.

    ගමනට සූදානම් වීම මීට සති දෙකකට පමණ සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමයටය. අවශ්‍ය පොදු බඩු බාහිරාදිය පලමුවත් පුද්ගලිකව අවශ්‍ය දේ දෙවනුවත් සපයාගෙන ඒ බඩු පිරිස අතර බෙදාගෙන රැගෙන ඒමට තීරණය කරන ලදි. සියළුම දේ අදාල සැලසුමට අනුව සකසාගත් අපි දැන් සිටින්නේ ඉහතකී අක්කරෙයිපත්තු බස් රථයේය.

    රාත්‍රී 7.30 ට පමණ ගමන් ඇරඹු බස් රථය රත්නපුර පැල්මඩුල්ල උඩවලව මොණරාගල සියඹලාන්ඩුව හරහා පොතුවිල් කරා ලගා වෙද්දි පාන්දර 3.30 පමණ වන්නට ඇත.ඒ වනවිටත් තුසිතත් රොහාන්ගේ වැන් රථයත් අපිව පිලිගැනීමට පොතුවිල් නගරයට පැමිණ අවසන්ය. ඉක්මනින් වෑන් රථයට ගොඩවු අපි ඉන්පසු ආරුගම්බේ පානම හරහා ඔකදට ගමන් ඇරඹුවෙමු.

    පානම්පත්තුවට හිරු උදාවට පැයකට පමණ පෙර කැලේ මැදින් යෙදෙන මේ ගමන සැමවිටම වනසතුන් රිසිසේ බලාගැනීමට හැකිවන ගමනකි. මුවන් ගෝනුන් සහ ගනන් කල නොහැකි තරම් වු හාවුන් මාර්ගය හරහා පැන ගියේ තවත් එක වනගත චාරිකාවක අද්දැකීමක් අපට ලබාදෙමිනි.

    View attachment 180974

    උදෑසන 5.30 ට පමණ ඔකද දේවාල භූමියට පැමිණි අප හැකි ඉක්මනින් සූදානම් වී දේවාලයත් වැදපුදාගෙන ගමන ආරම්භ කල යුතුව තිබුනි.මූණ අතපය ආඩි ලිදෙන් සෝදාගෙන පිරිසිදුවී ඔකද දේවාලය වැදපුදාගත් අපි ඉන්පසුව ඔකදින් උදේ ආහාරයත් දිවා ආහාරය පාර්සල් ලෙසත් ලබාගත්තෙමු. මේ සියල්ල අවසානයේ අපි ගමන ආරම්භ කරනවිට උදේ 7.45 පමණ වන්නට ඇත. කුමන පිවිසුමේ දි අපගේ දත්ත ලබාගැනීමෙන් අනතුරුව අපිට කුමන ජාතික උද්‍යානයට ඇතුල්වීමට අවසර ලැබුනි.

    View attachment 180968

    පලවෙනි දවස සෑම විටම තරමක් අසීරුය.ඔකද දේවාලයේ සිට කිලෝමීටර් 21ක දුරක් පලවෙනි දවසට නියමිත වී තිබේ. කොළඹ සිටි පැමිණෛ ගමන් මහන්සියත් පාරිසරික වෙනස්වීමට හුරු නොවු ශරීරත් නිසා පලවෙනි දවස බොහෝදෙනෙක්ට බොහෝවිට අසීරු දවසකි.

    බොහෝකලක් නිවසට වී නිකන්ම සිටීම නිසා අලවී තිබූ මගේ කකුල් දෙක කිලෝ 15කට වැඩි බරක් සමග තරමක් වේගයෙන් ගමන් කිරීමට මුලදී තරමක් අකමැති විය. විනාඩි 5න් පහට විනාඩියක පමණ කෙටි විවේක ගැනීමට මට මුලදි සිදුවිය. එහෙත් කිලෝමීටර් 3 ක පමණ දුරක් ඇවිදගිය පසු නැවතත් සුපුරුදු ලෙස අපහසුවකින් තොරව ඇවිදයාමට මට හැකිවිනි.

