😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

dilann

Well-known member
  • Jul 6, 2018
    69,884
    171,092
    113
    එකමත් එක රටක
    එහෙමනම් මට ඒක මිස් වෙලා.

    ආයෙ පාරක් කියන්න බලන්න, දිලාන් කොහොමද කවුරු හරි ටිපර් වෙලාමයි කියලා නිශ්චිතව ප්‍රකාශ කරන්නෙ කියන එක ?
    අයිත කියන්න තියෙන්නේ අරක. :rofl:

    අහන දේ වෙනුවට අහන එකාව විවේචනය කරන්න එන්නේ එහෙම උනාම තමයි.
    අහන දේ තමන්ගේ විශ්වාස වලට විරුද්දයි කියලා හිතෙනවා ඇති. ඒකට මම මොනව කරන්නද...
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    පුනුරුප්පතිතිය්ක් නොවෙයි ආවේශයක්. නමුත් මේ කියන කතාව හරි නම් ඒක පුනුරුප්පත්තිය වන ආකාරය පහදන්න සාක්ෂියක්. නමුත් මේ ගැන කරන බොහෝ පරීක්ෂණ වාර්තා බයස් වෙලා කරන ඒවා මේක වුනත් නිවැරදිද කියලා දැන් හොයන්න බැහැ අදාළ සියලු දෙනා දැන් ඉන්නේ මැරිලා හෝ වයස්ගතව. ඒ වගේම ඉන්දියාව කියන රටේ කෙනෙක් සොයන අමාරු වැඩක්. අපි අත්දකින බොහො ආවේශ මානසික ප්‍රශ්න කියන තැනට දාන්න පුළුවන්. කිසිම තැනක විද්‍යාත්මකව බැලුවොත් සත්‍යක් දකින්න බැහැ.

    බොහෝ දෙනෙක් තර්ක කරාවි පුනුරුප්පත්තිය විද්‍යාත්මකව ඔප්පු කරන්න බෞතික දෙයක් නොවේ කියලා. නමුත් පුනුරුප්පතිය විස්තර කරන තියරියක් ගොඩනංවන්න ඕන වෙන්නේ සනාත කරන්න පුළුවන් මෙහෙම සිද්ධි ටිකක් විතරයි. අපිට පෙන්වන්න ඕන එකම දේ conscience නැත්නම් විඥ්ඥානය මොළයකින් තොරව පවතින්න පුළුවන් සහ එක මොළයකින් තවත් මොළයකට යන්න පුළුවන් කියන දෙය පමණයි.

    බුදු දහමේ තියන මේ කරුණ සඳහා පිළිතුරක් ඕන. බුදු දහමේ කියනවා හදවත තුල ලේ ධාතුව අනුසාරයෙන් විඥ්ඥානය ඇත කියලා එහෙම නම් හදවත් බද්ද කිරීමකදී බද්ද කරන හදවත හිමි කෙනාට හිමි විඥ්ඥානය අනෙක් සිරුරට මාරු වෙනවාද? නැහැ නේ. හදවත නවතා bypass එකක් කරන කොට හෝ හදවත වෙනුවට මැෂින් එකක් සවිකළ විට විඥ්ඥානය පවතින්නේ කොහෙද?

    නමුත් පුනුරුප්පත්තිය සනාථ වෙන්න නම් මේ ගැටලුව විසදෙන්න ඕන
    1. අපි දන්නවා අපේ conscience සහ මතකය සම්පුර්ණයෙන්ම මොලය තුල වෙන ක්‍රියාවලියක් බව. ඒ වගේම යම් සිද්දියක් දැකීම සහ අපිට දැනෙන හන්ගීම් ඇති වන්නේ මොලයේ බව. අපිට දැනෙන සමහර හන්ගීම් බල්ලොන්ට දැනෙන්නේ නැහැ. ඒ වගේම අපිට දැනෙන දෙයින් ඉතා කුඩා කොටසක් තමයි නියුරල් නෙට්වොර්ක් එක සරල ජීවීන්ට ලැබෙන්නේ. එතකොට මිනිස් සිරුරක පවතින විඥ්ඥානය ගෙම්බෙක් වගේ සතෙක් තුලට ගියාම මිනිස් මතක එතනින් එහාට යන්නේ කොහොමද එතකොට පෙර ආත්ම කියවන්න අදාළ දත්ත කොහෙද ගබඩා වෙන්නේ.

