Thanks brother
Bro puluwanm meka meka use karana hati gana tips tikak denna puluwanda? Ex:- Use karaddi charge ekata gahala use karannda, Charge karanna oni battery percentage kiyata adu wunamada wage
බැටරිය දිගටම චාජරේට ගහල යූස් කරාට අවුලක් නැහැ චාජ් උනාට පස්සෙ ලැප් එක කෙලින්ම චාජරෙන් වැඩ කරන්නෙ. පරන ලැප් වගේ නෙමයි අලුත් ලැප් ඔය වගේ දේවල් වලට හදලා තියෙන්නෙ
මගේ M1 ලැප් එක නං ටික දවසක් යූස් කරාම මගේ යූසේජ් පැටන් එක හොයාගෙන බැටරියෙන් ලැප් එක යූස් කරන්නෙ රෙයාලි කියලා 80%න් එහාට චාජ් කරන්නෙ නැහැ බැටරි ලයිෆ් එක වැඩි කරගන්න ඕන නිසා
ලැප් එක ඇඳ උඩ එහෙම තියලා නිතර යූස් කරන්න එපා වෙන්ටිලේශන් සීල් වෙන්නම වැහෙන නිසා ඕනවට වඩා හීට් වෙන්න පුලුවන්
මම නම් ශට් ඩවුන් කරන්නෙ නැහැ හැමතිස්සෙම ඔන් එකේ තියෙන්නෙ කොහෙ හරි අරන් යද්දි ලිඩ් එක වහලා අරන් යනවා. කලින් ලැප් එකත් මෙහෙම යූස් කරේ අවුරුදු 4ක් විතර තාම ඒ ලැප් එකත් වැඩ
තව යූස් කරද්දි නං
ටච් පෑඩ් එකේ ගෙස්චර්ස් ටික සේරම පුරුදු වෙන්න එතකොට ගොඩක් වැඩ පට්ටම ලේසියි
තව මැක් වලටම විතරක් වැඩ කරන ශෝට් කට් ගොඩක් තියනවා ඒව පුරුදු වෙන්න, උදාහරන විදියට cut paste/backspace වගේ ඒව
මැක් එකේ කට් පේස්ට් හරි මොනා හරි ෆයිල් එකක් ඕපන කරනවා නං වින්ඩෝ එකට drag n drop එක තමයි ප්රයිමරි ඇක්ශන් එක ඒක නිසා ඒ වගේ ඒව පුරුදු වෙනවා නං වැඩ කරගන්න තව ලේසියි
දැනට ඕව තමයි මතක් උනේ