Nissan Leaf දෙවිවරු

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,266
    10,531
    113
    ලක්ශ 100 පැනලා උඩ ගිය Nissan Leaf දෙවිවරු ටික ටික බිමට වඩිනවා:lol:
     
    • Haha
    Reactions: nygel

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    කුරිරු සතුටක් දැනෙනව

    evil smile GIF
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රැල්ලට තමා ලංකාවේ හැමදේම..තාප්ප වල චිත්‍ර අැන්දා වගේ තමා ඒකත්.
     
    • Like
    Reactions: zid2021

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිස්සුද යකෝ.ඒ අර රට ඉන්න උන් ගන්න ඒවට..

    rata inna unta pissuda owa ganna. manushage ammage redda asse gahala thamai charge karanne
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ekath ain kara.

    මොකක්ද?තීරු බදු නොගෙවා ගේන ඒවට විතරයි නේ ඕක කියල තිබ්බෙ..මගේ යාළුවෙක් ඉන්නව ලීෆ් ඵකක් තියෙන උෟ නම් ගෙදර කරන්ට් ඵකෙන් චාර්ජ් කරන්නේ..


    විගමනික ශ්‍රමිකයන්හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා දිරි ගැන්වීම් ලබා දීම

    රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට සිදු කරනු ලබන ප්‍රේෂණයන් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු සහන සහ දිරි ගැන්වීම් සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස 2022.06.27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නිලධාරි කමිටුවක් පත් කර ඇත.

