එකේ ඉතිං දෙපැත්තම තියෙනවා.
මැරි කලාම පට්ට වදේ කිසි නිදහසක් නෑ.
මැරීඩ් ලයිෆ් එකට එන්ටර් වෙච්ච ගමන් මිසින් වෙන ලොකුම දේ තමයි ෆ්‍රීඩම් එක.
මට නං ලොකුවටම දැනුනේ ඒක.
ඉස්සර වගේ ලවක් දෙවක් නැතුව අරෙහේ මෙහේ කාලේ කන්න, පාන්දර 3 4 වෙලා ගෙදර එන්න ඒවා නැති වෙනවා.
30න් පස්සේ ඉතිං ඕවා කොහොමත් වැඩකුත් නෑ
ඊට සාපේක්ශව වාසි වැඩි මට නං.
දුකට සැපට කෙනෙක් ලග ඉන්න එක, ඕන දේකට සහයට කෙනෙක් ඉන්න එක,
ගමනක් බිමනක් ගියත් ජොලි ඉතිං.
කපල් එකක් විදිහට බැදාලා අවුරුදු දෙක තුනක් ජොලි කරලා ඕනේ හැබැයි ලමයි හදන්න, නැත්තං එපා වෙනවා.
කොහොමත් කසාදයක් බදින එක තමා හොදම දේ,
20-30 අතරේ කාලේ යාලුවො ඉන්නවා හිතවත්තු ඕන තරම් ඉන්නවා ඒ කාලෙට ගානක් නෑ.
30 පැන්න ගමන් යාලුවෝ හුගක් නැතිවෙනවා.උන් උන්ගේ ලෝක වල බිසී වෙනවා, හිතවත්තු අඩු වෙනවා.
ඕකේ බරපතලම අවධිය එන්නේ 45-50 වෙනකොට, තමන්ටම කෙනෙක් නැති එකේ අඩුපාඩුව තදටම දැනෙන්නේ එතකොට.
එතකොට ඉතිං කසාදයක් කරගත්තත් ආදරේ කරන්න මැරීඩ් ලයිෆ් එකේ ගතිය විදින්න බෑ.
උඹ අවුරුදු 8-10 කාලේ කවුරුහරි උඹට ටෙනිස් බෝලයක්, අලුත් බැට් එකක් එහෙම අරං දුන්නම කොහොමද සතුට.
දැන් උඹට දවසගානේ ටෙනිස් බෝල 10ක් ගන්න සල්ලි තිබ්බත් උඹට ගන්න හිතෙනවද?
නෑනේ?
ඇයි ඒ?
ජීවිතේ එහෙම තමයි, හැම දෙයක්ම විදින්න පුළුවන් කාලයක් එනවා, එතකොට ඒක විදින්න ඕනේ, ආයේ ඒක විදින්න බෑ
අවුරුදු 8-10 කාලේ කොල්ලෝ එක්ක බෝල ගහලා ගන්න ආතල් එක මිස් උන එකෙක්ට, අවුරුදු 25දි ඒ ආතල් එක ගන්න බෑ.
කැම්පස් යනකාලෙ ගල්කිස්සේ බෝට්ටුවක තියාගෙන සුප් කැට ලෙවකකා අරක්කු බිපු කාලේ ආතල් එක අවුරුදු 35දි ආයේ අරක්කු බොද්දි ගන්න බෑ.
කසාදෙත් ඒ වගේ ඉක්මන් වෙන්නත් එපා, ප්‍රමාද වෙන්නත් එපා, ස්ථාවරයක් හදාගෙන නිසි වයසෙදි බැදපං.වැදගත්ම දේ තමයි කෙල්ලෝ 100ක් එක්ක හරි යාලුවෙලා අවුරුදු 60 70 එකට ඉන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක්වම විතරක්, බුද්ධිමත්ම තෝරගනිං.
අනේ මොන ගෑණුද මම ආතල් එකේ තනියම ඉන්නවා කියල නං හිතන්න එපා.
අවුරුදු 45-50 වෙද්දි උඹ අනිවාර්යයෙන්ම ඒ ගැන පසුතැවෙනවා.
ඔය තනිකඩව කර්පට් වෙවී ඉන්න මොන අයියත් බොරුවට නෑ නෑ කිව්වට හරියට හිතට තට්ටු කරලා ඇහුවොත් නොබැදපු එක ගැන ඔය හැමඑකාම පසුතැවිලි වෙනවා.
ඒ නිසා නිසි වයසට බැදපං.