    2. විඥ්ඥානය කියන දේ එක සිරුරකින් තව සිරුරකට යන්න පුළුවන් නම් මතකය තියෙන්නේ මොලය අශ්‍රිතව තිබෙන්න බැහැ නේ. එහෙමනම් අපගේ මොලයේ යම් කොටස් විනාශ වුනත් නැතිවන මතකය කොහොමද වෙන ශරීරයක් තුලට යන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,884
    171,092
    113
    එකමත් එක රටක
    Eyala kiyaneth apahu deyo gawa ipadila 72 virgin gana puluwan kiyala thama. Me body eken yanawa kiyala pili gan ne nd
    ඉපදිලා කියල කියනවද???
    නෑ නේ ?
    මැරුණම දෙයියෝ ලගට ආත්මය යනවා කියලා නෙවෙයිද කියන්නේ ??
     
    • Haha
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,884
    171,092
    113
    එකමත් එක රටක
    It's pase deyo unta virgin la dena physical form ekak thiyena nisane
    කතෝලික එකෙක්ගෙන් අහපන්. උන් කියයි හරියට උන් හිතන් වීදිය.
    මම හිතන්නේ උන් කියන්නේ ආත්මය එහෙ යනවා කියලා. නැවත ඉපදීමක් ගැන නෙවෙයි.
    @Enthiran , @kolavari මෙන්න මුන් නම් දන්නවා ඇති ඕක.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    අයිත කියන්න තියෙන්නේ අරක. :rofl:

    අහන දේ වෙනුවට අහන එකාව විවේචනය කරන්න එන්නේ එහෙම උනාම තමයි.
    අහන දේ තමන්ගේ විශ්වාස වලට විරුද්දයි කියලා හිතෙනවා ඇති. ඒකට මම මොනව කරන්නද...

    මට දැනෙනවා දිලාන් ප්‍රශ්නය මගහරින බවක්. කමක් නැහැ, ඒ මට දැනෙන හිතෙන හැටි වෙන්න ඇතිනෙ.

    "දිලාන් කොහොමද කවුරු හරි ටිපර් වෙලාමයි කියලා නිශ්චිතව ප්‍රකාශ කරන්නෙ කියන" එක , දිලාන් කියපු විදිහට දිලාන්ට කියන්න පුලුවන් වෙන්නෙ දිලාන්ගෙ පසුගිය අත්දැකීම් තුලින් දිලාන් එකතු කරගත්ත දැනුම මත පදනම් වෙලා. ඒ කියන්නෙ ඒ ටිපර් වෙලාමයි කියන එක හුදෙක් දිලාන්ගෙ "අත්දැකීමට සාපේක්ෂව" දිලාන් තීරණය කරන දෙයක්. දිලාන්ගෙ අත්දැකීම් වලට පරිබාහිරව තව ඕනෑ තරම් අත්දැකීම් තියෙන්න පුලුවන්. ඒ ඒ අය ජීවත්වෙන වටපිටාව, චින්තන අනුව අත්දැකීම් වෙනස් වෙනවා.

    ඒ නිසා දිලාන් එහෙම ප්‍රකාශ කලාට ඕක හරියන්නත් ඉඩ තියනවා වැරදි වෙන්නත් ඉඩ තියනවා. නමුත් දිලාන් පිළිගන්නෙ, දිලාන්ට ඉදිරිපත් කරන්න අවශ්‍ය "ටිපර් වෙලා" කියන එක. ඒක තමා දිලන්ගෙ විශ්වාසය...

    ඔතනින් විතරක් නෙමෙයි දිලාන්, ප්‍රශ්න කරගෙන ගියාම මේ ලෝකෙ ඕනෑම දෙයක් විශ්වාසයක් මත තමා පදනම් වෙන්නෙ. ඕනෙම දෙයක් ආපස්සට අහගෙන ගියාම විශ්වාස වලට හේත්තු වෙනවා. ඒ නිසා විශ්වාස කියන එක අපිට අත්හරින්න බැහැ.

