ගත්තෙ දෙන්නෙක් ඉන්නවා.... දෙන්න වෙනම පලාත් දෙකක වෙනම ලෙවල් එකේ ලයිෆ් එකක් ගෙවන්නේ, එකෙක් අතේ සත පහක් නැති සමාන්‍ය විදියට ජිවත් වෙනවා, අනිත් කෙනා ලොකු මුදලාලි කෙනෙක් (එයාලගේ පවුලේ බීස්නස් තියෙනවා ඉස්සර ඉදලා) මේ මුදලාලිනම් ගත්ත එකක් නෙමෙයි වාසනාවට හම්බුන එකක්, සීන් එක මෙහෙමයි බොහොම ප්‍රසිද්ද වැවක වල දාල තිබ්බ එකක් ගන්න මේ මුදලාලි ඇතුලු සෙට් එක ගිහින් තියෙනවා කොච්චර හෑරුවත් මොකුත් හම්බෙලා නෑ, වට කුරු (මධ්‍යම ප්‍රමානයේ කලයක්/මුට්ටියක් වගේ) කලු ගලක් තමා හම්බුලේ තියෙන්නේ ඉතින් අනිත් උන් ඒක විසික්කලා වැඩක් නෑ කියලා, අර මුදලාලිය එක අර්ං තියාගෙන උන් එපා කීව නිසා, වැඩේ සාර්තක උනේ නැති නිසා කට්ටිය හිමීට එතනින් කැපිලා, වෙන අය හාරයි කියලා ඒ පලාතේ පොලීසියේ අයයි හම්මුදාවේ අයයි දාල ඒ වල වහල දැම්මා වීදිරු බෝතල දාල. අර මුදලාලී අර ගල අරං ගෙදර ඇවිල්ල, පස්සෙ ඒ එනකොට උගේ වාහනේ ඇතුලේ ගල බිමට වැටිලා ඒකේ තමා නිදන් වස්තු තිබිලා තියෙන්නේ, සීන් එක එලියට ආවේ පොර ඒ නිදන් වස්තු වලින්, කරන්න ඔනී මොනාද කියලා අහන්න යන දේවාලයක් තියෙනවා මාතලේ පැත්තේ, අන්න එතනට අපෙ ගමේ මනුස්සයෙක් ගිහිල්ල ඒ මනුස්සයාගේ වැඩකට ඉතින් කතාවෙන් කතාවෙන් අර දේවාලේ ගුරු කියලා ඔයාලෙගේ ගම අර අහවල් මුදලාලී මහත්තයා එනවා මගේ ලගට නිතරම එයාගේ මෙහෙම වැඩ තියෙනවා කරගන්න කියලා. මුදලාලී හරි හොදයි ලොකු අවුලක් නෑ (තන්හාව පොඩ්ඩක් තියෙනවා ගෑනූ කේස් නෑ අරක්කු කුඩු කේස් නෑ පින් දහම් කරන් ඉන්නවා). අනිත් එකා මගේ යාලුවෙක්ගේ හස්බන්ඩ් ඌ ඉන්නේ හෙන හිගන්නා වගේ ඒත් බිස්නස් කරනවා පොත්වල සල්ලි තියෙනවා FD එහම දාල තියෙනවා එක එක ගනන් වලින්, උගෙ වයිප් මාත් එක්ක ෆිට් එකට ඉස්කෝලේ ගියේ අපි, ඉතින් වයිපා කීවා මං අතින් විස්තරේ. නිදන් ගත්ත එකක් කවදාවත් ඒ සල්ලි පෙන්නන්න යන්නෙ නෑ.....