    එකී නිලධාරි කමිටුවේ වාර්තාව මඟින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ පරිදි මෙරටට විධිමත් මාර්ග ඔස්සේ ප්‍රේෂණය කරනු ලැබූ විදේශ අරමුදල් ප්‍රමාණය පදනම් කරගෙන අදාළ විගමනික ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේදී අතිරේක තීරු බදු සහන දීමනාවක් ලබා දීමට හා විදුලියෙන් ක්‍රියා කරනු ලබන වාහනයක් මිල දී ගැනීම සඳහා එකී විගමනික ශ්‍රමිකයින්හට පහසුකම් සලසා දීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
    මෙරටට විදේශ විනිමය එවනු ලබන විදේශගත ශ්‍රී ලාංකිකයන් හට ඉලෙක්ට්‍රොනික වාහන ආනයනය කිරීම සඳහා රජය විසින් සහන පැකේජයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.
    අද (02) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය.
    මේ රටේ දැනට වාහන ගේන්න ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ මොනම විදිහකටවත් දැනට, කොවිඩ් කාලය ආරම්භ වුණ කාලයේ ඉදලම රථ වාහන ආනයනයට ඉඩ දෙන්නේ නැහැ. මොටර් සයිකලයක්වත් ආනයනය කරන්න දෙන්නේ නැහැ. එතකොට මේ රටට විදේශ විනිමය එවන උදවිය වෙනුවෙන්ම, විදේශගත ශ්‍රී ලාංකිකයා වෙනුවෙන්ම මේ විශේෂ පැකේජය හදුන්වා දී තිබෙනවා.
    එතනදි ඩොලර් 3,000ට වඩා කවුරුහරි කෙනෙක් ලංකාවට එවනවා නම් තමන්ගේ ගිණුමට හරි තමන්ගේ ඥාතියගේ, ලඟම කෙනාගේ ගිණුමට, වෙන වෙන කෙනාගේ ගිණුමට එවලා හරි යන්නේ නැහැ. තමන්ගේ ගිණුමට හරි තමන්ගේ පවුලේ කෙනාගේ ගිණුමට හරි තමන් එවලා තියනවනම් ඩොලර් 3,000ට වැඩියෙන් යම් කිසි මුදලක් ඒ අයට ඒ එවපු මුදලේ අඩ වටිනාකමකට බයිසිකලයක්, ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයක් ගන්න අවකාශය සලසා දී තිබෙනවා.
    ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයක් ගන්න. මේ 3,000 අවශ්‍යතාවය දීලා තියෙන්නේ අවම අයට. ඒ කියන්නේ 3,000ට වඩා වැඩිනම් එවපු මුදල 5,000ක් නම් 2,500කට අදාල CIF value එක, ඒ කියන්නේ මූලික වටිනාකමට ගෙන්නන්න පුලුවන්, බදු රහිත මිලට ගෙන්වන්න පුළුවන්. රෝද දෙකේ වාහන, ඒ කියන්නේ මෝටර් සයිකල්.
    හැබැයි අපි ත්‍රීවීල් සඳහා මේ සඳහා අවකාශයක් ලබා දෙන්නේ නැහැ. අපි විශ්වාස කරනවා මේ රටේ ත්‍රීවීල් ප්‍රමාණය ප්‍රමානවත් තව මේ රටට ත්‍රීවීල් එන්න ඕන නැහැ කියලා. ඒ නිසා 20,000 ට වැඩියෙන් එවලා තියනවානම් යම් කිසි පුද්ගලයෙක් , යම් කිසි පුද්ගලයෙක් 20,000ට වැඩියෙන් ඕන ප්‍රමාණයක් එවලා තියනවනම් ඩොලර් 65,000ක උපරිමයක් දක්වා යවන ලද මුදලින් භාගයක මුදල ඩොලර් 65,000ක් දක්වා වාහනයක් ආනයනය කරන්න අපි අවසර දෙනවා. මේකත් විද්‍යුත් වාහනයක් විතරයි. electronic vehicle එකක් විතරයි ගේන්න පුළුවන්. ඒකත් 300ත් 500ත් අතර ධාවන පරාසයක වාහනයක් වෙන්න ඕන.
    ඒ වගේම මේ සඳහා ගෙන්වද්දි සූර්යය බල පද්ධතියට, සූර්යය බල පද්ධතියක් තමන් විසින්ම සකසා ගන්න ඕන, තමන් විසින්ම ආනයනය කරලා හරි එහෙම නැත්තන් මිල දී ගන්න ඕන. මොක ද ජාතික විදුලි බල පද්ධතියෙන් මේ වාහන ආරෝපනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. චාර්ජ් කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ජාතික පද්ධතියට සම්බන්ධ නොවී off grid system එකක් විදිහට තමයි තමන්ගේ සූර්යය පැනලය ගේන්නත් එක්ක තමයි මේ සඳහා අනුමැතිය දෙන්නේ. මොකද මෙතනදි අපි බලාපොරොත්තු වෙනවා පරිසර දූෂණය අවම කර ගැනීම ඒ වගේම ඩොලර් ලංකාවෙන් එලියට යන එක නතර කර ගැනීම, ඒ වගේම ප්‍රධාන ධාරාව හරහා විදුලිය අරගෙන අපි ප්‍රධාන ධාරාවට හානී නොකිරීම යන මේ සියලු කාරණා හරහා තමයි අපි මේ විදුලි මෝටර් රථය ලබා දෙන්නේ.
    මේකත් ක්‍රියාත්මක වෙනවා, දැන් මේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීමත් සමඟම ඉදිරි දිනයන් වලදී ඔබට මේ සඳහා හිමිකම් පෑමේ වරප්‍රසාදය හිමි වෙනවා කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. මෙතන දී ඒ වාහන වල ප්‍රමාණය පිළිබඳ අදාල චක්‍රලේඛය අපි ඉදිරියේ දී නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ සඳහා වන වාහනයේ ප්‍රමාණය කිලෝ වොට් ගණන, ඒ වගේම මේකේ බැටරියට මොකක්ද කරන්නේ කියන කාරණය, මොකද එතනින් එහාට තියන කාරණා සියල්ල. කෙහෛාම වුනත් මේ වෙලාවේ රටට මේ උදව්ව කරපු සියළු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් යම් යුතුකමක් ඉෂ්ට කිරීමක් සහ අනාගතයේ දී මේ අයට වැඩි වැඩියෙන් උනන්දු කිරීමක් හැටියට අපි මේක ඉදිරිපත් කරනවා.


    http://biz.adaderana.lk/හරි-පාරේ-ඩොලර්-එවන-අයට-ඉලෙ/
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    මොකක්ද?තීරු බදු නොගෙවා ගේන ඒවට විතරයි නේ ඕක කියල තිබ්බෙ..මගේ යාළුවෙක් ඉන්නව ලීෆ් ඵකක් තියෙන උෟ නම් ගෙදර කරන්ට් ඵකෙන් චාර්ජ් කරන්නේ..


    විගමනික ශ්‍රමිකයන්හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා දිරි ගැන්වීම් ලබා දීම
    ලාංකිකයන් වෙනුවෙන් යම් යුතුකමක් ඉෂ්ට කිරීමක් සහ අනාගතයේ දී මේ අයට වැඩි වැඩියෙන් උනන්දු කිරීමක් හැටියට අපි මේක ඉදිරිපත් කරනවා.

    http://biz.adaderana.lk/හරි-පාරේ-ඩොලර්-එවන-අයට-ඉලෙ/
    https://www.themorning.lk/migrant-w...ment-removed-from-electric-vehicle-incentive/
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    මේක ගොන් රටක් බන්
    බොරුවට රැල්ල හදලා කලුකඩ මාකට් කරනවා.
     
    • Like
    Reactions: zid2021