    ලෝකයේ පවතින ඕනෑම දෙයක් පිළිබඳ උත්තරයක් ඇතුළෙ විශ්වාසය අන්තර්ගත වෙනවා. ආගම් වේවා වෙනත් ඕනෑම චින්තන ධාරාවක් වේවා සියල්ලටම විශ්වාසයෙන් ගැලවීමක් නැහැ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,884
    171,092
    113
    එකමත් එක රටක
    මට දැනෙනවා දිලාන් ප්‍රශ්නය මගහරින බවක්. කමක් නැහැ, ඒ මට දැනෙන හිතෙන හැටි වෙන්න ඇතිනෙ.

    "දිලාන් කොහොමද කවුරු හරි ටිපර් වෙලාමයි කියලා නිශ්චිතව ප්‍රකාශ කරන්නෙ කියන" එක , දිලාන් කියපු විදිහට දිලාන්ට කියන්න පුලුවන් වෙන්නෙ දිලාන්ගෙ පසුගිය අත්දැකීම් තුලින් දිලාන් එකතු කරගත්ත දැනුම මත පදනම් වෙලා. ඒ කියන්නෙ ඒ ටිපර් වෙලාමයි කියන එක හුදෙක් දිලාන්ගෙ "අත්දැකීමට සාපේක්ෂව" දිලාන් තීරණය කරන දෙයක්. දිලාන්ගෙ අත්දැකීම් වලට පරිබාහිරව තව ඕනෑ තරම් අත්දැකීම් තියෙන්න පුලුවන්. ඒ ඒ අය ජීවත්වෙන වටපිටාව, චින්තන අනුව අත්දැකීම් වෙනස් වෙනවා.

    ඒ නිසා දිලාන් එහෙම ප්‍රකාශ කලාට ඕක හරියන්නත් ඉඩ තියනවා වැරදි වෙන්නත් ඉඩ තියනවා. නමුත් දිලාන් පිළිගන්නෙ, දිලාන්ට ඉදිරිපත් කරන්න අවශ්‍ය "ටිපර් වෙලා" කියන එක. ඒක තමා දිලන්ගෙ විශ්වාසය...

    ඔතනින් විතරක් නෙමෙයි දිලාන්, ප්‍රශ්න කරගෙන ගියාම මේ ලෝකෙ ඕනෑම දෙයක් විශ්වාසයක් මත තමා පදනම් වෙන්නෙ. ඕනෙම දෙයක් ආපස්සට අහගෙන ගියාම විශ්වාස වලට හේත්තු වෙනවා. ඒ නිසා විශ්වාස කියන එක අපිට අත්හරින්න බැහැ.

    ලෝකයේ පවතින ඕනෑම දෙයක් පිළිබඳ උත්තරයක් ඇතුළෙ විශ්වාසය අන්තර්ගත වෙනවා.
    උබත් ඔය හෑල්ලක් ලිව්වේ මං ගැන නේ බන්.
    මම ගැන නෙවයි බන් ත්‍රෙඩ් එක .

    අනේ මන්ද උබලත් :lol:

    අනිත් උන්ටත් ඕක තමයි මම කිව්වේ.
    ප්‍රශ්නේ අහන එකා ගැන විස්තර ලියන්නේ හිතන්නේ නැතුව අහන දේ විතරක් හිතුවනම් ඉවරයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    උබත් ඔය හෑල්ලක් ලිව්වේ මං ගැන නේ බන්.
    මම ගැන නෙවයි බන් ත්‍රෙඩ් එක .

    අනේ මන්ද උබලත් :lol:

    අනිත් උන්ටත් ඕක තමයි මම කිව්වේ.
    ප්‍රශ්නේ අහන එකා ගැන විස්තර ලියන්නේ හිතන්නේ නැතුව අහන දේ විතරක් හිතුවනම් ඉවරයි.

    අපෝ නැහැ මේ ඔයා ගැන නෙමෙයි ලිව්වෙ. ඔයාව නිමිත්ත කරගෙන අපි හැමෝටම පොදු කරුණක් ඉදිරිපත් කලේ. මේ මම කියන එක ග්‍රින්තන්ඩර්ටත් අදාලයි.

