ලේන්සුවෙන් මූණ වහගන්න මං සප්‍රයිස් කරන්නම් කියා පිහියෙන් ඇන්නා.
විශේෂ දෙයක් කථා කරන්න ඕන කියලා මම ඇය තුරඟ තරඟ පිටියේ පිටියට රැගෙන ආවා. එහි දී “ඔයාව සප්‍රයිස් කරන්න ඕන කියලා” මම ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතිය බව කියන තරුණියගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුවා පොලිසියට ප්‍රකාශය ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.
චුටි” මට නිතරම මම මානසික රෝගියකු කියලා පරිභව කරනවා. ඒ නිසා මම වේදනාවෙන් හිටියේ.’ මට අහිමි වුන ඇයව වෙන කිසිවකුටත් අයිති නොවන්න ඇය මරන්න ඕන කියලා ,, හිතුවා.මම මාසයක පමණ කාලයක සැලසුම් කළා. හදිසි කථාවක් තිබෙනවා කියලා මම චුටි ව තුරඟ තරඟ පිටියට රැගෙන ආවා....
මම 2019 වසරේ සිට මානසික ව්‍යාකූල තත්තවක් වෙනුවෙන් බෙහෙත් ගන්නවා. චුටි සමග 2020 මිතුරු වුනා. ඇයට මම බෙහෙත් ගන්නා බව කිව්වේ නැහැ. නමුත් ඇය මීට මාස 4-5 පෙර ඒ බව දැනගෙන, මා සමග අමනාප වුණා. අපේ සම්බන්ධය නතර කරමු කියලා ඇය එය නරත කළා.
ඇය වෙනස් වුණා. ඇය මට නිතරම “පිස්සා” කියලා බනිනවා. ඇය වෙනස් වුනේ වෙනත් සම්බන්ධයක් නිසා ද කියල මම හොයලා බැලුවා. නමුත් ඇයට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට ඇය සම්බන්ධයෙන් සැකයක් තිබුණෙත් නැහැ. අය මට නිතරම මානසික රෝගියා කියලා බැන වදින නිසා මම ඇය සමග අමනාපයෙන් ඒ ගැන වේදනාවෙන් හිටියේ.
සම්බන්ධය නැති නිසා ඇය මට අයිති නැහැ. මට අහිමි වු ඇය වෙන කිසිවෙකුටත් හිමිවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඇය ඝාතනය කරන්න ඕන කියලා සැලසුම් කළා.
පසුගිය සෙනසුරාදා ඇය මා සමග බහින් බස් වුනා. ඇය කිව්වා අපි මේ සම්බන්ධය නවත්වමු කිව්වා.