    2019 පාදයාත්‍රාවට වඩා මෙවර අතිශයින්ම වෙනස් අද්දැකීම් අපහට ලැබෙන බව සානාථ කරමින් මද දුරක් යන්නට කලින්ම පාර මැද හොදින් වැඩුන තිත් පොළගෙකු දක්නට ලැබුනි.

    View attachment 180969

    බාගුර පසුකර ටිකදුරක් යැමේදි මුව පැටියෙකු පසුපස පන්නාගෙන ආ නරියන් දෙදෙනෙකු අපට දැකගන්නට ලැබුන අතර මුව පැටියා අප අතරෙන් දිවීම නිසා නරියන් දෙදෙනා ගොදුර අතහැර නැවතත් කැලැ වැදුනි.

    පිලිවෙලින් මුව රංචුවකුත් අලි රංචුවකුත් පෙරදිනයේ කොටියෙකු විසින් පහරදී ආහරයට ගත් මී හරක් පැටවෙකුත් මාර්ගය දෙපස සිට අප හට දක්නට ලැබුණි.

    View attachment 180971

    කුඩා කැබිලිත්තට ලගාවත්ම කුඩා කැබිලිත්තේ ප්‍රසිද්ධ තනි අලියා පාර මාරුවෙමින් දිය කෙලියට යන අයුරු ඉතාමත් ආසන්නයෙන් දැකගන්නට ලැබුනි.

    ඔකදින් රැගෙන ආ දිවා ආහාරය වූ රොටී අපි කැවේ 2019 දි අපේ දිවා ආහාරය ගත් ගසයට සිටමය.විනාඩි 45ක පමණ විවේකයක් දිවා ආහාරයට වෙන්විය.

    පස්වරු 5 පමණ වනවිට කුඩා කැබැලිත්ත කදවුරු භූමියට පැමිණි අප කදවුරු බැදීමට තැනක් සොයාගැනීමෙන් අනතුරුව කුඹුක්කන් ඔයේ ගිලි සිත් සේ නා ගත්තෙමු.

    රාත්‍රී ආහාරයට බත් සමග පරිප්පු සූදානම් කෙරුනු අතර කැලුම් අයියා ගෙනා සීනි සම්බෝලයද ඊට එකතුවිය. අපගේ කදවුරු භූමිය අලි ම0කඩකට ඉතා ආසන්නයෙන් තිබීම නිසා ගිනිමැලයක් දැල්වීමට කුඩාකැබිලිත්තේ ආරක්ශාවට සිටි හමුදා සාමාජිකයන්ගෙන් අපට උපදෙස් ලැබුණි.

    View attachment 180972

    විඩාබර දවසක අවසානයේ ඉක්මනින් නින්දට යැමට සියල්ලෝම සූදානම් වෙද්දි කැළුම් අයියා නිරන්තර අවධානයෙන් සිටියේ අලියාගේ පැමිණීම පිලිබදවයි.එදා රැ තනි අලියත් කොටියත් කදවුරු භුමිය ආසන්නයටම පැමිණි බව මා දැනගත්තේ පසුදා උදැසන කණ්ඩායමේ ඉතිරි සාමාජිකයන් ගෙනි.

    කුඩා කැබිලිත්තේ සිට කුඹුක්කන් ඔය හරහා ගොස ලින් තුන දක්වා කල දෙවනි දවසේ සංචාරය සමග ඊලග කොටසින් හමුවෙමු.

    හරෝ හරා

    View attachment 180975View attachment 180976

    නූල හොද නම් පහල ලින්කුවත් ඔබාගෙනම යන්න. මේ මගේ චැනල් එක. ඇත්තටම මේකේ වෙන්නේ ගියපු තැන් කාපු බීපුවා පෙන්නන එක නෙවේ. කෙනෙක්ට ගමනක් සැලසුම් කරන්න කියලා දෙන එක. ඒ නිසා දැන්ම පහල ලින්කුව ඔබලා වැඩේට සෙට් වෙන්න. ජයවේවා.

    මේකත් ඔබාගෙනම යන්න 👈👈👈 :yes: :yes:

    View attachment 180977

    patta. and subscribed to the Youtube channel.