    මොකක්ද ඒ පොදු කරුණ? විශ්වාසය.

    අපි ලඟ ඇතැයි නැතයි කියලා අපි හිතන නමුත් අපිට ගැලවෙන්න බැරි දේ තමා විශ්වාසය කියන කාරණයයි මතුකලේ.
    පුනර්භවය වගේ මාතෘකා වලදි විශ්වාසය කියන එකට පහර ගැහුවට ඒ තුලින් පුනර්භවය "වැඩක් නැති/පිලිගන්න බැරි" කියලා කිව්වට, විශ්වාස වලින් ස්වායත්ත දේවල් ලෝකයේ පෙන්වගන්න බැහැ. ආන්න ඒකයි මතු කලේ. @Stimulus mind සඳහන් කරපු "සංවාදයට විවෘතයි" කියන කොටසට මේක සෘජුවම සම්බන්ධයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,884
    171,092
    113
    එකමත් එක රටක
    අපෝ නැහැ මේ ඔයා ගැන නෙමෙයි ලිව්වෙ. ඔයාව නිමිත්ත කරගෙන අපි හැමෝටම පොදු කරුණක් ඉදිරිපත් කලේ. මේ මම කියන එක ග්‍රින්තන්ඩර්ටත් අදාලයි.

    මොකක්ද ඒ පොදු කරුණ? විශ්වාසය.

    අපි ලඟ ඇතැයි නැතයි කියලා අපි හිතන නමුත් අපිට ගැලවෙන්න බැරි දේ විශ්වාසය කියන එක තමා මතුකලේ. පුනර්භවය වගේ මාතෘකා වලදි විශ්වාසය කියන එකට පහර ගැහුවට ඒ තුලින් පුනර්භවය "වැඩක් නැති/පිලිගන්න බැරි" කියලා කිව්වට, විශ්වාස වලින් ස්වායත්ත දේවල් ලෝකයේ පෙන්වගන්න බැහැ. ආන්න ඒකයි මතු කලේ. @Stimulus mind සඳහන් කරපු "සංවාදයට විවෘතයි" කියන කොටසට මේක සෘජුවම සම්බන්ධයි.

    එහෙම එකක් නෑ හැමදේම විශ්වාසය මත කියල.

    අබ ගෙඩියක් ඒ අබගෙඩියේ ම බාගයකට/කොටසකට වඩා කුඩාද විශාලද ???
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    එහෙම එකක් නෑ හැමදේම විශ්වාසය මත කියල.

    අබ ගෙඩියක් ඒ අබගෙඩියේ ම බාගයකට/කොටසකට වඩා කුඩාද විශාලද ???

    අඹ ගෙඩිය හෝ අඹගෙඩි බාගය ගැන මගේ සෙන්සස් මට හරිම දත්ත දෙනවා ද නැත්ද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,884
    171,092
    113
    එකමත් එක රටක
    අඹ ගෙඩිය හෝ අඹගෙඩි බාගය ගැන මගේ සෙන්සස් මට හරිම දත්ත දෙනවා ද නැත්ද ?
    ඒක විශ්වාසයක් නෙවෙයි... :rofl:
    ඕන කෙනෙක්ට පිළිගන්න පුලුවන් දෙයක්.. අපි කොටස මුළු එක නම්කරල කියන්නේ. ඉතින් ඒ දෙකේ මොකද්ද ලොකු පොඩි කියන්න උබ කියන විදියට පරණ අත්දකිම්වත් කොටස් සම්පුර්ණ එකට වඩා ලොකු වෙයිද නැද්ද කියන විශ්වාසයක් වැඩක් නෑ .
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    ඒක විශ්වාසයක් නෙවෙයි... :rofl:
    ඕන කෙනෙක්ට පිළිගන්න පුලුවන් දෙයක්.. අපි කොටස මුළු එක නම්කරල කියන්නේ. ඉතින් ඒ දෙකේ මොකද්ද ලොකු පොඩි කියන්න උබ කියන විදියට පරණ අත්දකිම්වත් කොටස් සම්පුර්ණ එකට වඩා ලොකු වෙයිද නැද්ද කියන විශ්වාසයක් වැඩක් නෑ .

