එෆ් බී එකෙයි , වෙන තැං කීපෙකයි දැක්ක මේ කතාව
යන්න බැරි ගොඩක් උං රට යන උං ගැන තියෙන ඊරිසියාවට කියන කතාවක් බං ඕක,
මමත් යන්නෙ නෑ මගෙ පෞද්ගලික හේතු නිසා
ඒත් මිනිහෙක් වෙන රටකට ගිහිල්ල සතුටිං ඉන්න එක ගැන සතුටු වෙයං ඒ මිනිහට වෙන යහපත ගැන හිතල.
ලංකාවෙ ටැක්ස් ගෙවන එකෙයි , පිට රටක ටැක්ස් ගෙවන එකෙයි වෙනසක් තියෙනව
- ගෙවන ටැක්ස් එක කොච්චර කාර්‍යක්ශමව ආයෙ රටේ යහපත වෙනුවෙන් යොදා ගන්නවද කියන එක, ලංකාවෙ තියෙන දූශනය , නාස්තිය එක්ක ඉතිං අපි මහන්සි වෙලා හම්බ කරන එකෙන් ගන්න ටැක්ස් එක කවුරු හරු දේශපාලුවෙක් කොමිස් එකට ගහ ගනියි, නැත්තං දේසපාලන පත්වීමකින් ජොබ් රෝල් එකක් නැතුව අයිස් ගහන ආන්ඩුවෙ බයියෙක්ට පඩිය විදිහට ගෙවයි ,
- සෞක්‍ය , අද්‍යාපනය නිදහස් කිව්වට , ඒවල යාවත්කාලීන කම , සේවාවේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනව, ලඟකදි බේතක් ගන්න ආන්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියා නං ඕක තේරෙනව. මම මීගමුවෙ ඉස්පිරිතාලෙ පරිප්පු කාල තියෙනව ඕන තරං, තනිකර අපාය තමා ඉතිං.
- ලංකාවෙ ඉන්න ජොබක් කරල මාසෙ පඩිය ගන්න කොල්ලෙක්ට ඉඩමක් ගන්න, ගෙයක් හදන්න තව දුරටත් හීනයක් විතරයි. ටැක්ස් එකෙං තවත් කෙල වෙනව
- වාහන ගැන කතා නොකර ඉමු.
- සමාජ ආරක්ශනය , මොනාද තියෙන්නෙ, පෞද්ගලික අංශෙ එකෙක් ජීවිත කාලෙම පඩි ගෙවල , ඌ වයසට ගියාම ලැබෙන ප්‍රතිලාබෙ මොකක් ද ?
- පසුගාමී , ගෝත්‍රික සමාජයක්


logic busted