    පිලිගන්න පුලුවන් අපේ සෙන්සස් අපිට නිවැරදිම දත්ත දෙනවා කියන ප්‍රත්‍යක්ෂය තියනවානම්. සෙන්සස් අපිට දෙන්නෙ නිවැරදිම දැනුමයි කියන එක වෙරිෆයි කරගන්න ක්‍රමයක් නැහැ. ප්‍රත්‍යක්ශයකට ලඟා වෙන්න බැහැ. හුදු අනුමානයකට එන්න පුලුවන් අත්දැකීම් මත. නමුත් ඒ සියල්ලම අත්දැකීම් මත පදනම් අනුමාන. සැමදාම හැමවිටම එකම අයුරින් අපේ සෙන්සස් නිවැරදි මිනුම් සහ දැනුම් දෙයි කියන එක අන්ටෙනබල් දෙයක්.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,884
    171,092
    113
    එකමත් එක රටක
    පිලිගන්න පුලුවන් අපේ සෙන්සස් අපිට නිවැරදිම දත්ත දෙනවා කියන ප්‍රත්‍යක්ෂය තියනවානම්. සෙන්සස් අපිට දෙන්නෙ නිවැරදිම දැනුමයි කියන එක වෙරිෆයි කරගන්න ක්‍රමයක් නැහැ.
    ඔයා සෙන්ස් එකයි , දැනීමකින් තොරව කරන විශ්වාසයයි පටවලවන් ඉන්නේ.

    දැන් ඔය මොන සෙන්ස් එකෙන් ද පුනර්භවය කියන එක විශ්වාස කරන්නේ ?
    අපිට ඕන දෙයක් විශ්වාස කරන්න පුලුවන් දැනීමක් නැතුව.
    ඒවා දැනීමක් තියන දේවල් එක්ක සසදන්න බෑ .
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    ඔයා සෙන්ස් එකයි , දැනීමකින් තොරව කරන විශ්වාසයයි පටවලවන් ඉන්නේ.

    දැන් ඔය මොන සෙන්ස් එකෙන් ද පුනර්භවය කියන එක විශ්වාස කරන්නේ ?
    අපිට ඕන දෙයක් විශ්වාස කරන්න පුලුවන් දැනීමක් නැතුව.
    ඒවා දැනීමක් තියන දේවල් එක්ක සසදන්න බෑ .

    මන ඉන්ද්‍රියෙන්නෙ මේ තියෙන තරමක් සංකල්ප හදාගන්නෙ. සෝ මන ඉන්ද්‍රිය.

    දැනීමක් නැතිව විශ්වාසත් කරන්න පුලුවන්. ඒකට කියනවා භක්තිය කියලා.
    දැනීමක් ඇතිවත් විශ්වාස කරන්න පුලුවන් ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා.
     
    • Love
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,884
    171,092
    113
    එකමත් එක රටක
    දැනීමක් නැතිව විශ්වාසත් කරන්න පුලුවන්. ඒකට කියනවා භක්තිය කියලා.
    දැනීමක් ඇතිවත් විශ්වාස කරන්න පුලුවන් ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා.
    දැන් ඔයා දිව්‍යලෝක , බ්‍රහමලෝක , විශ්වාස කරන්නේ ඔය දෙකෙන් මොකක් නිසාද??
    දැනීමක් තියන විශ්වාසයක් නම් ,මොකද්ද දැනීම/සෙන්ස් එක ? ඒක විශ්වාස නොකරන අයට නැති ඔයාට තියන

    දැනීමක් නැතිව විශ්වාසත් කරන්න පුලුවන්. ඒකට කියනවා භක්තිය කියලා.
    දැනීමක් ඇතිවත් විශ්වාස කරන්න පුලුවන් ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා.
    කොහෙන්ද මේ අර්ථ දැක්වීම් ආවේ ?? මේකත් ඔයාගේ විශ්වාසයක් ද ?
    ------ Post added on Jan 30, 2023 at 11:22 AM
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    දැන් ඔයා දිව්‍යලෝක , බ්‍රහමලෝක , විශ්වාස කරන්නේ ඔය දෙකෙන් මොකක් නිසාද??
    දැනීමක් තියන විශ්වාසයක් නම් ,මොකද්ද දැනීම/සෙන්ස් එක ? ඒක විශ්වාස නොකරන අයට නැති ඔයාට තියන

    ශ්‍රද්ධාව නිසා.
    මන ඉන්ද්‍රිය තමා දැනීම සකස් කලේ.

    දැනීම තමා බුදුන් කියපු අපිටම වෙරිෆයි කරගන්න පුලුවන් වෙරිෆයි වෙච්ච කොටස් නිසා ඉතිරි කාරණාත් සත්‍ය විය හැකියි කියන විශ්වාසය ඇතිවීම.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,054
    1
    59,553
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නමුත් පුනුරුප්පත්තිය සනාථ වෙන්න නම් මේ ගැටලුව විසදෙන්න ඕන
    1. අපි දන්නවා අපේ conscience සහ මතකය සම්පුර්ණයෙන්ම මොලය තුල වෙන ක්‍රියාවලියක් බව. ඒ වගේම යම් සිද්දියක් දැකීම සහ අපිට දැනෙන හන්ගීම් ඇති වන්නේ මොලයේ බව. අපිට දැනෙන සමහර හන්ගීම් බල්ලොන්ට දැනෙන්නේ නැහැ. ඒ වගේම අපිට දැනෙන දෙයින් ඉතා කුඩා කොටසක් තමයි නියුරල් නෙට්වොර්ක් එක සරල ජීවීන්ට ලැබෙන්නේ. එතකොට මිනිස් සිරුරක පවතින විඥ්ඥානය ගෙම්බෙක් වගේ සතෙක් තුලට ගියාම මිනිස් මතක එතනින් එහාට යන්නේ කොහොමද එතකොට පෙර ආත්ම කියවන්න අදාළ දත්ත කොහෙද ගබඩා වෙන්නේ.

    2. විඥ්ඥානය කියන දේ එක සිරුරකින් තව සිරුරකට යන්න පුළුවන් නම් මතකය තියෙන්නේ මොලය අශ්‍රිතව තිබෙන්න බැහැ නේ. එහෙමනම් අපගේ මොලයේ යම් කොටස් විනාශ වුනත් නැතිවන මතකය කොහොමද වෙන ශරීරයක් තුලට යන්නේ.
    :yes:

    ඒ වගේම වැඩිපුර අරක්කු බිව්වම සිහිය විකල්වෙන්නෙ කොහොමද, මානසික ලෙඩවලට බෙහෙත් බිව්වම මොකද වෙන්නෙ, කෝමා / කලන්තයක් හැදුනම මොකද වෙන්නෙ වගේ ප්‍රශ්නත් විසඳන්න ඕන
     
    • Like
    Reactions: vishwadt and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,884
    171,092
    113
    එකමත් එක රටක
    ශ්‍රද්ධාව නිසා.
    මන ඉන්ද්‍රිය තමා දැනීම සකස් කලේ.

    දැනීම තමා බුදුන් කියපු අපිටම වෙරිෆයි කරගන්න පුලුවන් වෙරිෆයි වෙච්ච කොටස් නිසා ඉතිරි කාරණාත් සත්‍ය විය හැකියි කියන විශ්වාසය ඇතිවීම.
    ඉතිරි කාරණා ගැන විශ්වාසය දනීමකින් තොරව නේ ඉතින් ඔය ඇතිකර ගෙන් ඉන්නේ.

    කොහොමද කියන්නේ කොටසක් සත්‍ය කියලා ඔයාට දැනීමක් ඇති උනා කියල අනිත් කොටස් සත්‍යයි කියලා ?
    ඔතන තියන්නේ ඔයාගේ නිර්වචනය අනුව භක්තිය .
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    :yes:

    ඒ වගේම වැඩිපුර අරක්කු බිව්වම සිහිය විකල්වෙන්නෙ කොහොමද, මානසික ලෙඩවලට බෙහෙත් බිව්වම මොකද වෙන්නෙ, කෝමා / කලන්තයක් හැදුනම මොකද වෙන්නෙ වගේ ප්‍රශ්නත් විසඳන්න ඕන
    ඒ වගේම මානසික රෝග වලට මෝහන ප්‍රතිකාර කිරීම ගැනත්.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    ඉතිරි කාරණා ගැන විශ්වාසය දනීමකින් තොරව නේ ඉතින් ඔය ඇතිකර ගෙන් ඉන්නේ.

    කොහොමද කියන්නේ කොටසක් සත්‍ය නිසා කියලා ඔයාට දැනීමක් ඇති උනා කියල අනිත් කොටස් සත්‍යයි කියලා ?
    ඔතන තියන්නේ ඔයාගේ නිර්වචනය අනුව භක්තිය .

    නැහැ. අනිත් කොටස සත්‍යයි කියලා කියන්නෙ නැහැනෙ. කියන්නෙ අනිත් කොටස සත්‍ය විය හැකියි කියලානෙ. ඒකට තමා ශ්‍රද්ධාව කියන්නෙ.

    බුදුන් කියූ මේ කාරණා සත්‍යයි. මන්ද, මටම ඒ කියපු ක්‍රමය නිසා ප්‍රත්‍යක්ශ කරගන්න පුලුවන් වුනා. ඒ නිසා ඉතිරි දෑද "සත්‍ය විය හැකියි" කියලා පිළිගැනීමට පැමිණීම. භක්තිය වෙවන්නෙ වෙරිෆයි කරගන්න කිසිම ක්‍රමයක් පැහැදිලි නොකරන දෙයක් ඇත හෝ නැත ලෙස විශ්වාස කිරීම. දැනීමකට පැමිනෙන්න ක්‍රමයක් නැතිව පිලිගැනීම.

    ඔය කාරණයට අදාලව බුදුන් චූලහත්ථිපදෝපම සූත්‍රයේ කියනවානෙ බුදුන්, සත්‍යවශයෙන්ම බුදුන් යැයි දැන ගන්න පුලුවන් සෝතාපන්නයෙකු හෝ ඉන් ඉදිරියට ගිය අයෙක්ට පමණයි කියලා. ඒ කියන්නෙ සෝතාපන්නයාට දැනෙනවා දන්නවා මේ ධර්මය දේශනා කරපු පුද්ගලයා සත්‍ය වශයෙන්ම සසර කෙළවර කිරීමට මාර්ගයක් දේශනා කල කෙනෙක්මයි, ඒ නිසාම ඔහුට බුද්ධ කියන ගෞරවනාමය සුදුසුයි කියන එක.

    Edited

    ඔතන ලස්සන වර්ඩ් ප්ලේ එකක් කරනවා බුදුන්. බෞද්ධයන්ට දැනගන්නත් එක්ක දාන්නම්.

    සින්හල පරිවර්තනයේ මට අවශ්‍ය පරිදි ඒ වර්ඩ් ප්ලේ එක ඉස්සරහට ගන්න අපහසුයි. පාලියත් එක්ක ඉංග්ලිෂ් පරිවර්තනය දාන්නම්.

    At this point a noble disciple has not yet come to a conclusion, but they are coming to the conclusion, Na tveva tāva ariyasāvako niṭṭhaṁ gato hoti, api ca kho niṭṭhaṁ gacchati:

    ‘The Blessed One is a fully awakened Buddha. The teaching is well explained. The Saṅgha is practicing well.’
    ‘sammāsambuddho bhagavā, svākkhāto bhagavatā dhammo, suppaṭipanno bhagavato sāvakasaṅgho’ti.

    හෑස් නොට් යෙට් කම් ටු අ කන්ක්ලූශන් කියන්නෙ ධර්ම මාර්ගයේ කෙළවරටම ගිහින්, ඒ කියන්නෙ රහත් භාවය ලබලා නැහැ. නමුත් දේ ආ කමිං ටු ද කන්ක්ලූශන්. ඒ කියන්නෙ රහත් නොවුනත්, සෝතාපන්න වීමේදි සංසාරවිමුක්තිය වෙන නිවන අත්විඳි බැවින් මා මේ අනුගමනය කල පුද්ගලයා සත්‍ය වශයෙන්ම බුද්ධ කියන ගෞරව නාමයට සුදුස්සෙක් කියන කන්ක්ලූශන් එකට පැමිනෙනවා කියන එක.
     
    Last edited: